(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා බන්ධනගාර දෙපාර්තමේන්තුව සමඟ එක්ව රැඳවියන් 50,000 ක් වෘත්තීය මට්ටමින් පුනරුත්ථාපනය කිරීම සඳහා වන විශේෂ වැඩසටහනක් අධිකරණ, මානව සම්පත් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයෙදී අද (18) ආරම්භ කෙරිණි.
පසුගිය කාලයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී රැඳවියන් ආශ්‍රිතව සිදුකළ ගවේෂණාත්මක තොරතුරුමත මෙසේ ඔවුන්ගේ සුභ සිද්දිය උදෙසා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමා අදහස් කළ බව නිශ්ශංක සේනාධිපති මහතා පැවසීය.
මෙමගින් රැඳවියන්ට ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ ඇතුළු ලෝකයේ විවිධ භාෂාවන් ප්‍රගුණ කර ඔවුන්ව විදේශ රැකියා අවස්ථා සඳහා යොමු කරවීම, කාර්මික පාඨමාලා සඳහා යොමු කරවීම සහ ස්වයං ව්‍යාපාර සඳහා මග පෙන්වීම වැනි කාර්යන් මෙමගින් කරන බවත් සේනාධිපති මහතා මෙහිදී පැවසීය.
අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රැඳවියන් 50,000 ක් පුනරුත්ථාපනය කෙරේ
shehan Tuesday, 18 February 2020 01:43 PM
ඔක්කොම හොරු එක පින්තුරයක..
a.b.srilaWednesday, 19 February 2020 05:06 AM
අලංකාර අර්ථ නිරූපිත යථාර්ථ ඡායාරූප ලංකාදීපයෙන්..
Jaya Tuesday, 18 February 2020 01:53 PM
දේසපාලන පාට අමතක කර අගය කලයුතු ක්‍රියාවක්.
athuraWednesday, 19 February 2020 06:30 AM
නැතුව නැතුව ඔය මදුෂ්ගේ ඩුබායි පාටියට ගිහින් හොදට මත්වෙලා හිටපු කෙනත් ඇවිල්ල ඉන්නේ සින්දු කියන්න.
මුරමුදලි Tuesday, 18 February 2020 03:40 PM
මේ රටේ බන්ධනාගාරවල පුනරුත්ථාපනයක් වන්නේ නැහැ.. වෙන්නේ ඒ නමින් වැඩ අරගැනීම , ලාභය ඉපැයීම පමණයි. වරදක් වෙනුවෙන් දඬුවමක් විඳින්නා ඒ කාලය ඇතුලත එවැනි දේවල්වල නිරත වෙලා ආයෙම ගෙදර යනවා.. සමාජ වට පිටාව ඔහු බන්ධනාගාරයට ඇතුලත් වූ කාලයේ වාගේමයි. කිසිම වෙනසක් නැහැ. ඉතින් ආයෙම ඔහු පරණ වැරදි කරන්නට යොමු වීම වැඩියි. එහෙම නෙවෙයි... ඔවුන්ට වරදින් එහා ලෝකයක් තිබෙන බව පෙන්වන්නට ඕනෑ. මිනිස්සු හැඟීම්වලට වහල් වෙලා වරදවල් කරන බවත්, ඔවුන්ට නිවැරදි මිනිසුන් වෙන්නට හැකි බවත් ඊට මාර්ගයන් තිබෙන බවත් කියලා දෙන්නට ඕනෑ.. මේ වගේ දේවල් වෙනුවෙන් සල්ලි වියදම් වෙනවා තමයි.. ඒත් පලාත් සභා දුවන්ට සැලැකිය යුතු ජවයක් දෙන්නෙ තමන් කරපු වැරදි නිසා මිනිස්සු උසාවියට ගෙවන දඩ මුදල් වලින් බව අමතක කරන්න එපා. සිරකරුවන් මනුස්සයන් කියන බෝඩ් ලෑලි තාප්පවල තිබ්බාට පලක් නෑ. මේ රටේ එවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සුදුසුම කාලය මේක. ස්තූතියි... ලාභය පසෙකලා දැන්වත් මිනිස්සු ගැන , මිනිස්සුන්ගේ අනාගතය ගැන හිතන්න.
JCN Tuesday, 18 February 2020 03:45 PM
හයියෝ සංසාරේ..!
Warnakulasuriya Tuesday, 18 February 2020 04:23 PM
තුන්වන ඡායා රෑපයෙන් අපට සියල්ල පැහැදිළිය. ශ්‍රීලංකාවේ දේශපාලනය තේරැම් ගැනීමට ඡායාරෑප ශිල්පියා දක්වා ඇති දක්ෂතාවය අගය කළ යුතුයි.
