IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය


(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)

වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අතින් අද (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

රිෂාඩ් බදුයුදීන් මහතාට විරෝධය පල කිරිම සඳහා අද අහංගම නගරයේ වෙළදසැල් වැඩි ප්‍රමාණයක් වසා දමනු ලැබ තිබිණ. භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුලු විශාල පිරිසක් අහංගම නගරයේ සිට සටන් පාඨ කියමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගාලු මාතර මාර්ගය ඔස්සේ පාගමනින් කිලෝ මීටරයක් පමණ දුරින් තිබු හෝටල් පාසැල  විවෘත කිරිමේ උත්සව භූමිය කරා පාගමනින් පැමිණියහ.

විරෝධතාකරුවන් උත්සව භූමිය අසලට පැමිණෙන විට ඔවුන් අසලට ගිය පොලිසිය
මෙම උත්සවයට රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා නොපැමිණෙන බව  විරෝධතා කරුවන්ට දන්වන ලද නමුත් ඒ ගැන නොතකා විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිටට පැමිණියහ.  පසුව විරෝධතාකරුවෝ සටන් පාඨකියමින් උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ විරෝධතාවයේ යෙදි සිටියහ.

මෙම අවස්ථාවේ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන‍, හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත යන මහත්වරුන් උත්සව භූමියට ඇතුලුවන විට විරෝධතාකරුවෝ‍  නොකඩා හූ හඩ නැගූහ. පසුව විරෝධතාවය මැද උත්සවය ආරම්භකරන ලදී.

ඒවන විට මහා සංඝරත්නය ඇතුලු විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ සිට උත්සවයේ කථිකයින් විසින් රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයාගේ නම සදහන් කරන විට නොකඩා හූ හඬ නැගූහ. කෙසේවෙතත් ඇමති රිෂාඩ් බදුයුදීන් මහතා මෙම උත්සවයට පැමිණියේ නැත. එහෙත් ඇමතිවරයා පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් විරෝධතාකරුවෝ උත්සවය අවසන්වන තෙක් උත්සව භූමිය අසල රැඳී සිටියහ.

විරෝධතාකරුවන්ට උත්සව භූමියට ඇතුලුවීමට නොහැකිවන පරිදි පැය 2ක පමණ වේලාවක් උත්සව භූමියට ඇතුලුවන දොරටුව  ඉදිරිපිට පොලිස් නිලධාරීහු රැඳී සිටියහ.

 

හබරාදුව කොක්වත්ත නිග්‍රෝධාරාමාධිපති අත්තරගොඩ පියනන්ද හිමියන් ප්‍රධාන භික්ෂූන්වහන්සේලා ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. උත්සවය අවසන්වූ පසු විරෝධතාකරුවෝද සාමකාමිව විසිර ගියහ.

රටට ආදරය කරන ජනතාව නැමැති සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

(ඡායාරූප - සුමතිපාල දීයගහගේ)

 

(ඡායාරූපය - ඩී ජී සුගතපාල)



අදහස් (52)

රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය

Dilan Saturday, 31 August 2019 11:23 AM

බොහෝ දෙනෙකුට අමතක වුවත් අහංගම මිනිසුන්ට තවමත් මතකයේ තිබීම සතුටට කාරණයක්...

:       478       2411

ශ්‍රීSaturday, 31 August 2019 01:22 PM

ඇයි යකෝ හූ කියලා විතරක් හිටියේ...?

:       363       642

KamalSunday, 01 September 2019 05:36 AM

බදුර්දීන් පොහොට්ටුවට ගියාට පස්සෙ ඔය විරෝදතා අවසන් වෙයි.

:       516       436

San80Tuesday, 03 September 2019 03:42 AM

ඒ විතරක් නෙමෙයි, ඔහු දේශප්‍රේමියෙකුත් වෙයි.

:       107       1

NishanSunday, 01 September 2019 02:25 PM

කරුණා අම්මාන් එනවා කිව්වා නම් මෙයාලා එයාව කර උඩ තියන් මේ පෙරහරේ යයි. අනේ අපේ මිනිස්සුන්ගේ බුද්ධියට වූ දේ...

