IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ගෝඨාභයට

(රංජිත් රාජපක්ෂ)   

ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තම  පක්ෂයේ විධායක සභාව අද (13) තීරණය කළ බව  එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථනායේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාට ලබාදෙන්නේ ද යන්න පිළිබඳව අද (13) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදී තොණ්ඩමන් මහතා ඒ බව කීය.

වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව විධායක සභාව ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට පුර්ණ සහයෝගය ලබාදිය යුතු බවට තීරණය කළ බව තොණ්ඩමන් මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ලංකා කම්කරු කොංගස්‍රයේ ජ්‍යෙෂ්ඨ නායකවරු රැසක් සහභාගී වූහ.



අදහස් (37)

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ගෝඨාභයට

saliya Sunday, 13 October 2019 06:50 AM

ගේඨාභය මැතිඳුගේ ජය නියතයි. සිංහල බහුතරය පමණක් නොවේ. රටට ආදරේ දෙමල මුස්ලිම් සහයෝගයෙන් නුවරඑළියත්, මඩකලපුවත්, අම්පාරත්, ත්‍රිකුණාමලයත් දිනනවා.

:       2124       2031

NishanSunday, 13 October 2019 10:10 PM

ලයික් දාන්න පුළුවන් අය නැහැ ඔය කියන ඡන්ද කොට්ටාශ වල. අරුමුගම් තොන්ඩමන් එක්ක වතුකරේ මිනිස්සු දැන් නෑ. දැන් ඉන්නේ දිගම්බරම් එක්කයි. ගිය ජනාධිපතිවරනෙත් තොන්ඩමන්ගේ සහාය හිමි උනේ මහින්ද රාජපක්‍ෂට උනාට වතුකරෙන් දිනුවේ හංසයා. වතුකරයේ ජීවත්වෙන්නේ පාරම්පරික එජාප පාක්ෂිකයෝ. දිනන්නේ වැඩි ඡන්ද ලක්ෂ ගණනින්. උතුරු නැගෙනහිරත් එහෙමයි. දකුණේ ගෝටාභයට ලැබෙන සුළු බහුතරය උතුරු නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර ලක්ෂ ගණනින් ලැබෙන වැඩි ඡන්ද වලින් හෝදලාම යනවා. කොහොමත් 2015 දී මහින්දට නොලැබුණු ඡන්දයක් ගෝටා ගනීද? එහෙම හිතන එකත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරන අපහාසයක්.

:       121       159

ranjithMonday, 14 October 2019 03:03 AM

නුවර එළියේ ප්‍රාදේශීය සභා වලින් වැඩි හරියක් දිනුවේ තොන්ඩමන්

:       34       53

Amila Sunday, 13 October 2019 07:10 AM

2015 ජනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේදී හිටියේත් ඒ පැත්තේ. ප්‍රාදේශීය සභා ඡන්දය ඉල්ලුවේ ශ්‍රිලනිපය එක්ක. ඒට පස්සේ ආයේ මහින්ද ගාවට ගියා. කොහොමත් ගිය ජනාධිපතිවරණය වගේම තමා වෙන්නේ. තනි පුද්ගලයෝ එහෙට මෙහෙට පනින එක විතරක් වෙනස් වෙයි.

:       158       542

ChandiSunday, 13 October 2019 09:31 AM

අමිල, ගිය ජනාධිපතිවරනේදී යුඑන්පි එක පෙරදුනේ නැහැ නේ. දැන් නම් ඉතින් යුඑන්පි අය පැක් කරගත්තොත් හොඳයි.

:       1       0

ලක් වැසියා Sunday, 13 October 2019 07:14 AM

දැන් නම් සජිත් කොහොමත් පැරදි .රට දිනුම්.

:       1340       1395

ranaSunday, 13 October 2019 09:22 AM

සිංහලයා නිවට උන හැටි ??

