IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලුණුගම්වෙහෙර උදාගම්මාන දෙකක වැඩ නවතයි

(දිලීප් ජයසේකර)

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඩව්ගම ග්‍රාම නිළධාරි වසමේ වන අලි රක්ෂිතය තුළ ඉදිකර තිබු නිවාස 48කින් සමන්විත නිවාස ව්‍යාපෘති දෙකක ඉදිකිරිම් සම්පුර්ණයෙන්ම තහනම් කල අතර ඒ වෙනුවට එම නිවාස ලාභී ජනතාවට සුසුදු ඉඩම් ලබා දිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජාතික නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා හම්බන්තොට සිදුකල සංචාරයකින් පසු හම්බන්තොට නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරුවෙත ඊයේ (18) උපදෙස් ලබා දුනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්‍රමවත්ව ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති පිළිබදව සොයා බැලිම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුණ නිළධාරීන් පිරිසක් ඊයේ (18) හම්බන්තොට සිදුකල සංචාරයකදී සභාපති වරයා මේ උපදෙස් ලබා දිම සිදු කෙරුණි.

මෙලස ඉදිකිරීම් නවතා දැමුනේ ලුණුගම්වෙහෙර පඩව්ගම අඩක් ඉදිකිරීම් කර තිබු නිවාස 24න් යුත් ටෙනිසන් එදිරිසුරිය ගම හා නිවාස 24 කින් සමන්විත ගුණපාල තිස්සකුට්ටිආරච්චි යන උදාගම්මාන දෙකය.

මෙම නිවාස ඉදිකල ජනතාව සදහා වෙනත් සුදුසු ඉඩම් ලබා දිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි සංචාරයෙන් පසු නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතනිළධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

පසුගිය රජය සමයේ හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉංදියානු ආධාර යටතේ 2017.02.16 දින මෙම නිවාස ව්‍යාපෘති දෙක ආරම්භ කර තිබේ.පඩව්ගම ඉදිකර ඇති විදුලි වැටෙන් ඇතුලට වන්න වන අලි ජිවත් වෙන රක්ෂිතය තුළ මෙම උදා ගම්මාන ව්‍යාපෘති දෙක ඉදිකර තිබේ.ඒ අනුව පළමු අධියර යටතේ නිවාස එක් ලාභියෙකුට රුපියල් 90,000 බැගින් නිවාස ලාභීන් 48 දෙනා වෙත රුපියල් හතලිස් තුන් ලක්ෂ විසිදහසක මුදලක් බෙදා දි තිබේ.මෙම එක් නිවසක් සදහා රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.කෙසේ වෙතත් මේ වන විට වන අලින් ජිවත් වෙන රක්ෂිතයක් තුළ මෙම උදාගම්මාන ඉදිකිරිම සිදුකර ඇති නිසා ඒය නවතා දැමිමටයි කටයුතු කෙරුණේ.

මෙහිදී අදහස් දැක් වු නිවාස සංවර්ධන අධිකාරිවේ සභාපති රේණුක පෙරේරා මහතා මෙලෙස පැවසීය.

''හම්බන්තොට සංවර්ධන කටයුතු කිහිපයක් වෙනුවෙන් හා දිස්ත්‍රික් සමාලෝචන කටයුතු සදහා මන් හම්බන්තොටට පැමිණියේ.ඒ අවස්ථාවේදි තමයි මේ ස්ථානය පරික්ෂා කිරිමට පැමිණියේ.මොකද මගෙන් අනුමැතිය ඉල්ලා තිබුණා රුපියල් ලක්ෂ 72ක මුදලක් අලි වැටක් ගැසීම සදහා කියලා.සාමාන්‍යෙයන් අලි වැටවල් ගැහීහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති කාරණයක්.නිවාස සංවර්ධන අධිකාරිය තියෙන්නේ නිවාස හදන්න.එහෙම තියෙද්දි ඇයි මේ අලි වැටක් ගහන්න නිවාස අධිකාරියේ මුදල ඉල්ලන්නේ කියලා මා සොයා බැළුවා.එහිදි තමයි මට මේ පිළිබදව දැනගන්න ලැබුණේ.ඒ පිළිබදව සොයා බලන්න තමයි මන් අද මේ ආවේ.ඒ ඇවිත් බලන කොට තමයි දැක්කේ මේ නිවාස ව්‍යාපෘති දෙකම ආරම්භ කරලා තියෙන්නේ විදුලි වැටෙන් පිට නෙමෙයි විදුලි වැටෙන් ඇතුලේ.නිවාස 24 බැගින් නිවාස 48 ව්‍යාපාති දෙකක් මෙහි ආරම්භ කරලා තියෙන්නේ.එතකොට මේකේ තියෙන ඛේදනීයම තත්වය තමයි මේ නිවාස ඉදිකිරීම සදහා ඉංදීය රජය විසින් ලබා දුන් ආධාර තමයි භාවිතා කරලා තියෙන්නේ.රටකින් රටකට ලැබුණු ආධාර යොදාගෙන නිසි ක්‍රමවේදයකින් තොරව මේ ඉදිකරපු ව්‍යාපෘතිය පිළිබදව දැඩි ප්‍රශ්ණයක්'' යැයි පැවසීය.



අදහස් (5)

ලුණුගම්වෙහෙර උදාගම්මාන දෙකක වැඩ නවතයි

ලුම්බිණි Friday, 19 June 2020 08:30 AM

අර පැත්තෙන් විල්පත්තුව නැති කරනවා, මේ පැත්තෙන් මෙතන වන අලි රක්ෂිතය නැති කරනවා. ඇයි මේ මිනිසුන්ට පොඩ්ඩක්වත් මොලේ නැත්තේ?

:       2       45

Prabha Friday, 19 June 2020 09:52 AM

කොහේ හැදුවත් කටක් ඇරලා කියන්න පුළුවන් නමකුත් ඒ ගම්වලට දාන්න..

:       0       12

Rohitha Friday, 19 June 2020 10:11 AM

මෙහෙමත් අය ... ඕවා අත්පත් කරගෙන හදද්දී බුදියගෙනද හිටියේ? දේශපාලනයෙන් ලොකු පුටුවලට යන්න කත්අදින අපේ රජයේ සේවකයෝ... හැකියාවට තැනක් ලබාගැනීමට ඉදිරියේදී තවත් දුෂ්කර වේවි...!!!

:       0       3

Deepal Nirosh Friday, 19 June 2020 11:17 AM

මේ වගේ අනවසර ඉදිකිරීම් වළක්වන්න නිවාස අධිකාරියට ආණ්ඩු මාරුවක් එනතුරු ඉන්න ඕනද? මේවා ආරම්භ කරපු අවස්ථාවේම නිලධාරීන්ට මැදිහත් වෙලා අසරණ ජනතාවටත්, වන සතුන්ටත් සාධාරණව කටයුතු කරන්න තිබුණා. ජනපතිතුමා ඊයේ, පෙරේදා මහ බැංකු නිලධාරීන්ට අමුතු භාෂාවෙන් තමයි මේ නිලධාරීන්ටත් කවදා නමුත් අමතන්නේ... හැබැයි ආණ්ඩු මාරුවුණු පළියට සභාපතිතුමා විල්පත්තු උදා ගම්මානවලට නම් මේ විදියට අත තියන්න හදන්න එපා. ඇඟිල්ලේ තරමට ඉදිමෙමු...

:       41       10

hira Friday, 19 June 2020 11:57 AM

සජියා පට්ට පොරක්නේ...

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 53 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 157 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 744 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 84 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 242 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site