IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලංගමය ප්‍රසාද දීමනා ඉල්ලා අගමැතිට ලියයි

(බිඟුන් මේනක ගමගේ) 

ප්‍රසාද දීමනා හා සේවක දරු පාසල් උපකරණ ගැනීම සඳහා රුපියල් 30,000 මුදල් ආධාරයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට ලබා දෙන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මුදල් ඇමැති හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් අද (2) ඉල්ලීමක් කර ඇත.

ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් 15 000.00 ක් හා සේවක දරු පාසල් උපකරණ ගැනීම සඳහා වැටුපෙන් අයකර ගැනිමේ පදනම මත රුපියල් 15 000.00  ණයක් වශයෙන් මෙම ආධාර මුදල ඉල්ලා සිටින්නේ යැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි. 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මෙබඳු ඉල්ලීමක් පසුගිය වසරේදී කළැයි ඒ අනුව 2018 වර්ෂයේ දී ප්‍රසාද දිමනා වශයෙන් රුපියල් 13,500.00 ක් ද සේවක දරුවන්ට පාසල් උපකරණ ගැනීම සඳහා රුපියල් 10,000.00 ක් ද වශයෙන් රුපියල් 23,500.00ක මුදලක් ශ්‍රී ලංගම  සේවකයින්ට ලබාගැනීමට හැකි වී යැයි ද එම ලිපියේ සඳහන් වේ. 

එහෙත් මේ වනවිට ජීවන වියදම අධික ලෙස ඉහළ ගොස් ඇති නිසාත් පාසල් උපකරණවල මිල ද ඉහළ ගොස් ඇති නිසාත් මෙසේ රුපියල් 30,000.00 ක සහනාධාරයක් ඉල්ලා සිටින්නේ යැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත. 

ලිපියේ පිටපතක් ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතාට ද යොමු කර ඇත. 



අදහස් (14)

ලංගමය ප්‍රසාද දීමනා ඉල්ලා අගමැතිට ලියයි

මංජුල Monday, 02 December 2019 07:22 AM

සාධාරණ ඉල්ලිමක්.

:       7       129

tarzan Monday, 02 December 2019 07:23 AM

ඔබලට හම්බ වෙනවා ?????????

:       10       57

Gamage Monday, 02 December 2019 07:30 AM

ගිය රජය දුන්නට මේ රජයෙන් මේන් මෙහෙම දෙයි කියලා හිතෙනවා. ඒ ගොල්ලෝ ඇමතිවරු 15 කියලා 70 ක් කලා. ඉන්නේ මන්ත්‍රීවරු 90 යි 70 ක් ඇමතිවරු. වෙනස සැපයිනේ

:       1       69

rama Monday, 02 December 2019 07:42 AM

ඉල්ලීම නම් සාධාරණයි. වැඩ තාම මදි.. ඉස්සෙල්ලා ලංගම ලාභ ලබන ආයතනයක් කරලා පෙන්නන්න. හැමදාම බෝනස් දෙන්නම්. රටේ ජනතාවට යන්න එන්න බස් නෑ. එ්ත් ලංගම නිදි. පුද්ගලික බස් ජනතාව සූරාගෙන කනවා.

:       146       43

Gamarala Monday, 02 December 2019 08:19 AM

ඔබලාගේ ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ලංගමය මේ දේවල් දෙන්න ගිහින් කඩාවැටුනොත් රැකියාවත් නැතිව යන්න පුළුවන්. ඉල්ලීම් කළ යුත්තේ එය දෙන්න පුළුවන් තත්වයට නග්ගලයි. ලංගමය ගැන කියන්න ඕනෑතරම් දේවල් තියනවා මගින් වශයෙන් අපිට. එත් මේ වෙලාවේ නොකියා ඉන්නම්.

:       131       59

Bamunuarachchi Monday, 02 December 2019 08:22 AM

අපේ ආණ්ඩුව ආගමන බදු අඩු කළා. දැන් බෝනස් ගෙවනවා. ඡන්දයේදී අපි ගත්ත තීරණේ හරි.

:       255       1

සංජීව Monday, 02 December 2019 02:45 PM

බදු නම් නමට අඩු කරාලු. හැබැයි බඩු නම් දවසින් දවස ගිනි ගණන්. ඡන්දේ දීපු අය දැන් හූල්ලනවා...

:       0       1

Rattharan Monday, 02 December 2019 08:26 AM

එහෙමනම් ස්ට්‍රයික් නැද්ද ............ ?

:       0       51

ලුම්බිණි Monday, 02 December 2019 08:29 AM

මම හිතාගෙන හිටියේ බෝනස් ගෙවන්නේ ලබන ලාභයෙන් කියලයි. දැන් තමයි දන්නේ කොච්චර පාඩු ලබන ආයතනයක් වුණත් බෝනස් ගෙවනවා කියලා...

:       56       26

MaheeMonday, 02 December 2019 09:30 AM

බෝනස් කියන්නේ ලාභයෙන් ප්‍රතිශතයක් ගෙවන එක වුණත් පාඩු ලැබූවත් බෝනස් ගෙවන එක තමයි මෙහෙ සිරිත. නොදුන්නොත් වර්ජන. පාඩු ලබනවා නම් කොහෙන්ද බෝනස් දෙන්නේ? පව් අපේ මිනිස්සු. අපේ බදු මුදලින් භාණ්ඩාගාරයෙන් තමයි ගෙවන්නේ. ඉල්ලීම සාධාරණයි කියලා කියන අයත් මෙතන ඉන්න හින්දා අපි ගෙවමු. හැබැයි අනික් ආයතනවල කට්ටියත් මෙහෙම ඉල්ලනකොට වෙඩි තියපන් කියලා විතරක් කියන්න එපා. ඒ මොකද ඒ සේවකයින්ගේ දරුවන්ටත් ඉස්කෝලේ පොත් ඕනෑ වෙනවා.

:       162       33

kamal Monday, 02 December 2019 11:44 AM

මේ විදිහට බෝනස් ඉල්ලලා ලියුමක් දෙන්න පුළුවන් වගේම ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න සේවකයන්ගේ සැලැස්මක් හදලා ලියුමක් දෙන්න බැරි එක තමයි වැඩේ...

:       0       0

jayajaya Monday, 02 December 2019 12:17 PM

සමහර කොන්දොස්තරවරු ටිකට් නොදී අමතර ගානකුත් මාටියා ගහන අවස්ථා තියෙනවා..

:       39       0

Bishan Monday, 02 December 2019 02:12 PM

ජීවන වියදම අඩු කරලා ඔයාලගේ ජීවිතේ සැපවත් කරන්න තමයි පොහොට්ටුව ඉන්නේ...

:       45       1

සංජීව Monday, 02 December 2019 02:50 PM

ඔන්න අගමැතිතුමෝ.. ඡන්දෙ කාලේ දුන්නු පොරොන්දු දැන් ඉටුකරන්න වෙයි. ඔය ඇමති මණ්ඩලය අඩුකරලා හරි මේ අහිංසකයින්ගේ ඉල්ලීම් ඉටු කරන්න. මේ මිනිස්සුන්ගේ ඡන්දෙන් තමයි ඔහෙලා ඔය පුටුවල ඉන්නේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 252 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 266 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 287 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 568 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 479 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1975 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site