:       0       19

ශ්‍රීSunday, 13 October 2019 09:31 AM

ඔයාලා පරාදයි.

:       0       0

samudriSunday, 13 October 2019 10:14 AM

ගෝඨා දිනුවත්, සජිත් දිනුවත් රට සහ රටවැසියා පරාදයි.අවුරුදු 71 ක් රට පාලනය කරලා කාලා කාලා මේ දැන්ද මෙයාලට රට හදන්න හිතක් පහලවෙලා තියෙන්නේ.මේ පාර බුද්ධිමත් ජනතාව විකල්පය " විදුලි බුබුල " දිනවන්නට පොර කකා ඡන්දේ දෙනවා.

:       132       109

JagathSunday, 13 October 2019 01:12 PM

කවුද බලමු මේ වෙස් වලාගෙන ඉන්නේ......

:       20       4

jagath Sunday, 13 October 2019 07:55 AM

ඔන්න දේශප්‍රේමියෝ.

:       33       108

thrindi Sunday, 13 October 2019 07:57 AM

වතුකරයේ ඉල්ලීම් 32 ටම ගෝඨා එකග වෙලා. මෙන්න ජාතික වීරයෝ. කෝ දේශප්‍රේමියෝ?

:       275       556

Rasika PradeepSunday, 13 October 2019 08:59 AM

වතුකරයේ දෙමල ප්‍රජාවගේ ඉල්ලීම් සහ උතුරේ දෙමල දේශපාලකයන්ගේ ඉල්ලීම් අතර ලොකු වෙනසක් තියෙයි සහෝදරයා. උතුරට ඕනේ වෙනම රාජ්ජයක් උනාට වතුකරේ ජනතාවට ඕනේ සුබසාදන ඉල්ලීම්. ඔයාල පෙනී ඉන්න සජිත්ට සහයෝගය දෙන TNA එකේ ඉල්ලීම් එක්ක මේක සසදන්න එපා. වතුකරේ දෙමල ජනතාවට වගේම උතුරේ දෙමල ජනතාවටත් එක රටක් ඇතුලේ හොද ජීවන මට්ටමක් සදහා රජය සහජෝගය දිය යුතුයි.

:       0       42

KAMAL Sunday, 13 October 2019 08:01 AM

32 නෙමෙයි උඩරට උනත් ලියල දෙන්නම්.කොළඹ, මාතර, චිනට දුන්න වගේ මෙන්න දේශප්‍රේමය රට පුරා දොරේ ගලනාවෝ.

:       583       959

samanwimalaSunday, 13 October 2019 09:38 AM

කමල් මහත්තයෝ ,කසි කබල් කතා නොකිය චිනට හරි මොකට හරි දුන්න කියල සාදක ඇතුව කියන්න.

:       18       0

samiraSunday, 13 October 2019 10:04 AM

ඇයි යුද්දෙන් පස්සේ ගෝල්ෆේස් වල තිබුන යුධහමුදා මුලස්තනයම බිමට සමතලාකරලා චිනාට වික්කේ මේ " මැතිඳු " තමයි. අදටත් ඒ සල්ලිවලට වුන දෙයක් නැහැ.

:       0       63

IRANTHA Sunday, 13 October 2019 08:09 AM

32 ම දෙයි. ගෝඨා ජාතික වීරයෙක් වෙයි. මෙහෙමත් රටක්.

