IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට ඇප : විදෙස් ගමන් තහනම්

(ඩී.ජී.සුගතපාල)

රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ   සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් දාහත් දෙනා ඉදිරිපත් කර තිබු ඇප අයදුම් පත් සළකා බැලු දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .පි.එස්. නිස්සංක මහතා අද (30)එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරීර ඇප දෙකක් ඇතුලු දැඩි ඇප කොන්දේසි නියම කළේය.
 
සැම මසකම අවසන් ඉරුදින පෙරවරුවේ කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනි මැරුම් අංශයේ වාර්තා කරන ලෙසටත් සෑම නඩු වාරයකදිම එක් ඇපකරුවෙකු අධිකරණයේ පෙනි සිටින ලෙසටත් නියමකල මහාධිකරණ විනිසුරුවරයා සැකකාර පොලිස් නිලධාරින් නැවත සේවයෙහි පිහිටුවන්නේ නම් රත්ගම ,අක්මිමණ සහ වලස්මුල්ල යන පොලිස් ස්ථානවලට පත් නොකලයුතු බවටත් නියම කොට  සැකකරුවන්ගේ විදෙස් ගමන්ද තහනම් කලේය.
 
මෙසේ ඇප නියම කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන්  දාහත් දෙනාට වෙති.

රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා පසුගිය වසරේ ජනවාරි 23වනදින  පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වසරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබින.



අදහස් (1)

රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට ඇප : විදෙස් ගමන් තහනම්

banda Monday, 30 March 2020 11:59 AM

කොරෝන අස්සේ ඔක්කොම එලියට දානවා නේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 15 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 116 0

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 18 92 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 207 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 21 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 256 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1469 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site