IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජිත රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය සැකකරු නිරික්ෂණය කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබු අතර සැකකරු බන්ධනාගාර බාරයේ තබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

 

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

====================================================================

(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) පස්වරු 2.15 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගනු ලැබිය.

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය සම්බන්ධයෙන් ඉකුත් 24 වැනිදා වරෙන්තු ලැබ සිටි සේනාරත්න මහතා ඊයේ (26) රාත්‍රී 7.35 ට ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණි.

 



අදහස් (73)

රාජිත රිමාන්ඩ්

Tharanga Friday, 27 December 2019 09:04 AM

මේ අය මීට ගොඩක් කලින් ඇතුළේ ඉන්න ඕනෑ අය. කරලා තියෙන දේවල්වල හැටියට. පරක්කු වෙලා හෝ නීතිය ක්‍රියාත්මක වෙනඑක ගැන සතුටුයි.

:       1582       3649

bandaFriday, 27 December 2019 09:25 AM

දවස් දෙකෙන් ඇප, නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. රස්නය අඩු වුණාම නඩුවත් කුණු බක්කියට...

:       68       469

tharangaFriday, 27 December 2019 10:10 AM

ඔව් ඔබ හරි. මෙතෙක් වූ විදිහ... ඒ නිසා තමයි. මේ යන ක්‍රමය වෙනස් කරන්න පොරොන්දු වුණු කෙනෙක්ව පත්කරලා තියෙන්නේ... අපි සුබවාදීව බලාගෙන ඉමු මොනවද වෙන්නේ කියලා..

:       445       1062

SankaFriday, 27 December 2019 10:13 AM

Banda මයා... අපි දැක්කනේ යහපාලනය කාලේ... ඔය වගේම උසාවිවලට වෙට්ටු දදා ගිහිල්ලා කවුරුත් හිරේ ගියේ නැහැ. දැන් ඉතින් මේ පාරත් එහෙමම තමයි. මේ දෙගොල්ලොම කරන්නේ එකම දේ තමයි. එකම වෙනස අපි කට්ටිය ඔක්කොම කොළ සහ නිල් පාට දෙකට බෙදිලා කට ඇරන් බලන් ඉන්නවා. අද හිරේ යයි...හෙට හිරේ යයි කියලා.

:       1052       1206

Hafeel Friday, 27 December 2019 12:40 PM

Tharanga, කොහොමද සුබවාදීව බලන්නේ? පත්කළ මිනිහගේ නඩුත් කල් අරන්, අවසානයේ අහෝසි වුණා.

:       1647       1741

WasudewaSaturday, 28 December 2019 01:27 AM

Sanka... ඔයාගේ කතාව සහතික ඇත්ත. අපිට එක දෙයක් කරන්න තිබ්බා. මේ දෙගොල්ලොම නැතුව JVP ... මල්ලිලා බලයට ගෙනාවා නම් රටට හොඳ යමක් වෙයි කියලා හිත හදාගන්න තිබ්බා. මොකද 99% ඒ ගොල්ලෝ හොරු නෙමෙයි. මේ පාරත් අපි ඇනගත්තා. මේක රටේ අවාසනාවද මන්දා...

:       1742       809

RaveendraFriday, 27 December 2019 11:32 AM

Tharanga, වැලිකඩ හෝටලේ ඇතුලට දියවන්නඔයේ මඩුවෙන් ගිය හැම බියගුල්ලෙක්ම මාංචු දෙක පෙන්න තම සගයන්ට මවා පාවේ තමන් වීරයෙක් බව නමුත් මේ අපේ රාජිත නම් එසේ නොකට තම වීරත්වය නොපෙන්නුවේ නම් එය පුදුමයකි.

:       0       0

Mahesh Friday, 27 December 2019 11:47 AM

මිනිස්සු විනෝද කිරීමට කරන තාවකාලික දේවල්..

