IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘ලංකාවේ දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වෙන්නේ නෑ‘‘

 

(හර්ෂණ තුෂාර සිල්වා)

 

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වන්නේ නැතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා එම කරුණු සඳහන් කර තිබේ.

එහිදි තවදුරටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු මෙසේ ද පවසා ඇත.

        “චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලි අසල්වැසියන්. ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සමීපව බලා සිටිනවා. චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය එරට අභ්‍යන්තර දේශපාලන අර්බුදයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට සහ එරට ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය බුද්ධිය තිබෙන බව අපි විශ්වාස කරනවා”.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් සියුවාන් මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් මෙසේ පිළිතුරු දී ඇත. 

“ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ අපි සන්නිවේදනය කරනවා. ඔවුන් සමඟ සබඳතා පවත්වා ගන්නවා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, නව අගමැතිවරයා හා වික්‍රමසිංහ මහතා හමුවුණා. තානාපතිවරයා ඔවුන් සමඟ ද්විපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තා”. 



අදහස් (14)

‘‘ලංකාවේ දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වෙන්නේ නෑ‘‘

Kumar Monday, 29 October 2018 05:08 PM

මොකටද මැදිහත් වෙන්නෙ.

:       85       101

ChandimaTuesday, 30 October 2018 02:55 AM

අනේ ඔවු අනේ.

:       0       1

Nishantha Monday, 29 October 2018 05:15 PM

චීනය අපිට හරිම ආදරෙයිනෙ නේද?

:       114       136

sg Monday, 29 October 2018 06:14 PM

දැනටමත් ඇමෙරිකාව මැදිහත් වෙලා මේ මොන නාඩගමක්ද අපි ඇමෙරිකාවේ කොලිනියක් නොවෙයි.

:       767       1986

chathuri Monday, 29 October 2018 09:24 PM

ඔබලා පුළුවන් තරම් අපේ දේශපාලකයින්ගෙන් පරිස්සම් වන්න.

:       0       2

rocky Monday, 29 October 2018 11:44 PM

වවුලන්ව බාගන්න යටින් සල්ලි දෙනවා විතරයි නේද? චීනා ට අපේ රට විකිණිලා ඉවරයි!

:       36       116

Samantha Monday, 29 October 2018 11:53 PM

අපි මැදිහත් වෙන්න නැහැ. නමුත් මැතිවරණ වලට සල්ලි දෙනවා.

:       69       196

Sayimon Tuesday, 30 October 2018 12:15 AM

ඔබ එන්න ඇවිත් යන්න එන්න.

:       19       2

maalaka Tuesday, 30 October 2018 01:51 AM

කරලා තියෙන හරිය, කරන හරිය මදිද? තව අවුරුදු 100 ක් උත්සහ ගත්තත් ඇමෙරිකාවට හැරෙන්නවත් බෑ චීනේ ලංකාවට ගේම දීලා තියෙන හැටියට

:       57       108

rocky Tuesday, 30 October 2018 02:48 AM

ඇත්ත ඇත්ත. ඒ වුනත් අපි ජීවත් වෙන්නේ ලෝකයක් ඇතුලේ. අපේ කෙරුවාවල් ලෝකේ අනිත් රටවලටත් බලපානවා. අපිට අපේ පාඩුවේ කටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

:       11       3

duminda Tuesday, 30 October 2018 03:19 AM

මහින්ද අපේ රට ගෙන තීරණ ගන්න අයිතිය චීනෙට දීලා ගොඩක් කල් , රනිල් තමන් දක්ෂිණාංශික කියල අැමෙරිකාවෙන් , යුරෝපයෙන් උදවු ගන්න ට්‍රයි කරනවා .

:       14       65

sathyapala Tuesday, 30 October 2018 04:01 AM

මැදිහත් නොවෙනවා කියන එකේ ව්‍යාංගාර්ථය මැදිහත් වෙනවා විය හැකිය !

:       21       36

Salinda Tuesday, 30 October 2018 04:17 AM

එක අතකට ඇමරිකාවෙ කොලනියක් වෙන එක හොදයි. දැන් අපේ රට මේ දේශපාලකයන්ගේ කොලනියක් වෙලයි තියෙන්නෙ. අපරාදෙ සුද්දා අපිට නිදහස දුන්නෙ. එහෙම නොවුනනම් අපේ රට මීට වඩා ගොඩක් දියුණු වෙලා තියේයි. අවුරුදු හැත්තෑවක් තිස්සෙ හිටපු අපේ දේශපාලකයො රට විනාශ කලා

:       181       276

rocky Tuesday, 30 October 2018 08:07 AM

අනේ දේශපාලු මහත්වරුනි. දෙපැත්තටමයි කියන්නේ. නිකම් බොරු කරන්නේ නැතුව අපේ රට එක සැරේ කොයි රටකට හරි විකුණලා දාලා කීයක් හරි මඩි ගහගන මේ රටෙන් තොලොංචි වෙලාම යන්න. මේක අලුතෙන් ගන්න රට ඔහෙලා තරම්ම අපට හානි කරාවි කියල මම හිතන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 706 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 297 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 235 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 379 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 418 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site