IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘රට ආදරය කරන ආණ්ඩුවක් හදන්න පුළුල් ජනමතයක් ගොඩනඟනවා’

(හසිත රංග ගුණතිලක)

රටට ආදරේ කරන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම සඳහා රටේ පුළුල් ජනමතයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (2) පැවසූහ.

අලුතින් බිහිකරනු ලබන ආණ්ඩුවෙන් ෂරියා නීති ප්‍රචාරය සඳහා යොදා ගනු ලබන බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අනිවාර්යෙන්ම රජයට පවරා ගන්නා බවද රතන හිමියෝ කීහ.

රාජගිරිය පිහිටි සඳහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ අද (2) පැවති මාධ්‍ය හමුවක් දී අතුරලියේ රතන හිමියෝ මේ බව සඳහන් කළහ.

වත්මන් ආණ්ඩුව වද පීදුණු ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුවේ ආයු කාලය තවත් මාස තුනකින් අවසන් වන බවත් රතන හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර

 



අදහස් (49)

‘රට ආදරය කරන ආණ්ඩුවක් හදන්න පුළුල් ජනමතයක් ගොඩනඟනවා’

සමන් Friday, 02 August 2019 08:19 AM

අපි ඔබවහන්සේ සහ කාදිනල්තුමා සමගයි...

:       1063       286

sirimal Friday, 02 August 2019 08:30 AM

සේරටම කලින් ඇත්තටම මහණ දම් පුරන්න අදහසක් එහෙම නැද්ද අපේ හාමුදුරුවනේ?

:       340       519

lankasriFriday, 02 August 2019 10:49 AM

මහන දම් පුරන්නටත් රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. රටත්, සිංහල බෞධයත්, උතුම් දන්ත ධාතුන් වහන්සේත් දිවි හිමියෙන් ආරක්ෂා කර සුරැකීම සංඝයා වහන්සේලට පැවරුණු රාජකාරියක් වේ. රට කරවන රජුත් මෙයට යටත්ව ප්‍රතිඥා දී රජකම් කරයි. අද සමාජය කෙතරම් පිරිහී ඇත්ද කියනවා නම් මෙවැනි වටිනා දේ නොදනී. අපේ රතන හාමුදුරුවන්ට ජයවේවා!

:       514       250

sirimalFriday, 02 August 2019 12:07 PM

හාමුදුරුවරු විදේශ තානාපති කාර්යාලවල "කොක්ටේල්" පාටිවලට යන තරමටම රට පහත් තත්වයට වැටිලා නේද මහත්තයෝ...? එහෙම කරලා කොහොමද? "රටත්, සිංහල බෞද්ධයත්, උතුම් දන්ත ධාතුන් වහන්සේත් දිවි හිමියෙන් ආරක්ෂා කරගන්නේ " මහත්තයෝ?

:       78       221

Ajith NissankaFriday, 02 August 2019 05:21 PM

සියලු ආසාවල් අතහැර මහන දම් පුරන්නට යන පැවිදි උතුමන්ලාට රටක් තියා කිසිම දෙයක් ගැන හිතන්න ඕනේ නැහැ..! ඒක එහෙම වෙන්නේ නැති නිසානේ මේ උන්නාන්සේලා තමන්ගේ පාර්ලිමේතු ආසනේ රැකගන්න එක එක උප්පරවැට්ටි කාලෙන් කාලෙට ගෙන එන්නේ..!

:       0       28

Chanak los angelesFriday, 02 August 2019 08:26 PM

රට හෙට මුහුදට යටවුණොත් මොකද වෙන්නේ? මොකද වතුර හින්දලා බේරාගන්නද?