:       408       271

සෙනෙවිරත්න Saturday, 31 August 2019 11:24 AM

මෙතුමා ගොටාභය සමග පැමිණියහොත් මෙම පිරිස කුමක් කරාවිද? මෙම දේශපාලනයේ එවැන්නක් සිදුවීම නොහැක්කක් නොවන බව මෙම විරෝධතාකරුවන් සිතිය යුතුය. මෙම රිෂාඩ්, බැසිල්, ගෝඨාභය මහින්ද ත්‍රිත්වයේ නිර්මාණයකි.

:       5067       6658

BamunuarachchiSaturday, 31 August 2019 01:19 PM

මේ හාදයාටත් ගෝඨා ෆෝබියාව. මේ ගොයියට ඝෝඨාභය නැතිව මොන හම්බයෙක් ආවත් පිළිගන්න ජාතියේ බඩුවක්....

:       1138       1321

dilanSaturday, 31 August 2019 04:41 PM

ඕක එච්චර ගණන් ගන්න එපා, "ගෝථා" එනවා කිව්වුම ඔය වගේ පොරවල් වලට එක එක "ෆෝබියා" හැදෙනවා, බඩ බුරුල්වෙනවා වගේ ලෙඩ හැදෙනවා

:       167       410

BamunuarachchiSaturday, 31 August 2019 01:24 PM

දන්නා බම්බුවක් කතා කරන්න හලෝ. ඔය සෙනඟ ගොඩට ඇවිල්ලා ඔයටික කීවානම් රෙදි නැතුව යන්න වෙන්නේ.

:       560       708

සෙනෙවිරත්න Saturday, 31 August 2019 04:46 PM

බමුණු මහතා ; සෙනග රැස්වෙලා කරන වැඩ සේරම නිවැරදිනම් රට අද මෙහෙම පජාති වෙන්නෙ නැහැ අවුරුදු පහ හයකට වතාවක් සෙනග.රැස්වෙලා වසර හැත්තෑවක් හරිමදේ කලාද? වාහනයක් පාරකදි පොඩි අනතුරක් වෙන්න බලන්න සෙනග රැස්වෙලා හරිදේ කරන හැටි හරිදේ

:       81       266

vernonSunday, 01 September 2019 05:27 AM

මෙම මුස්ලිම් දේශපාලුවාම ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ ඇති පරිදි විල්පත්තුව ආශ්‍රිතව ගෙවල් හදන්න, කැලෑ කපන්න හා ඒ හැදූ ගම්මානය හරහා කාපට් පාරක් ඉදි කරවීමට උරදුන් දේශපාලකයෝ ගැන මෝඩ වහල් බමුණන්ට නොතේරෙන්නේ ඔලුවේ මැටි නොව ගොම ඇති නිසා වියයුතුය. අනෙක් අතට මේ දේශපාලුවාව දේශපාලනයට ගේන්න උර දුන්නේ කවුද?

:       87       225

BamunuarachchiSunday, 01 September 2019 05:23 PM

හලෝ මෙතැනට සෙනඟ රැස් වුනේ මේ ඇමතියාට සිංහලයාගේ තිබෙන විරුද්ධත්වය පෙන්වීමටයි. එය මුලුරටේම විය යුත්තක්. මේ හම්බයින්ව මෙතැනට වඩම්මාගෙන ආවේ කව්ද? ඔහේලාවගේ සිංහලකම ඇඟේ ගෑවිලාවත් නැති ඕනෑම හම්බයෙක් සමග එකතු වී රටකන සිංහල දේශපාලුවන් සමග නේද? හලෝ ඔහේ අහනවා අවුරුදු 70ක් සෙනඟ එකතු වී හරිම දේ කළාද කියලා. ඔව් 1956දී එජාප ආණ්ඩුව පෙරලලා සිංහල රජයක් පිහිටුවා ගත්තා.1956 සිට 1977 දක්වා හරිදේ කළා. වැරදි දෙයක් කළානම් කියන්න ඒ මොකක්ද කියලා...? හලෝ පොඩි කොල්ලා කාලේ මම ඩී.එස්. සේනානායක අවමගුලේ සිට එයාගේ මුනුබුරා කියන රනිල්ගේ දේශපාලනයත් දැක්ක කෙනෙක්. මට රටේ සිදුවූ දේවල් ඔහෙලාගෙන් දැනගන්න දෙයක් ඉතුරුවෙලා නැත.

