(අජන්ත කුමාර අගලකඩ)
සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.
ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු , සියලුම පළාත් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ලිපියක් බැගින් දැනුම් දෙනු ලැබ ඇත.
මෙම තීරණය තමන් යටතේ ඇති ආයතනවල සියලු නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා ඊයේ (19) යවා ඇති ලිපියෙන් උපදෙස් දී තිබේ.
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි
Tharindu Perera Wednesday, 20 November 2019 04:40 PM
මල් වැඩ නම් ඇති තරම්. ඉස්සරහටත් මේ වැඩ මෙහෙම ම තියේවි ද? තිබුණොත් නම් නියමයි.
gamini Wednesday, 20 November 2019 04:51 PM
සුපිරි චරිතයක් ... රටේ පිනට පහල වෙලා...!!!
Nimal Wednesday, 20 November 2019 05:10 PM
ජනාධිපති තුමා රට හදන්න අවශ්‍යම තැනින් පටන් ගෙන තියෙනවා.
මෙත්සාර Wednesday, 20 November 2019 05:15 PM
ඉතාම අගය කල යුතු ක්‍රියාවක්. බඩුමිල අඩු කිරීම හෝ පඩි වැඩි කිරීම් නොව ජනතාව අපේක්ෂා කලේ මේ වෙනසයි.
samarapala Wednesday, 20 November 2019 05:22 PM
ඉතා වැදගත් තීරණයක්, කාටවත් නොපෙනුනාට වැඩිපුර මුදල් වියඳම් වුනු ක්‍රියාවක් මේක. මහජනතාවට මේක බරක්. දිනකට විශාල මුදලක් වියඳම් සඳහා මෙන් ම ගුවන් ටිකට්පත් වලට මහජන මුදල් වියඳම් වෙනවා. මේ චාරිකා සඳහා යන්නේ අදාල පුද්ගලයින් නොවේ. සාමාන්‍යයෙන් දින 5ක චාරිකාවක් සඳහා ගිය විට ඉහල නිලධාරියෙක් ලක්ෂ කිහිපයක් ඉතිරි කරගෙන එනවා. වියඳම් පියවීමක් නෑනේ. නිලධාරියෙකුට අවු 1කට වාර 2කට උපරිමය සීමා කරලා තිබුණා. නමුත් පහුගිය කාලයේ ඒවා කිසිවක් ගනන් ගත්තේ නෑ.
kapilaThursday, 21 November 2019 03:58 AM
අපිටනන් ඔයවගේ ලක්ෂ ගණන් ලැබුනේ නෑ. චිනේ මාස 4 ඉදලත් රුපියල් 80000 ලැබුනේ. ඒකටත් ඔක්කොම බිල් දුන්න.
සජිත් කුමාර Wednesday, 20 November 2019 05:43 PM
ගෝඨාභයට ඡන්දෙ දීපු රජයෙ සේවකයන්ට දැන් සතුටුද?
Raveendra Wednesday, 20 November 2019 08:28 PM
තාවකාලිකව හෝ මෙය නැවතීම නම් අගයන්නෙමු. අප නවතම මුල් පුරවැසියාට මෙසේ යෝජනා කිරීමට කැමැත්තෙමු. අප විස්වාස කරනවා මෙය ඔහු හෝ අඩු වශයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ කෙනෙකුගේ නෙත ගැටෙතයි කියා. කිසිදු රජයේ සේවයකු මහජන මුදලින් විදේශගත වන්නේ නම් ඔහු හෝ ඇය ගියේ කිනම් කාරණයක් සදහාද ? එම ගමනෙන් රට කිනම් සේවයක් ලැබුනේද ? කිනම් දැනුමක් එම නිලදාරියා ලබාගත්තේද ? මහජන මුදල් කොපමණ එම ගමන සදහා වැය වුනේද ? ඔහුගේ හෝ ඇයගේ ඥාතීන් ගියේ නම් ඒ පිලිබදව විස්තරද සමග මහජනතාවට දැනගැනුමට සලස්වන ලෙසය. මෙය දියවන්නා ඔයේ අලුතෙන් පත්වෙන සෑම මහජන සේවකයකුටම, ඔබටත් ඇතුළුව ක්‍රියාත්මක කිරීමට හැකි නම් විශාල මුදල් සම්බාරයක් ඉතුරුකර ගහ හැකිවේ යයි අපගේ බලාපොරොත්තුවයි.
