IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රාජ්‍ය ආයතනවලට ජනපතිගේ - දේශපාලකයන්ගේ ඡායාරූප එපා

(නාලක සංජීව දහනායක)
 
සියලුම රාජ්‍ය ආයනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය සහ දේශපාලනඥයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇත.
 
ඒ අනුව අමාත්‍යංශ ඇතැම් රාජ්‍ය ආයතනවල අද (18) දිනයේදීම රාජ්‍ය ලංඡනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණි.
 
එමෙන්ම මාහාමාර්ගවල ප්‍රදර්ශනය කර තිබෙන දේශපාලනඥයන්ගේ ඡායාරූපද ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.



අදහස් (36)

රාජ්‍ය ආයතනවලට ජනපතිගේ - දේශපාලකයන්ගේ ඡායාරූප එපා

ගල්කටස් Monday, 18 November 2019 02:12 PM

නිවැරදි තීරණයක්... රටේ නියම වෙනසක් අැති කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා...!!! අපගේ ඡන්දයට නියම වටිනාකම ලබාදෙන්න.

:       39       1399

RaveendraMonday, 18 November 2019 08:33 PM

ඇත්තෙන්ම ගෝඨාගේ මෙම තීරණය අප අගය කරන්නෙමු.

:       0       423

sena Monday, 18 November 2019 02:15 PM

හොඳම වැඩකින් වැඩ ඇල්ලුවා. තව බොහෝ හොඳ දේවල් ඔබතුමාගෙන් සිද්දවෙනවා දකින්න ලැබේවා...!!! 

:       0       462

සෙනෙවිරත්න Monday, 18 November 2019 02:29 PM

මෙවන් සාධනිය කටයුතු කිරීමට සිත් සතන් සහ ධෛර්යය පහලවේවා

:       0       419

PerakumMonday, 18 November 2019 03:23 PM

එසේම මෙවන් සාධනීය කටයුතු සඳහා ඇති විය හැකි විරුද්ධ බලවේග භංගවේවා. අපගේ මාතෘ භූමිය ඉතා කෙටි කලකින් සෞභාග්‍යමත් සංවර්ධිත රටක් බවට පත්වේවා...!

:       3       208

RaveendraMonday, 18 November 2019 08:44 PM

ඇත්තෙන්ම ඔබලාගේ අදහස් නිවැරදිය. අප හොද දෙයට හොදයි කීමට නිහතමානි වෙමු. එලෙසම වැරදි දෙයට නොබියව වැරදියි කියන්නෙමු.

:       0       217

ජි අජිත් පියදක්සි Monday, 18 November 2019 03:15 PM

ඉතා හොද වැඩක් ජනපතිතුමනි. ඒ වගේම මහජන මුදල් වලින් කරන කිසිම සංවර්ධන වැඩක් ආරම්භ කිරිමට හෝ විවුර්ත කිරිමට කිසිම දේශපාලඥයෙක් යොදවන්න එපා ඒක මහජනතාවට පවරන්න

:       1       264

Rata Perata Monday, 18 November 2019 03:21 PM

ඉතා හොඳ වැඩක්.

:       0       123

Chanak los angeles Monday, 18 November 2019 03:28 PM

මොවුන් පැවැති රජයට වැඩ කරන්න දුන්නෙම නැහැ.

:       1043       102

BamunuarachchiTuesday, 19 November 2019 01:42 AM

මෙයා කීවොත් මෝඩ කතාවක්ම තමයි.

:       69       430

premachandraTuesday, 19 November 2019 04:24 AM

චානක් ලොස්ඇන්ජලිස් ,කුලියට ලිවිම නරක වැඩක්.

:       0       238

BamunuarachchiThursday, 21 November 2019 02:03 AM

ඕකට අපි කියන්නේ කුලියට කහිනවා කියලා.

:       0       0

nayana Monday, 18 November 2019 03:28 PM

ඔබ අප රට නිවරැදි දැක්මක් ඇතිව දියුණු කළොත් ඔබ ගෝඨාභය යනු දෙවිකෙනෙකු මෙන් මිනිසුන් අදහන චරිතයක් වනු ඇති.

:       0       246

Cps Monday, 18 November 2019 03:52 PM

2015 දී යහපාලනයට ඡන්දය දීපු මම මෙවර ඔබතුමාට ඡන්දය දුන්නේ මහින්ද යුගයක් දකින්න නම් නෙමෙයි.. මට අවශ්‍ය යහපාලනයයි.. ශක්තිමත් නායකත්වයක් යටතේ ක්‍රියාත්මක වන යහපාලනයක් දකින්නයි.. මෙවැනි දේ අහන දකින විට මගේ තීරණය ගැන මට සතුටුයි.

:       1       272

MaheeTuesday, 19 November 2019 05:55 AM

ඔබ සමග 100% එකඟයි. මේ ආරම්භය ගැන මම ඉතාම සතුටුයි. ඔය දෘෂ්ටියෙන් දිගටම කටයුතු කළොත් ඔහුට ඉතාම සාර්ථක ජනාධිපතිවරයෙක් විදිහට බැබලෙන්න පුළුවන්. හැබැයි අර මහින්දවත් අමාරුවේ දාපු කෙනාව ජනාධිපති ලේකම් තනතුරට පත්කර ගැනීම වැනි දේ නම් හොඳට හිටින එකක් නැහැ.

:       0       1

almeida Monday, 18 November 2019 03:52 PM

හැමෝම එන්නේ ඔහොම කියාගෙන. යනකොට යන්නේ ප්‍රකෝටි ගණන් මාලිගා, කැබිනට් පත්‍රිකා වලින් තමන්ගේ නමට ලියාගෙන... මතකයිනේ කාබන් පෑනෙන් අත්සන් කරපු කෙනා.