:       44       273

chinthakaSaturday, 31 August 2019 04:39 PM

අච්චර ජාතියට, ආගමට ආදරේ 350 මිනිස්සු බෝම්බෙන් මැරෙද්දි ඇය් අප්පා මේ වගේ කුහකයෝ තවම ජීවත් වෙන්නේ?

:       48       65

kulwSaturday, 31 August 2019 06:53 PM

දෙනාටම විරෝදය දක්වනවා

:       19       51

විශ්ව Saturday, 31 August 2019 11:46 AM

ආණ්ඩුවෙන් අහිමි වූ ජීවිතවලට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජනතාව එය ඉටු කළ යුතුයි.

:       360       422

LakMawu Saturday, 31 August 2019 11:51 AM

මෙන්න හොඳ ට්‍රෙන්ඩ් (Trend ) එකක්... හැමතැනම ජනතා අධිකරණයේ තීන්දු මේ විදියට සාමකාමීව, විනීතව, අවිහිංසාවාදීව ප්‍රකාශ කළාම, මහජන ඡන්දයෙන් පත්වුණු හරක්ට, මව්බිම උලාකන්න බැරිවෙනවා..

:       212       2010

නොකවුට් Saturday, 31 August 2019 12:21 PM

ඇයි බදුර්දීන්ගෙන් පොලීසිය කට උත්තරයක් වත් නොගන්න හේතුව?

:       49       207

sanath Sunday, 01 September 2019 02:59 AM

සිංහල දේශයේ සාරය උරාබොන අය පන්නා දාන්න ඕන. සිංහල රටේ ඉදගන අපිටම වින කරනවා .

:       45       163

sirimal Saturday, 31 August 2019 12:44 PM

ජනතාව විරුද්ධ වුණාට කවුරු බලයට පත් වුනත් මේ උන්නැහේ ගැන ඒ කාගේවත් විරෝධයක් නැහැනේ. මෙයා කවද්ද විරුද්ධ පක්ෂයේ හිටියේ?

:       0       966

WimalSaturday, 31 August 2019 01:54 PM

මේ පාර විරුද්ධ පක්ෂේ සහතික කරලා කියන්න පුළුවන්. ඉර හඳ වගේ විශ්වාසයි පොහොට්ටුව පැත්ත පළාතට මෙයාව ගන්නේ නැහැ.

:       146       624

CharithSaturday, 31 August 2019 02:14 PM

බලන් ඉන්න... කොයි පැත්ත ආවත් ගන්නවා.

:       99       198

sirimalSaturday, 31 August 2019 04:44 PM

හිතේ ඇති. අන්ධ මන්ද ගෝල පිරිස ඔහොම හිතාගෙන හිටියට මහින්ද ලොක්කා දැනටමත් දෙමල මුස්ලින් පක්ෂවල සහාය ගන්න සාකච්චා කරන්න පටන් අරගෙන. රිෂාඩ් බදියුදීන් සහ හිස්බුල්ලා වගේ අය තමයි කලින්ම මුණ ගැහුනේ. කතා කරන්නේ සැප දුක ගැන නෙවේ. පොහොට්ටුව එක්ක අර දැනටමත් සන්ධාන ගතවෙලා ඉන්න මහත්තයයි නෝනයි පමණක් ඉන්න " පක්ෂ" දහය දොළහ එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න අමාරු නිසා ඔය සාකච්චා කරන්නේ ඉල්ලන දෙයක් දෙන්න පොරොන්දුවෙලා දෙමල මුස්ලිම් පක්ෂ වලත් සහයෝගය ඉල්ලන එක කියල වෙනම කියන්න ඕන නැහැනේ.

