IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රවුෆ් හකීම්ගේ නිවසින් ලක්‍ෂ 60 ක් සොරාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7, මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි.

ඉකුත් ජූනි මස 10 වැනිදින තම සැමියා වූ රාවුෆ් හකීම් මහතා විකිණීමට නියමිතව මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ලබා දුන් බව රාවුෆ් හකීම් මහතාගේ බිරිඳ පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.

එම මුදල නිදන කාමරයේ ඇඳ යට තිබෙන බෑගයේ දැමූ බවත් දින නවයකට පසු එනම් 29 වැනිදා බෑගය විවෘත කර පරීක්ෂා කිරීමේදී එම මුදල් නොතිබූ බවත් කිසියම් අයෙක් එය අවුස්සා ඇති බවට දැක ගත හැකි වූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

එදින නිවසේ සේවය කරන සේවිකාවන් තිදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ බව ද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ඉකුත් 25 වැනි දින නිවසේ වැසිකිලිය උතුරා යාම හේතුවෙන් ගලි වල ශුද්ධ කිරීමේදී ඉරී ගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමු වූ බවත් එම නෝට්ටු දෙක ගලි වල ශුද්ධ කිරීමට පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

නැවත දින තුනකට පසුව ගලි වල උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලිවල ශුද්ධ කිරීමේදී රුපියල් 5,000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවත ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පැවැසීය.



අදහස් (27)

රවුෆ් හකීම්ගේ නිවසින් ලක්‍ෂ 60 ක් සොරාගනී

Prabha Monday, 29 July 2019 02:56 PM

වැසිකිලි වලේ 5000 නෝට්ටු

:       1       77

ඉරංග Monday, 29 July 2019 03:25 PM

යමෙක් පොලිසියට කරන පැමිණිල්ලක් මාධ්‍යට දීමට පොලිසියට ඇති නිත්‍යානුකූල අවසරය කුමක්ද?

:       18       210

San80Tuesday, 30 July 2019 03:19 AM

නීතිය දන්නා කෙනෙක් මේක පැහැදිලි කරන්න. මටත් තියෙන ප්‍රශ්නයක් ඕක...

:       0       0

chinthaka Monday, 29 July 2019 04:31 PM

එතකොට අර විමල්ව ගත්ත විදියටම අපේ පොලිසිය හකීම්වත් අත්අඩංගුවට ගනියිද ප්‍රකාශ කල නොහැකි වත්කම් උපයාගත්තට??

:       87       201

Amila Monday, 29 July 2019 04:35 PM

වාහනයක් ඇත්තටම විකුණාලාද කියලා හොයන්න ඔක්කොටම ඉස්සෙල්ලා. ලක්ශ හැටක් ඇද යට දවස් ගණන් තියන් හිටියා කියන එකත් පුදුමයි.

:       26       187

ගල්කටස් Monday, 29 July 2019 04:52 PM

එක පුදුම ගලියක්නෙ දවස් තුනකට සැරයක් බවුසරයකින් සුද්ධ කරන්න බොරුව හරියට ගොතා ගන්න බැරිව කියනවා.

:       6       98

ravi Monday, 29 July 2019 04:55 PM

ලක්ෂ 60ක් මොකද ඇඳ යට තිබුනේ කෙරුවේ කියලා පොලිසියට අහන්න අයිතියක් තියනවා. මෙවැනි ලොකු මුදලක් ඇඳ යට තබා ගැනීම, නීතියෙන් තහනම් !

:       116       89

kule Monday, 29 July 2019 05:41 PM

සිද්දිය කියවනකොටනම් අපබ්‍රන්සයක් නමුත් රටක මුදල් පාලනය ක්‍රමානුකුලව සිදුනොවන නිසා ප්‍රශ්න ඇතිවෙනවා රුපියල් 5000 කට වඩා ගනුදෙනු කිරීමෙදී චෙක්පත් හෝ බැංකු කාඩ්පත පාවිච්චිය රටට හදුන්වා දිය යුතුයි.

:       8       8

සමන් - ඕමානය Monday, 29 July 2019 05:46 PM

අනේ මං දන්නේ නෑ, මගේ හිතට නම් මොකද්දෝ දැනෙනවා, මේ ඇමති උදවියගේ කල් කිරියාවන් දිහා බලන කොට. මට විතරද දන්නේ නෑ එහෙම හිතෙන්නේ.

:       42       583

Nimal Monday, 29 July 2019 06:36 PM

ඇලඩින්ගේ පුදුම පහන ගලිය ඇතුලේ පත්තුවෙනවද කවුද දන්නේ? එ්කෙන් 5000 කොළ මතුවෙනවා ඇති...

:       0       0

නොකවුට් Monday, 29 July 2019 06:49 PM

එක්තරා ජාතියකට අයත් මිනිසුන් ලඟ අසාමාන්‍ය විදියට මුදල් ගැවසෙන්නේ කොහොමද?

:       0       0

siri Monday, 29 July 2019 08:42 PM

මට නම් මේකට කියන්න තියෙන්නේ, 'ඇඳ යට බැංකුව' කියලයි.

