IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


රාජිතගෙන් තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපේක්ෂිත අයැදුම්පත් දෙකක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සේනාරත්න මහතා ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (32)

රාජිතගෙන් තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

Raveendra Monday, 23 December 2019 06:55 AM

අප රටේ දේශපාලුවන් නමැති අය තිබිරිගෙයි සිටම ලැජ්ජාව නමැති නහර කපා ඉවත් කර ඇතිබවට මෙයද තවත් හොදම උදාහරණවලින් එකකි.

:       2       465

palitha Monday, 23 December 2019 06:59 AM

ඕකතමයි බොල කියන්නේ යක්කුන්ට බයේ සොහොන්වල ගෙවල් හදන්න යන්න එපා කියලා...

:       6       877

Palitha Monday, 23 December 2019 07:05 AM

වෙන මිනිස්සු හිරේ යද්දී මේ අයට හරි සරලයි. ඒ තමන් හිර@ යයි කියලා දැනෙද්දී මුත්‍රා යනවා. රජ සැප විඳලා.., දුක් විඳින්න බයයි.

:       0       486

කපිල වසන්ත කුමාර Monday, 23 December 2019 07:08 AM

ඔච්චර බය නම් ඒ වගේ දේවල් නොකර ඉන්න තිබුනේ... මෙයාට සමාවක් දෙන්නම හොඳ නෑ. බාල ඖෂධ ගෙනාපුවටත් එක්කම අත්අඩංගුවට අරන් නඩුදාලා ජම්පරේ අන්දන්නම ඕනෑ...

:       0       460

Chandi Monday, 23 December 2019 07:08 AM

ඔව් ඔව්, ඔහේ හිතාගෙන ඉන්නේ තමුන්ගේ පක්ෂේ වගේ අධිකරණය විහිළුවක් කියලද? බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා...

:       2       266

Deepal Nirosh Monday, 23 December 2019 07:25 AM

ඒ කියන්නේ මේ සිද්ධියට තමුන් අත්අඩංගුවට ගන්න බව ඉර හඳ වගේ විශ්වාසයි කියන ඒක නේද?

:       0       591

HafeelMonday, 23 December 2019 08:19 AM

ගොනා හැරෙනකොට තේරෙනවනේ කොරටුවට පනින බව...

:       0       82

kamal Monday, 23 December 2019 07:37 AM

පාලන පක්ෂයේ නොහිට උසාවියේ පිහිට පැතීම ප්‍රතිඵලදායක නැහැ.

:       170       428

Mahesh Monday, 23 December 2019 08:19 AM

ආණ්ඩු පක්ෂය එක්ක ඩීල් එකක් දාගන්න පුලුවන් නම් ගොඩ... අපේ විරුවා කරේ.

:       161       179

p.d gonawardena Monday, 23 December 2019 08:13 AM

සිරිකොතේ පිදුරු වීරයා.. අන්තෝ ජටා බහි ජටා...

:       2       281

RanjithT Monday, 23 December 2019 08:19 AM

කරන කලට පව් මිහිරිය මීසේ... විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ...

:       37       240

Hafeel Monday, 23 December 2019 08:23 AM

මේ රාජිත ගැන දැන්වත් තේරුම් ගන්න ඕනේ. මේ අපේක්ෂිත ඇප අයැදුම්පත අර යාළුවන් දෙදනාට ඇයි ඉදිරිපත් කරන්න බැරිවුණේ? මේ රාජිත 1994දී රනිලුත් එක්ක එකට ඉඳන් විපක්ෂනායක තේරීමේ රහස් ඡන්දයේදී ගාමිණී දිසානායක මහතාට ඡන්දය දුන්නයි කියලා මෙයාම කිව්වා. එවැනි ද්‍රෝහිකම් කරන්න කපටියෙක්...

:       0       189

lalithm Monday, 23 December 2019 08:45 AM

ඉස්සර ලැබිච්ච අවස්ථාවේ හොරු ඇල්ලුවා නම් තවම තමුන් රජවගේ ඉන්නවනේ... බොරුවට කියකිය හිටිය එකේ... පව් දැන් ඉතින් ඇදපන් බළලෝ...!!!

:       4       77

Ruwan Monday, 23 December 2019 09:04 AM

මෙයානම් ජම්පරය අන්දන්නම ඕන කෙනෙක්.

:       0       197

sigithi Monday, 23 December 2019 09:06 AM

කට මත දෙඩවූ වෙරි වූ මියට සිදුවුන දේ .

:       0       125

MD Monday, 23 December 2019 09:28 AM

ඇත්තටම මේ ගැන මේ තරම් පස්සෙන් එළවන්න මෙයා හොඳ කෙනෙක්ද? මේවායෙන් එය තවත් ඔලුවට ගන්නවා. අතඇරලා දාන්න. මේවට වඩා රටේ දියුණුව වෙනුවෙන් එම වෙලාව අරගෙන රජයට සහාය වෙන්න.

:       137       24

Ramendra Monday, 23 December 2019 09:33 AM

ඇප අයදුම්පත් දාන්න පුරුදු කලේ කව්ද කියලා කාට හරි කියන්න පුලුවන්ද?

