IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළිත් එම ධුරයටම

අජන්ත කුමාර අගලකඩ‍

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.එල්.එස්.චාල්ස් මහත්මිය නැවත එම ධූරයට පත්කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

චාල්ස් මහත්මියව රේගු අධ්‍යක්ෂක ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු එම තනතුරට පත් කිරිමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබිණි.

චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරිමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගිය සතියේ විරුද්ධ වී තිබිණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (5) පැවැති කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් ඉදිරිපත් කර මුදල් ඇමැති මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂක ජනරාල් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරිමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇත.



අදහස් (15)

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළිත් එම ධුරයටම

rama Tuesday, 05 February 2019 12:00 PM

අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි.

:       0       274

Lal Tuesday, 05 February 2019 12:29 PM

චාල්ස් මහත්මියට හොදට කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න අවස්ථාවක් උදාවුනා..ජයවේවා...!

:       1       227

RaviSene Tuesday, 05 February 2019 12:34 PM

ඔබතුමියට සුභපැතුම්!

:       0       210

සඳුන් Tuesday, 05 February 2019 12:53 PM

මේ ටික දිනට මේ වැරදි තීරණය නිසා බිලියන ගණනක පාඩුවක් වුනා. ඒකට වග කිවයුතු අයට දඬුවමක් නැද්ද ? මාස තුනකින් පසු සුපුරුදු හොරකම් පටන් ගනියි.

:       0       276

Sapumal. Tuesday, 05 February 2019 12:55 PM

මංගල සමරවීර මහතාට රටේ මුදල් ඇමති දූරය කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.

:       2       307

chandima Tuesday, 05 February 2019 12:56 PM

ඔය ගමන්ම මුදල් ඇමතිකමටත් බුද්ධියක් ඇති කෙනෙක් දාන්න බැරිද?

:       1       610

Raveendra Tuesday, 05 February 2019 01:04 PM

ඔබතුමියට අපගේ උණුසුම් සුබ පැතුම්. ඉදිරියටත් අවංකව තම සේවය ඔබේ, අපේ මව්බිමට කිරීමට හැකි වේවා! හොරුන්ට උපරිම දඩුවම් ලැබෙන සේ ක්‍රියා කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

:       0       181

Bamunuarachchi Tuesday, 05 February 2019 01:41 PM

රේගු නිලදාරීන්ගේ සටනට ජයවේවා. ඔය විදිහටම නියමිත වෙලාවට මහජන චන්දෙකුත් ඉල්ලමු.

:       66       250

Lal Tuesday, 05 February 2019 02:09 PM

මුදල් ඇමතිකමට පමනක් නොවේ සියළුම ඇමතිවරුන්ට ලංකාවට ඇමතිවරු 20ක් හොදටම ඇති. සුපිරි බුද්ධිය ඇති අය ඉදිරිපත්විය යුතුයි. ඇමතිවරයෙක් යනු සාමාන්‍ය මන්ත්‍රී තත්වය අභිබවා ගිය පුද්ගලයෙක්. නිල්පාට, කොලපාට, පොහොට්ටුවලින් අප බලාපොරොත්තු වන සුපිරි බුද්ධිය ඇති අය දේෂපාලනයට ආගමනය විම හීනයක්වගේ....

:       0       25

Amila Tuesday, 05 February 2019 03:44 PM

ආණ්ඩුව අප්‍රසාදයට පත්වුනා ලස්සනට මේකෙන්.

:       0       135

Raveendra Tuesday, 05 February 2019 04:21 PM

මෙම රජයේ නිලදරුවට අප නැවත යමක් මතක් කිරීමට කැමැත්තෙමු. ඔබගේ අවංක සේවය ලක්මව සැමවිටම බලාපොරොත්තු වෙන බැවින් ඇයගේ එම අහිංසක බලාපොරොත්තු එලෙසම මල්ඵල ගැන්වීමට මැයට හැකි වේවා! තවද ඔබ ආයතනයේ අවංක නිලදරුවන් සිටින්නේ අතලොස්සක් බවත් කීමට කැමැත්තෙමු. ඔවුනට අපගේ හිස නමා ආචාර්ය කරන්නෙමු. එමෙන්ම වැඩිපුර සිටින්නේ හොරු බව නොරහසකි. එසේ කීමට අප බිය නොවන්නෙමු. අප සියල්ලොගේම බදු මුදල්වලින් හොද වැටුප් ලබමින් එසේ අසීලාචාර, වංචනික ලෙස මුදල් උපයන අයව විශේෂයෙන් සුවිසල් මන්දිර සාදා සුකොපබෝගී ජිවිත ගත කරන නිලදාරීන් කෙසේ මුදල් සොයාගත්තේද යන්න සොයා බැලීමෙන් එම අයව පහසුවෙන්ම හදුනා ගත හැක. හැකි ඉක්මනින් නීතියේ රැහැනට හසුකර මෙම ආයතනය පිරිසිදු කර ලක්මව සතුටු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       128

amila peiris Wednesday, 06 February 2019 03:37 AM

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එම මහත්මිය නැවත පත් කිරීම එකමුතු කමේ ජයග්‍රහණයකි . සුබ පැතුම් එතුමියට , මුදල් ඇමති තුමාගේ ගේ ඔලමොට්ටල සම්බන්දිකරන ලේකම් ගේ උන දැන් හොද ඇති . කිරිඇල්ල ඇමති කියනවා කැබිනට් තීරණයකට අනුව ඉවත් කරා කියල . දැන් මුළු රටම දන්නවා මොන කැබිනට් එකේ තීරණයද ක්‍රියාත්මක උනේ කියල .

:       0       20

Sarasi Wednesday, 06 February 2019 08:13 AM

පත් කරලා විතරක් වැඩක් නැහැ. මෙතුමියට හරියට රාජකාරි කරන්න වටපිටාව සකසන්න. අවංක කාර්යශුර රාජ්‍ය සේවකයා රැකගැනීම රජයේ වගකීමක්!

:       0       0

Adam Wednesday, 06 February 2019 08:44 AM

මංගල නොහොත් අවමංගල ඉල්ලා කා හත්පොලේම උලාගත් බව දැනුම් දෙමි..

:       0       68

Deepal Nirosh Wednesday, 06 February 2019 09:58 AM

රාජ්‍ය සේවකයින්ගේ ගෞරවාන්විත ජයග්‍ර‍ණයක්...!

:       0       74

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 37 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 126 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 2045 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 475 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 162 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 1395 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site