DavidThursday, 21 November 2019 02:10 AM
රවීන්ද්‍ර , මේ පිලිබඳ චක්‍රලේකයක් තියෙනවා. ඔබ සඳහන්කළ විස්තර සියල්ලම සංචාරයෙන් පසුව ආයතන ප්‍රධානියාට දෙන්න ඕන. ප්‍රායෝගිකව මේක වෙන්නේ නැත. ඔබ කී දේට අමතරව සංචාරයෙන් රටට ආයතනයට ඇති ප්‍රයෝජනය සහ හඳුන්වාදෙන නව දේවල් සහිතව වාර්තාවක් දෙන්න ඕන. මේවා දැන්වත් ක්‍රියාත්මක වේවි.
RaveendraThursday, 21 November 2019 02:51 AM
David මයා වෙත, ඔබ විසින් අපව දැනුවත් කිරීම පිලිබදව පළමුව අප ඔබට අපගේ අවංක ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමු. ඇත්තෙන්ම අපගේ මෙම අදහස් අප සෑහෙන කලකට පෙර සිට මෙම පුවත්පතේම සදහන් කලත් අද තමයි ඒ පිලිබදව චක්‍රලේඛනයක් පිලිබදව තවත් කෙනෙකු අපව දැනුවත් කලේ. ඔබ පවසන පරිදි දැන්වත් එම චක්රලේඛනයට අනුව වැඩ සිද්ධ වෙනවානම් , මහජනතාවට දැනගැනුමට හැකි නම් එය මහගු සේවයකි.
Nandalal DE SILVA - France Wednesday, 20 November 2019 08:30 PM
අදහස නම් හොඳ තමා. කරන්න තමා බැරි! අපි මීට පෙරත් ඔවැනි රගතිශීලී තීරණ කප්පරක් අහලා තිබෙන නිසා එකක් දැනගැනීමට කැමතියි. එනම්, ඔය තහංචිය වලංගු වන්නේ දින කීයකටද කියලත් කිවුවානම් හොඳයි නේද ?
දීපාක් කරුනාරත්නThursday, 21 November 2019 05:21 AM
මහ ඡන්දය ඉවර වෙනකන්...
Chanak los angeles Wednesday, 20 November 2019 09:04 PM
පත්වුණු ගමන්ම පෝෂණ මල්ලක් දෙනවා කීවා ?
RaveendraThursday, 21 November 2019 02:33 AM
Chanak los angeles මයා වෙත, අප කිසිවෙකුට කඩේ යනවා නොවේ..ගෝටා ආවත් සජිත් ආවත් අනුර ආවත් පුරවැසියන් කෑම පිගාන දෙසම බලා සිටිනම් ( උදාහරණයකට අන්තරේ ඉන්න අය සෑම දෙයටම දියව් දියව් කියනවා සේ ) එම පුරවැසියන් සිටින රටට සියලු දෙවිදෙවතාවන්ගේම පිහිට හැර වෙන නම් විකල්පයක් නැත. එමගින් අප කිසිවිට අදහස් කරන්නේ නැත මිනිසුන් බඩගින්නේ තබා රට සංවර්ධනය කල යුතු බවට. මෙයට සාමාන්‍ය විවරයේ නම් කියන්නේ " කන බනේමයි " ලෙසය.
DilanThursday, 21 November 2019 02:58 AM
ගෝඨාභය මැතිතුමා මැතිවරණ වේදිකාවේ ප්‍රතිපත්ති ගැන කතා කරන විට ප්‍රතිවාදී ප්‍රධාන අපේක්ෂකයා කිව්වෙ එක එක දේවල් දෙන එක ගැන. ඒ නිසා අන්තිම දවස් වල ගෝඨාභයටත් මේ වගේ පොරොන්දු දුන්නා. නැත්නම් ඔහුට වෙන්නේ අවාසියක්. ඒත් මේ වගේ දේවල් කිසිසේත්ම ක්‍රියාත්මක නොකළ යුතුයි. පෙර පැවති ඡන්ද විමසීම් වලදීත් මෙවන් දේවල් කිව්වත් කවදාවත් ක්‍රියාත්මක වුනේ නැහැ. අනෙක ඇමෙරිකාවේ ඉන්න ඔබතුමාට මොකටද පෝෂණ මලු? පොරොන්දු ඉටු නොකළොත් ලංකාවේ අපි බලාගන්නම්.
PrabaThursday, 21 November 2019 05:13 AM
ඩිලාන් මහතා හරි. නමුත් චන්ද දායකයන් මෝඩයන්ට ඇන්දවීම කවුරු කළත් වැරදියි.