:       9       413

purawasiyaa Friday, 27 December 2019 06:45 PM

ලෝකයේ ථෙරවාදී බුදුදහම පවතින සහ අදහන ප්‍රධාන රට ලංකාවයි. සමහර භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් විසින් රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව, පොලිසිය, අධිකරණය, නිලධාරින් සහ දේශපාලකයින් වෙනුවෙන් හෝ විරුද්ධව ප්‍රසිද්ධ ජනමාධ්‍ය කරගෙන යනු ලබන විවේචන හැකි ඉක්මණින් නවතා දැමිය යුතු වන්නේය.. මේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් නිසා අපේ බුදු දහමට, සමස්ත සංඝයා වහන්සේලාට කරනුයේ මහත්වූ නින්දාවකි. අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා මැදිහත්ව මේ සංඝයා වහන්සේලා පිරිස දේශපාලනයෙන් සහ රාජ්‍ය පාලනයෙන් පමණක් නොව බුද්ධ ධර්මයට පිටින් කරනු ලබන්නා වූ විවේචන නැවත දැමීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු. වර්තමාන ජනාධිපතිවරයාව පත්කළේ බෞද්ධයින් පමණක් නොව කිතුනුවන් වූ අපද මහත්සේ කැප වූයෙමු. නමුත් අප මාධ්‍ය මගින් අනවශ්‍ය විවේචනයන් නොකරමු. සියලු ආගම් දේශපාලනයට මැදිහත් නොවිය යුතුබව අපේ මතය වේ. ආගමික නායකයන් හට විවේචන ඇත්නම් රටේ නායකයන් හමුවී ශීලාචාරව, සිල්වත්ව ප්‍රශ්න ඉදිරිපත් කොට විසඳුම් ලබා ගන්න. නායක හිමිවරුන් විසින් කරන්නාවූ ඔවුන්ට නොගැලපෙන මාධ්‍ය විවේචන නිසා අපේ කුඩා බික්ෂූන් වහන්සේලා පමණක් නොව පාසල් දරුවන්ගෙන් පවා අද ආගමට තිබෙන ගරුත්වය නැතිව ගොස්ය...

:       2       124

Nandalal DE SILVA - FranceFriday, 27 December 2019 06:08 PM

අනේද කියන්නේ...! මීට වඩා බරපතල මගෝඩි වැඩකරපු අයියලාගේ වාචාල කටවල් නිසා ඔවුන් තවමත් ලොකු තානාන්තර වල යහතින් වැජඹෙනවා. ඔවුන්ට ඔබ කියන පරිදි "පරක්කු වෙලා හෝ නීතිය ක්‍රියාත්මක වෙනඑක ගැන සතුටුයි" කියන දිනය එන්නේ තව ආලෝක වර්ෂ කීයකින්ද කියා දන්වන්නකෝ...!!!

:       483       674

tharangaFriday, 27 December 2019 07:29 PM

මම මේ අදහස කිව්වේ මේ පුද්ගලයා සම්බන්ධයෙන්.. වැරැදි කරපු සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒකේ කිසිම තර්කයක් නැහැ. පුරවැසියන් හැටියට රජයෙන් සහ නීතිය ඉටුකරන ආයතනවලින් අපි ඉල්ලන්නේ මේ ටිකනේ. බලමු එහෙම නැති වුණොත් තව ඉස්සරහටත් මේ අයව වෙනස් කරන්න බලයක් අපිට එනවනේ..

:       9       4

TharangaSaturday, 28 December 2019 05:40 AM

ආලෝක වර්ෂවලින් මනින්නේ දුර....

:       0       46

LakviduSaturday, 28 December 2019 01:11 AM

චම්පික මහත්තයා බලන්න යස අගේට වැලිකඩට ගියා. වරෙන්තු ආවගමන් හතරගාතෙ පණ නැතිවෙලා ඉස්පිරිතාලේ... ආයෙමත් ඇප ලැබුණු ගමන් චණ්ඩි වගේ අත් උස්සගෙන පෙලපාලි යනවා. අධිකරණයත් මෙහෙම රවට්ටන්න පුළුවන්ද? 

:       1       125

Deepal Nirosh Friday, 27 December 2019 09:08 AM

කීකරු කථානායකතුමාගෙන් අවසර ගත්ත ද?

:       775       1071

Lasintha Friday, 27 December 2019 09:19 AM

එක්සත් ජාතික පක්ෂයට මෙවැන්නන් අනවශ්‍ය බව තේරුම් ගියේ නැතිද තවමත්? නැවුම් සිතිවිලි සහිත, රටට ආදරය කරන, අව්‍යාජ චරිත පක්ෂයට වුවමනා බව නොතේරෙන්නේ ඇයි?

