IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රනිල් සජිත් පිලේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

(නිමල කොඩිතුවක්කු)

සජිත් පේ‍්‍රමදාස මහතාගේ  මැතිවරණ  ව්‍යාපාරය අඩපණ කර බවට  නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන්  ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද (22) පැවසීය.

මේ යන්ත‍්‍රණයත් සිරිකොතත් මැතිවරණ ව්‍යාපාරයේ  වැඩකටයුතු සිදු කළ බවට තමන්ට සහතික විය හැකි බවත් පැවසූ වික‍්‍රමසිංහ මහතා  පක්ෂයේ  අනාගතය ගැන සිතා නව නායකයන්  ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් කටයුතු කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරිමෙන් පසුව  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ලද පරාජය සම්බන්ධයෙන්  එකිනෙකාට ඇඟිලි දිගු කර චෝදනා කිරීමෙන් ඵලක් නොවන බවත් පැවසූ රනිල් වික‍්‍රමසිංහ මහතා බෞද්ධයන් ලෙස  ඒ වරද වටහා ගෙන එය නිවැරදි කිරීමට පියවර ගත යුතුව ඇති බවත් සඳහන් කළේය.



අදහස් (16)

රනිල් සජිත් පිලේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

Dilan Friday, 22 November 2019 08:00 AM

බුද්ධාගමත් මතක් වෙලා. රටට 6G තාක්ෂණය අහිමි වීම ගැන දුකයි...

:       81       41

upali Friday, 22 November 2019 08:08 AM

ඔබ බෞද්ධයෙක්ද? ප්‍රශ්නය ඉතාම සරලයි.

:       118       3

Kalu Friday, 22 November 2019 08:16 AM

සජිත් පිලත් , රනිල් පිලත් දෙකම එකයි . දැන්තමයි එයාලට සිංහලකම , බෞද්ධකම මතක් වෙලා තියෙන්නේ. මේ අය හිතන් ඉන්නේ ලංකාවේම ඉන්නේ මෝඩයෝ කියලා. සජිත් දින්නනම් මෙලහකට ෆෙඩරල් දීලා , රනිල් උතුරේ දීපු පොරොන්දු ඡන්ද ප්‍රතිඵලයෙන් තේරුම් ගන්න පුළුවන්.

:       553       612

athuraFriday, 22 November 2019 09:08 AM

ජනාධිපති වෙලා පහුවදාම රණවිරුවෝ නිදහස් කරනවා කියල පොරොන්දු වුන ජනදිපතිට තාම ඒක කොරගන්න බැරි වුනා නම් සජිත් ආවනම් මේ දවස් තුන හතරෙන් ෆෙඩරල් දෙන්නෙ කොහොමද මහත්මයා ?

:       96       256

Budfika Friday, 22 November 2019 08:17 AM

ඔබ දිනිය නොහැකි නායකයෙක්. ජනතා අප්‍රසාදයට පත්වූ අයෙක්. එජාපයේ විනාශයේ ප්‍රධානියායි. කරුණාකරලා ඉවත්වෙලා සජිත්ට භාරදෙන්න.

:       370       294

හංසිකා කුමාරි ජයවර්ධන Friday, 22 November 2019 08:22 AM

රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාට සම්පූර්ණ සහයෝගය දුන්නා වෙන්න පුළුවන්. ඒත් " මමයි අගමැති " කීමෙනුත් එම්.සී.සී ගිවිසුම හදිසියේ ගෙන ඒමෙනුත් සජිත්ට අවාසියක් උනා. ඒවා නොකළ යුතුව තිබුනා.

:       94       110

Kumara Friday, 22 November 2019 08:32 AM

ඔබතුමාගේ මූණ, කටහඬ අහනකොට පාක්ෂිකයින්ට එපාවෙනවා. දැන් හොඳටම ඇති හිටියා...

:       343       685

krishantha Friday, 22 November 2019 08:57 AM

ආ .. ඔයාලත් බෞද්ධ වුණාද? හොඳයි හොඳයි.. ඔහොම්ම සිංහලත් වෙන්නකෝ..!!

:       2       13

Thilak Kaldera Friday, 22 November 2019 09:00 AM

අඩු ගානේ තම තමන්ගේ ආසනයවත් දිනා ගන්න බැරි අය ඉදිරියට ආවම පැරදෙන එක කිව යුතුද? හිටපු අගමැති කියනවා වගේ අන් අයට ඇගිල්ල දික්කරන්නේ නැතුව එම ඇගිල්ල තම තමන්ට දික්කර ගන්න. පළමුව තම ආසන වලට ගිහින් දැනඅගන්න ඇයි ඒ අය ඡන්දේ තමන්ට නොදැම්මේ කියා.

:       0       187

Jayantha Friday, 22 November 2019 09:29 AM

ඇයි මේ රනිල්ට දෝෂාරෝපණය කරන්නේ ඡන්දෙ පැරදුණාට. ඡන්දෙ ඉල්ලුවේ සජිත් නේ. එයානේ පැරදුනේ. 2015 දී ඉල්ලුවේ මෛත්‍රී. 2009 දී ඉල්ලුවේ සරත් ෆොන්සේකා. ඉතින් ඇයි මේ රනිල්ට බනින්නේ. මෙයා ඡන්දේ ඉල්ලුවෙත් නැහැ. පැරදුනෙත් නැහැ. දෙයියෝ දනී මේවා...!!!

