IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලුණුගම්වෙහෙර බස් අනතුරින් කාන්තාවක් මරුට

පස්වරු 6.30


(සනත් ගමගේ)

ලුණුගම්වෙහෙරේදී සිදු වූ බස් රථ අනතුරින්  තුවාල ලබා සිටි එක් කාන්තාවක්  හම්බන්තොට මහ රෝහලේදී මිය ගිය බව හම්බන්තොට පොලිසිය කියයි.

තේනගම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කරුණාවති රණවක  යන අය මෙලෙස මිය ගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් 24 දෙනෙකු හම්බන්තොට මහ රෝහලේ ද , 13 දෙනෙකු දෙබරවැව සහ තවත් 3 දෙනෙකු  ලුණුගම්වෙහෙර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. 


(රුක්මන් රත්නායක)

ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිට මාතර දක්වා ගමන්ගත් පෞද්ගලික බසයක්  ලුණුගම්වෙහෙර නගරාසන්නයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 80 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

තුවාලකරුවන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවු තුවාලකරුවන්  දෙබරවැව සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තුවාලකරුවන් වැඩි දෙනකුගේ මුහුණ, හිස හා කොන්ද ප්‍රදේශවලට හානි සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.  අද (12) දහවල් මෙම අනතුර සිදුවී  ඇති අතර සාමාන්‍ය තත්ත්වයේ පසුවන තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි පොලීසිය පවසයි.

(36698)



අදහස් (12)

ලුණුගම්වෙහෙර බස් අනතුරින් කාන්තාවක් මරුට

කොහොන Friday, 12 October 2018 10:08 AM

ප්‍රයිවට් බස් කාරයාගේ වැරැද්ද...

:       1       118

රංග ප්‍රියංකරFriday, 12 October 2018 11:59 AM

ඔබ හරි මම එතන හිටියා. දැනට එක අම්මා කෙනෙක් නැති වුණා. මේ අයට දඩ ගහනවට දැනුත් විරුද්ධද? රුපියල් 25000 ලක්ෂ 250000 ක් කරන්න ඕනෑ. ඩ්‍රයිවර් නම් පැන ගත්තා.

:       0       57

kithsiri Friday, 12 October 2018 11:42 AM

මේ ලොකු බස් එලවන අය හිතාගෙන ඉන්නේ අනිත් වාහන ඔක්කොම එයාලට ඉඩදීලා පාරෙන් අයින් වෙන්න ඕනෑ කියලා. එයාලා යන වේගයට හදිසියේ බ්රේක් ගහන්න බැහැ. එක ජාතියේ දෙකක් මුණගැහුනාම ලෙඩේ. හුඟක් බස් රියදුරන් හා ත්‍රිරෝද රියැදුරන් ඔක්කොම වගේ පාර තමන්ට අයිතියි කියලා හිතාගෙන යන්නේ.... පොදුවේ ලංකාවේ හැමෝම අත්මාර්ථකාමියි. රිය අනතුරු හා මාර්ග තදබදයට හේතුව ඒකයි...

:       0       50

Samathasena A . Aluthgamage. Friday, 12 October 2018 11:46 AM

ලංකාවේ බස්රථ රියැදුරන්ගේ අපරික්ෂාව නිසා බොහෝ අනතුරු සිදුවේ. ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බස්රථවලට "බස් බොඩි තබන ලද ලොරිරථ" කිව්වොත් එය වඩා නිවැරදියි. මේ රථ තුළ ඇති ඝෝෂාව මදිවට අලි පන්නන්නට යොදන කන් බිහිරි කරවන නලා ඇතිකරවන්නේ පුදුම මානසික පීඩනයක්... තොරතෝංචියක් නැති බාල තත්වයේ ගොරහැඩි ගීත නිසාත්, රියදුරා සිටිනුයේ හොඳ මානසික තත්වයෙන් නොවේ. මනස අවුල්වූ ඔහුගේ අරමුණ වනුයේ ඉස්සරහ ඇති කෑලිටික (මගීන්) කාටවත් නොදී පටවා ගැනීමයි. මෙවන් රියැදුරන් සිටින රටක අනතුරු සිදුවීම පුදුමයක් නොවේ. මේවායේ යන අසරණ අපට දෙවියන්ගේම පිහිටයි.

