IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්

(ඩී ජී සුගතපාල)
 
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 13 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා නියෝග කළේය.
 
නඩුව කැඳවූ අවස්ථාවේ පළමු සැකකාර පොලිස් පරීක්ෂකවරයා පමණක් විත්තිකූඩුවට නංවා තිබුණු අතර දෙවැනි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව රහස් පොලිසිය දැනුම් දුන්නේය. අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතීඥවරුන් කරුණු දක්වමින් පොලිසියේ දෙදෙනාගේම ඡායාරූප මාධ්‍යවල පළවී ඇති බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නැතැයි කීවේය.
 
කෙසේ වෙතත් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට පැමිණිල්ල පැය භාගයකට කල් තැබිණි. හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී උප පොලිස් පරීක්ෂකවරයා හඳුනා ගැනීමට සාක්කිකරුවෝ අපහොසත්වූහ. යළිත් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාම විත්තිකූඩුවේ සිටිමින් පෙනී සිටියහ.
 
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ජීවතුන් අතර සිටින්නේද එසේත් නැතිනම් මරාදමා ඇත්ද යන්න ගැන හරි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය බව අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු පැවසූහ. 
 
ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුළුස්සා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඔවුන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකය යැවීමට නියෝග කරන්නැයි රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. අදාළ කොටස් මේ වන විට ඇත්තේ කොහේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අතර ඒවා මාතර අධිකරණ වෛද්‍යවරයා භාරයේ ඇති බව රහස් පොලිසිය දැනුම් දුන්නේය. අදාල කොටස් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකු බූස්ස බන්ධනාගාරයේත්, අනිත් සැකකරු කළුතර බන්ධනාගාරයේත් රඳවා තබන බව බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (1)

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්

de silva Wednesday, 27 February 2019 09:13 AM

හරිනම් ඔය පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ගිය ඉතුරු 11 දෙනා සහ ඔය අංශය භාරව සිටි ප්‍රධාන පොලිස් පරික්සකත් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනේ , මුළු යුනිට් එකේම ඉන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකත් ඇතුළුව 25 දෙනා නම් එදා සේවයට වර්තකලේ 15 දෙනෙක් නම් ඉන් 13 රාජකාරි ස්ථානයෙන් බැහැරව මේවගේ සැක කරුවෝ 2 අත්අඩංගුවට ගන්න යනවා නම් ඔහු මේ ගැන නොදැනුවත්ව ඉන්න බැහැ , මොහු මුල සිටම මේ සිධිය ගැන දැනගෙන ඉඳල තියනවා , උසස් නිලධාරීන්ට මේ ගැන දැන්වීම මොහුගේ වගකීමක් ,

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 59 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 476 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 170 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 731 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 805 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 574 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 276 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1510 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site