IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලාංකිකයන් නැවත වරක් මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරිම දුටුවා - බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලාංකිකයන් අද ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සඳහන් කර ඇත.
 
පාර්ලිමේන්තුවේ අද (16) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා එම කරුණු සඳහන් කර තිබේ.
 
බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
 
“ශ්‍රී ලංකාව පුරා සිටින ඡන්ද දායකයන් පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත් කරනු ලැබුවේ වැදගත් රාජකාරියක් වෙනුවෙන්. එහෙත් ශ්‍රී ලාංකිකයන් අද නැවත වරක් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම දුටුවා. එය ඔවුන්ට කිසිසේත් සුදුසු නැහැ. එමෙන්ම පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ. 
 
පාර්ලිමේන්තුවක සාමාජිකයන් විසින්ම එහි කටයුතුවලට බාධා කරන විට කිසිදු පාර්ලිමේන්තුවකට එහි කාර්යභාරය ඉටු කරන්න බැහැ”යනුවෙනි.
 
මේ අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද, ජපන්, ඉන්දීය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නියෝජිතයන් සිංගප්පූරුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව ප්‍රශ්න විසඳා ගැනීමට ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. 
 



අදහස් (25)

ලාංකිකයන් නැවත වරක් මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරිම දුටුවා - බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්

Kumara Friday, 16 November 2018 04:16 PM

අනේ ඔබතුමාලටම තමයි මේවත්... ඒවා නැවත අරගන්න.

:       26       136

DilshanSaturday, 17 November 2018 07:11 AM

අනේ ඔබතුමාලා අපිව ආයෙත් යටත් කරගන්න..

:       300       467

විජිත් Saturday, 17 November 2018 01:22 PM

දිල්ෂාන් මල්ලි ඔයාගේ කොමෙන්ට් එක නිසා එංගලන්තය කැලඹිලා... සුද්දෝ වුණාට මේ අයට සිංහල තේරෙනවා. මේ කොමෙන්ට්ස් ඇත්තයි කියලා හිතලා ඉංගිරිසි සුද්දෝ නැව් ගණන් මෙහෙ අාවොත් මොකද වෙන්නේ..? අනේ අම්මෝ උන්ටත් දැන් වැලේ වැල් නැතිව ඉන්නේ බ්රෙක්සිට් ප්‍රශ්නය නිසා. ඔය පරණ පුරුද්දට ටයි, කෝට් දාගෙන හිටියට මේ අයට දැන් හරියට කන්නවත් නැහැ. මේ අය මෙහෙ අාවොත් අපිත් කාලා ඉවරයි. අනේ මල්ලියේ එ්නිසා ඔයාගේ කොමෙන්ට් එක ඉල්ලා අස්කරගන්න පින්සිද්දවෙයි.

:       0       49

jayaSunday, 18 November 2018 01:41 AM

එහෙමනම් රටම ගොඩ.

:       0       0

DILSaturday, 17 November 2018 01:57 PM

අපි අපේ ප්‍රශ්න බලාගන්නම්.

:       0       0

senarath Friday, 16 November 2018 05:27 PM

අපි බ්‍රිතාන්‍ය රජයේ නින්දිත හැසිරීම දුටුවේ 1815 සිට. එය නැවත 2009 දී උපරිමයෙන් දුටුවා කොටි බේරගන්න කරපු බලපෑම් වලින්. දැනටත් දකිමින් ඉන්නවා අපේ විනය ගරුක හමුදාවලට ගෙනෙන අභුත චෝදනා සමගින්.

:       0       0

Alfi Friday, 16 November 2018 06:00 PM

හොඳ අදහස, ඔබලා රටෙ අභ්‍යන්තර කටයුතු වලට අත නොගසා සිටිනවා නම් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය අරක්ෂා වෙන බව වටහාගත යුතුය. මුදල් වියදම් කර රට අවුල් කරන්න උත්සාහ ගන්න එපා.

:       0       0

naradha Friday, 16 November 2018 06:03 PM

ඕවා ගණන් ගන්න එපා. අපේ කට්ටිය තාම ඉන්නේ 18 වැනි සියවසේ.

