IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

(නිමන්ති රණසිංහ)

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) රාත්‍රී කොළඹ නාරාහේන්පිට පෞද්ගලක රෝහලක් වෙත ඇතුළත් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වරෙන්තුව ද රැගෙන ගොස් ඒ මහතාට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

අද (26) මධ්‍යම රාත්‍රීය වන තුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෛද්‍යවරයාගෙන් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (22)

රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

Raveendra Thursday, 26 December 2019 08:01 PM

විශේෂඥ වෛද්‍යවරක් යනු මහජන මුදල් අධික ලෙස වියදම් කර ඉගෙනීම ලැබූ පුරවැසියෙකි. එබැවින් ඔහු හෝ ඇය තමන්ගේ අවංක සේවය වඩාත්ම කල යුත්තේ අහිංසක මහජනතාව වෙනුවෙනි. මෙම වෛද්‍යවරයා එසේ කලේද යන්න හොදින්ම පැහැදිලිය. තොරතුරු දැනගැනීමේ අටමගලේ යටතේ මෙම වෛද්‍යවරයාගේ නම් ගම් මහජනතාවට දැනගනුමට සලස් වන්නේ නම් කෘතඥ වන්නෙමු.

:       811       527

NishanFriday, 27 December 2019 03:14 AM

තොරතුරු දැනගැනීමේ පනත අටමගලක් නම් ඔබ එහි පිහිට පතන්නේ ඇයි? යුද්දෙකදිවත් සතුරාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුගෙන් ප්‍රශ්න නොකරන සදාචාරයක් ලොව පුරා පවතිද්දී හෘද රෝගියෙකු සහ බයිපාස් සැත්කමකට බාජනය වී සිටින රාජිත සේනාරත්න මහතාට ප්‍රතිකාර කල වෛද්‍යවරයාගෙන් පැය ගානක් ප්‍රශ්න කරන්නේ හිටලර්ටත් වඩා කුරිරු පාලකයෙක් ලංකාවේ සිටින නිසා විය යුතුය.

:       916       3391

RasiFriday, 27 December 2019 03:45 AM

නිශාන්, ඔබ පතන සහ සිටින ලෝකය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුද නැතහොත් එකාධිපතිවාදී විය යුතුද යන්න මා නොදනී. නමුත් එක දෙයක් පැහැදිලියි එනම් ඔබ මොවුන්ගෙන් කුමන හෝ දේශපාලන කදවුරක් නියෝජනය කරනු ලබන බවයි. කුමන වෘතිකයෙක් කලයුත්තේ ඔහුගේ වුර්තීමය ගරුත්වය හෝ ආචාර ධර්ම රැකීම වේ. අප බොහෝ විට ලංකාව දියුණු රටක් කල යුතුයි යන්නෙන් අදහස් කරන්නේ රටේ කාර් හෝ දියුණු පාරවල් ඇති කිරීම නොවේ.

:       179       238

RaveendraFriday, 27 December 2019 04:21 AM

Nishan මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. තොරතුරු දැනගැනීමේ පනත නිසිලෙස බලාත්මක නම් " අටමගලක් නොවේ " නම් මෙම පුවත පලවන විටම එම වෛද්‍යවරයාගේ නම් ගම් සදහන් නොකළේ මන්ද ? අප කිසිදු " දේශපාලුවෙකුට "කඩේ යනවා නොව, වරෙන්තුවක් නිකුත්කළ කෙනෙකුට රටේ නම හෑල්ලුකල කෙනෙකුට ප්‍රතිකාර කිරීමේදී කිසිදු වෛද්‍යවරයකුගේ වගකීමක් හෝ යුතුකමක් නොවේද ලගම තිබෙන පොලිසියට ප්‍රතිකාර කල පසු හෝ කරන ගමන් එය දැන්වීමට? සරලවම සිතන්න, ඔබට හෝ මට තුවාලයක් සිදුවී ප්‍රතිකාර ගැනුමට ගියවිට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට සැකයක් මතුඋවහොත් මේ තුවාලය නම් නිකන් සිදු වුවක් නොවන බවට ඔහුගේ වගකීම හා යුතුකම ප්‍රතිකාර කර ලගම තිබෙන පොලිසියට දැන්වීම බව.

:       0       3

BamunuarachchiFriday, 27 December 2019 04:43 AM

මෙතන සිදුවන්නේ වංචාවක් බොරුවක් කියලා තේරෙන්නේ නැද්ද. රාජිත ඉස්පිරිතාලය ආවේ ඇවිදගෙන රෝදපුටුවක නොවෙයි. බොරුකාරයෝ වෙනුවෙන් කතා කරන ඔබලාට ඔය කියන සදාචාරය තිබෙනවාද? ඔබට හරියට තර්කයක් ගොඩ නගා ගන්නත් බැහැ.

:       0       3

UshaFriday, 27 December 2019 05:03 AM

නිශාන් ඔබ හරියටම හරි. ප්‍රභාකරන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන්වත් මෙච්චර ප්‍රශ්න කරන්නේ නැතුව ඇති. සදාචාරයක් බලාපොරොත්තු විය හැක්කේ සදාචාරාත්මක පාලනයකදී පමණි.

:       95       317

Amula Thursday, 26 December 2019 08:52 PM

මේක පුද්ගලික පලි ගැනීමක් කියන එක බොහොම පැහැදිලියි.

:       1261       1386

De Thursday, 26 December 2019 09:52 PM

අන්තිමට වෛද්‍යවරයා වැරදිකාරයා වෙයිද මන්දා ?

