IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලාංකික සිසුවෙකුගෙන් ඖෂධීය මුඛ වැස්මක්

(මනෝජ් හර්ෂික)

ශ්‍රී ලංකාවේ පළමු වරට ඖෂධීය ආරක්ෂිත මුඛ වැස්මක් නිර්මාණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඒ.ඒ.ධම්මික ප්‍රභාත් සිසුවා සමත්ව තිබේ.

ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි ධමිම්ක ප්‍රභාත් ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයක්ද වන අතර පොල්හෙන විෂවේද රෝහලේ කැඩුම් බිඳුම් හා විෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පළමු වසර අභ්‍යන්තර සිසුවකු ලෙස අධ්‍යාපනය හදාරමින් සිටී.

ධම්මික ප්‍රභාත් සිසුවා මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය පිළිබඳව ලංකාදීපය වෙත මෙසේ අදහස් දැක්වීය.

මෙම නිපැයුම බොහෝ කලකට පෙර මම සැලසුම් කළ නිර්මාණයක්.

මේ දිනවල චීනය මුල් කරගෙන ඉතා ඉක්මණින් ලෝකය පුරා පැතිරෙන කොරෝනා වයිරසය හා ඒ නිසා ලාංකික ජනයා දපීඩාවට පත්ව සිටින ආකාරය පසුගිය දින කිහිපය තුළ මම හොඳින්ම දැක්කා.මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් මුඛ ආවරණ අපේ රටේ වෙළෙඳපොළ තුළ හරිආකාරව තිබුණේ නැහැ.

පවතින මිලට වඩා අධික මිලකට ඒවා අලෙවි කළා.මේ දේවලුත් එක්ක මා නිර්මාණය කළ මුහුණු ආවරණය ඖෂධීය ආරක්ෂිත මුහුණු ආවරණයක් වැඩි දියුණු කළා.

මේ මුඛ ආවරණය ශ්‍රී ලංකාවේ පළමු ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය ලෙස හඳුවන්න පුළුවන්.මෙය නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන ඇති සියලු අමු ද්‍රව්‍ය දේශීය අමු ද්‍රව්‍ය වන අතර ඒ සෑම අමුද්‍රව්‍යක්ම දිරා යන දේවල් වීම ද විශේෂත්වයක්.

රාවණ යුගයේ සිට පැවැතගෙන ආවා යැයි විශ්වාස කරන (හෙළ වෛද්‍ය විද්‍යාව) නම් දියුණු වෛද්‍ය ක්‍රමයක් අප සතුව තිබුණත් අද එය භාවිතයට ගන්නේ බොහෝම අඩු පිරිසක්.මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් හෙළ වෛද්‍ය විද්‍යාවේ එන විෂ හරණ විද්‍යාව අපි අධ්‍යයනය කළා අපේ රටේ ඖෂධීය බෙහෙත් ද්‍රව්‍යවලින් අපි මුඛ වැස්ම නිර්මාණය කළා.

එසේම මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය ප්‍රධාන වශයෙන් ස්ථිර තුනක් යටතේ නිපදවා තිබෙන අතර විශේෂ ශාඛසාර ඖෂධ යෙදු ස්ථර දෙක් ද දුවිලි පෙරහණ ස්ථරයක් ද මේ සඳහා මා එකතු කළා.

වෙළඳපොළ තුළ ඇති සාමාන්‍ය සායනික මුඛ ආවරණයක් උපරිමයෙන් භාවිතා කළ හැක්කේ පැය 8ක පමණ කාලයක්.නමුත් මා නිර්මාණය කළ ආයූර්වේදීය ආරක්ෂිත මුඛ ආවරණය පැය 72ක පමණ කාලයක් හොඳින් භාවිතා කරන්න හැකියාව තිබෙනවා. පැය 72කින් පසුව ද මුඛ ආවරණය සෝදා පවිත්‍ර කර ඖෂධීය ස්ථර දෙක පමණක් නැවත එක් කර සාර්ථක ලෙස භාවිතයට ගන්න පුලුවන්.

මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය භාවිතා කිරීම මඟින් ශරීරයට කිසිදු අසාත්මිකතාවයක් ඇති වන්නේ නැහැ.මෙය සියයට සියයක් දේශීය අමු ද්‍රව්‍යවලින් නිපධ වූ ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණයක්.

ඉතාම අඩු සාධාරණමිලකට මෙම නිපැයුම් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේ හැකියාව අපිට තියෙනවා.ඒ වගේම මේ තුළින් නව රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට ද අපිට පුළුවන්.අදාල බලධාරීන් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරනවා නම් තවත් විදේශ රටවලින් මේ වැනි නිෂ්පාදන ගෙන්වීමට අවශ්‍ය වන්නේ නැහැ.