:       56       245

වීදියබණ්ඩාර Friday, 22 November 2019 09:42 AM

සජිත්ගේ වැඩ කළ හැකි හොඳම කාලය මේ කාලය කියලයි ඡන්දය ඉල්ලුවේ... ඉතිං එන පාර එයාම කියනවා එයාගේ බහින කලාව කියලා.. එහෙම කෙනෙක්ව දාලා හරියන්නේ නැහැ. එදා පුතාණන්ගේ තාත්තගේ කුලය නිසා දැලිපිහියට අහුවුණු ගාමිණී දිසානායක මහතාගේ පුතාට නායකකම දෙන්න එයාට බෞද්ධයින්ගේ විශ්වාසය දිනාගත හැකියි.

:       4       70

පේරදෙනියෙ නිහාල් Friday, 22 November 2019 09:17 PM

පැරදිච්ච කෙනා එපා ගෙදර යන්න. ඡන්දෙ ඉල්ලුවෙත් නැති රනිල් අස්වෙන්නේ මොකටද? එයා උතුරු නැගෙනහිරෙන් සජිත් දිනවලනේ තියෙන්නේ...

:       0       1

විජිත් Saturday, 23 November 2019 02:27 PM

උතුරු නැගෙනහිර ජීවත්වන අපේ දෙමල ජනතාවත් එක්තරා වර්ගයක වහල්ලුන් කියලයි මට නම් හිතෙන්නේ. මුළු ආසියාවේම තිබුණු "හොඳම" පුස්තකාලය තිබුනේ යාපනයේයි. ලෝකයේ බොහෝ දෙසින් ගෙනා වටිනා පොත්පත් ඒ වගේම මුල් පිටපත් පවා තිබුණා ඒ පුස්තකාලය එජාපයේ ජේ.ආර්ගේ කාලයේදී ගිනි තැබුවා. එදා රෑ යාපනයේ අශෝක් හෝටලයේ ඉඳගෙන, ඒ ගිනි තැබීම මෙහෙයවපු පුද්ගලයා කව්ද කියලත් රටේ බොහෝ දෙනෙක් දන්නවා. එයා එජාපයේ හිටපු පතාක යෝධයෙක්. වරක් එයා ප්‍රකාශ කළා ඉන්දියන් හමුදාව පැය 14 න් ලංකාව ආක්‍රමණය කරන්න කලින් ලංකාවේ දෙමළ ජනතාව විනාඩි 14න් මරා දමන බව. කෙසේ වෙතත් අවසානයේදී ඔහු හොඳින් දෙමල ඉගෙනගෙන ද්‍රවිඩ ජනතාව සමග සහයෝගයෙන් ඉන්දු ලංකා කුප්‍රකට ගිවිසුම ගහන්නත් මුල්වුණා. අන්තිමේදී ප්‍රභාකරන්ගේ බිල්ලක් වුණා. ඔහුගේ දරුවනුත් අද දේශපාලනයේ... එහෙම කරපු එජාපයට ඡන්දය දෙන්න කියලා ඒ අයගේ දේශපාලුවන් හෙවත් වහල් හිමියන් ( දකුණේ අපෙත් එහෙමමයි - වහල් හිමියන් කියන දෙය තමයි ගෝත්‍රිකයින් අහන්නේ ) කියපු ගමන් හෝ ගාල එජාපයට ඡන්දය දුන්නා. ඒ අයටත් හිතන්න අමතක වුණා එහෙම නැතිනම් අමතකකරන්න බලකළා. මොවුන් නේද අපේ පුස්තකාලය ගිනි තැබුවේ " කියලා. අනේ මන්දා...

:       0       0

Bandara Saturday, 23 November 2019 12:50 AM

කාර්මික විප්ලවය අහිමි වීම ගැන මට මාර දුකයි.

:       0       65

Gamarala Saturday, 23 November 2019 01:35 AM

එ්ක ඔබේ වැඩක්... ජනතාව පිළිතුරු දුන්නේ ඔබට හැදෙන්න මිසක් සජිත් පරද්දවන්න නොවෙයි. පැරදුනේ එජාපය මිසක් සජිත් නොවේ. සජිත් යනු එක්කෙනෙක් පමණයි.

:       2       0

saama Saturday, 23 November 2019 08:51 AM

2015 දී ජනතාව යහපාලනටයි ඡන්දය දුන්නේ.. විධායක බලය අහෝසි කර පාර්ලිමේන්තුව ප්‍රමුඛ ව්‍යවස්ථාදායකට බලය පැවරීමයි. නමුත් ඔබ එය කලේ නැහැ. දැන් කතා කරලා වැඩක් නැහැ.. සාධාරණ සමාජයක් වෙනුවෙන් හඬ නැගූ සෝභිත හාමුදුරුවන්වත් අමතක කළා. දැන්වත් තරුණ අයට වැඩ කරන්න දෙන්න. UNP යනු රෝයල් එක නෙමෙයි. දුප්පත් වැඩකරන ජනතාවගේ පක්ෂයකි.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 66 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 349 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1151 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 598 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1610 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site