:       3       70

Gamarala Monday, 23 December 2019 09:38 AM

මොකද බයවෙලා වගේ. අතීතයේ වීරයෝ ඔහොම නැට්ට කොහෙද හංගගෙන ඉන්නේ ඇයි?

:       0       197

Nadeeka Monday, 23 December 2019 09:57 AM

නීතිය සමානනම් ඔහුට ඇප ලැබිය යුතුයි.

:       285       11

මහසෙන් Monday, 23 December 2019 10:21 AM

මහා කුරිරු සතුටක් දැනෙනවා...දැන් ළඟ ළඟම වගේ..

:       1       58

Senarath Monday, 23 December 2019 10:22 AM

මෙයාම තමා "ස්විස් නාඩගමේ " ප්‍රධාන අධ්‍යක්ෂක.

:       0       197

Bandara Monday, 23 December 2019 10:38 AM

ලැජ්ජාවක් ඇත්තේම නෑ. ඒත් තවත් මේ අයට කඩේ යන හරක් ඉන්නවා.

:       0       153

hemantha Monday, 23 December 2019 11:01 AM

ඩිස්ලයික් ඇත්තෙම නැති තරම්.......මම හිතන්නේ මෙයා හිරේ යනවට නම් කව්රුත් අකමැති නැහැ වගේ. බොරුවට ආයුශ අඩුයි කියන්නේ ඒකයි. පාඨලී පැහැදිලිවම දේශපාලන පළිගැනීමක් වුනාට මෙයා දාන එක සාධාරණයි.

:       0       58

sugath Monday, 23 December 2019 11:05 AM

තමන්ගේ පැවැත්මට රට පාවා දෙන මෙවැන්නන් හට දඬුවම් දිය යුතුයි. ලංකාවේ දේශපාලකයින්ගේ මේ තුප්පහි ගති කවදා නැතිවෙයිද?

:       0       41

Uditha - London Monday, 23 December 2019 12:56 PM

මට නම් මේ මිනිස්සුන්ගේ මුහුණවල් දකිනකොටත් අප්‍රසන්න බවක් දැනෙන්නේ.. හොඳට පේනවා මූණවල් දැක්කම හිත්වල තියන අපිරිසිදු බව...

:       0       61

Bamunuarachchi Monday, 23 December 2019 04:02 PM

ඕනම පල්හොරෙක් වංචාකාරයෙක් පස්සේ යන්න මිනිස්සු කොටසක් ඉන්නවා...

:       0       21

BamunuarachchiWednesday, 25 December 2019 01:59 AM

නීතිඥයෝ නම් පස්සෙන් ගියාට කමක් නැහැ. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ලෝකේ පල්හොරු වංචාකාරයෝ නිසා....

:       0       0

Kamal Monday, 23 December 2019 04:53 PM

තාත්තට වඩා පුතා වයසට ගිහින්.

:       0       16

Kirthi Monday, 23 December 2019 11:55 PM

අත්අඩංගුවට කලින් ඇප ඉල්ලන්නේ මොකද? ඇප දෙන්නේ අත් අඩන්ගුවෙන් පස්සේ නේද? හිරේ දාන කන් ඉන්න රජෝ ඇප ඉල්ලන්න.!!

:       0       14

Bamunuarachchi Tuesday, 24 December 2019 01:10 AM

කොහොම උනත් තාත්තාට කම්කරු ජොබ් එකක් පුතාට සිකුරිටි ජොබ් එකක් ෂුවර් එකටම සජිත් ගෙන් ගන්න පුළුවනි.

:       0       18

sharm warn Tuesday, 24 December 2019 06:13 AM

සිංහ නාද බලු කෙඳිරිය කියන්නේ මෙව්වට තමයි. මෙයාව හිරේ යවන්න වුවමනා තරම් හේතු කාරණා තියෙනවා බලධාරීන්ට... හැබැයි ඉතින් පාටලීට කළා වගේ තුට්ටු දෙකේ කතාවකට ටික කාලෙකට ඇතුළට අරන් පස්සේ අැප දීලා යවන්නත් ඉඩ තියෙනවා. එ්කනේ ඉතින් සිස්ටම් එක.. රෝගීන්ගේ ජීවිත වලින් ගසා කාලා, රටේ මහජන මුදල්වලින් මංකොල්ල කාලා තව නීතියේ ආරක්ෂාවත් ඉල්ලන්න එන්නේ හෘද සාක්ෂිය දන්නවනේ තමන්ට අයත් වියයුතු ඉරණම මොකද්ද කියල‍ා.. මේ මිනිස්සු කවදාවත් හැදෙයි කියලා හිතන්න අමාරුයි.. හැදුණත් එතකොට කරන්න තියෙන හානියත් කරලා ඉවරයි. එයාට වෙන්න තියෙන හානියත් කරගෙන ඉවරයි.

:       0       0

maaraya Thursday, 26 December 2019 07:08 AM

වටවෙලා යන්නෙත් ලජ්ජා නැති එවුන්. රට පාවා දෙන මේ අයට උදව් කරන නීතිඥයින් ඊට වඩා අන්තයි.

:       0       29

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1499 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 586 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 992 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 948 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 366 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 543 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site