(නිමන්ති රණසිංහ)
බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හෙට (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
යූ ටියුබ් අන්තර්ජාල චැනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා බුදු දහමට අගෞරවයක් වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමකට අදාළව ලැබුණු පැමිණීල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෙට (22) පෙරවරු 9.30ට පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසට හිටපු මන්ත්‍රී රන්ජන් රමනායක මහතා වෙත එලෙස දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත මම පැමිණීල්ල කරනු ලැබ ඇත්තේ ස්වාමින් වහන්සේ නමක විසිනි.
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රන්ජන් රාමනායක හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි
Bodujanathaa puthruwanak. Thursday, 21 May 2020 01:35 PM
මෙම සිදුවීම නොසලකා සිටියා නම් තමයි වඩාත්ම හොඳ... රංජන් රාමනායක මහත්මා වෙනත් ආගමිකයකු නිසා ඔහුගේ දැනුම ගැන, විමසිය යුතු නැති බවයි මගේ හැඟීම... බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බ්‍රහ්ම දණ්ඩනය පමුණුවන්න කියලයි. පැමිණිල්ල කළ ස්වාමීන් වහන්සේගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ නම් වඩාත් යෝග්‍යයි.... තෙරුවන් සරණයි...!!!
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 02:18 PM
රන්ජන් බුදු දහමට අපහාස කළාද? නොකළාද? යන්න අධිකරණය තීන්දු කරාවි. අපට තියෙන්නේ මේ දේශපාලනයට සම්බන්ධ වී සිටින අය බුද්ධ චීවරය කිළිටි කරන එක ඉවසන්නට නොහැකි කමයි. රන්ජන් වගේ වගකීමක් නැතිව වැඩ කරන කෙනෙකුගෙන් වෙන හානියට වඩා හානියක් සමහර චීවරධාරීන් සිදුකරනවා. ඒවා වළක්වා ගන්නේ නැතිව එක එක්කෙනා පස්සේ යනවා. ඒ වගේම මේ උසාවි ගියෙත් කුමන හෝ දේශපාලනයට උදව්වට මිසක් බුදුදහමට තියෙන ආදරයකට නම් නොවන බවයි අපට නම් පේන්නේ... නියම බුද්ධ පුත්‍රයන් ශාසනයේ වැඩට උසාවි යන්නේ නැහැ. ඒවාට දහමේ නිසි පිළිතුරු තියෙනවා. අද සමහරුන් කරන්නේ දහම පිළිපැදීම නොවෙයි. දහම කර තියාගෙන යාමයි. අපේ බුදු හාමුදුරුවෝ තමන් වහන්සේට නින්දා අපහාස කළ අයට සුද්ධෝදන රජතුමාට කියලා දඬුවම් කළේ නැහැ. අද සමහර දෙනා තම දේශපාලන අරමුණු වලට දහම ගාවාගෙන ලාභ සත්කාර ලබනවා. කොයි පැත්තේ දේශපාලනයකට හෝ බුදු දහම පටලවා නොගත යුතුයි. ඒක මහා පාපයක්...
Don Thursday, 21 May 2020 05:13 PM
ඔබට ඕනෑම දෙයක් සමග සෙල්ලම් කළ හැකියි... නමුත් බුදුදහමත් එක්ක නොවේ...
Kumara Thursday, 21 May 2020 06:14 PM
මේ වගේ අය එළියට එවන්න එපා...
භද්‍රානි Thursday, 21 May 2020 11:26 PM
මෙච්චර හිරේ ගිහිල්ලත් ඇයි මේ පුද්ගලයාගේ වාචාලකම අඩුවෙන්නේ නැත්තේ? මම කතෝලික. මම අනිත් ආගම් විවේචනය කරන්නේ නෑ.
බිංකුන්ඩා Friday, 22 May 2020 12:05 AM
මහණුන් සැප සම්පත් විඳ රහත් වේ..., පොලීසිය ධර්මය රකියි.
Rata Perata Friday, 22 May 2020 06:32 AM
රන්ජන් කිව්ව සිද්ධිය ගැන පරීක්ෂණ කරලා ඒක ඇත්ත නම් කොහොමද අපහාසයක් වෙන්නේ? අපිට අන්තවාදී බුදුදහමක් ඕන නෑ. වැරදි කලානම් මහනායකට හරි දඬුවම් දෙන්න ඕනෑ. අනිත් එක දේශපාලන ලොකු ලොක්කෝ කීදෙනෙක් බොරුවට සංඝයා වහන්සේලාට අපහාස කරලා තියෙනවද? අපේ රටේ නිර්මල බුදුදහම තව බොහෝ කාලයක් පවතීවා...!!
BamunuarachchiSaturday, 23 May 2020 02:37 AM
බුද්ධාගම අදහන මිනිස්සු අන්තවාදී වෙනවා නම් කොපමන හොඳයිද? එහෙනම් සියලු දෙනාම පන්සිල් පද 5 රකීවි. එහෙනම් නියම බෞද්ධයින් ලෙස ජීවත් වේවි... හැබැයි එතකොට අන්‍ය ආගමිකයාට මෙරට අන්‍ය ආගමික රටක් කරගන්න බොහොම ලෙහෙසියෙන් පුළුවන්. ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්තානය, ඉරානය වගේ රටවලට වුණු සන්තෑසිය... සිංහල බෞද්ධයා තම ජාතිය, ආගම රැකගැනීම සමහර ගොබ්බයින්ට පෙනෙන්නේ ජාතිවාදය හැටියට... එහෙමනම් අවුරුදු 2600ක් මේ සිංහල රටේ ඉඳලා තිබෙන්නේ ජාතිවාදීන්...