Rufus Randeniya Wednesday, 20 November 2019 10:41 PM
අප ගෝඨාට ඡන්ද නොදුන්නත් ඔහු ගෙන තිබෙන තීරණ ගැන අපගේ ඉමහත් ප්‍රසාදය ප්‍රකාශ කළ යුතුය.
Gihan Wednesday, 20 November 2019 11:05 PM
හොඳ වැඩක්. මේ රටේ රාජ්‍ය සේවයේ අය රට යන්න පුදුම ආසාවක් තියෙන්නේ. යන්නේ සමුළු වලට, එත් යන්නේ ෂොපින්. හොඳ තීරණයක්
Leslie Perera Thursday, 21 November 2019 02:34 AM
රාජ්‍ය සේවකයන්ගේ විතරද දේශපාලකයන්ගේ විදේශ සංචාර?
ajith Thursday, 21 November 2019 03:35 AM
ඩේවිඩ් මහතා කියන දෙය නිවැරදියි. එම වාර්තාව දිය යුතු නියෝගය 1986 දීත් තිබුනා. එවැනි වාර්තා ඒකාලේ ඉදිරිපත් කළා. මැති ඇමතිවරුන් මොනවා දෙනවද නොදනිමි. රජයේ සේවකයින් වශයෙන් තමන් එම රටවලදී දැන උගත් දේ සහිත වාර්තාවක් අනිවාර්යයෙන්ම දෙනවා. එය අපේ රටට ආදේශ කරන්නේ කෙසේද කියා යෝජනාවලියකුත් ඉදිරිපත් කරනවා.
bule Thursday, 21 November 2019 03:49 AM
රාජ්‍ය ආයතන වල වැඩි වියදමක් යන්නේ ඉන්දන සඳහායි. මෙය 25% කින් අඩු කල හැක. මෙයටද චක්‍ර ලේඛනයක් යවන්න. පරිසරයටත් හොඳයි. ආර්ථිකයටත් හොඳයි.
gamini Thursday, 21 November 2019 04:07 AM
කරුණාකර බදු ඉවත්කරන්න පොරොන්දු වූ පරිදි.
jayasekara Thursday, 21 November 2019 04:09 AM
ඊලග පාර ඒ පිනට දායක වෙන්න....
ruwan Thursday, 21 November 2019 04:24 AM
ලංකා විදුලිබල මණ්ඩලය තරම් රට සවාරි යන තැනක් වෙන නැත. මෙම සවාරි සදහා මණ්ඩලීය අවසර ලබා ගැනීමක් නැත. හිතු හිතු විදියට ලොක්කෝ රට යති. ඇමති ලේකම්ටත් පාලනය කළ නොහැක. ජනාදිපතිවරයාට අවශ්‍යනම් මේ වසරේ රටයෑම් ගැන වාර්තාවක් කැඳවිය හැක.
Praba Thursday, 21 November 2019 04:57 AM
රාජ්‍ය සේවකයන් රට යන්නෙ රජය ලබා දුන් ටිකට් පත් වලින් පමණක් නොවේ. පෞද්ගලික වියදමින් රට යන අය බොහෝයි. බුද්ධි ගළනයත් සමග රටේ සෑහෙන පිරිසක් පිටරට පදිංචිව සිටිනව. මේ තහනම නිසා රාජ්‍ය සේවකයෙක් වූ නිසාම පෞද්ගලික සංචාරයකට පිටරට යාමේ අයිතිය ඔවුනට නැති වෙනවා.
BamuuarachchiThursday, 21 November 2019 01:12 PM
බුද්ධි ගලනයයි, රජයේ සේවකයා පිටරට යාමයි දෙකක්. රජයේ සේවකයා පිටරට යන්නේ මජන මුදලින් කිසියම් රටේ අවශ්‍යතාවකට. බුද්ධිගලනය සිද්ධ වෙන්නේ රටේ තිබෙන ක්‍රමය එපා වුන අය රට හැර යාම. රැකියා ලැබෙන්නේ පුද්ගලික දේශපාලන අනුදැනුමට නම්, රැකියා සඳහා නූගත් දේශපාලුවන් පසුපස යන්න වෙනවානම් මිනිස්සු රට හැර යනවා.
palitha Thursday, 21 November 2019 05:11 AM
පට්ට පට පට, ඇර ගෝටා ඇර, මෙච්ච්ච්රකල් හොරාකාපු උන්, ජනතාවගේ බදු මුදලින් ෆුල් ෆන්, ආතල් ගත්තු උන්, දැන් පපුවේ බිත්තර තමබනවා ඇති ලොරි ගණන්.
sumith Thursday, 21 November 2019 06:09 AM
පහුගිය කාලේ බැදුම්කරෙන් හොරකම් කරපු ලොකු ලොකු උදවියටත් ඕක වලංගුද ?