:       208       318

AmilaSaturday, 31 August 2019 06:40 PM

දේශපාලලුවෝ කවද්ද හලෝ ඇත්ත කිව්වේ. මේ මැතිවරණ ක්‍රමය තියෙනතුරු ඔය සුලු පක්ශ හැමදාම ආන්ඩු වලට හේත්තු වෙනවා.

:       0       67

Bamunuarachchi Saturday, 31 August 2019 01:21 PM

කදිමයි මුලුරටේම විය යුත්තේ මෙයයි. මෙය බදියුදීන්ට පමණක් සීමා කරන්න එපා.

:       239       808

කපිල Saturday, 31 August 2019 01:31 PM

රජතුමා එක්ක අහන්ගමට වැඩියා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

:       4516       1019

SamanSunday, 01 September 2019 03:31 AM

අනිවාර්යෙන්.. අපි නොදන්න මහින්ද ?

:       311       253

BamunuarachchiSunday, 01 September 2019 04:59 PM

මහින්ද ගැන දන්නවානම් මහින්දට මල්තියලා වදීවි.

:       6       102

BamunuarachchiMonday, 02 September 2019 01:57 AM

එහෙනම් කොලේකුයි පනසලකුයි අරගෙන ලියන්නකෝ රනිල් හා ප්‍රේමදාස මෙරටට කරපුවයි මහින්ද රාජපක්ෂයි මහතා කරපුවයි

:       3       109

sunil Saturday, 31 August 2019 04:04 PM

මෙම අවස්ථාවේ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන‍ යන අයට හු කිව්වා කියන එක වැරදියි...විරෝධතාකරුවන් එනවිට එම මන්ත්‍රීවරු රැස්වීම් භූමියට ගොස් අවසන්.

:       101       13

HafpaSunday, 01 September 2019 12:46 PM

සුනිල් බුද්ධික පතිරණ කියන්නේ මේ සූත්තර පැංචෙක් එය දන්නා දේශපාලනයක් නැහැ. දැන් ජාතික ඇඳුම ඇඳගෙන ජනතාව රවට්ටන්න ඇවිල්ලා.. ඕක ඉස්සර අර රූපවාහිනියේ නිවුස් කිව්වා විතරයිනේ...

:       1       58

Rohana Saturday, 31 August 2019 04:29 PM

රිෂාඩ් ත්‍රස්තවාදීන්ට උදව් කරලා තිබේනම් ඔහුට විරෝධය දැක්විය යුතුය. කොහොම උනත් මෙයාලගේ බලයට යටත් වෙලා ඇමතිකමක් දීල බලය රැකගන්න උත්සහ කරන දේශපාලකයෝ මේවට වගකියන්න ඕනා.

:       10       7

රජින්ද Saturday, 31 August 2019 04:52 PM

දේශපාලන මාෆියාවට එරෙහිව අහංගම ජනතා විරෝධයට අපගේ හදපිරි ශක්තිය. ජනතාව බුද්ධිමත්ව අතීතය අමතක නොකර සිටීද, දේශපාලකයින් කුමක් කරන්නද? නිසැකවම ජනතා විරෝධයට හිස නමනු විනා. ලංකාවේ මෙවැන්නක් මීට පෙර සිදු නොවුණු නිසයි අද මේ රටට මේ ඉරණම අත් වුයේ. දේශපාලකයින්ගේ නුල ජනතාවගේ අතට පත්විය යුතුමයි.

:       45       124

nihal Saturday, 31 August 2019 06:57 PM

රජය ඔහුව ආරක්ෂකරලා රැකගත්තාට මහජනතාව ඔහුට විරුද්ද බව දැනගන්න ඕන

:       31       158

siri Saturday, 31 August 2019 07:48 PM

රටට වින කරන ඕනෑම දෙසපලුවෙකුටම , රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි.අහංගම ජනතාවට ප්‍රණාමය පුද කරමි.අනෙකුන්ගේත් ඇස් ඇරේව.

