IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ලිට්රෝ අධ්‍යක්‍ෂ මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග මත ලිට්රෝ ගෑස් සමාගමට පත් කළ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම තනතුරු වල කටයුතු කිරීම ලබන 28 වැනිදා තෙක් වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අද (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති ලිට්රෝ ගෑස් සමාගමේ  අධ්‍යක්‍ෂවරුන් පත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් නොතිබියද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග මත ලිට්රෝ ගෑස් සමාගමට පත් කළ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කොට ඇතැයි කියමින් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා පෙර අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඔවුන්ගේ කටයුතු වලට බාධ නොකරන ලෙසද නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට නියම කළේය.

නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම තනතුරු වල කටයුතු කිරීම තාවකාලිකව වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා මෙම පෙත්සම යළි කැඳවන ලබන 28 වැනිදා විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට නියම කළේය.

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

තමන් ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිට්රෝ ගෑස් සමාගමට නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කර ඇත.

ලිට්රෝ ගෑස් සමාගමට මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ එම තත්වය තුළ මුදල් අමාත්‍යාංශය ලේකම්වරයාට ලිට්රෝ ගෑස් සමාගමට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ බලයක් නොමැති බවද සඳහන් කරති.

මෙම තත්වය මත ලිට්රෝ ගෑස් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ තමන්ට එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කිරීමට බාධා නොකරන ලෙස පෙත්සම්කරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

 

 



අදහස් (2)

ලිට්රෝ අධ්‍යක්‍ෂ මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්

kule Wednesday, 15 May 2019 06:18 PM

මට මතක් වෙන්නේ පසුගිය ඔක්තෝබර් 25 සිදු වුණුදේ වගේමයි කියලයි ලොක්කාගෙන් ඉගෙනගෙන වගේ...

:       0       0

nihal Wednesday, 15 May 2019 06:21 PM

අැයි බණ දේශනාකරන්න මුදල් ඇරලා නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 716 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 299 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 760 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 767 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 302 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 484 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1428 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site