(විනීතා එම් ගමගේ )
රාජ්‍ය සේවකයන්ට ගමන් පහසුව සැළසීම සදහා විශේෂ කාර්යාල ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.
එම සේවාව මුලින්ම රත්නපුර කැගල්ල හලාවත, හම්බන්තොට, තංගල්ල, මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, අලූත්ගම හා කලූතර යන නගර වල සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැළසුම් සකස් කොට ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන අය ලියාපදිංචි විය යුතු අතර ඒ සදහා [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ අයදුම්පතක් එවිය යුතුවේ.
අයදුම්පතේ මුලකුරු සමග නම, සේවා ආයතනය, ලිපිනය දුරකථන අංකය, ඊමේල් ලිපිනය, බස් රථයට නගින ස්ථානය, ගමන් කරන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ ද සාමන්‍ය මාර්ගය ඔස්සේ ද යන වග මෙන්ම ගමන් කිරීමට බලාපොරොත්තුවන්නේ සුඛෝපභෝගී බස්රථයක ද සාමාන්‍ය බස්රථයක යන තොරතුරුත් බස් රථයට නැගීමට බලාපොරොත්තු වන ස්ථානයේ ඇති ප්‍රසිද්ධ මග සළකුණක් ද සදහන් කොට අත්සන හා දිනය ද සමග එවන මෙන් ඔහු ඉල්ලා සිටියේය.
රාජකාරි ස්ථානය වෙත පෙරවරු 8.30 ට පැමිණීමටත්, රාජකාරි නිමාවන වේලාවේ පිටත් වීමටත් සැළසුම් කර ඇතැයි ද ඔහු කීය.
අයදුම්පත් ටයිප් කර එවීමට නොහැකි අය ගමනාගමන මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවට එක්ව අතින් ලියන ලද අයදුම්පතක ඡායාරූපයක් ඒ ඔස්සේ එවීමෙන් ද ලියාපදිංචි විය හැකි යැයි හෙතෙම සදහන් කළේය.
මෙම සේවාව ආරම්භ කරන්නේ කොවිඞ් වසංගතය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් අහිමි වී සිටින රාජ්‍ය සේවකයන් වෙනුවෙන් බවත් මේ තත්ත්වය පහව ගිය පසුව ද එකී සේවාව ගෙනයාමට සැළසුම් කරන බවත් රණවක මහතා පැවැසීය.
මෙම සේවාවේ සාර්ථකත්වය අනුව අනෙක් පළාත්වලට ද ව්‍යාප්ත කරන බවත් නියාමන වැඩ පිළිවෙලෙන් පසු අඩුපාඩු සකසා ගෙන ඉදිරියට ගෙන යන බවත් ඔහු සදහන් කළේය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය සේවකයින්ගේ ගමන් පහසුවට ලංගමයෙන් විශේෂ ප්‍රවාහන සේවයක්
duminda Tuesday, 19 May 2020 11:16 AM
බොරු වැඩ කරන්න එපා ... වැඩට එන්න විදිහක් නැතුව මිලියන ගානක් පුද්ගලික අංශයේ සේවකයෝ බලාගෙන ඉන්නවා .. රජයේ සේවකයෝ වගේ වෙලාවට එලියට එන්න ඒ අයට බෑ. එක්කෝ වැඩ ඕනි නෑ රටම වහල දාන්න. කෝච්චියට බස් එකට නගින්න ගියාම හොරු ඇවිත් වගේ බලන්නේ විකාරයක් ...