( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියම කරන ලදී.
එම පැමිණිල්ල අද ඊවා වනසුන්දර සහ එල්. ටී.බී .දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසි අනුවය.
රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නොතීසි තම සේවාදායකයා වෙත ලැබී නොමැති බවත් එහෙත් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත් දන්වා සිටියේය.
එමෙන්ම මෙම නඩුවට පාදක වී තිබෙන වග උත්තරකරුගේ ප්‍රශ්න ගත ප්‍රකාශය අඩංගු බව කියන සංයුක්ත තැටි ද තමන් වෙත ලැබි නොමැති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එහි ලේඛකාධිකාරී වරයාට නියෝග කළේ මෙම නඩුවට අදාළ නොතීසිය සහ ප්‍රශ්න ගත ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් වගඋත්තරකාර පාර්ශ්වය වෙත නිකුත් කරන ලෙසයි.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වගඋත්තරකරුගේ ප්‍රශ්නගත ප්‍රකාශයෙන් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ නම් ඊට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කිරීම නීතිපතිවරයාගේ ඊළඟ පියවර බවයි.
අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 26 වැනිදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට වැඩිදුර කරුණු සළකා බලන බව නියම කළේය.
ඡායාරූපය - ළහිරු හර්ෂණ
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රංජන්ගේ නඩුව පෙබරවාරි 26 කැඳවීමට නියෝග
ගල්කටස් Friday, 07 December 2018 07:19 AM
වන්ෂොටි අයියට මොන නඩුද එයා කලින්ම දන්නවානෙ නඩු තීන්දුව. පෙන්නැද්ද මුහුණෙ තියෙන සිනහව එ්කියන්නෙ කලින් තීන්දුව දන්නවා වගේ. මොනා උනත් වන්ෂොටි අයියට ජයවෙිවා කියඹු අපි. නුතන වන්ෂොටිට ජයවෙිවා
BamunuarachchiSunday, 09 December 2018 08:02 AM
මොනවා කරන්නද? රටක් පාලනය වෙන්න හදන්නේ පබාලා, වන්ෂොට්ලා වගේ අයගෙන්.. අපට කරන්න තිබෙන්නේ අපේ ළමයින්ට මේහේ සල්ලිවලින් උගන්වලා පිටරටට, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකාවට පූජාකරන එකයි. නැතුව අපේ උගත් ළමයින්ට වන්ෂොට්ලාටයි, පබාලටයි, සජිත්ලාටයි, නාමල්ලාටයි සෙකන්ඩ් වෙන්න දෙන්න පුළුවන්ද?
ramani Friday, 07 December 2018 08:24 AM
ඔය එක්කම අර පහුගිය සුමාන දෙකේ කිව්ව ටිකත් විභාග කරානම් වෙලාව ඉතුරුකරගන්න පුළුවන්...
Senarath Friday, 07 December 2018 01:20 PM
රන්ජන් හිරේ නොයැව්වොත්, මොකද නීති දෙකක් කියලා? එස්.බී. ගේ කට්ටිය ඇවිත් උසාවිය පෙරලයිද දන්නේ නෑ...
Bamunuarachchi Saturday, 08 December 2018 02:38 AM
හලෝ කෝට් එකේ උඩ බොත්තම දමන්නේ නැත.
sandy123Saturday, 08 December 2018 08:29 AM
මොකක්ද මේ හරුපය? මොකුත්ම නැද්ද කියන්න?
BamunuarachchiSunday, 09 December 2018 03:50 PM
කියන්න දේවල් බොහොමයි. නමුත් මෙයාට එවා කියලා වැඩක් නැත. ඔබත් දන්නේ නැති පාටයි. කෝට් එක ඇන්දාම උඩ බොත්තම දාන්නේ නැත... ටීෂර්ට් එක අැන්දාමත් එහෙමයි. දන්නෙ නැතිනම් කියලා දෙන්නම් මහත්මයෙක් වගේ අඳින හැටි ගොඩක් වෙන්න එපා.