:       41       137

Arther Bamunukula. Sunday, 01 September 2019 03:50 AM

දැන්වත් ජාතිවාදය නවත්වා දමන්න. දැනටමත් ලංකාවේ ගමන් බලපත්‍රය එක්ක යනවිට පිටරටවල් බලන්නේ ගෝත්‍රික ජාතියක් විදිහට. මැද පෙරදිග පමණයි මුදල් ටිකක් හොයාගෙන එන්න තියෙන්නේ. එ්කත් නැති වුනු දවසට හිඟාකන්න තමයි වෙන්නේ.

:       27       78

BamunuarachchiMonday, 02 September 2019 01:31 AM

සිංහලයාගේ රටේ සිංහලයාට අමුතුවෙන් ජාතිවාදයක් උවමනා නැත.

:       19       33

jagath Sunday, 01 September 2019 04:13 AM

නියමයි, පළමුවම අහංගම කොන්ද පන ඇති ජනතාවට හිසනම ආචාර කරමි, මේවගේම නුවර දළදා මලිගවෙන්ම මේ අන්තවාදීන එලවදමිම පටන්ගතයුතුයි.

:       185       346

ධම්ම Sunday, 01 September 2019 04:29 AM

මේ විරෝධය 225ටම පෙන්වන්න වගබලාගනිමු. 225ම එළවමු.

:       6       56

Mohamed Rizan Sunday, 01 September 2019 07:52 AM

කිසිම උත්සවයකට , පිළිගැනීමකට ඔය පුද්ගලයා ගෙන්නන එපා. රට විනාස කලේ ඒ අය .

:       14       79

fairoos Sunday, 01 September 2019 09:23 AM

ඇයි මෙයාට නීතියෙන් දඬුවම් කරන්න බැරි? රටක නීතිය කාටත් පොදු වියයුතුයි.

:       2       13

sirimal Sunday, 01 September 2019 09:27 AM

මේ විරෝධතාව පිටුපස ඉන්නේ ගෝඨාභයගේ කණ්ඩායමක් කියලත් කියනවා. "රටට ආදරේ ජනතාව" යනුවෙන් සඳහන් බැනර් එහිදී ප්‍රදර්ශනය කෙරුණු නමුත් එම විරෝධතාවය සඳහා සහභාගිව සිටි සියලුම දෙනා පොදුජන පෙරමුණේ පිරිසක් බවයි කියන්නේ. මීට පෙරද රිෂාඩ් බදූර්දීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු මොහොතේද "රිෂාඩ් බදූර්දීන්ට විරුද්ධව ඡන්දය නොදී ගමට එන්න එපා" යනුවෙන් සඳහන් බැනර් රටපුරා ප්‍රදර්ශනය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ බවත් වාර්තාවී තිබුණා."කෙසේවෙතත් මුස්ලිම් දේශපාලනඥයින්ට ප්‍රහාර එල්ල නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණු නමුත් එය නොතකා ක්‍රියා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට හිතවත් කණ්ඩායම් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. තම පිරිස් බලය යොදවා සංවිධානාත්මකව මුස්ලිම් දේශපාලනඥයින්ට එරෙහිව විරෝධතා පැවැත්වීමට සහ තම ප්‍රචාරණ ව්‍යාපෘතියට සම්බන්ධ මාධ්‍ය හරහා එම විරෝධතාවලට දැවැන්ත ප්‍රචාරණයක් ලබාදීමටත් තීරණය කර තිබෙන බව සඳහන්... මේ විරෝධතාවයට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් ලබාගැනීමෙන් එම උත්සාහය පෙනුණ බවයි කියන්නේ...

:       275       292

Sunil Sunday, 01 September 2019 11:26 AM

මොවුන් එක්ක අැයි හොඳයිකම් කියන එජාප බැලයින්ටත් ඉදිරියේදී සලකන්න ඕනෑ මෙහෙමයි.

:       72       107

nishaSunday, 01 September 2019 04:05 PM

එතකොට පොහොට්ටු බැලයින්ට...

:       7       31

BamunuarachchiSunday, 01 September 2019 04:54 PM

එජාපයින්ට රටක් තිබෙනවාද හලෝ? එහෙම තිබෙනවානම් මානවහිමිකම් ගිහිල්ල අපේ හමුදාව යුද්ද අපරාද කළා පිළිගනීද?