:       6       147

ramaniTuesday, 31 December 2019 12:52 AM

බොරු දොස්තර කෙනෙක්..................

:       0       0

Chathuri Thursday, 26 December 2019 11:05 PM

දොස්තර කියන්න ඇති මට ඌ ගැහැව්වා ඌ මට ගැහැව්වා කියලා. වෙන මොනවා කියන්නද.

:       0       43

Sarath R Friday, 27 December 2019 12:13 AM

මෙවැනි කිහිප දෙනෙක් නිසා එජාපයේ තිබු මහත්මා දේශපාලනය විනාශ වී, බලවත්ව තිබු එම පක්ෂය අද සුලුජාතිකයන් හා එන්ජීඔ පසුපස යන පරාජික තත්වයකට පත්වීම ඉතා කණගාටුදායකය.

:       40       568

maduri Friday, 27 December 2019 12:59 AM

රාජිත නිසා පැත්තක සිටින දොස්තර මහත්තුරුත් කරදර විදිනවා. රාජිතට උපරිම දඩුවම් දිය යුතුමයි.

:       19       323

මුණසිංහ Friday, 27 December 2019 01:49 AM

හොදට හිටී මිනිහා එක සැරේටම ලෙඩ කලාට දොස්තරටත් විත්ති කූඩුවට නගින්න වෙයිද?

:       7       220

Maas Friday, 27 December 2019 02:54 AM

බඩේ අමාරුවක්

:       0       50

lalithm Friday, 27 December 2019 03:11 AM

රාජිත වැරදි වෙන්න පුළුවන්. එහෙත් මේ නාටකය දිගහැරෙන විදියට බොහෝ විට පෙනෙන්නේ මේ රටත් පකිස්ථානය වගේ වෙලා කියලා. එහෙම වුනොත් අපේ උගත් තරුණ පරපුර රට හැර එක නවත්වන්න මොනවා කලත් බැරිවෙයි. හන්දි ගානේ කල් මරණ නිකමුන්ට මෝඩ චූන් කාරයින්ට නම් මේ නාටක හොඳයි.

:       202       312

gmmarala Friday, 27 December 2019 03:15 AM

ඕකනේ කියන්නේ තනියම යන්න බැරුවම තවත් අයත් අරන් යනවා කියල. වෛද්‍යවරයා ආචාර ධර්ම අනුව ලෙඩෙක් ආවම ප්‍රතිකාර නොකර ඉන්න බැහැනේ. දැන් ඒ අයත් අමාරුවේ නේද ?

:       107       67

Gune Friday, 27 December 2019 03:42 AM

ඉස්සර එක්තරා වෛද්‍යවරියක් සහතික කලාලු 'මේ ලෙඩාගේ හිසේ මුනිස්සම් තියෙනවා, වහාම සිගප්පුරු ගෙනියන්න' කියල. ඒ අනුව සියලු රාජ්‍යානුග්‍රහ මැද්දේ ඔහු සිගප්පුරුවේ නැවතිලා බෙහෙත් අරන් නඩුව ශේප් වෙන මට්ටමට ආවට පස්සේ ලංකාවට ආව.

:       36       194

Bamunuarachchi Friday, 27 December 2019 04:47 AM

දෙකක් ඇන්නත් ප්‍රශ්නයක් නැහැ. අපි මුකුත් කියෙන්නේ නැහැ.

:       0       1

Deepal Nirosh Friday, 27 December 2019 06:50 AM

තමාගෙන් ප්‍රතිකාර ගැනීමට එන තැනැත්තා රෝගියෙක් නම් ඔහුට හෝ ඇයට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයාගේ පරම යුතුකමයි. හැබැයි ඔහු හෝ ඇය රෝගී වූයේ කෙසේද යන්න පළමුව පරීක්ෂා කර අවබෝධ කරගෙ‍නයි එය කළ යුත්තේ. අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළ කෙනෙකු රෝහලකට හෝ කවර තැනක සිට පොලිසියට හමුවුණොත් ස්ථාන භාර පුද්ගලයාගෙන්ද ප්‍රකාශ ගැනීම අනිවාර්යයි.

:       0       2

Nandalal DE SILVA - France Friday, 27 December 2019 08:48 AM

අසත්‍ය චෝදනා ගොනුකර දේශපාලන පළිගැනීමකට රජය මගින් ලක්කර සිටින රාජිත මැතිතුමාගේ අසනීප තත්ත්වයට රජය මුළුමනින්ම වගකිවයුතු වෙනවා. හෙට අනිද්දා වනවිට, එතුමාගේ ගෘහ සේවක සේවිකාවන්ගෙනුත් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය හඹා යනු නොඅනුමානයි !! සකල සිරින් පිරි සිරි ලංකාවේ කප්පරක් හොරුන්, වංචාකාරයන්, දූෂිතයන් අල්ලනවා වෙනුවට රෝහල් අස්සේ රිංගන්නට රහස් පොලිසියට වෙලා තිබෙනවා ... "අනේ කාලේ, වනේ වාසේ" කියමින් මගේ සීයා හූම් ලනවා.

:       288       9

raniFriday, 27 December 2019 11:17 AM

එහෙනම් ඉතින් සීයාවත් කූඩුවට දමන්න.

:       0       48

Bamunuarachchi Friday, 27 December 2019 03:20 PM

මේ ගොල්ලෝ තමයි හොර මෙඩිකල් දෙන්නේ...

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 54 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 395 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 713 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 258 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 223 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 259 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site