නන්නාදුනන හාදයා Tuesday, 18 February 2020 06:26 PM
ඔබ හරි... නිතිය නිසි අයුරින් ක්‍රියාත්මක වුනානම් එහි පෙනීසිටින අය අද සිටිය යුත්තේ කුඩුවෙයි. රටවැසියන්ගේ මෝඩකම, නුගත්කම, දුප්පත්කම... නිසා මේ අය අද කෙරුමන් වෙලා ඉන්නවා.
MDWednesday, 19 February 2020 02:48 AM
ඔබගේ ඉරිසියා කුහක බවත් පැහැදිලි වුනෙමි. මම දන්නා විදියට නිශ්ශංක ලංකාවේ අයට පමණයි රැකියා දුන්නේ.
athuraWednesday, 19 February 2020 06:29 AM
එම් ඩී කියන එක්කෙනා ලංකාවෙද? කොහේ වුනත් පට්ට පොහොට්ටු වහලෙක් ඔය කියලා තියන දේ හොදට හොයල බලලා දැනගන්න.
sachith Tuesday, 18 February 2020 04:45 PM
මේ හිරේ ඉන්න ඕනි තරම් නඩු තියෙන එක්කෙකෙක් එක්ක නේද පුනුරුත්තාපන වැඩ පටන් ගන්න හදන්නේ.
Nadeeka Tuesday, 18 February 2020 07:30 PM
අල්ලපු ගෙදර කුකුළා මරලා පවුලේ කෙනෙක්ගේ දානයක් දුන්නා වගේ වැඩක්
පිටිගල මිලානෝ Wednesday, 19 February 2020 12:34 AM
නිල ඡායාරූප තම මුණුපොතේ දාගෙන චරිතේ පුම්බගන්න එක නිලධාරියෙක්ව අද පිටිපස්සටම දාලා ඉන්දවලා.
Pasi Wednesday, 19 February 2020 01:04 AM
අපිව අන්දනවා. ජයවේවා.!
mahinda Wednesday, 19 February 2020 01:58 AM
පුනරුත්තාපනය කල හැකි අය හා නොකළැකි අයද සිටිනවා. හොරපාරෙන් තමන්ගේ අය එලියට දාගන්න වැඩක් ද දන්නේ නැහැ මොකද පුනරුත්තාපනය කරන්න බැරි අය තමයි වැඩේට අත ගහලා තියෙන්නේ
eresh S kumara Wednesday, 19 February 2020 03:17 AM
රැදවියෝ සැහෙන්න පිරිසක් ඉන්නවා පේනවා
menna Wednesday, 19 February 2020 01:00 PM
පුනරුත්ථාපනය වැඩසටහන ප්‍රයෝගික වුනොත් හොඳයි. පුනරුත්ථාපනය වෙන කාලය තුල රැඳවියන්ගේ සහයෝගෙන් කන්තලේ සිනි කර්මාන්තශාලාව වැනි වැසි ගිය කර්මාන්තශාලා නැවත පටන් ගන්න පුළුවන් වුනොත් හොඳයි කියල හිතෙනවා. කුඹුරු අස්වදීමට, හේන් ගොවිතැනට සහයෝගයක් ලබාගත්තොත් හොඳයි කියල හිතෙනවා. විදේශ භාෂාවක් ඉගෙන ගෙන විදේශයකට ගිහිල්ල එන්න පුළුවන් වුනොත් හොඳයි. නමුත් විදේශ භාෂාවක් ඉගෙන ගන්න එක අසහනයට අත්තියට පත් නොවෙන විදියේ ක්රමයක වුනොත් හොඳයි. මගේ අත්දැකීම විදේශ භාෂාවක් ඉගෙන ගන්න ඒක එච්චර ලේසි නැහැ. රැඳවියන්ගේ වයස් වලට අනුව ප්‍රතිපල වෙනස් වෙන්න පුළුවන්. සැලකිය යුත්තේ රැඳවියන්ව පුනරුත්ථාපනය කිරීම මිස ඔවුන්ව වහලුන් කිරීම නොවේ. වෙනසකට විදේශ රැකියාවකට යන්න පුළුවන් වුනොත් හොදයි. රට තුල මව් භාෂාවෙන් වැඩ කර කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් වුන්ත් හොන්දයි කියල හිතෙනවා.
බද්රානි Wednesday, 19 February 2020 08:41 PM
රටට ගිය කලක්? මේවට කොහෙන් හිනා වෙන්නද?