IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


’’රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කරන්න එපා’’

( +++ නාලක සංජීව දහනායක)

රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකාරයට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පෙරේදා (12) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන්ට අවවාද කර ඇත.

අමාත්‍යවරුන් කිසියම් සාකච්ඡාවකට හෝ සමුළුවකට සහභාගි වීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් දැනුවත්වී පූර්ව සූදානමකින් යුතුව යා යුතු බවද ඔවුන් දෙදෙනා අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

පුද්ගලික අරමුණුවලින් තොරව ජාතික අරමුණු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීම සඳහා රජය සෑම විටකම පෙනී සිටින බවද ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවේදී පවසා ඇත. 



අදහස් (9)

’’රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කරන්න එපා’’

sathyaa Friday, 14 February 2020 05:49 AM

කවුද ඔතෙන්ට යන්න කිවුවේ වහාම විත්ඩ්‍රෝ වෙන්න.

:       0       0

eresh S kumara Friday, 14 February 2020 05:59 AM

රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීම මගින් ඉතා කාර්යක්ෂම විනිවිද භාවයෙන් යුතු විදිමත් සේවාවක් ලබාගත හැක

:       0       0

sharm warn Friday, 14 February 2020 06:14 AM

රාජ්‍ය සේවය දේශපාලන අතපෙවීම් ,ඇඟිලි ගැසීම් සහ අයතා දේශපාලන බලපෑම් වලින් ගලවන්න .

:       0       0

Raveendra Friday, 14 February 2020 06:31 AM

අප රටේ මුල් පුරවැසියාගේ මෙම අදහස් අප අගය කරන්නෙමු.

:       0       0

රවින් Friday, 14 February 2020 06:49 AM

ජනාධිපතිතුමනි, පළමුව උගත් ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයින් ඇමති මණ්ඩලයට පත්කරගන්න. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති මොලයක් නැති කටවාචාලයෝ හොරු කොටින්ම කියතොත් ශරීරයේ තියන ස්‌වභාවික සියලු විවෘත තැන් වලින් කතා කරන උදවිය කුණු කුඩේට යවන්න.

:       0       0

Rata Perata Friday, 14 February 2020 07:41 AM

වැඩිය සැර කරන්න එපා, අඬයි. හෙමින් අවවාද කරන්න. අනේ මෙහෙම රඟපෑම්. අපිවම ගොනාට අන්දන්න හදන්නේ.

:       0       0

Asanka Friday, 14 February 2020 07:56 AM

කුඩා දුපතකට වන ජීවි වෙරල සංරක්ෂණ වන සංරක්ෂණ වැනි පරමාර්ථයන් අනවශ්‍ය බවත් අවශ්‍ය වන්නේ තමන්ට ඡන්දය දෙන ඔක්සිජන් පවා අනවශ්‍ය පිරිසකට කඩොලාන කපා හදන සෙල්ලම් පිට්ටනි පමණක් බවත් , සිද්දියට පසුදා මාද්‍ය අමතමින් " රටේ වැඩ සිද්දවෙන්න ඕන ධීවරයන්ට ඕන විදියට "යයි නොකියා කියූ දැක්ම ලොවට හඩගා කියූ ඇමතිට මගේ හද පිරි සුබපැතුම්.!

:       0       0

Dirt Friday, 14 February 2020 08:16 AM

හැල්ලුවට ලක්වීම වලක්වන්න! මට හිනායනවා අනේ...

:       0       5

Bamunuarachchi Friday, 14 February 2020 09:54 AM

ඒ එක්කම කියන්න ඕනේ නිලධාරීන් හෑල්ලුවට ලක් වෙන්නත් එපා කියලා. නිලධාරීන් විහින්ම හෑල්ලුවට ලක්වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 13 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 65 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2469 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1323 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 992 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 433 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site