:       0       245

rohana Friday, 12 October 2018 11:53 AM

ලංගම හෝ පුද්ගලික බස් කාරයින් පාරේ යන්නේ හරියට පාර ඒ අයගේ වගේ යන්නේ. අපේ වගේ පොඩි වාහන ඒ අය ගණන් ගන්නේ නැහැ. ඊයේ රෑ මගේ මූණටම ලංගම බස් කාරයෙක් කැපුවා. හරි අමාරුවෙන් බේරුණේ..

:       0       34

AsankaFriday, 12 October 2018 01:37 PM

මැරයින් බස් එලවන රටක ඉපදෙන්න.... අපි කොච්චර පින් කරලද නේද?

:       0       33

bandara Friday, 12 October 2018 01:25 PM

රටක ප්‍රවාහනය වැනි සේවාවන් (ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය ද ඇතුලත්) කිසි දිනෙක තරගකාරී ව්‍යාපාර නොවිය යුතුය. එවිට සිදු වන්නේ තරගකාරී වටපිටාවක් තුල ලාභය සදහා තරග වැදීමක් මිස "සේවාවක්" සැපයීමක් නොවෙයි. මෙවැනි සේවාවන් රටක මූලික කොදු නාරටිය වැනිය. මෙය කිසි දිනෙක තරගකාරීව සිදු නොවිය යුතුය. බොහෝ දියුණු රටවල ඇත්තේ සමාගම් කීපයකි. (පුද්ගලික / රාජ්‍ය / අර්ධ රාජ්‍ය ) එහි සේවකයින්ට ලැබෙන්නේ ස්ථීර වැටුපකි. (කොමිස් නොව) සමාගම් ඇත්තේ කීපයක් (එක ප්‍රදේශයක් තුල උපරිම 3) නිසා සමාගම් වලටද සැලකිය යුතු ලාභයක් ලැබේ. එම නිසා ඔවුන්ට විශාල ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හැක. (උදා. අද ලංකාවේ දුරකථන සන්නිවේදන ආයතන දෙස බලන්න) යම් කිසි අකටයුත්තක් සිදු වේ නම් රජයට වුවද නියාමනය කිරීම පහසුය. (එක් එක් බස් අයිති කරුවන් පසු පස හබා යාමට අවශ්‍ය නැත). එසේ නොමැතිව පොලේ පලා විකුණන ගානට රටක ප්‍රවාහනය වැනි සේවාවන් පවත්වා ගෙන යාමෙන් එහි සේවාවෙහි ගුණාත්මක භාවයක් ගැන සිතීම ප්‍රයෝගිකව අපහසුය.

:       0       28

OMG Saturday, 13 October 2018 04:30 AM

එක කාලකණ්ණියෙක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නේ කව්ද?

:       0       0

OMG Saturday, 13 October 2018 04:30 AM

එක කාලකන්ණියෙක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නේ කව්ද?

:       0       0

OMG Saturday, 13 October 2018 04:30 AM

එක කාලකණ්ණියෙක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නේ කව්ද?

:       0       13

Sanju Saturday, 13 October 2018 09:32 AM

බස් ගැමුණු හා බස් සංගම්වල අය මේ වගේ වගකීම ගන්න ඕනේ...

:       0       27

Nandnan Saturday, 13 October 2018 09:53 AM

අපේ රටේ තරගය හා කලබලය ඇති කලේ බස් රථ සහ ත්‍රීරෝද රථ ටිපර් ධාවනය කරන නූගත් රියදුරු පිරිස නිසා නොවේද? ශබ්ද දුෂණය, වායු දුෂණය වැඩියෙන් කරන්නේද මේ හරක් ටිකම නොවේද ?

:       0       52

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 447 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 950 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1116 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 735 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 196 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1884 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site