IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රටවල් 14කට නම් කළ තානාපතිවරුන්ට අනුමැතිය

(තිළිණි ද සිල්වා) 
 
රටවල් 14 ක් සඳහා නම් කළ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ නාමයෝජනා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව එම කමිටුව විසින් අනුමත කරනු ලැබ ඇත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නම් කරන ලද වෘත්තීය රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් 14 දෙනකුගේ පත්වීම්ය.
 
ශ‍්‍රී ලංකා විදේශ සේවයේ පළමුවැනි ශ්‍රේණියට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනා මෙසේය.
 
1.    නිව්යෝක් නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ‐ කේ.ඞී. සෙනෙවිරත්න මහත්මිය 
2.    ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති ‐රොඩ්නි එම්. පෙරේරා මහතා
3.    බෙල්ජියමේ හා යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා තානාපතිනි ‐ගේ‍්‍රස් ආසිර්වාදම් මහත්මිය
4.    නෙදර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති සහ රසායනික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානය සඳහා වූ නිත්‍ය නියෝජිත ‐ඒ.එස්. නාකන්දල මහතා
5.    ඉන්දුනීසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිනි ‐වයි.කේ. ගුණසේකර මහත්මිය
6.    තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපතිනි ‐ජේ.ඒ.එස්.කේ. ජයසූරිය මහත්මිය
7.     බහරේනයේ ශ‍්‍රී ලංකා තානාපතිනි ‐ ප‍්‍රදීපා සේරම් මහත්මිය 
8.    පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපතිනි ‐ශෝබිනී ගුණසේකර මහත්මිය
9.     ඔස්ට‍්‍රියාවේ ශ‍්‍රී ලංකා තානාපතිනි සහ ජාත්‍යන්තර පරමාණු ශක්ති නියෝජිතායතනය සඳහා වූ නිත්‍ය නියෝජිත ‐සරෝජා සිරිසේන මහත්මිය
10.   ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති ‐  ඕ.එල්. අමීර්අජ්වාඞ් මහතා
11.   එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ‐එම්.ජේ.පී. ජයසිංහ මහතා
12.   ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති ‐ වරුණ විල්පාත මහතා
13.   සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ‐සෂිකලා පේ‍්‍රමවර්ධන මෙනෙවිය
14.   තුර්කියේ ශ‍්‍රී ලංකා තානාපති ‐රිස්වි හසන් මහතා, 
 
මෙම පත්වීම් සමඟ විදේශයන්හි පිහිටි ශ‍්‍රී ලංකා දූත මණ්ඩලවල ප‍්‍රධානී තනතුර දරන වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ ප‍්‍රතිශතය සියයට 36.57 සිට සියයට 46 දක්වා වැඩි වී තිබෙන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. ශ‍්‍රී ලංකාව විදේශයන්හි තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල 52 ක් පවත්වාගෙන යනු ලබයි.

 



අදහස් (9)

රටවල් 14කට නම් කළ තානාපතිවරුන්ට අනුමැතිය

Raveendra Monday, 01 April 2019 02:30 PM

අර ජිනීවා වල දැනට ඉන්න පෙරේතයා වගේ තමන්ගේ උපන් මව්බිම පාවාදෙන ලියකියවිලි අත්සන් කරලා බබා කතන්දර දාන එක ගැන මේ අලුත් හාදයින්ටත් කියලා දීලම යැව්වා නම් නේද හොඳ? මොකද මේ හාදයොත් "සිය පවුල්පිටින් එම රටවල සුරසැප විඳින්නේ.. " අහිංසක මිනිසුන්ගේ එකතු කරගත්ත බදුමුදල් වලින් නිසා. සමහරවිට දියවන්නා ඔයේ ගවයින්ගේ එක එක ගොට්ටෝ ඉන්නත් බැරි නැහැ... ඔය හාදයෝ ගොඩේ එතකොට ගවයින්ට ඕනෑවිදියට අපේ විදෙස් ප්‍රතිපත්තිත් වෙනස් වෙන්න පුළුවන්.... ඉහත සඳහා ජිනීවාවල ඉන්න බූරුවා ක්‍රියා කළාසේ....