:       0       0

lankasriSaturday, 03 August 2019 02:05 AM

මෙතන කතා කරන්නේ කොක්ටේල් පාටි වලට යන චීවරධාරීන් ගැන නොවේ. සිල්වත් හාමුදුරුවරු ගැනයි. බුදුන් ලඟට කොතරම් ප්‍රශ්න විසඳලා දෙන්න කියා කී දහසක් දෙනා පැමිණියේද? රජවරු, සංඝයාවහන්සේලා, මහජනයා... මෙකී නොකී සැමදෙනා. බුදුරදුන් මම නිවන් මග පමණයි කියන්නේ කියා අහක බලා නොසිට ඒ සියලු ප්‍රශ්න විසඳූසේක. ඒ අයුරින් සිල්වත් භික්ෂුවක් තරම් රටේ ප්‍රශ්න විසදන්න දන්න කෙනෙක් නැතිතරම්... මන්දයත් උන්වහන්සේලා ත්‍රිපිටකයට අනුව පරම සත්‍යය පහදා දෙන බැවිනි. එදා සිට දසරාජ ධර්මයන්ට අනුව රජකම් කිරීමට රජුට අවවාද අනුශාසනා දෙන්නේද අපේ බෞද්ධ සංඝයා වහන්සේලායි. අපේ රටේ දැනට සිටින සහ සිටි සමහර නායකයින් අධ්‍යාත්මික අතින් ඉතා පිරිහීමකට පත්ව ඇත. මෙය වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇත.

:       0       0

MDSaturday, 03 August 2019 03:24 AM

මහණදම් පුරන්න කියපු කතාව ඔයා බෞද්ධයෙක් වශයෙන් කිව්වා නම් ඔයත්, රංජන් අතරත් වෙනසක් නැහැ කියලයි මගේ මතය. ආගමකට, දහමකට සම්බන්ධ අයට යමක් ප්‍රකාශ කරන කොට ඒක සංවරව කිව්වොත් සිරිමල් අපට මලක් වගේ පෙනෙයි..

:       0       0

Ajith NissahkaSaturday, 03 August 2019 03:04 PM

බුදුන්ගේ මගයමින් මහණදම් පුරන්න කියලා එන ස්වාමීන්වහන්සේලා රට කාපු දේශපාලුවන්ගේ මගයමින් ජනතාවට කොකා පෙන්වන කොට දෙසැරයක් හිතන්න ඕනෑ නැහැ..!

:       0       0

Mahee Friday, 02 August 2019 08:37 AM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ හිතන ඔය කියන රටට ආදරය කරන අයත් කිල්ලෝටවල හුණු ටිකක් නෙමෙයි කප්පරක් ගානේ තියාගෙන ඉන්න අය... අනික අපේ ඡන්ද ටික නැතුව කාටවත් කරන්න පුළුවන් කජ්ජක් නැහැ කියලා කෙනෙක් කිව්වොත් බොරුවට නෙමෙයි. ඒ ගොල්ලත් දන්නවා තමන් සතු ඒ වටිනා ඡන්ද ටික වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන නායකයන් තමයි අපේ පැත්තේ ඉන්නේ කියලා. ඒ හින්දා ඔය පරණ සැට් එක එලවලා දාලා නාගානන්ද වගේ කෙනෙකුව ගේන්න බලන්න.

:       461       488

Hafeel Friday, 02 August 2019 08:49 AM

2004 දී පාර්ලිමේන්තුවට ආවේ ධර්ම රාජ්‍යයක් බිහි කරනවා කියලා. 2015දී ආවේ යහපාලනයක් බිහි කරනවා කියලා. ධර්ම රාජ්‍යයත් නැහැ, යහපාලනයත් පේන්න නැහැ. දැන් අලුත් මාතෘකාවකින් රටට ආදරේ කරන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියලා...

:       0       226

BishanFriday, 02 August 2019 12:21 PM

මේ ඔක්කොම වාසියට වැඩ කරන්නේ...

:       0       14

BamunuarachchiSaturday, 03 August 2019 01:28 AM

හලෝ, යහපාලනය කරන්න ආවේ මේ හාමුදුරුවෝ විතරද? සිරිසේන, රනිල් සහ සිරි ලංකා එජාප දේශපාලකයෝ පාර්ලිමේන්තුවට ආවේ මොනවා කරන්නද? යහපාලනය කෙරෙන්නේ නැතිනම් ඔවුන් ඊට විරුද්ධව නැගී සිටියාද, ඉවත් වුණාද? රටේ තිබෙන වැදගත්ම අමාත්‍යාංශ හම්බයින්ට දීලා බලය රැකගන්න තරමට මේ ආණ්ඩුව බංකොලොත් බව පෙනෙන්නේ නැද්ද?

:       348       0

Janahitha Friday, 02 August 2019 08:52 AM

අනේ අපේ හාමුදුරුවනේ, දානේ වලඳනවනේ... 2015 මහින්ද පෙරලුවනේ... දැන් මක්කැයි අපිට කියන්නේ.

:       15       110

FzFriday, 02 August 2019 09:41 AM

දැන් රාජපක්ෂ හොඳයි වගේ...