:       219       570

දසුන් - කැලණිය Sunday, 13 October 2019 10:11 AM

ඉරන්ත, මේ ශ්‍රී ලංකාවේ තවමත් ගෝත්‍රිකයින් ජිවත්වන නිසා තමයි මේ වගේ අය ඡන්දේ ඉල්ලන්නේ.ගෝත්‍රිකයින්ට රෙදි කෑල්ලක්, රුපියල් දාහක්, අරක්කු ටිකක්, බත්මුලක් දුන්නම මෙයාලට ඡන්දේ දෙනවා.හැබැයි මේ සැරේ අපි හැමෝටම කිවේ දෙන දෙයක් ගන්න ඡන්දේ දමන්න විකල්පයට එයට පමණයි රට වැටිලා තියෙන තැනින් ගොඩගන්න පුළුවන් කියලා.අපි ගොඩක් දෙනෙකුට විස්තර කළා අවුරුදු 70ක්ම මේ කොළ පාට සහ නිල් පාට මැරයෝ රට බෙදාගෙන විනාශ කරපු හැටි.මිනීමැරීම් නඩු ඇතුළු නඩු 9ක් තියෙන මාෆියාකාරයෙකුට රටේ ජනාධිපති වෙන්නට අපි කොහොමත්ම ඉඩ දෙන්නේ නැහැ.

:       93       232

ChandiSunday, 13 October 2019 01:03 PM

දසුන්, ඔයාලා වගේ අය තමයි ගෝල්ෆේස් ආවේ.

:       237       140

ශ්‍රීSunday, 13 October 2019 01:14 PM

දසුන්, ඔයා කියන දේට ගොඩක් ලයික්ස් නැති වෙයි. හැමදාම සත්‍යයට අත්වෙන ඉරණම ඒකයි. මේ රටේ ඉන්න ගෝත්‍රිකයන්ට ඇත්ත තේරෙන්නෑ. ඒත් අපි අපේ යුතුකම ඉෂ්ඨ කරමු.

:       0       17

sirimal Sunday, 13 October 2019 08:21 AM

ජනාධිපතිවරණයේදී සුලු ජන ජන්දය වැදගත් වන අතර එය දිනා ගැනීම සඳහා සියලුම පක්ෂ එකසේ උත්සාහයන් දරමින් ඉන්නා බවයි පෙනෙන්නේ. තොණ්ඩමන්ට වතුකරයේ ලක්ෂයක විතර ඡන්ද තියෙනවා. හිස්බුල්ලා, කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් දැනටමත් ගෝඨාභයට එකතුවෙලයි ඉන්නේ. මේ ගැන "තනි සිංහල" ආණ්ඩුවක් හදන්න ගෝඨාභය පසුපස ඉන්නා දේශප්‍රේමී කොටස්කරුවන් "මීක්" කියන්නේ නැත.

:       11       402

JAYANTHA Sunday, 13 October 2019 08:42 AM

තොන්ඩමන් සජිත්ට එකතු උනා නම් තොන්ඩමන් කොටියා ..... ගෝටට එකතුවුණු නිසා තොන්ඩමන් දේශප්‍රේමියා මෙන්න අපේ රටට ගිය කලක් මේකට කියන්න වහල් මානසිකත්වය කියලා

:       0       74

THISSA Sunday, 13 October 2019 08:47 AM

තොන්ඩමන් කියන්නේ බරපතල අවස්ථා වාදියෙක් ගෝඨා රටම පාවාදුන්නා කියලයි අපිට හිතෙන්න. ඉල්ලීම් 32 රටට කියන්න එක දැනගන්න තොරතුරු දැනගැනීමේ පනත් අනුව ජනතාවට අයිතියක් ඇත .

:       63       44

Palitha Sunday, 13 October 2019 09:09 AM

කුහක හිත්වලින් දේශපාලන අදහස් ලියන්න එපා. වතුකරේ දෙමල මින්නිසු කවදාවත් වෙනම රටක් ඊලමක් ඉල්ලුවේ නැහැ.

:       0       16

rana Sunday, 13 October 2019 09:09 AM

අනේද කියන්නේ ??

:       0       1

pj Sunday, 13 October 2019 09:11 AM

කෝ අර ද්‍රවිඩ මුස්ලිම් එපා කියන සිංහල බමුණු මතධාරීන්.

