(තිළිණි ද සිල්වා)
රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
“දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.
ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.
මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රෝයල් පාර්ක් සිද්ධියේ සැකකරුට එරෙහිව පෙත්සමක්
Ruhunu Thursday, 14 November 2019 08:40 AM
ඉතා හොඳ ක්‍රියාවක්. වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුය.
Perakum Thursday, 14 November 2019 08:50 AM
ඝාතනයට ලක්වූ කාන්තාවගේ නැගනියද වග උත්තර කාරියක් ලෙස නම් කල යුතුය. මේ අපරාධයේ මුලික වගකීම ඇය සතුබව සඟවන්නේ මන්ද...?
KANDEPOLA Thursday, 14 November 2019 10:04 AM
අපේ මිනිස්සුන්ට රජකම ලැබුනත් ගොබ්බකම නැති වෙන්නේ නෑ. අයියෝ මෛත්‍රී , කට් ද රිබන්.
Nandalal DE SILVA - France Thursday, 14 November 2019 10:47 AM
ලොක්කන් යන්න ඉස්සරවෙලා පෙරලන්න පුලුවන් හැම බාල්දියක්ම පෙරලන වග මෙයින් පේනවා. මත්කුඩුකාරයන් කොළ නැති ගහේ යවන එකත් බාලගිරි දෝෂයත් වගේම දෙයක්. අද නොවේ හෙට කියන, කියන එක නොකරන, කරන දේ හංගන, අපේ රටේ "තෝරාගත්" එකම ජනාධිපති හැටියට මොහු ශ්‍රී ලංකා ඉතිහාස පොතට එක්වෙනු ඇත !!!! ඔබට දැන් සතුටුද ?
sampath Thursday, 14 November 2019 11:05 AM
ජනධිපතිවරයා සතු බලතල අනුව ඕනෙම තැනැත්තකුට ලබාදුන් දඩුවමක් අහෝසි කරන්න බලය තියෙනවා. ඒ අනුව මේ සම්බන්ධව කිසිම කෙනෙකුට ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ.
Krishan senarath Thursday, 14 November 2019 11:30 AM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින නිතිමය ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තමයි ශ්රමාන්තට ජනාධිපති සමාව ලබාදිම කර තිබෙන්නේ. ජනාධිපති සිරිසේන ඔහුට සමාව දෙන බව නිදහස් කරන දිනට සතියකට පෙර ප්‍රකාශයක් කළා. එහෙම නම් ඔය කාන්තා සංවිධානය ඒ දිනවල තමයි ඔය නඩුව පවරන්න තිබුණේ. එසේවුවා නම් යම් විටෙක ඔහු නිදහස් වන දිනය කල් යන්න පවා ඉඩ තිබුනා. එසේ නොකර අශ්වයා ගියාට පස්සේ ස්තාලය වහනවා වගේ ඩොලර් මිලියන ගණන් ලබාගන්න ඔය එන්ජිඕ නඩ විවිධ දේවල් කරනවා. ඒකෙන් කිසිම දෙයක් ඉවොන්ගේ පවුලේ අයට වැඩක් නැහැ. ඩොලර් ගිලිම තමයි කාන්තා සංවිධානයේ අරමුණ.
Chanak los angelesThursday, 14 November 2019 10:02 PM
ඩොලර් ගිලිනවා කීවේ... අර සිරිලිය ගිල්ලා වගේද?
ranjith Thursday, 14 November 2019 04:13 PM
අලුත් සෙල්ලමක් පටන් ගන්න යන්නේ. මෙහෙම ගියොත් නීතිය වැඩක් වෙනවද තමන්ට කැමති කට්ටිය නිදහස් කරන ක්‍රමයක්
Rufus Randeniya Thursday, 14 November 2019 09:34 PM
මෙම සමාව දීම මුට්ටිය දැමීමකි. මෛත්‍රී කළ දෙයට කවර ප්‍රතිචාරයක් ලැබෙයිදැයි බලා සිටින අයද සිටිති.
Saman Friday, 15 November 2019 05:56 AM
අලුත් ව්‍යවස්ථාවක් හදනකොට ජනාධිපතිට තියෙන මේ සමාව දීමේ වගන්තිය ඉවත් කරන්න. විශේෂයෙන් මරණ දඬුවම ලැබුන අයට. ඉතින් මොකටද අපේ සල්ලි වියදම් කරල නඩු අහන්නෙ..?
yamange Friday, 15 November 2019 09:19 AM
අගමැතිතුමා ඉවත්කරලා නැවත පත්කළා වගේ යළිත් මෙම වැරදිකරුට මරණීය දඬුවම දීම වටිනවා...
Nandaka Saturday, 16 November 2019 11:16 AM
කුමට මෙරට අධිකරණය... නීතිය සහ විනිසුරුවන්...!