:       0       0

රවින් Tuesday, 30 July 2019 01:06 AM

බොරු වැලක් නේද? ඇමැතිනේ? ඉස්ස ඉස්සෙල්ලාම බලන්න ඔය කියන වාහනය විකිණුවාද කියලා. මෙහි ලියා තිබෙන විදියට නම් මෙය අත්තිකාරම් මුදලක්... ආදායම් බදු දෙපාර්තුමේන්තුව, නිසි බදු? බවුසරයකින් අදින්න තරම් ලොකු ගලිවලක් ගෙවත්තක තිබිය හැකිද? අනික් කාරණය තමා එවැනි අවස්ථාවලදී අධි පීඩන වතුර විදිනය යොදවා ගලිවල සුද්ද කිරීම. ගෙදර හිටපු සේවකයින් දෙදෙනා අමාරුවේ දාන්න හදනවා වගේ? පඩිනඩි හරියට ගෙවලාද?

:       0       0

nihal Tuesday, 30 July 2019 01:46 AM

සූත්තර පුංචාගේ බත් බැලයෝ බයිලා කියනවා...

:       0       0

Upul Tuesday, 30 July 2019 03:06 AM

සල්ලිද දන්නෑ ඒ ගොල්ලෝ කන්නේ..? එ්කනේ 5000 නෝට්ටු එන්නේ. දිරවල නැතුව ඇති.

:       0       0

shantha Qatar Tuesday, 30 July 2019 03:11 AM

මට නම් ඔය සේරම උතුරන වැසිකිලි වලවල්. දවස් තුනකට සැරයක් මහජන වැසිකිළි වලක්වත් උතුරනවා කියලා අහලා නැහැ. මේ ගෙදර මිනිස්සු කනවට වඩා වෙන වැඩ කරනවා වගේ මට නම් දැනෙන්නේ...

:       0       0

jayautha ranatunga Tuesday, 30 July 2019 03:19 AM

අනුමානයක් නැහැ සල්ලි කාලා. නැත්නම් කොහොමද සල්ලි කොල...?

:       0       0

rama Tuesday, 30 July 2019 03:40 AM

එක පුදුම ගලියක්නෙ ගලිය තිබුනේ ඇඳ යටද ? මම බලන්න ඕන අපේ ඇඳ යටත් ගලියක් තියෙනවද කියලා

:       0       3

නෙවිල් Tuesday, 30 July 2019 03:47 AM

මගේ ගලිවලත් අදම ඉහලා බලන්න ඕනෑ. කියන්න බෑනේ.

:       0       5

Gayantha Tuesday, 30 July 2019 03:47 AM

හකීම් ලා කියන්නේ පාරම්පරික ව්‍යාපාරිකයෝ . විමල් කියන්නේ JVP ඉන්නකොට කොමුනිකේෂන් කරපු කෙනෙක් . ඊට පස්සේ එකපාරට කෝටි ගණන් මුදල් ලැබිලා. අනිත් එක ලක්ෂ 60 කියන්නේ මේ දවස්වල හැටියට ඔය තරම් ලොකු මුදලක් නෙවෙයි .

:       4       364

KANDEPOLA Tuesday, 30 July 2019 03:52 AM

වැසිකිලි වල මේ හැටි උතුරන එක ගැනත් හොයලා බලන්න වෙනවා.

:       0       2

Sugath Tuesday, 30 July 2019 04:08 AM

විමල් වගේ කෙනෙක් මෙතනට ගාවන්න එපා . මිනිහ මුදල් වලට ඕන දෙයක් කරයි....

:       0       230

සේන Tuesday, 30 July 2019 05:23 AM

සල්ලි සල්ලි වලවල් උතුරන්න සල්ලි. හැමදාම ඇමතිකම්. කට ඇරියොත් ජාතිවාදය. වැඩ කරන්නෙ ජාතිය හොය හොයා.එහෙත් විරාජමානව වැජඹේ. වරද කාගෙද ?

:       1       36

indika Tuesday, 30 July 2019 05:32 AM

මේගොල්ලෝ කාල මලපහ කරන්නෙත් 5000 නෝට්ටු !!

:       0       19

Wasantha Tuesday, 30 July 2019 05:37 AM

හරි පුදුම... ලක්ෂ 60 .... විකිණීමට නියමිතව මෝටර් රථයක් සඳහා..

:       0       37

Upali Tuesday, 30 July 2019 05:51 AM

මේ මුදල් උපයාගත් ආකාරයක් වහාම සොයා බැලිය යුතුයි. එසේම මෙම මුදල් උපයා ගැනීමට අදාලව ආදායම් බදු ගෙවා නොමැති නම් ඊට එරෙහිව කටයුතු කළ යුතුයි.

:       1       7

Chanak los angeles Tuesday, 30 July 2019 06:07 AM

අයියෝ ෆුට් බයිසිකලයක් වත් ගන්න නො හැකි සොච්චම් මුදලක්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 74 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 781 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 420 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 226 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 734 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 696 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site