:       273       540

RaveendraFriday, 27 December 2019 09:20 PM

අමතක නොකරන්න කිසිඳු පක්ෂයක් බදාගෙන සිටින පුරවැසියන් තමන් විසින්ම තමන්ගේ රට අගාධයට ඇදදමමින් ජීවත් වෙනවා පමණි. අපට දියුණු සාර්ථක රටක් විදියට සිටීමට පුළුවන් වන්නේ පක්ෂ, පාට අතහැරීමෙන් පමණි. හොඳ දෙය "කවුරු කරත්" එය නිහතමානිව අගයමු. නරක දෙය "යමරජ්ජුරුවෝ" කරත් නොබියව එයට විරුද්ධවෙමු.

:       0       87

wije Friday, 27 December 2019 09:29 AM

කරන කලට පව් මිහිරිය මීසේ... දැන් ඉතින් විඳවන්න.

:       219       608

Kalu Friday, 27 December 2019 09:29 AM

මේ මන්ත්‍රීවරයා, ඇමැතිවෙලා ඉන්න කාලේදී ධීවර කර්මාන්තයෙන් ගසාකාපුහැටි, සෞඛ්‍ය ඇමැතිවෙලා අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලින් තමන්ගේ මඩිය තරකරගත්ත හැටි රටට හෙළිකරලා අවශ්‍ය දඬුවම් නීතියෙන් ලබාදිය යුතුමයි.

:       445       714

TARZANFriday, 27 December 2019 10:09 AM

සිංහල ජාතිය කියන්නේ කව්ද කියලා මේකෙන් දැනගන්න පුළුවන්. අද වනවිට ලංකාවේ රෝහල්වල තත්ත්වය බලනවිට එ්කට පැසසුම් කරන්න මෙතුමා කරපු හොඳ කියන්න කෙනෙක් නැහැ. මෙතුමාගේ අනිත් ජාතීන්ට ටිකක් වැඩියෙන් කඩේ යන ගතිය නිසා මෙතුමාව විවේචනය කරනවා. යුද්දේ ඉවර කරන කොට මෙතුමා හිටියේ කොහේද? ඔය අද මහලොකු දේශප්‍රේමීන් වන, දයාසිරි, ජෝන්ස්ටන් කොහෙද හිටියේ? අනේ මන්දා සිංහල ජාතිය මෙච්චර ගුණමකුද?

:       2068       2011

athuraFriday, 27 December 2019 10:28 AM

අන්න කතාව.

:       323       320

Wijebahu Friday, 27 December 2019 11:45 AM

හරියට හරි... රාජිතට ගොඩක් මඩ ගහන්නේ GMOA එකේ පදයට නටපු නැති නිසා...

:       442       551

ChandiFriday, 27 December 2019 11:51 AM

අනේ ටාසන් ඔයාගේ කැලේ කිඹුලෝ එහෙම නැද්ද?

:       172       264

anjanaFriday, 27 December 2019 12:35 PM

රාජිත අැමති කාලේ බෙහෙත් මිල අඩුකරන්න ඇති.. රෝහල් සංවර්ධනය කරන්නත් ඇති. එ්කට තමයි ජනතාව එයාව අැමැති කෙනෙක් කලේ... එක සෞඛ්‍ය අැමැතිගේ රාජකාරීමය යුතුකම්වලින් කොටසක්... ඒ වගේම එය ගසාකාපුවත් ඇති..., දූෂණ, වංචා කරපුවත් ඕනෑතරම් ඇති... කළ වරදට දඬුවම් නොදෙන්න. කරපු රාජකාරිය හේතුවක් නෙමෙයි...

:       186       345

GalaparaFriday, 27 December 2019 10:23 AM

අනේ කළු.... බොරු නම් කියන්න එපා. ඕවා කියන්න දොස්තර සංගමයට, ඒගොල්ලෝ තමයි ලෙඩ්ඩු ඇපයට තියල ස්ට්‍රයික් කරලා අසරණ දුප්පත් ලෙඩ්ඩු අනාත කළේ. රාජිත අත්‍යවශය බෙහෙත් 200 ක මිල ගනම් 75%, 50% පමණ මිලකින් අඩුකලා.