:       0       70

BamunuarachchiSaturday, 03 August 2019 05:09 PM

හලෝ හොඳ හා නරක, ඒ ගැන කතා කරන පුද්ගලයාට, සසඳන අනික් දේට සාපේක්ෂව වෙනස් වෙනවා. එම නිසා මහින්ද අනිවාර්යයෙන්ම රනිල්ට සාපේක්ෂව වඩා හොඳයි. ඒ ගැන තර්ක විතර්ක නැහැ. ඒ නිසානේ පැරදුණු මහින්ද බලන්න මිනිස්සු කාල්ටන් ගෙදරට ගියේ.. පැරදුණු රනිල්ට මිනිස්සු ගල්ගහන්න සූදානම් වුණා. දැක්කද හලෝ වෙනස?

:       0       0

Amila Friday, 02 August 2019 08:58 AM

මෙයා ළඟ හිටපු අර මත්පෙති හාදයාගෙන් මොනවා හරි ඉල්ලන් බීලා වගේ. එක්කෝ ව්‍යාපාරයේ සැබෑ අයිතිකරු කවුද කියලා ඔප්පු වුණාවත්ද? මොකද කරොත් කරන්නේ පිස්සු වැඩමයි...

:       48       94

JCN Friday, 02 August 2019 09:04 AM

කරන බම්බුවක් සිවුරු ඇරලා කරන්න බැරිද? ශාසනේට නිගානොකර...

:       173       290

BamunuarachchiSaturday, 03 August 2019 12:53 AM

හලෝ සිවුරේ ඉඳන් කෙරුවාම තිබෙන ප්‍රශ්නය මොකක්ද? මේ රටට මෙහෙයක් කරපු ස්වාමීන්වහන්සේලා ඒ මෙහෙය කලේ සිවුර දාගෙන. රටට වැඩක් කරන පුද්ගලයෙකුට සොල්දාදුවෙකුට පලිහක් වගේ...

:       207       0

BamunuarachchiSaturday, 03 August 2019 12:57 AM

තුම්සේලාට බුර්කාව, නිකාබය ගලවන්න කියන්න තරම් ශක්තියක් නැහැනේද?

:       151       0

තරස්තයාSunday, 04 August 2019 02:15 AM

වහල් බවෙන් නිදහස් වෙන්න. ජනතාවට අවශ්‍ය වැදගත් සමාජයක්... කොල්ලකන සමාජයක් නෙමේ. දැනට අවංක කෙනෙක් පේනතෙක් මානෙකවත් නැත..

:       0       20

තරස්තයාSunday, 04 August 2019 02:31 AM

හලෝ, තමුන්ද බුරුකාව ගලවන්නේ? එහෙමත් නැතිනම් ගැලෙව්වේ... මං මේ ටෙලිෆෝන් එකෙන් කතා කරන්නේ...

:       0       25

SUNIL MILANO Friday, 02 August 2019 09:07 AM

සිරිමල් විනාශයට යන තමන්ගේ මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැපවීමත්, අජාමර නිවන් සම්පත්තිය ලැබෙන පුණ්‍යකර්මයක්. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. බුදුසරණයි. අපේ මාතෘභූමියට...

:       20       142

sirimalFriday, 02 August 2019 10:37 AM

ඒ ගමන්ම විදේශ තානාපති කාර්යාලවල " කොක්ටේල්" පාර්ටිවලට වැඩම කරවන එකත් අජරාමර නිවන් සම්පත්තිය ඉක්මන් කර ගැනීමට උදව්වෙන කරුණක්ද අපේ මහත්තයෝ? මම දැක්කා මෙවැනි දෙයක් ගැන පලවුණු වාර්තාවක මෙහෙම තියෙනවා "කොක්ටේල් සාදවලට කිසිවකු තුන් සූත්‍රය දේශනා කිරීම සඳහා හෝ මළගිය ඥාතීන්ට පින් පැමිණවීම සඳහා හෝ නොකැඳවන අතර ඊට සහභාගී වන අය එන්නේම නොමිලයේ ලැබෙන මත්පැන් පානය කර පදම් වෙන්නටයි. බෞද්ධ භික්ෂුවක් එම සාදයට සහභාගී වී සිටිනු දුටු කිහිප දෙනෙකුම තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් මේ පාර්ටියට බෞද්ධ භික්ෂුවක් කැඳවූයේ මන්ද කියා විමසා තිබුණි. එම විමසීමට ඔවුන් හිනැහෙමින් පිළිතුරු දී තිබුණේ කහපාට ඇඳුමක් හැඳගත් පමණින් සියල්ලන්ම බෞද්ධ භික්ෂූන් නොවන බවයි."