බටහිර වෛද්‍ය ක්‍රමය හෝ ඉන්දීයාවෙන් පැමිණි ආයූර්වේද වෛද්‍ය ක්‍රමයට වඩා අපේ රටේ පැවැති ආභාවයට යමින් තිබෙන හෙළ වෛද්‍ය විද්‍යාව අපි රැක ගතයුතු වගේම මෙය තවතවත් විනාශයට වන්නට නොදී රැක ගැනීමට අපේ සැවෝගෙන වගකීමක් ලෙස මා දකිනවා.

මෙය නිර්මාණය කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශ්‍රී ගිම්හාන මධුරප්පේරුම,රවින්ද්‍ර වන්නිආරච්චි සහ කවීෂ රණසිංහ මගේ මිතුරන් තිදෙනා මේ සඳහා මට බොහෝ උපකාර කළා.

ඒ වගේම විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ සහ පොල්හෙන විෂවේද රෝහලේ කැඩුම් බිඳුම් හා විෂ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම් කටයුතු කරන ආචාර්යවරුන්ට ද මම  විශේෂ ස්තුතියක් පුදකරනවා.‘‘යැයි ද ධම්මික ප්‍රභාත් සිසුවා පැවැසීය.

 

 

 



අදහස් (8)

ලාංකික සිසුවෙකුගෙන් ඖෂධීය මුඛ වැස්මක්

Raveendra Saturday, 15 February 2020 08:17 AM

මෙන්න නියම සරසවි සිසුවෙක්. තම දැනුමෙන් උපරිම ප්‍රතිඵල මෙන්ම ප්‍රයෝජන ගැනීමට මේ දරුවන් සමත්වීම අප හදවතින්ම අගයන්නෙමු. පුතේ, නුබට යහපතක්ම වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි ! නුඹව මේ ලොවට බිහිකළ ඒ නුඹගේ ආදරණිය දෙමාපියන්ට යහපතක්ම වේවා ! නිදුක් නිරෝගිව සිටීමට හැකිවේවා ! සෑම දෙයක්ම දියව් දියව් කියමින් අහිංසක දරුවන්ව මහා පාරවල්වල වද දෙමින් ඇදගෙන යන අත්තරේ ඉන්න මිහරකුන්ට කිසිදින මෙවන් රටට වැඩදායි ලෙස ක්‍රියා කිරීමට තම ජිවිත කාලයටම බැරි බව ස්ථිරය. මක්නිසාදයත් එම නුගතුන් දිනය අරඹන්නේ දියව් දියව් කියමින් බැවිනි. දැන්වත් හැදෙන්න දියව් දියව් යන මර ලතෝනිය නොදී...

:       0       0

dinesha Saturday, 15 February 2020 08:22 AM

ඔබට සුබ පතමි. පේටන්ට් බලපත්‍රයක් ගන්න නැත්නම් වෙන අය අයිතිවාසිකම් කියයි.

:       0       1

Chandani Saturday, 15 February 2020 10:07 AM

අති විශිෂ්ටයි! පේටන්ට් ගන්න පුළුවන් නම් මේක ලෝකෙට හඳුන්වල දෙන්න. ඔබට ජය!!

:       0       12

ධම්ම Saturday, 15 February 2020 01:36 PM

අලුත් සොයාගැනීම්වලින් මේ රටේ වැඩක් නෑ පුතේ . ගෘහ කර්මාන්තයක් හැටියට කරලා කීයක් හරි හොයාගන්න බලන්න.

:       0       2

Leelaratne Sunday, 16 February 2020 12:29 AM

ඔබේ උත්සාහය ඉතාම අගෙයි.

:       0       50

රුක්මාල් Sunday, 16 February 2020 07:00 AM

මෙවැනි දෑ අගය කළ යුතුයි... රැකගත යුතුයි ... දිරිමත් කළයුතුයි........

:       0       78

සේන Sunday, 16 February 2020 07:06 AM

රටට අවශ්‍ය දේ ඉහළ තත්වයන් යටතේ රටේම නිෂ්පාදනය කරගන්න කතිකාවත් සකස්වන යුගයක මේ ගැන රජයේ අවධානය යොමු වෙතැයි සිතමු.

:       0       51

Athula Sunday, 16 February 2020 08:20 AM

බලමු දැන් අලුත් ජනාධිපති මොකද කියන්න කියල

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 214 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 315 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 996 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 371 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 358 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 176 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site