:       358       1506

karuFriday, 27 December 2019 01:04 PM

මාරක පිළිකා බේත් ගෙනාවේ මෙයා තමයි.

:       622       344

AsankaSaturday, 28 December 2019 05:05 AM

ගැබිණි මව්වරුන්ට අත්‍යවශ්‍ය යකඩ පෙති වෙනුවට මල ජරාවක් ගෙනැල්ලා.. එව්වා හොඳ වැඩ වෙන්න ඇති සමහර නරුමයින්ට...

:       317       38

Mahesh Friday, 27 December 2019 09:33 AM

සයිටම් රාජිත හොඳම වැඩේ. හැබැයි මේ අරන් තියෙන හේතුව බැලුවාම ආණ්ඩුවේ වගේම විපක්ෂයේ අයත් මැතිවරණ කාලයේ කියපු බොරුවලට අරගන්න පුළුවන්නේ...

:       61       212

මොනිකා Friday, 27 December 2019 09:33 AM

ඊළඟට කවුද ඉන්නේ පෝලිමේ...?

:       32       220

saaliFriday, 27 December 2019 11:11 AM

රාජගිරියේ බිල්ඩිම බදු ගත්තා. බෝම්බ පිපිරෙන කොට සිංගප්පූරු ගියා. ඒ ගොල්ලන්ට කේස් නැතිවෙන්න බැහැ. පැත්ත මාරු කරලා සහයෝගය දුන්නාට..

:       0       111

Chandana Friday, 27 December 2019 09:38 AM

හොරුන් දඩයම අරඹා ඇත.

:       262       418

Hudson Friday, 27 December 2019 11:48 AM

නන්දෙ ඇතුළෙද?

:       1       163

හංසිකා කුමාරි ජයවර්ධන Friday, 27 December 2019 09:40 AM

දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන කෙනෙක් අත්අඩංගුවට ගැනීම අමානුෂික ක්‍රියාවක්.. නීතියෙන් අවසර තිබුණත්. ශල්‍යකර්මය අවසන් වෙලා වෛද්‍යවරු අනුමැතිය දුන්නට පස්සේ අත්අඩංගුවට ගත්තා නම් ප්‍රශ්නයක් නෑ. අපි මෙතෙනදී නීතියට වඩා සාරධර්ම සළකන්න ඕනෑ.

:       1862       256

සේනක Friday, 27 December 2019 10:29 AM

මට පේන විදිහට මෙයා රාජිත සේනාරත්නට කඩේ ගිය එක්කනෙක් වෙන්න ඕනි. ඔබට කියන්න පුළුවන්ද රාජිත සේනාරත්න මීට කලින් ලංකාවේ කොයි ඉස්පිරිතාලෙන්ද බෙහෙත් අරන් තියෙන්නෙ කියලා. රටේ හිටිය සෞඛ්‍ය ඇමැති, නමුත් අද වෙනතුරු බෙහෙත් ගත්තේ සිංගප්පූරුවට ගිහිල්ලා.

:       244       276

Gamarala Friday, 27 December 2019 12:04 PM

පනින්න පෙර සිතාබැලිය යුතුව තිබුණා. එවකට වගකීමක් දැරූ අයෙක් වශයෙන් මොලේ කළඳක්වත් තිබුණා නම් ඔය වගේ තකතීරු වැඩ කරන්නේ නැහැ. මේවා අනාගතයටත් පාඩම්...

:       1       63

LakviduFriday, 27 December 2019 04:58 PM

ඔය නීතිපොත අලුතින් ලියන්න යනවද? අනේ දන්නේ නැති නිසයි ඇසුවේ...

:       0       45

HarinFriday, 27 December 2019 07:47 PM

අත්අඩංගුවට ගත්තට ඉන්නේ එම රෝහලේමයි තාම...

:       0       0

Laksitha France Friday, 27 December 2019 09:43 AM

නන්දලාල් දැන් සනීපද?