:       103       253

kamal Friday, 02 August 2019 09:29 AM

හැමෝම රට ආදරය කරන අය තමයි. මොකද මෙහෙම හම්බකරගෙන කන්න හොඳ වෙන රටක් තියෙනවද?

:       0       3

අනුර Friday, 02 August 2019 09:42 AM

2015 ඔයිට වඩා ගොඩක් දේ කිව්වා. නිකං බයිලා කියන්නේ නැතුව ඉන්න හාමුදුරුවනේ...

:       78       161

BamunuarachchiSaturday, 03 August 2019 04:58 PM

තුම්සේලගෙයි, අපෙයි අතර වෙනස ඕකයි හලෝ.. අපි සතුටු වුනේ නන්දා මාලනීගේ මේ සිංහල අපගේ රටයි කියන ගීතය අහලා තුම්සේලා චූන් වුනේ නිදහස් දින රනිල්ගේ ආණ්ඩුව ප්‍රචාරය කරපු ආජුතපර ලායිලා බයිලා එක අහලා. ඉතින් හලෝ හම්බයින් සමග සැතපෙන්න හදන ඔබලාව අවදිකරන්න හදන ස්වාමීන්වහන්සේව පෙනෙන්නේ බයිලා කාරයෙක් හැටියට නම්. අපිත් තුම්සේලා එක්ක මේ රටේ ඉපදුනේ මොන කරුමෙකටද කියා සිතෙනවා.

:       219       0

Buddika Friday, 02 August 2019 09:49 AM

බෞද්ධයන් ලෙස අපි කම්පා වෙනවා මේ හිමිනමගේ හැසිරීම ගැන.. තමන් පැවිදි වුණේ කුමටද යන්න දන්නවද? වගකීම දන්නවද? මොන දේශපාලකයා පස්සේ ගියත් කමක් නැහැ. කරුණාකරලා චීවරයට ගරු කරන්න. මෙලෙස කියන්න බෞද්ධයින්ට අයිතියක් තියෙනවා.

:       57       145

කමල් Friday, 02 August 2019 09:53 AM

යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, (කුමාරකථා කුමාරිකථා) ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, නානාත්‍වකථා, ලෝකාඛ්‍යායිකාකථා, සමුද්‍රාඛ්‍යායිකථා, ඉතිභවාභවකථා යන මෙ බඳු වූ තිරශ්වීන කථාවන්හි යෙදී වෙසෙත්ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

:       0       13

Gayantha Friday, 02 August 2019 09:55 AM

හාමුදුරුවනේ, තමන්ට කන්න දුන්නු අත හපාකන අය ගැන අපේ සිංහල ජන ව්‍යවහාරයේ නමක් කියනවා. ඒ නිසා රට හදන්න කලින් තමන් හැදියාවක් සහිත භික්ෂුවකගේ කාර්ය කළොත් හොඳයි කියලයි හිතෙන්නේ... මිනිස්සු මුල කරන්න එපා. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. අපේ බුදුන් වදාළ නියම බුද්ධ ධර්මය අනුව හැසිරෙන්න. බුදුන්ටත්, ශාසනයත් නිගා නොකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

:       81       196

කළණ Friday, 02 August 2019 10:10 AM

දැන් නිකන් බොරුවට බණ දේශනා කරන්න එපා. ඔබ වහන්සේලාත් මේ දේවල්වලට වගකියන්න ඕනේ. උපවාසත් කරලා ආයෙත් ඇමතිකම් ටික ලස්සනට දුන්නේ...

:       0       27

nandana Friday, 02 August 2019 10:21 AM

අද මිනිසුන් දේශපාලනය කරන්නේ රටට ආදරය නිසා නොව, අද කෙනෙක් දේශපාලනයට එළි බසින්නේ රැකියාවක් සොයා ගැනීමට හෝ වෙනයම් පුද්ගලික වාසියක් ලබා ගැනීමේ අරමුණිනි...