:       54       65

ගල්කටස් Sunday, 13 October 2019 09:24 AM

කවුරු ආවත් ගියත් මෙවර අපෙ ජනාධිපති ගොඨාභයයි. සිංහල ජනතාව 70 % කගෙ මතය එයයි. දැන් තබෙන්නෙ අළුත් උගත් රටට හිතැති ජනතාවට ආදරය කරන මුස්ලිම් හා දෙමළ නායකයින් කිහිප දෙනෙක් අළුතන් යොදවාගෙන ඡන්දය කිරීමයි

:       71       21

NishanMonday, 14 October 2019 08:37 AM

සිහින දකින්න. සිහින ලෝකේ ජීවත්වෙන්න කාටවත් තහනමක් නෑ. සිහිනයක් දැක්කේ කියලා තේරෙයි නොවැ 18 වෙනිදට.

:       27       2

rohan pereraMonday, 14 October 2019 10:10 AM

ගල්කටස් වලින් උත්තර දෙන්න ගිය නිසා තමයි 2015 පැරදුනේ, මේ පාරත් එහෙමයි. අවනීතියට ඉඩ නෑ...

:       17       0

මුණසිංහ Sunday, 13 October 2019 10:45 AM

ඔය 32 ගැන කතා කරන අය දන්නවද ඒවා මෙනවද කියලා? ටී.එන්.ඒ එකත් එක්ක සජිත් එකඟ වුන ඒවා රටට හොඳද? ඒවට සද්ද නැහැ.

:       68       114

athuraMonday, 14 October 2019 04:45 AM

ලංකාවෙද ඉන්නෙ. බොරු කියන්න එපා තාම දෙමළජාතික සන්ධානේ සහය කාටවත් දෙනව කියල නැහැ.

:       0       32

Chathuri Sunday, 13 October 2019 10:45 AM

ගෝඨා හිතන් ඇති කටේ තියෙන දත් 32 අයිතිය වගේ රජයේ ඉඩම් ටිකත් එයට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා.අත යටින් කියක් හරි ඇඩ්වාන්ස් ගෙව්වනම් අදම ඔය ඉල්ලන ඒවා ගන්න තිබුනා.

:       171       299

Rata Perata Sunday, 13 October 2019 12:18 PM

වහල්ලුන්ට මේකත් මාර වීරකමක් වගේ. ඉල්ලන ඉල්ලීම් ඔක්කොටම එකඟ උනාම 'දිනන්න මැතිඳුනි' කියනවා. වෙන කෙනෙක් එකඟ උනානම් 'ජාතිය පාවල දෙනවා' කියනවා. මෙහෙමත් දීන වහල්කමක්.

:       114       461

kap Sunday, 13 October 2019 12:23 PM

එට්කා ගිවිසුම, මිලෙනියම් ගිවිසුම, සින්ගපුරු ගිවිසුම ගැන මෑරෙන්න ගිය දේශපේමියො මේ ගිවිසුම ගෑන හොයන්නෙ නෑතෙයි? බයි තියරිය යනු, තමන්ගේ එකාට සපෝට් නම්, ප්‍රබාකරන් උවත් දේශප්‍රේමියෙක් ලෙස සෑලකීමයි.

:       0       88

Jagath Sunday, 13 October 2019 01:16 PM

හරියට කේන්ති ගිහිල්ලා වගේ. වැරදිලාවත් අනිත් පැත්තට සහයෝගය දෙනවා කිව්වා නම් මීක් සද්දයක් නැතුව ඉදියි නේද?

:       0       1

chandima Sunday, 13 October 2019 01:49 PM

ඒ කියන්නේ ඉන්දියාව රනිල්ලව තනි කළා?

:       3       1

pj Tuesday, 15 October 2019 09:27 AM

ඔන්න ඔරිජිනල් නිව්ස් එකෙන් දවස් දෙකක් යන්න පෙර පිරිවර හැළිල වෙන පාරක යනව. ලොක්කගේ ඡන්දෙත් ෂුවර් නැහැ වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1944 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3353 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5651 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4678 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site