:       0       149

Nandalal DE SILVA - France Friday, 27 December 2019 09:53 AM

රෝගීව රෝහල් ගතවී සිටින ඕනෑම දරුණු "අපරාධ කාරයෙක්" වුවද මෙවැනි අමානුෂික විධියට අත් අඩංගුවට ගැනීම කිසිම ශීලාචාර රටක සිදු නොවේ..! මෙය ඉතාමත් සැලසුම් සහගතව එතුමාගේ චරිත ඝාතනය සහ දේශපාලනයෙන් ඉවත්කිරීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වග හොඳින් පැහැදිලි වෙනවා. ඒකාධිපති පාලනයක් සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය කුණු බක්කියට දැමීමේ පහසු උත්සාහයක් බව "ළදරු" ගෝඨාභය රජය යලිත් වරක් සනාථ කර තිබෙනවා. 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මෙයටද? රටට අබ සරණයි!!!

:       2310       1371

beau Friday, 27 December 2019 09:56 AM

බොහොම හොඳයි.

:       127       137

Bandara Friday, 27 December 2019 09:59 AM

එළකිරි සහ ජලය... සන්තෝසයි...

:       104       161

Ranasinha Friday, 27 December 2019 10:00 AM

පාට් ටයිම්...!!!

:       22       72

Hemantha Friday, 27 December 2019 10:08 AM

උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් බලන් හිටියේ, මෙන්න බොලේ ඊට වඩා සතුටට කාරණයක්!

:       351       370

Rata wesiya Friday, 27 December 2019 11:19 AM

නව රජයකින් කලයුතු බොහෝ දේවල් තවම ඒමට ඇත.

:       0       0

saliya Friday, 27 December 2019 11:37 AM

හොරා පොලිස් සෙල්ලමට අපි රැවටිලා... අපිට මොකද වුනේ කියලා තේරෙනකොට ප්‍රමාද වැඩිවේවි...

:       1       65

indika Friday, 27 December 2019 11:38 AM

අවසානයේ හොරු අල්ලන්න බලේ අරන් ආව පිරිසව හොරුන්ගේ ග්‍රහණයට අහුවුණා. හොඳම වැඩේ හොරුන් එක්ක ඩීල් දදා හිටියට. දැන් විඳවන්නලා කට්ටිය...

:       1       142

Laksitha France Friday, 27 December 2019 11:51 AM

නන්දලාල් කියන ඒවා ගණන් ගන්න එපෝ..

:       18       30

kumara paris 18Friday, 27 December 2019 01:06 PM

ඔව් එයාලා චැපල් වල පීරිස් අයියාගේ තැනට ගිහින් වැනි වැනී එනගමන්ද කොහෙද..?

:       14       33

nimal Friday, 27 December 2019 12:09 PM

එකමත් එක කාලෙක.. දඩයක්කාරයෝ දඩයම පසු පස ලුහුබැන්දා.. එ්ත් අද දඩයම දඩයක්කාරයින් පසුපස ලුහුබඳිනවා.

:       47       100

සේනක Friday, 27 December 2019 01:33 PM

අයියෝ බේරුවල හිටපු කිඹුලාට වෙච්චි වැඩේ. රටට කරපු දේවල්වලට විඳවන්න ඕනේ ඔහොම නෙමෙයි මහත්තයෝ. තාම විඳවන්න පටන් ගත්තා විතරයි.

:       203       321

Warnakulasuriya Friday, 27 December 2019 01:50 PM

පහත් මට්ටමේ දේශපාලන හැසිරීමට උපරිම දඬුවම් ලබාදීම සුදුසුයි. ඒ වගේම කඩු පෙන්නා ජනතා මනස විකෘති කළ අය ගැනද සලකා බැලීම සාධාරණයි. ඒ වගේ දේශපාලන රැළිවලට ලබාගත් ලංගම බස් රථවලට ගෙවිය යුතු ණය මුදල්ද රජයට අයකර ගත යුතුය. මැතිවරණ සඳහා දේශපාලන පක්ෂ කරන වියදම්ද සොයා බැලිය යුතුව ඇත. එක්සත් ජා. පක්ෂයද ඩීල් දාස කෙනෙක් සොයා ගත්තේ නම් මේ කව්රුත් සමාන විය හැකියි.

