( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පසුගිය වසරේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි කියමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර බාර දෙන ලදී.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළ දෙවැනි චෝදනාව මෙය වේ.
මීට පෙර රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මෙරට බහුතරයක් විනිසුරුවරුන් දූෂිත යැයි සදහන් කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කියමින් නීතිපති චෝදනා පත්‍රයක් ගොනු කළේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ මෙම දෙවැනි චෝදනා පත්‍රය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී.බී.දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (30) බාරදීම සිදු විය.
චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව රන්ජන් රාමනායක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ ප්‍රශ්නගත ප්‍රකාශය වගඋත්තරකරු විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොවන බවත් ඉන් අධිකරණයට යම් අපහසුවක් වී නම් ඒ සම්බන්ධයෙන් කනගාටුවක් පළ කිරීමට තම සේවාදායකයා සූදානම් බවයි.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලුවොත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම අධිකරණ අපහාස නඩුව නැවත දෙසැම්බර් මස 2 වැනි දා කැඳවීමට ද තීන්දු කරන ලදී.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පිළිබඳව රන්ජන් රාමනායක අමාත්‍යවරයා රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ අදහස් පළ කිරීමක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නිකුත් කළ නොතිසියකට අනුව එම නඩු කටයුත්ත ආරම්භ වී තිබේ.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රංජන්ට එරෙහිව චෝදනා පත්‍ර බාරදෙයි
siri Tuesday, 30 July 2019 08:41 AM
මට නම් හිතෙන්නේ, ‘කොට්ටෝරුවා කෙසෙල් ගහට ඇන්නා' කියලයි.
සේන Tuesday, 30 July 2019 09:21 AM
මේවා ගැන කතා කරනවට වඩා හොඳයි පොරවගෙන නිදාගන්න එක.....