(එස්. ඩි .කොඩිකාර සහ එන්. කේ. ඉන්ද්‍රවංශ )
බලපත්‍ර රහිතව ව්‍යාජ වෙළඳ නාමයක් යොදා ගෙන රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමින් යුත් බීඩි නිෂ්පාදනය කළ අයෙකු සහ ඒවා අලෙවි කිරීම සඳහා ළඟ තබාගත් ව්‍යාපාරිකයකු බීඩි 215,700 ක් සමඟ අද (17) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අකුරැස්ස, පෝරඹ ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු වෙනත් බීඩි සමාගමක නමකට සමාන ව්‍යාජ නමක් යොදාගෙන මෙම බීඩි නිෂ්පාදනය කරන බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර ඔහුගේ නිවසේ තිබියදී බීඩි තොගයෙන් කොටසක් හමු වූ බව පොලීසිය කියයි .
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා (50) හැවිරිදි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ වෙළඳසැලේ තිබියදී අනෙක් බීඩි තොගය සොයා ගත් බව පොලිසිය කියයි.
බලපත්‍ර රහිතව ව්‍යාජ නමකින් බීඩි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට අකුරැස්ස පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්ෂ 15 බිඩී සමඟ දෙදෙනෙක් අල්ලති