IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රුවන්වැලිසෑයේ නව චූඩා මාණික්‍යය පැළඳවීම අද

(ඩයනා උදයංගනී)

           

අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 6.00ට පමණ සිදුකෙරේ.

එම කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුවන්නේ හෙට (26) වැනිදා උදෑසන 10.00ට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් අතිනි.

නව කොත් වහන්සේ පැළඳවීම පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුකිරීමට නියමිත අතර හෙට (26) දහවල් සංඝගත දක්‍ෂිණාවක් හා සවස ආශීර්වාද පූජාවක් ද පැවැත්වීමට නියමිතය.

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක‍්‍රිස්ට්ල් නම් පළිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන  ඕස්ටේ‍්‍රලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පළිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම  ඕස්ටේ‍්‍රලියානු සමාගම විසිනි.

එහි පාදම පිරිසිදු රත‍්‍රන් යොදාගෙන ලෝක ප‍්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.

මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිඳු රත්තරන් කිලෝ ග‍්‍රෑම් 28 කට වැඩි ප‍්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතු මැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.

මෙම නව චූඩා මාණික්‍යය ජනතාවට පසුගිය දිනවල ජනතාවට වැඳපුදා ගැනීම හා දැකබලාගැනීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයෙහි සහ කුරුණෑගල ඇත්කඳ විහාරයෙහිත් 22 වැනිදා රාත‍්‍රියේ රුවන්වැලි සෑය අභියස කුටියකත් තැන්පත් කර තිබිණි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.

 



අදහස් (4)

රුවන්වැලිසෑයේ නව චූඩා මාණික්‍යය පැළඳවීම අද

JCN Monday, 25 November 2019 05:51 AM

රොක් ක්‍රිස්ටල් පලිඟු, රත්‍රන් කිලෝ 28ක්, මැණික් ගල් 4300ක්.. සාදු සාදු සාදු..! බෞද්ධයෙක් විදියට කොහොමද කියලා හිතා ගන්නවත් බෑ...

:       0       164

Muditha Monday, 25 November 2019 07:56 AM

සාදු සාදු සාදු...! බොහොම හොඳයි. නැවත වතාවක් රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ සිදුකරනවිට ජනතාව මුලින් දැනුවත් කරන්නේ නම් ඉතා වටිනවා. නැත්තම් මිනිස්සු සැකේට බැනලා පව් පුරවා ගන්නවා. ඒ වගේම අරමුදල් ලබාදීමට ජනතාවටද අවස්ථාවක් ලබාදීම සුදුසුය.

:       2       28

මෙනු Monday, 25 November 2019 11:14 AM

මොස්කව් වල මුළු වින්ටර් මාලිගාවේම ආලේප කරලා තියෙන්නේ රත්තරන් කිලෝ තුනය් (3). රත්තරන් කිලෝ විසි අටකින් (28) මේ ගොල්ලෝ මොනවා කළාද?

:       0       0

පිටිගල මිලානෝ Monday, 25 November 2019 11:41 AM

මේ වැඩකටයුතු පිටරැටියන්ට දී සිංහල බෞද්ධයින්ට නොදුන්නේ ඇයි? මේ නටබුන්වූ ලෝක උරුමයත් රුවන්වැලි මහා සෑයත් හැදුවේ සිංගප්පුරු සහ ඕස්ට්‍රේලියානුවන් කියලා හිතලාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 565 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1363 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 692 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 137 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 541 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 333 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site