:       165       104

Athula k Friday, 27 December 2019 02:20 PM

මොහුට තිබුනේ ඔය වගේ දෙයක් දැනගත්තම එය අදාල නීතිඅංශ වලට දැනුම් දෙන්න. ප්‍රකාශය කරපු එක අයෙක් රත්තරන් සල්ලි කියපු ගමන් මොහු එය ඩොලර් කියලා කියපු එකෙන් ඕනේ කෙනෙකුට තේරෙනවා මෙය මොහුගේ අධ්‍යක්ෂණයක් බව... අනෙත් එක ඕනේදේකට බෙරිහන් දෙන විමල් කිව්වා දින කීපයකට කලින් මෙහෙම දෙයක් වෙන බව... අනිත් දේ මේ පාතාලයට සම්බන්ධ මිනිස්සු වුණු එකෙන්ම පේනවනේ රාජිතගේ වැඩ...

:       106       119

Nimal Friday, 27 December 2019 02:51 PM

සමහර දොස්තරලගේ වැරැදි ඇති. නමුත් ජී.එම්.ඕ.ඒ. එක කියන බොහෝදේවල් සාධාරණ බව පේනවා. සාක්කි ඇතිව ඉදිරිපත් කරන දේවල් කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ..?

:       295       355

ලැවොයිසියර් Friday, 27 December 2019 03:18 PM

රාජිතට බාහිර හා අභ්‍යන්තර ආරක්ෂාව ලැබී ඇත.

:       0       3

Amula Friday, 27 December 2019 04:47 PM

දැන් ලොකු අයියා ඇතුළු පවුලේ සැමට සතුටුයිනේ.. මැටි වහල්ලු ඉන්න රටකට මේක සුළු දෙයක් දේශපාලන පළිගැනීම හැම පක්ෂයක්ම නැවැත්විය යුතුයි. හැබැයි හොරකම් කරන එකට නම් දඬුවම් දෙන්න ඕනේ..

:       133       122

Lakvidu Friday, 27 December 2019 05:03 PM

එම ක්‍රියාව වරදක් නම් එය නීති පොතේ වරදක් මිස ගෝඨාභය ජනාධිපතිතුමාගේ වරදක් නොවන බව තේරුම්ගන්න වත්මොලයක් නැද්ද ඔයාට?

:       110       39

Nandalal DE SILVA - France Friday, 27 December 2019 05:53 PM

මේ වාර්තාවේ තිබෙන හැම පින්තූරයේම ඉන්න පොලිස් භට සේනාව දැක්කම බයත් හිතෙනවා. එක රෝගියෙක් අල්ලා රිමාන්ඩ් කිරීම සඳහා මෙතරම් භටයන් අවශ්‍යද කියා මගේ ආච්චි අහනවා. උන්දැටත් හැම මගුලක්ම දැනගන්න ඕනෑ. "අපේ රට යන අත" කියන එක විස්තර කිරීමට තවත් පින්තූර හෝ අටුවා, ටීකා අනවශ්‍යයි...

:       246       227

Laksitha France Friday, 27 December 2019 06:40 PM

මායා ඔබ හමුවෙන්න කැමති මම කියලා දෙන්නම්.. නැතිනම් මට කියලා දෙන්න.

:       0       0

Bandara Friday, 27 December 2019 06:07 PM

හම්බවුණු ඡන්ද සංඛ්‍යාවට වඩා ඩිස්ලයික් ගාන වැඩියි.

:       83       111

Kamal Friday, 27 December 2019 07:02 PM

නන්දලාල්ට මොකක්ද වෙලා තියෙන්නේ?

:       0       10

sumudu paris 15Saturday, 28 December 2019 07:14 PM

ඕක පණු අමාරුවක්... පැරිසියේ බෙහෙත් ඕනෑතරම් තියෙනවා.

:       0       0

Sunil gikiyanage Saturday, 28 December 2019 12:06 AM

හරි රිමාන්ඩ් තමයි කොහෙද ඉන්නේ? තවම රෝහලේ නේද?

:       0       2

sudaSaturday, 28 December 2019 09:11 PM

ඉස්පිරිතාලේ තමයි නමුත් ගැට ගහලා. අාතතියටයි ප්‍රෙෂර් එකටයි වාට්ටුවේ හැමතැනම දුවන්න ගත්තලු. අල්ලපු අයව කන්න පැන්නලු...