:       41       98

BamunuarachchiMonday, 02 September 2019 01:32 AM

නමස්කාර කරන්න.

:       22       0

SamanSunday, 01 September 2019 05:11 PM

ගොට්ලර්ට සහයෝගය දෙනව කිව්වනම් , හෙට ඉඳල රිෂාඩ්ට මල්මාල දාල පිලිගන්නෙ.. අපි නොදන්න ලංකාවෙ ජනතාව.. අනේද කියන්නෙ..

:       1       1

Aris Sunday, 01 September 2019 08:27 PM

අපේ මිනිස්සුන්ට කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. බදුර්දීන් තනි පුද්ගලයෙක්. මෑතකාලයේ පොලිසියෙන් සහතිකයක්ද කොහෙදත් හම්බවුනා මට මතක හැටියට. ඕක අතැරලා සියලුම පාලකයන් යන එන උත්සවවල පොදුනීතිය, මුහුණු ආවරණ තහනම් නීතිය මෙන්න මේවා ගෙනෙන ලෙස බලකර උද්ඝෝසන කල යුතුයි මිනිසුනේ.

:       0       1

සමන්ත Monday, 02 September 2019 03:53 AM

Nishan කරුණා අම්මාන් ආවොත් කරේ තියාගෙන යනවා කිව්ව ඔබටයි අමතක කරන්න එපා මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගන්න ඔහු අවසාන මොහොතේ හරි තේරුම් අරගෙන රටට ආදරේ කලා එහෙම නොවෙන්න යුද්දේදී අපේ වීරෝධාර රණවිරුවන් මීට වඩා දිවි පුදන්න තිබුනා. තමන් කරපු වැරදි පිලි අරගෙන නිවැරැදි වන මිනිස්සුන් ගැන බුදු දහමේත් දේශනා කරලා තියෙනවා. උදාහරණයක් අංගුලිමාල. මේ වගේ මෝඩ කතා කියන්න කලින් දෙපාරක් හිතලා බලන්න..

:       0       4

දිලුම් Monday, 02 September 2019 04:40 AM

අපේ රටේ මිනිස්සු සලකනවා වැඩියි. මේ සති අන්තය පටන්ගනිද්දි ගුවන්තොටුපලට ගියානම් ඒක දැක ගන්න පුළුවන්.

:       0       0

පොහොට්ටු සමාජිකය Tuesday, 03 September 2019 02:58 AM

බදුර්දින්ටත් කරුණා අම්මාන්ට වගේ දේශප්‍රේමී වෙන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ඒකාබද්ද විපක්ෂෙට (අපේ පක්ෂෙට ) එකතු වෙන්න විතරයි. දොස්තර සාෆි වගේ. එතුමා අපේ පක්ෂෙට එකතු වුනා විතරයි වද බෙහෙත් නැ, කුරුණෑගල රෝහලේ ගෑනු වද කරපු කතාව බොරුවක් උනා වගේ 2010 කපන්න පටන් ගත්තු විල්පත්තුව කපලා නැ කියල කට උල් කරලා කියයි.

:       1       1

BamunuarachchiTuesday, 03 September 2019 04:37 AM

පොට්ට සාමාජික හා පොහොට්ටු සාමාජික කියා වර්ග දෙකක් ඉන්නවා. ඔබ පොට්ට සාමාජිකයෙක් වගේ පෙනෙන්නේ

:       0       1

Sugath PremalalTuesday, 03 September 2019 12:39 PM

ඔබතුමන්ලා වගේ පුද්ගලයින් තමා බේගල් කියලා පුද්ගලයින් පාර්ලිමන්ට් ඇරලා රට විනාශ කලේ.. ඔබතුමා ඇත්තටම පොට්ටයෙක් වෙන්න ඕනෑ.. මොකද ඔයතරම් බොරු කියන්නත්, ඇත්ත ඇති සැටියෙන් දකින්නත් බැරි.. උඹලට ස්වභාවධර්මයෙන්ම පටිසන් ලැබෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 179 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 372 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 484 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 796 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1199 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 969 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site