:       0       0

prasa Friday, 16 November 2018 06:34 PM

සහතික ඇත්ත කතාව.

:       0       0

ලසන්ත Saturday, 17 November 2018 12:30 AM

විනයක් සදාචාරයක් නොමැති අයුතු දෙයින් ධනවතුන්වූ පිරිස් පාර්ලිමේන්තුවට පත්කිරීමට නාම යෝජනා දුන් දේශපාලන පක්ෂ නායකයින් මේ රට ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමට වගකිව යුතුය. ඒ නිසා දැන්වත් මැරයන් පාර්ලිමේන්තුවට පැමිනීම වැලැක්වීමට පියවර ගතයුතුය

:       0       0

Nilantha Saturday, 17 November 2018 07:48 AM

ජනතාව පත්කළ නියෝජිතයන් යනු එරට ජනතාවගේ පිලිඹිබුවයි. එකිනෙකාට ගරු නොකිරීම, තමන් උසස් යැයි අනෙකාට හැඟවීම, තමන්ගේ ක්‍රියාකාරකම් කිසිවකුට නොදෙවැනි විය යුතුයි ඇති පුහු ආකල්ප ශ්‍රී ලාංකික බහුතර ජනයා අතර මුල්බැස ඇත. අඳින පළඳින, කන බොන ආකාරය අනෙකා අබිබවා යාමට මිස අවශ්‍යතාව අනුව නොවේ. ගෙවල් වාහන අසල්වැසියා අභිබවා යාමට මිස සරිලන ප්‍රමාණයට නොවේ. ගමේ මරණාධාර සමිතියේ නිලදාරී මඩුල්ල මෙන්ම සියලු සමිති සමාගම් , රාජ්‍ය ආයතන, මණ්ඩල ,දෙපාර්තුමේන්තු මෙන්ම අඩුම තරමේ ත්‍රී වීලර් පාක් එකෙත් ලොක්කන් යනු ගැම්ම්මෙන් ඉන්නා, අධ්‍යායාපනය අඩු , දේශපාලන රැකවරණය ලබන ගහ මරා ගන්නා පිරිසකි. තමන් පත්කරන ඕනෑම නියෝජිතයෙකු, පාර්ලිමේන්තු යවන මන්ත්‍රීගෙන් හෝ ඇමතිගෙන් බලාපොරොත්තුවන්නේ රට ගම හැදීම නොව, ලයිසන් නැතිව, වැලි ට්‍රැක්ටරය , මෝටර් සයිකලය , හෝ වාහනය පොලිසියෙන් ඇල්ලූ විට කෝල් එකෙන් නිදහස් කරගැනීමට, කසිප්පු ටික පෙරා ගැනීමට , ගස් ටික කපා ගැනීමට , මාළු ලෑල්ලට ,මස්කඩේට , මරණෙට මගුලට දුවගේ කොටහළු මගුලට සහබාගි වීමටය. ළමයින් පාසලට දමාගැනීමට නිකන් ඉඳන් පඩි ගන්න රැකියාවකට තමන්ගේ වගකිවයුතු කතිරය යොදාගනී ,

:       0       0

Reks Saturday, 17 November 2018 09:34 AM

මහත්තයෝ අපි ඔහෙලගේ නින්දිත හැසිරීම් 1815 ඉඳලා දකිනවා.

:       0       0

Ramsi Saturday, 17 November 2018 09:37 AM

අහිංසක රටවල් යටත් කරගෙන, පන්සල්, වෙහෙර විහාරවල් කඩකඩා, හාමුදුරුවරු ඝාතනය කරකර, ඔහෙලගේ නින්දිත හැසිරීම් මතක්කරලා දෙන්නද මහත්තයෝ?

:       0       0

Lakvidu Saturday, 17 November 2018 09:46 AM

කවුද ඔහෙට එන්න කිව්වේ?

:       0       0

DISSA Saturday, 17 November 2018 10:26 AM

හිරේ ඉන්න ඕනෑ අය පාර්ලිමන්ට් යැව්වම ලැබෙන ප්‍රතිඵල තමා මේ. මේවට වගකියන්න ඕනෑ වහල්ලු වගේ ඡන්දය දෙන ගොන් ජනතාව නෙමේද?