:       0       0

දාබරේ Saturday, 28 December 2019 05:28 AM

අත්අඩංගුවට ගත්තා නම් ඉන්න ඕනේ රිමාන්ඩ් එකේ. නමුත් තාම ඉන්නේ ලංකා හොස්පිටල් එකේ සැපපහසු ඇඳේ. කාවද මේ රවට්ටන්න හදන්නේ? ජනතාවද?

:       5       12

nimalSaturday, 28 December 2019 10:01 AM

අපේ රටේ ජරාවකන දොස්තරලා ඉන්නකම් මෙව්වා වෙනස් වෙන්නේ නැහැ.

:       0       9

gunarathnaSaturday, 28 December 2019 03:47 PM

මෝඩ කතා කියන්ට එපා. හොස්පිටල් එකකට ලෙඩෙක් ඇතුල් කළාට පස්සේ ලෙඩාගේ වගකීම තියෙන්නේ දොස්තරලට මිසක් පොලිසියට නොවේ. පොලිසිය බලෙන් අරන් ගිහින් කූඩුවට දාලා මේ මිනිහට යම්කිසි කරදරයක් වුණොත් කවුද වග කියන්නේ? ඔයාගේ බාප්පාද? ඊටපස්සේ වෙන්නේ පොලිස් නිලධාරියාට සහ අණ දුන්නු කෙනාට මානව හිමිකම් කොමිසමට බඩගාන්න...

:       0       1

sugath Saturday, 28 December 2019 03:33 PM

මෑතකාලයේ සෞඛ්‍ය සේවයෙන් සාමාන්‍ය මහජනයාට වැඩිම සේවයක් වූයේ මෙතුමා ඇමතිධුරය දරන කාලයේයි. රටේ සෞඛ්‍ය සේවයට සිදුවූ සේවය පිළිබඳව සලකා මොහුව නිදහස් කළ යුතුයි. අද මොහුට මඩ ගසන ප්‍රධාන කණ්ඩායම නම් GMOA එක... ඊට හේතුව නම් රාජිත සේනාරත්න GMOA එකේ පදයට නටන්නේ නැතිවීමයි. අලුතින් පත්වී ඇති ඇමතිවරිය නම් මෙතුමා ළඟින්වත් තැබිය හැකි කෙනෙක් නොවේ.

:       0       4

athula Saturday, 28 December 2019 04:16 PM

ඔන්න බලන්න 3 වෙනි නාට්‍ය මහා මැතිවරණයට කිට්ටුකරා රිෂාඩ් බදුර් දීන් ව ඇතුලට දානවා .

:       0       0

Shan Saturday, 28 December 2019 05:54 PM

මේකත් චතුර පුතාගේ ප්ලෑන් එකක් වෙන්න ඕනේ.. එයා පට්ට උගතා..

:       0       0

Sanjeewa Saturday, 28 December 2019 11:26 PM

දැනෙන සතුටක්, මේ වගේ දේශද්‍රෝහීන් රටින් එලවලාම දාන්නා ඕනේ...

:       1       0

Lakvidu Sunday, 29 December 2019 03:31 AM

නීතිවිරෝධී වැඩකරලා අහුවෙලා... උසාවියෙන් වරෙන්තුවක් ආපු ගමන් රටේ නැති හොර ලෙඩ අරගෙන ඉස්පිරිතාල අස්සේ රිංගන එක නවත්තන්නත් ජනාධිපතිතුමා කටයුතු කළොත් හොඳයි..

:       0       1

Ramsi Sunday, 29 December 2019 03:33 AM

මම දන්නා තරමින් ලංකා හොස්පිටල් එකේ තියෙන හැම ප්‍රතිකාරයක්ම කොළඹ ජාතික රෝහලේ තියනවා. එ් නිසා මෙයාව ජාතික රෝහලට යැවිය යුතුයි.

:       0       1

Reks Sunday, 29 December 2019 03:40 AM

හොරකම් කිරීම හොරුන්ගේ ගතියකි. ඒ අය හිරේ ගිහින් ඇවිත් කරන්නෙත් හොරකම්මයි. එහෙත් ඒ බව දැනදැනම එවන් තක්කඩියන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ මෝඩ ගතියකි.

:       0       1

Soma dubayi Sunday, 29 December 2019 04:35 AM

ගරු රාජිත මැතිතුමා වගේ සිංහයෙක් හිරේ යන්න බය නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 42 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 404 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 435 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 690 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 600 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 94 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site