ලලිත් අම්බලන්ගොඩ Thursday, 21 November 2019 06:16 AM
බොහොම හොද වැඩක්. මේක බිස්නස් එකක්. අනික් කටිටියත් මේ වගේම තමයි. හොදට සොයලා බලල විගණන වාර්තා කැදවල බලන්න. කට්ටිය බෙදා හදාගෙන කාපු හැටි. ජනාධිපතිතුමනි, ඔබේ ආරම්භය හොදයි. ඔහොම යන්. ඔහොම යන්.
Akanaj Thursday, 21 November 2019 06:30 AM
මේකේ ඇති වැදගත් දෙය වන්නේ ඔය සියලුම දේ එන මහා මැතිවරණයෙන් පස්සෙත් ක්‍රියාත්මක වෙනවද කියන එකයි. මහා මැතිවරණයෙන් පස්සෙත් එලෙසම ක්‍රියාත්මක උනොත් ජනාධිපතිතුමා විශිෂ්ටයි. මෙදාට වැඩ කරන ජනතාවක් ඔබ සමග ඉදියි. නැතිනම් තවත් රැවටීමක් පමණයි. අපේ බලාපොරොත්තුව මෙම වටිනා තීරණ ඉදිරි වසර පහම ක්‍රියාත්මක වීමයි. එදාට ඔබතුමා වටේ මුළු රටම ඉදියි.
Gamarala Thursday, 21 November 2019 07:29 AM
මමත් හිටපු රජයේ සේවකයෙක්. මේ රාජ්‍ය නිලධාරීන් බොහොමයක් විදේශ ගත වීමෙන් රටට ලැබුන ප්‍රයෝජනය කුමක්ද කියලා අපි සොයා බැලිය යුතුයි. සමහර නිලධාරීන් රට ගියාම එන්නේ නැහැ. ඔවුන් ගිවිසුම් අත්සන් කලත් වැඩක් නැහැ. මේ යන ගමන් වලින් රටට වැඩක් විය යුතුයි.
Rajin Thursday, 21 November 2019 07:44 AM
එතකොට, තමන්ගේ වියදමින් පෞද්ගලික සංචාර සඳහ යාමට සිටි අයට මොකද වෙන්නේ? ඒක බලවත් අසාධාරණයක්. රජයේ මුදල් වියදම් කරන්නේ නැතුව විදේශ ශිෂ්‍යත්ව ලබා යාමට සිටි අය? රජයේ වියදමින් යන එක නැවත්තුවාට කමක් නැහැ
anta Thursday, 21 November 2019 08:59 AM
තමන්ගේ වියදමෙන් යන අයටත් මේක වලංගුද?
Bamunuarachchi Thursday, 21 November 2019 01:05 PM
ගෝඨාභයට ඡන්දෙ දීපු රජයෙ සේවකයන්ට දැන් සතුටුද? කියලා අහනවා. නොම්මර එකේ කුහක කතාවක්. මෙයා හිතාගෙන ඉඳලා තිබෙන්නේ රජයේ සේවකයෝ ගෝඨාභයට ඡන්දෙ දුන්නේ රට යන්න බලාගෙන කියලා.]
sharm warn Monday, 25 November 2019 08:27 AM
එතකොට නිලධාරීන් රට යන එකද රටට තියෙන දරන්න බැරි වියදම? පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි දේශපාලුවන් පවුල් පිටින් ලෝකෙ වටේ ගිහින් මෙලෝ වැඩක් නැතුව කරන නාස්තිය කමක් නැද්ද දන්නේ නැහැ නේද? ඉස්සර කියමනක් තිබුණා අලි යන මං තියෙද්දී කුඹි යන මං වහනවා කියලා.. මෙතනත් කියන්න තියෙන්නේ ඒකම තමයි.. නිලධාරින් කීයෙන් කී දෙනාද නිකරුනේ සවාරි යන්නේ? ගියත් යන්නේ දේශපාලන අතකොලු වෙලා වාසිගත්ත කට්ටිය මිසක් සාධාරණව වැඩ කරන අය නෙමේ කියලා කවුරුත් දන්නවා.. මේවා තමයි හොඳම විහිලු.. තව ඉස්සරහට තව කතා එයි අපිට හිනාවෙන්න. අනේ අසරණ ජනාධිපති..