:       15       165

sopi Saturday, 17 November 2018 11:24 AM

අපි වගේ පුංචි රටවල් කොල්ලකාලා මහා රාජ්‍ය ගොඩනගපු එක ගැන ඔයාලා මීට වඩා හුඟක් ලැජ්ජා වියයුතුයි.. හොඳේ..

:       533       326

BamunuarachchiSaturday, 17 November 2018 01:15 PM

ලෝක ඉතිහාසේ දන්නා තරම තමයි ඔය පෙන්නුවේ. අහන්න දෙයක් නැහැ. ඉතිහාසය උගන්වපු ගුරුවරයා ජේවීපී ගොයියෙක්... ලෝකේ රජවරු ඉන්නේ කාඩ් කුට්ටමෙයි එංගලන්තෙයි විතරයි...

:       1       1

BamunuarachchiSaturday, 17 November 2018 02:20 PM

සුද්ද මහත්මයා මෙයා ඔබතුමන්ලා රට කොල්ල කෑවා කියාකීවට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි නමක්. සිංහල අපි ඔබලාගේ නමක් පාවිච්චි කළාට කමක් නැද්ද?

:       0       0

Bamunuarachchi Saturday, 17 November 2018 01:07 PM

දැන් ඔබට තේරෙනවද නිදහස දුන්නේ අපරාදේ කියලා. එහෙම නිදහස නොදුන්නා නම් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අය ඔබලාගේ බංගලාවල ආයලා අප්පුලා හැටියට තියාගන්න තිබුණා...

:       0       1

Don Saturday, 17 November 2018 02:31 PM

මහ කොමසාරිස්තුමනි, මේවා ලෝකෙටම කියන්න පාදඩයින්ට ආණ්ඩු කරන්න බාරදීලා සිරිසේන අපිට බණ කෙලිනවා කියලයි.

:       0       0

sg Saturday, 17 November 2018 06:36 PM

ඔබලා අපිට උපදෙස් දෙන්න ඕනි නැත.

:       0       0

Ranjan Sunday, 18 November 2018 12:30 AM

බටහිර රටවල් ලංකාවට දක්වන්නේ ආධාරයකින් නෙමෙයි. ඔවුන් කතාකරන්නේ උනන්දුවෙන්නේ දෙමළ ඡන්ද ටික ගන්න. කම්කරු සහ කොන්සේර්වටිවේ පක්ෂ දෙමල ඡන්ද සදහා තරග කරනවා.

:       0       0

janesh Sunday, 18 November 2018 04:29 AM

රැළට අාරාධනා කළේ කවුද ඕවා බලන්න එන්න කියලා... පාර්ලිමේන්තුවේ රට පවා දෙන හැතිකරුන්ට බොහොම අමාරු ඇති මැදපෙරදිග රටවලට, ඇෆ්ඝනිස්තාන්වලට, අප්‍රිකානු රටවලට කරාවගේ ලංකාවටත් කරන්න.

:       0       1

Chandima Sunday, 18 November 2018 04:37 AM

හරි වැරැද්ද මොනවා වුණත් ඔබවගේ තානාපතියෙකුට බැහැ... රටක අභ්‍යන්තර කටයුතු ගැන ප්‍රකාශ නිකුත් කරන්න. අපේ රට මේ දේශපාලකයින් නිසා අසරණ තත්වයේ තියෙන නිසා ඔබලා බය නැතුව කියවනවා. බැරිවෙලාවත් ඉන්දියාව, තායිලන්තය වගේ රටක ඔයා ඔය කතාව කිව්වා නම් ඔයාගේ සුදුහම බලන්නේ නැහැ, එවෙලේම එලවනවා..

:       0       4

විජිත් Sunday, 18 November 2018 06:11 PM

චන්දිම මල්ලි, අපේ රටෙත් එක වතාවක් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙලා හිටිය කාලේ " ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් " කියන එංගලන්ත තානාපතිවරයාව ලංකාවෙන් පිටුවහල්කලා. රටේ අභ්‍යන්තර කටයුතුවලට අත දමනවා කියලා.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 933 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 184 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1090 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1126 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1404 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1249 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site