IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘රජයේ සියලු දෑ සිදුවන්නේ ඩොලර් කාක්කන්ට අවශ්‍ය විදියටයි’

විනීතා එම්  ගමගේ
 
ව්‍යවස්ථාදායක සභාව සහ කොමිෂන් සභා ඇතුළු රජයේ සියලු කටයුතු සිදුවන්නේ උපන් බිමේ උරුමකරුවන්ට ගැලපෙන ලෙස නොව බටහිර ඩොලර් කාක්කන්ට උවමනා අන්දමින් යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ  කළේය. 

රජයේ පැවැත්ම සීඝ්‍රයෙන් ගෙවී යන බවත් පහනක් නිවෙන්නට යද්දී දැල්ල වැඩියෙන් නටනවා, යන යකා කොරහත් බිඳගෙන යනවා වැනි කියමන් කියන්නේ මේ වැනි තත්ත්වයන් ගැන බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීම්වලදී පවා නොයෙක් ආකාරයේ වංචා දූෂණ සිදුවන බවත් කී මන්ත‍්‍රීවරයා නීත්‍යානකුකූල නොවන කැබිනට් පත‍්‍රිකා අනුමත කිරීම් ද දකින්නට ඇතැයි පැවසීය.

නීත්‍යානුකූල නොවන කැබිනට් පත‍්‍රිකා සම්මත කරගෙන ටෙන්ඩර් ප‍්‍රදානය කරන කැබිනට් මණ්ඩලයක් බවට මෙම කැබිනට් මණ්ඩලය පත්ව ඇතැයි පැවසූ ගුණවර්ධන මහතා විශාල වශයෙන් ජාත්‍යන්තර  වශයෙන් පවා අපකීර්තියට මුහුණදෙන්නට සිදුවෙනු ඇතැයි ද කීය.

කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය පිළිබඳ කැබිනට්  පත‍්‍රිකාව මෙවැනි එකක් බවත් විදුලි බල මණ්ඩල පනතේ 43 වගන්තිය උල්ලංඝණය කරමින් එකිනෙකට වෙනස් මිල ගණන්  දෙකක් යටතේ එක් විදුලි බලාගාරයක් වෙනුවට බලාගාර දෙකක් ඉදිකිරීමට ටෙන්ඩරය දිනා ගත් පාර්ශවයට හා පරාජය වූ පාර්ශවය යන දෙකටම ඉතිහාසයේ පළමු වතාවට ටෙන්ඩරයක් ප‍්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ගෙන ඇති බව ද මන්ත‍්‍රීවරයා හෙළි කළේය.

මෙම කැබිනට් පත‍්‍රිකා ආන්දෝලනයට පත් ව ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක්  පත් කරන ලෙස ජනාධිපතිතුමන් ගෙන්  ඉල්ලා සිටින බව ද ඔහු තව දුරටත් කියා සිටියේය. 


බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවක් අමතමිනි. 
            



අදහස් (15)

‘රජයේ සියලු දෑ සිදුවන්නේ ඩොලර් කාක්කන්ට අවශ්‍ය විදියටයි’

ravi Tuesday, 26 February 2019 11:33 AM

එක් කෝටි විසි ලක්ෂයක බැංකු වංචාවකට අහුවෙලා හිටියත්, තාම කටනම් පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ .

:       37       328

sena Tuesday, 26 February 2019 11:37 AM

ගණන් ගන්න එපා සර්! ඔබතුමා අර ණය ගන්න අත්සන්කරා වගේ අඩ නින්දේ ඔන්න ඔහේ අත්සන් කරලා ඇති ඔබතුමා දන්නවානේ ඔය ඉන්න 225න් වැඩිම දෙනෙක් ඔබතුමා වගේ කියලා.

:       0       169

kap Tuesday, 26 February 2019 11:45 AM

ලංකා දේශපාලකයන්ගේ ආසම වගන්ති මම දන්නෙ නෑ , මට මතක නැ

:       0       138

smn Tuesday, 26 February 2019 12:24 PM

හරිහැටි අත්සනක්වත් දාගන්න බැරි ඔබතුමා ලොකු ලොකු කතා කියද්දී මට භයකුත් දැනෙනවා.

:       0       149

Hafeel Tuesday, 26 February 2019 04:16 PM

අනේ මෙයාට ඔබතුමා කියලා ගරුත්ව වචනය සඳහන් කරන්නත් වටින්නේ නැහැ.

:       0       77

prabha Tuesday, 26 February 2019 02:21 PM

කතා ඇති ඉස්සෙල්ල අර ණය ගෙවලා හිටියනම් නරකද

:       0       84

සමන්ත Tuesday, 26 February 2019 02:52 PM

මේ පුද්ගලයා කිව්වොත් කියන්නේ බොරු.

:       0       77

rohan Tuesday, 26 February 2019 02:52 PM

මෙයත් ඉන්නේ එක කකුලක් ලංකාවේ අනික පිටරට තියාගෙන.

:       0       73

Arjuna Ranawana Tuesday, 26 February 2019 04:00 PM

පෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.

:       0       61

රවින් Tuesday, 26 February 2019 05:32 PM

තම අත්සන තමා නොදැන නිත්‍යානුකුල ලියවිල්ලකට තැබුවේ යයි කියන්න තරම් මෝඩ මනුස්සයකු කියන දේ පිළිගන්න ලංකාවේ මිනිස්සු මෝඩද?

:       0       20

Jehaan Tuesday, 26 February 2019 06:39 PM

ඔබතුමා වගේම අනෙක් උදවියත් අඩ නින්දේ අත්සන් දාලා වෙන දේවල් ඕවා. කලබල වෙන්න දෙයක් නැහැ .

:       0       17

Chanak Los angeles Tuesday, 26 February 2019 10:59 PM

අධිකරණය නියම තීන්දුවක් දීලා තිබෙනවා මෙයාගේ දේපොළ විකුනලා එම ණය පියවගන්න කියලා ..

:       0       15

Gamaa Wednesday, 27 February 2019 02:43 AM

ඉස්සෙල්ල අර ණය ගෙවලා හිටියනම් නරකද? මේ පුද්ගලයා කියන දේ පිළිගන්න ලංකාවේ මිනිස්සු මෝඩද?

:       0       0

parakkrama Wednesday, 27 February 2019 05:46 AM

මෙයා කවදා හරි මුදල් ඇමති වුනොත් නිදි මරගාතේ දන්නෙම නැතිව ලියවිල්ලකට අත්සන් කරලා අපේ ශ්‍රී ලංකාවම වෙන කොහාට හරි සින්නවෙයි නේද ?

:       0       0

de silva Wednesday, 27 February 2019 09:17 AM

උසාවිය නියෝග කලානම් , වහාම ඔය දේපල තහනම් කර විකුණා දමන්න කටයුතු කරන්න ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 44 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 672 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 201 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 158 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 140 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3913 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1407 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site