:       0       5

kamal Friday, 02 August 2019 10:24 AM

"විනාශයට යන තමන්ගේ මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැපවීමත්, අජාමර නිවන් සම්පත්තිය ලැබෙන පුණ්‍යකර්මයක්." මොන සූත්‍රෙය්ද බුදුරජාණන් වහන්සේ එහෙම වදාලේ?

:       35       78

ranga Friday, 02 August 2019 10:28 AM

2015දීත් කිව්වේ ඕකනේ කෝ කළාද?

:       0       16

ලුම්බිණි Friday, 02 August 2019 10:32 AM

අපේ හාමුදුරුවනේ, සිවුරට අපහාස නොකර කරන දේශපාලනයක් සිවුරෙන් පිට ගිහින් කරා නම් නේද හොඳ? නැත්නම් අපිට වඳින්න වෙන්නේ සිල්වත් හාමුදුරු කෙනෙකුට නොවෙයි...

:       19       139

රවින් Friday, 02 August 2019 10:45 AM

අපි දන්නා තරමින් නම් මහන දම් පුරන්නේ සසර කෙටි කරගන්නයි. ලෞකික සැප ගැන කලකිරිලයි. මේ හදන්නේ මොනවා කරන්නද?

:       0       80

samansi Friday, 02 August 2019 12:18 PM

පැලෝපීය නාලයක් අප්සට් වෙලාද මන්දා ළඟකදී ඉඳලා. එ්කයි මෙහෙම කියවන්නේ..!

:       113       263

karunadasa perera Friday, 02 August 2019 12:35 PM

අපවත් වෙනකම්ම ආණ්ඩු හදයි. පව් අර දානේදෙන උපාසක අම්මලාට කිසිම ආගමික සහයක් නැහැ. මේක නම් බුදුදහමේ ඉගැන්වීම වෙන්නම බැහැ.

:       0       22

BamunuarachchiSaturday, 03 August 2019 12:40 AM

මේ ස්වාමීන් වහන්සේට එන ජාතික හැඟීම්වලින් බිඳක්වත් එනවා නම් ඔහොම කියන්නේ නැත. ඔබලා හැම අවස්ථාවකම හිතන්නේ මුසල්මානුවන් සමග එකතුවෙන්න.

:       129       0

rohana Friday, 02 August 2019 04:35 PM

මෙතන JCN විතරයි යමක් දාල තියෙන්නේ...

:       0       1

Chanak los angeles Friday, 02 August 2019 09:37 PM

භික්ෂුවකගේ අරමුණ විය යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කමටහන් වඩා නිවන අවබෝධ කරගෙන දුකටපත් සත්වයාටද ආර්ය සත්‍ය අවබෝධ කරදී ඔවුන්ව පිරිනිවන් කරා යොමුකරවීමයි. මේ කරන්නේ ලෝකය සමග ගැටි ගැටී පැවැත්ම සාදමින් අන් සත්වයාත් අවිද්‍යාවේ ගිල්වන එකයි.

:       0       0

sunil perera Friday, 02 August 2019 09:57 PM

2015 ලස්සනට ලෝකේ බබලවමින් තිබුණු රට පුද්ගලික අමනාපකම් නිසා ඔබ සහ සෝභිත හිමි එකතුව විනාශ කළා.. දැන් නිකම් බොරුවට වීරයෙක් වෙලා දිනන පැත්තට මුක්කු ගහලා පොළවටම සමතලා කරලා තියෙන අපේ මව්බිමේ ජාතිවාද නොඅවුස්සා දේශපාලකයින්ට ඔවුන්ගේ සටකපටි වැඩ ටික කරගෙන ඔවුන්ට සතර අපා ගතවෙන්නට ඉඩ හරින්න. ඔබ චීවරයේ සහ සසුනේ නාමයෙන් දැන්වත් නිහඬව අපේ ශ්‍රී සත් ධර්මයට අවමන් නොකර මිනිසුන්ගේ සිත් දූෂ්‍ය නොකර කරගත් පව් වලින් සතර අපා දුකට නොවැටී බේරීමට සෝවාන් මගඵල පිණිස අප්‍රමාදී වන්න. මගේ මේ අදහස්වලට කිසිවෙක් අමනාප වී හෝ සත්‍ය ප්‍රකාශයට කරුණාකර කිසිවක් නොලියන්න..

