(ජේ.කේ.එල්.චාමින්ද)
මේ රජය තීන්දු ගැනිමේ දි තීන්දු නොගෙන එය බෝලයක් පාස්කරනවා මෙන් අතින් අත පාස් කරන බවත් මේ තත්වය තුළ වෙනසක් ඇතිවිය යුතු බැව් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (25) කොග්ගලදි පැවසීය.
ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා වෙනස් කරනවා. අගමැතිවරයාගේ තින්දුව ජනාධිපතිවරයා වෙනස් කරනවා මේ විදියට මුළුරටම තුළ අස්ථාවර තත්වයක් නිර්මාණය වී ඇති බවද විපක්ෂනායකවරයා සදහන් කළේය.
කොග්ගල නිදහස් වෙළද කළාප පරිශ්‍රයේ ඉදිකරන ලද ඕර ඇපරල් එකස්පෝට්ස් පුද්ගලික සමාගම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේය.
හෙතෙම මේසේද කිවේය.
"අවාසනාවකට රටතුළ හා ආණ්ඩුව තුළ තිබෙන අස්ථාවරත්වය නිසා පමණක් නොව තින්දු ගැනිමේ දි තීන්දු නොගෙන එය අතින් අත පාස්වෙනවා. බෝලයක් පාස්කරනවා වගේ. කවුද තින්දු ගන්නේ කියලා දන්නේ නැහැ..මේ තත්වය තුළ වෙනසක් ඇතිවිය යුතුව තියෙනවා.
ස්ථාවර ආණ්ඩුවක් තුළ පමණයි ආයෝජකයාට වඩා ශක්තිමත් ආයෝජනයක් කරලා ඒ ආයෝජනයේ ප්‍රථිපල ලබන්න පුළුවන් කම තියෙන්නේ.
මේ ආයතනය වසා දැමුවාට පසු මේ තරුණයින් දෙදෙනා ලංකාවෙන් ඉතියෝපියාවට ගිහින් ආයෝජනය කළා.එවැනි අවස්ථාවකදි මෙ ආයතනය අරගෙන මේ රටේ ආයෝජනයක් ආරම්භ කිරිම අගය කරනවා.
රටතුළ ව්ය ව්‍යවසායකයින් වැඩිවෙලා ශක්තිමත් රටක් ඇතිකරන්න ළගදිම අවස්ථාවක් ලැබේවි කියලා මා බලාපොරොත්තුවෙනවා. ඒ තත්වය ඇති වෙන්න වැඩිකාලයක් යන එකක් නැහැ.
රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා රැකියා බහුල වෙලා නොබෙදුණු රටක් ඒකිය රටක් තුල කටයුතු කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පසුගිය කාලයේ ආයතන රාශියක් මේ අයුරින් වැසිගියා.ලක්ෂ පහකට වඩා තරුණ තරුණියන්ගේ රැකියා නැතිවුණා.ඒ බව මහබැංකු වාර්තාවෙන් පැහැදිලි වෙනවා. ඔවුන් මෙහි කර්මාන්තශාලා වසා දමා අප්‍රිකානු රටවලට එහෙම නැතිනම් බංගලිදේශයට නේපාලයට යන්නේ අපේ රටේ තියෙන වාතාවරණය නිසා.
අද සමහර බැංකු ක්‍රියාත්මක වන්නේ වැටෙන ආයතනයක් ගොඩනගාගන්නා ආකාරයට නෙවෙයි. අපි හැමදාම බැංකුවලට උපදෙස් දුන්නේ යම් ආයතනයක් කඩා වැටෙනවිට එය රැකගැනිම සදහා ඒ ආයතනයේ පරිපාලනයේ වෙනසක් ඔනනම් එක කරලා ආයතනය දුවවන්න කටයුතු කරන්න කියලා.
අද වේලා තියෙන්නේ ඒ ආයතන වහලා. බැංකු පවරාගැනිම් කරගෙන යනවා. මේ තත්වය අද රටපුරාම ඇතිවෙලා තියෙන්නේ රටේ ආර්ථිකයේ කඩාහැලිම නිසා.පසුගිය කාලයේ ඉතා දරුණු ලෙස මේ රටේ ආර්ථිකතත්වය බිද වැටුණා. සේවක පිරිස් තරණ තරුණියන් විශාල පිරිසක් මහපාරට ඇදලාදමන යුගයක් බවට මේ කාලය පත්වුනා.මේ තත්වය වෙනස් කළ යුතුයි.
අපි පිටරටට ගියවිට ආයෝජකයින් හමුවෙනවා.අපි කියනවාඅපේ රටට ඇවිත් ආයෝජනය කරන්න කියලා. අපට දේශපාලනපක්ෂ බේදයක් නැහැ. මොනව වුනත් රටතුළ ආයෝජනය කිරීම වැදගත්."
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘රජය නිසි තීන්දුව නොගෙන බෝල පාස් කරනවා‘