:       18       342

Kumar Monday, 18 November 2019 04:38 PM

ඇත්තෙන්ම හොඳ අදහසක්. මන්ත්‍රීලට දීලා තිබෙන පොලිස් නිලධාරීන් ටික ඉවත් කලොත් මහජනය එක්ක හොදින් ගනුදෙනු කරන්න පුරුදු වෙන්න ඉඩ තිබෙනවා. එසේ කරන්න බැරි මන්ත්‍රීලා ඉන්නවද.

:       0       120

Bandara Monday, 18 November 2019 04:58 PM

ළමයින්ගේ පෙළ පොත්වල මුල්පිටුවලටත් අවශ්‍ය නැහැ.

:       0       0

THUSITHA GAJANAYAKE Monday, 18 November 2019 05:15 PM

මම අවුරුදු ගානක් හිතපු දෙයක් එක දවසින් ක්‍රියාත්මක කලා. පිටරටක හිටිය එකේ වාසිය !

:       0       50

sirimal Monday, 18 November 2019 05:32 PM

ඉතා හොඳ පියවරක්. රට ගොඩ ගන්නනම් ඔයිට වඩා ලොකු අඩව් අල්ලන්න වෙනවා මහත්තයෝ. වටේට ඉන්න පිරිසගෙන් පරෙස්සම් වෙන්නත් වෙයි.

:       0       126

රවින් Monday, 18 November 2019 06:21 PM

තව එකක් තමා මහජන මුදලින් කෙරෙන සියලු පොදු ඉදිකිරීම්වල තියන දේශපාලුවන්ගේ නම් සහිත පලක ඉවත් කරන එක. අපේ හමින් උනුන්ගේ නම්.

:       0       29

ranjith Monday, 18 November 2019 09:15 PM

ඉතා හොද තීරණයක්. ඒවගේම අධික වියදම් නාම පුවරු උසස්ව වියදම් අවම කිරීම රටේ මුදල් ඉතිරි කර ගන්න පුළුවන්

:       0       21

Chathuri Monday, 18 November 2019 09:46 PM

ඒ වගේම අළුතින් සාදා නිමකර ජනතා අයිතියට පත්කරන. කිසිම ගොඩනැගිල්ලකට ඔවුන්ගේ නම් දැමීමත් සම්පුර්ණ තහනම් කරන්න, තමන්ගේ මුදලින් කරන දේට පමණයි ඔව්නුගේ නම් දැමිය යුත්තේ.

:       0       146

Warnakulasuriya Tuesday, 19 November 2019 03:41 AM

චතුරි, මෙහි අදහස් පළ කළ අය අතර වැදගත්ම අදහස පළකිරීම කර ඇත්තේ ඔබයි. බොහෝ අයට උවමනා වන්නේ ගුණගායනා කිරීම පමණි.

:       0       7

MaheeTuesday, 19 November 2019 07:42 AM

චතුරි, තව අවුරුදු 100 කින් විතර ඔය ප්‍රාර්ථනාව කළා නම් සමහර විට හරියන්නත් ඉඩ තිබුනා.

:       0       0

Laksman Monday, 18 November 2019 11:24 PM

හොඳ තීරණයක්

:       0       6

Keppetipola Tuesday, 19 November 2019 05:43 AM

ඉතා ආදර්ශමත් තීරණයක්. මමත්වය නැති කර රටට වැඩ කිරීමට ඔබතුමා ගත් මෙම තීරණයට අපගේ ආචාරය

:       0       2

GuneTuesday, 19 November 2019 07:43 AM

"මමත්වය නැතිකිරීමට"...... මහත්තයට පොඩ්ඩක් පැටලිලා වගෙයි.

:       0       0

උපේක්ෂා Tuesday, 19 November 2019 07:42 AM

ඇත්තෙන්ම හොද වැඩක්.. මෙය අපි අගයන්නෙමු.

:       0       0

sampath Tuesday, 19 November 2019 08:47 AM

දැන් ඔය පරණ කතා වැඩක් නෑ. භේද නොබලා වැඩ කරොත් රට ගොඩේ ගොඩ.

:       0       0

vipula Tuesday, 19 November 2019 09:00 AM

යහපාලනය කාලේ අපේ ගමේ කිලෝමීටරයක් දිග පාරක කණුවක් මීටර් 25ක් දිගට හදල බෝර්ඩ් එක ගහලා තිබුනා.

:       0       0

ස්වර්ණා Tuesday, 19 November 2019 09:03 AM

හොඳම තීරණයක්. අපි ජීවත්වන මේ රටවල් වල ඔය වගේ දේවල් නැහැ. නව ජනාධිපති ගෝඨාභය මැතිතුමාට අපගේ සුභාශීංෂණය ප්‍රාර්ථනා කරමු.

:       0       0

Swarna Tuesday, 19 November 2019 09:06 AM

හොඳම තීරණයක්.

:       0       0

Swarna Tuesday, 19 November 2019 09:10 AM

හොඳම අදහසක්.

:       0       1

Dasuni Tuesday, 19 November 2019 09:32 AM

දැන් ඔය අයින් කරන දේවල් ඉක්මනින් කිරීමේ ගරුත්වයත් ඔයාලටම තමා ලැබෙන්නේ.

:       0       0

Bamunuarachchi Thursday, 21 November 2019 02:07 AM

රටට කිසිසිම වැඩක් නොකළ දේශපාලුවන්ගේ නම් වලින් තිබෙන පාරවල් වල නම්ද වෙනස්කර දමමු. කොළොන්නාවේ එහෙම නම් තිබෙන පාරවල් කීපයක් තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 2 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 126 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 267 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 282 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 409 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 364 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site