:       0       0

Bamunuarachchi Saturday, 03 August 2019 12:33 AM

අපේ හාමුදුරුවනේ, මුසල්මානුවන් නොමැති රජයක් පිහිටුවා ගන්න සිංහලයා එකතුකර ගන්න ජනතා මතයක් ඇතිකරගන්න අපිත් උදව් වෙනවා. ඔබවහන්සේගේ අභිප්‍රාය ඉෂ්ටවේවා..!

:       205       44

Bamunuarachchi Saturday, 03 August 2019 01:09 AM

හලෝ ගොන්කම ලොවට කෑගහලා පෙන්වන්න එපා. මේ විදිහටවත් සිංහලයා අවදි කරන්නේ නැතිනම් ඔයාලාගේ ඔලුවට මුසල්මානුවන් පහරලා යාවි. සිංහලයාට ජාතික හැඟීම් දෙන්නේ බෞද්ධ භික්ෂුව පමණි. එය පාදඩ දේශපාලුවෙකුගෙන්, ක්‍රිස්තියානි පූජකයෙකුගෙන් හෝ උලමාවකුගෙන් ලැබෙන්නේ නැත. දැන් සිංහලයාට ජාතික හැඟීම් ලැබිය යුතු කාලයයි.

:       270       0

Saththaya Saturday, 03 August 2019 02:46 AM

කොසොල් රජතුමාගේ 11 වෙනි හීනය :- කොසොල් රජතුමා - ස්වාමීනි මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක්. මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මෝරු කලයකට හුවමාරු කරනවා. ස්වාමීනි ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට බුදුරජානන්වහන්සේ :- "රජතුමනි අනාගතයේදී මගේ ශාසනේ බොහෝ භික්ෂුන් වහන්සේලා ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෘන් වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවලට පාවාදීම තමයි මෙම හීනයේ තේරුම..

:       0       602

sandy123 Saturday, 03 August 2019 06:33 AM

කොහොම කොහොම හරි චීවරයට තියන ගෞරව ටිකෙන් ටික අපෙන් ඈත්වෙනවා. ලෞකික දේවල් වලට අාශා කරමින් මිනිසා (ගිහි/පැවිදි) පරිහානියට පත් වෙනවා. යතාර්ථය එයයි.

:       0       18

BamunuarachchiSaturday, 03 August 2019 05:16 PM

ඔව්,.. චීවරයෙන් ඈත්වුණාම රැවුල වවාගෙන තොප්පිය දාගත්තා වගේ තමයි. ඔබට ජාතික හැඟීම් දෙන්න කථා කියාවි. රට මුස්ලිම්කරණය වෙන්නේ මෙවන් සිංහලයින් නිසාය.

:       9       0

dilal Saturday, 03 August 2019 05:25 PM

හාමුදුරුවරුන්ගේ වැරදි පෙන්වනවාට සමහරු කැමති නැහැ. සමහරු හාමුදුරුවරු කියන කරන ඕන දෙයක් අනුමත කරනවා. සිල්වත් හාමුදුරුවරු දේශපාලනයට එන්නේ නැහැ. හාමුදුරුවරු ඔක්කොම නොවෙයි සමහර හාමුදුරුවරු කියනවා රට ආරක්ෂාකළා කියලා. අපි දන්නා පසුගිය 30අවුරුදු යුද්ධය දිහා බලන්න. කඩ කඩන සමහර තැන්වල චීවරධාරීන් ඉන්නවා... අපි මාධ්‍ය මගින් දැක්කා. මොකද වුනේ? යුද්ධය පැවැති ප්‍රදේශවල හාමුදුරුවරුනුත්, පන්සලුත් ආරක්ෂා කරගෙන දානය පවා දුන්නේ අපේ වීරෝධාර හමුදාවයි. අද පවා එම ප්‍රදේශවල හාමුදුරුවරුන්ගේ ඕනෑ එපාකම් සොයා බලා කටයුතු කරන්නේ අපේ හමුදාවයි. යුද්ධය පැවති ප්‍රදේශයක එක්තරා පන්සලකට සපයා තිබුණු ආරක්ෂාව ඉහළින් ලැබුණු නියෝගයක් නිසා ඉවත්කළා. දින ගන්නයි ගියේ. රටක් වටිනා නායක හමුදුරු කෙනෙක්ව කොටි ඝාතනය කළා...

:       0       0

Bamunuarachchi Sunday, 04 August 2019 09:15 AM

හම්බයින්, හිටු කියලා ඩිස්ලයික් දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 228 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 299 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 83 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1007 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 269 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 310 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site