(අජිත්ලාල් ශාන්තඋදය)
කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුලු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා පහත් බිම් රැසක් අද (16) වනවිට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කලුගඟේ ජල මට්ටම අද අලූයම 04.30 වන විට අඩි 17 මට්මට ඉක්මගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත් අද උදෑසන 06.30 වනවිට අඟල් තුනකින් පමණ ජල මට්ටම අඩුවී තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කලූගගේ ජල මට්ටම මේ වනවිට පවතින්නේද අවදානම් මට්ටම වූ මීටර් 05 ඉක්මවා නිසා ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තුව සිටින්නැයි මහජනතාවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කුරු ගඟේ ජලමට්ටම ද සීග‍්‍ර ලෙස ඉහළගොස් ඇති අතර කුරුවිට පාතගම, කුරුවිට කදන්ගොඩ හරහා තෙප්පනාව පාර ස්ථාන ගණනාවකින් ජලයෙන් යටවී ඇත. එම මාර්ගවල වාහන ගමනාගමනය ද ඇණහිට ඇත.
මේ අතර ගොඩනැගිලි හා පර්යේෂණායතනය නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න, ගොඩකවෙල සහ වැලිගෙපොල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල නාය යාමේ අවදානමක් පවතින බවයි.
ඒ නිසා පොලොවේ ඉරි තැලීම්, ගිලා බැසීම්, ගස්, විදුලිකණු, දුරකතන කණු ආදිය ඇලවේනම්, ගොඩනැගිලි බිත්ති වල සහ ගෙබිම්වල පුපුරායාම් ඇත්නම් මෙන්ම එකවර ජල උල්පත් ඇතිවේනම්, තියන ජල උල්පත් වලින් බොර වතුර මතුවේනම් හැකි ඉක්මනින් ආරක්‍ෂක ස්ථාන කරා යන ලෙසද එම නිවේදනයේන් පෙන්වා දෙයි.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රත්නපුර ප‍්‍රධාන ගංඟා වල ජල මට්ටම ඉහළට
නන්දලාල් Saturday, 16 May 2020 01:04 PM
සිංහල අවුරුද්ද පසුවී දවස් 45 කින් රත්නපුරට සුළු හෝ ගං වතුරක් එනවා කියා කථාවක් ජනතාව කියනවා. එය මෙවරත් ඇතිවෙන්න පුළුවනි