IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රටේ ත්‍රස්ත අවදානමක් ඇති බවට ගෙන යන ප්‍රචාරය බොරුවක්

රටේ යළිත් ත්‍රස්ත අවදානමක් මතුව ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දැනට රට තුළ කිසිදු ආකාරයක ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බවට ආරක්ෂක අංශ විසින් අවධාරණය කර ඇතැයි  ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් මා විසින් 2019 අප්‍රේල් 23 වන දින නිකුත් කරන ලද PS/SP/SB/C/14/2019 දරන චක්‍රලේඛය සහ ඉන් අනතුරුව වරින්වර එකී ආයතනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව කරන ලද සාමාන්‍ය සිහි කැඳවීම් සහ උපදෙස් අඩංගු ලිපි හා චක්‍රලේඛ වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් පවතින බවට අර්ථනිරූපනය කරමින් සහ අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයේ ලිපි නිකුත් කර ඇති බවට මා වෙත කරුණු වාර්තා වී තිබේ.

දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කරන අතර මෙම අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස දැනුම් දෙමි.

රාජ්‍ය ආයතන, ජාතික වැදගත්කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගෙන තිබේ.

එබැවින් හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් උද්ගත වී ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.

055



අදහස් (14)

රටේ ත්‍රස්ත අවදානමක් ඇති බවට ගෙන යන ප්‍රචාරය බොරුවක්

Chanak los angeles Tuesday, 22 October 2019 07:43 PM

සාටකයන්ගේ අසාර්ථක 5 ස් වන උත්සාහය ...සාටකයන් චන්දයෙන් පැරදිලා නොවැම්බර් 17 උදේ මැදමුලනේ ජනේලයේ වවුලෝ වගේ එල්ලිලා බලාගෙන ඉන්න හැටි මට මැවිලා පෙනෙනවා .

:       1977       2104

DilanWednesday, 23 October 2019 02:57 AM

ත්‍රස්ත තර්ජනයක් ලංකාවේ තිබුනෙම නෑ නේද? මට නම් මැවිල පේන්නේ ආර්යාව භාර්යාව වෙන හැටි. මොකද චන්දෙ දාන්නෙ ලංකාවේ මිනිස්සු.

:       228       225

samWednesday, 23 October 2019 03:41 AM

චානක කරුණාකර ඔබේ පුද්ගලික අදහස් වෙනම ප්‍රකාශ කරන්න. මේ වගේ වෙබ් අඩවිවල පාඨකයාට කියවිය හැකි වැදගත් දෙයක් දමන්න. නොඑසේනම් ඔබ හිස් කලයකි.

:       97       86

SuranimalaWednesday, 23 October 2019 06:24 AM

අපිට නම් පොහොට්ටුවේ ත්‍රස්ත අවදානමක් මිසක් වෙන අවදානමක් දැන් රටේ පේන්න නැහැ.

:       2       34

වසන්ත Tuesday, 22 October 2019 11:32 PM

සීරිසේන මහත්තය රට ගිය නිසා මිනිස්සුනට බය හිතෙන්න ඇති ...

:       0       84

රවින් Wednesday, 23 October 2019 12:21 AM

මේ දවස්වල ලොකුම ත්‍රස්තවාදියා ලංකාවේ නැතිලු නේද?

:       1       16

Amila Wednesday, 23 October 2019 02:17 AM

ඇමරිකානු බලල් අතක් වන එක්සත් අරාබි එමිර් රාජ්‍ය කියලා තියෙනවා අපේ රටට යන්න එපා කියලා.. ඇමරිකානු රූකඩය දිනවන්න ආයෙත් රටේ සිද්ධියක් ඇතිකරන්න උත්සහ කරනවාද කියලා සොයා බැලියයුතුයි..

:       73       84

Rasi Wednesday, 23 October 2019 02:54 AM

දැන් ගිය පාරත් ඕක කියන කොට එහෙම නැහැ කිය කිය ඉදල අන්තිමට පුපුරනකන් දන්නේ නැහැ. අහිංසක මිනිස්සු මැරිලා ගියා. ඊට පස්සේ ඇවිල්ල, ගෝටා සහරාන්ට පඩි ගෙව්වා කියල ඇග බේරාගෙන වැඩේ යටගහල සුදනෝ වෙන්න හදනවා. මුන් එලවල මදි. මුහුදෙනුත් එහා පැත්තට දාන්න ඕන.

:       559       734

janaka Wednesday, 23 October 2019 04:16 AM

රටේ ආරක්ෂාව ගැන කතා කරන්න ඕන ජනාදිපති ලේකම් නෙමෙයි. ආරක්ෂක ලේකම්යි ඇතුළු ආරක්ෂක ප්‍රධානින්. මුන් වලිගෙ පාගගත්ත කාලකන්නි.

:       1       68

amila Wednesday, 23 October 2019 04:50 AM

කලිනුත් උනේ ඔහොම තමයි. පස්සේ කියනවා ගහයි කියුවට මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කියල.

:       1       675

kapWednesday, 23 October 2019 05:39 AM

මේ පාර බය වෙන්න එපා. බෝම්බ කරය උස් මහත් කරපු කෙනා තමයි ජනාදිපති වෙන්න ඉල්ලන්නේ

:       617       606

krishantha Wednesday, 23 October 2019 08:08 AM

මේවා ගොන් කතා වගේ පෙනුනාට මේවත් විශ්වාස කරන පාක්ෂිකයෝ කොටසක් ඉන්නවා. එයාලට නියම ජනාධිපති අපේක්ෂකයෙකුත් ඉන්නවා. මෙයාලට රට ගියොත් තමා වැඩේ. ඉන්න හිතෙන රටක්.

:       0       1

de silva Wednesday, 23 October 2019 08:49 AM

ජනාධිපති කාර්යාලය ඔහොම කියයි. නමුත් ප්‍රහාරයක් වැදුනම මැරෙන්නේ අසරණ මිනිස්සු. නඩු වැටිලා හිරේ යන්න වෙන්නේ පොලිස්පතිට, ආරක්ෂක ලේකම්ට. ඔය දේශපාලකයෝ කියන ඒවා විශ්වාස නොකර ආරක්ෂාව තර කර තම රක්ෂාව අකුරටම කරන එක නිලධාරීන්ගේ ඇඟට ගුණයි.

:       0       2

de silva Thursday, 24 October 2019 08:20 AM

දැන් සිරිසේන මහත්මය රට ආරක්ෂා කරන නිසා අපි බය සැක නැතුව ඉන්නවා. එතුමා ජපානෙට ගිය නිසා මම ඉන්නේ හරිම බයෙන්. එතුමා විශ්‍රාම ගියහම රට ආරක්ෂා කරන්නේ කවුද ? විශ්‍රාම ගියහම ලිස්ට් එකෙන් හරි එතුමාව නැවත පාර්ලිමේන්තු ගෙන්වල ආරක්ෂක ඇමතිකම එතුමාට දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 0 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1392 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 433 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 518 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 395 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site