:       113       146

MaheeMonday, 01 April 2019 10:43 PM

ඔබ කියන දේ ඇත්ත. නමුත් තවමත් අපට විශ්වාසයක් තියන්න පුළුවන් මේ කට්ටිය ඉතාම උග්‍ර තරඟ විභාගවලින් මේ තනතුරුවලට පත්වී අඩු ගන්නේ අවුරුදු පහලොවක්වත් අත්දැකීම ඇති අය නිසා ගොට්ටෝ නොවන බවට. තනිකරම ගොට්ටන් වෙනුවට වෘත්තීය තානාපතීන් පත්වීම ගැන ටිකක් හරි සතුටුවෙන්න පුළුවන්. හැබැයි ඉතින් ගොට්ටන්ගෙන් තොර ලංකාවක් නැත.

:       0       15

Hafeel Monday, 01 April 2019 02:49 PM

පුදුමයි පරාජිත බංගලොත් දේශපාලකයන් පත්කළේ නැත්තේ...

:       0       17

dilal Monday, 01 April 2019 03:17 PM

මෙතන දාහතරෙන් නවයක්ම කාන්තාවන්ය. හොඳයි මැතිවරණවලදීත් ඔහොම කරනවා නම්...

:       0       23

Chaminda Tuesday, 02 April 2019 01:21 AM

කවුද අර සිරිසේන කෙනෙක් ඉන්නේ.

:       0       19

sarath perth Tuesday, 02 April 2019 01:22 AM

කිසිම වැඩකට නැති බුරු වැඩ පමණක් කරන තානාපතින් ආපසු ගෙන්වනවානම් අගෙයි

:       0       12

Chanak Los angeles Tuesday, 02 April 2019 05:40 AM

තානාපති සේවයේ ඉඳලා තිබෙන්නේ රාජපක්ෂ රෙජීමයට සම්බන්ද ඉගෙන නොගත් නෑදෑයන් හා හිතවතුන්ය . ඔවුන් කර තිබෙන්නේ තානාපති සේවය නොවෙයි හොරාකන සේවයයි . පෙන්නේ නැද්ද කැලිෆෝර්නියාවේ අරගත් නිල නිවසින් ගහගෙන තිබෙන සල්ලි කුට්ටිය . ඔහු අද රතු වරෙන්තු කාලා මෙහාට වෙලා හැංගිලා ඉන්න සිද්ධවෙලා . අර ගල් බමුණා සුද්ද කරන්නේ මේ හොරුන්ව නේද ..

:       0       24

arschfikaa Tuesday, 02 April 2019 10:08 AM

සරත්-පෙරත්,මමත් ඔබේ අදහසට එකඟ වෙමි............ මේ නවදෙනා පිටරටවලට ගිහින් මොකක් කරාවිද? මොන භාෂාවෙන් කතා කොරිඩ දන්නෙත් නැහැ.මම උදාහරණයකට කියන්නම්,ගිය සතියේ මම බෙර්ලින්වල තියෙන ශ්‍රීලංකා එම්බස්ස්යට දුරකතනයෙන් අමතලා, අවශ්‍ය දෙයක් ගෙන එහුවාම, ඒ ගැන එයාට දන්නේ නැහැ කියලා, ඉතින් මේවගේ එවුන් මෙහෙ එවිල්ල ඉන්නේ පොල් ගාන්නටද?

:       0       0

nali Wednesday, 03 April 2019 06:16 PM

අවුරුදු 35 ක කාලයක් යුරෝපයේ බොහෝ රාජතාන්ත්‍රික පිරිස ගැන අත්දැකීම් නිසා මේ ගැන කතා කරන්නට මේ කොලම මදි. කෙටියෙන් කියමි. මේ අගය කල යුතු තරමක ප්‍රවණතාවයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 270 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2616 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 570 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1193 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 156 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 32 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site