(හර්ෂණ තුෂාර සිල්වා)
යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ජනාධිපතිවරණයේ අවසන් අදියරේ නිරීක්ෂණ කටයුතු අද (13) සිට ආරම්භ කළේය.
තිස් දෙනකුගෙන් යුත් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මීට මාසයකට පෙර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පස් දෙනෙක් අද (13) එම කණ්ඩායමට අලුතෙන් එක්වූහ.
ඊට අමතරව මැතිවරණය දිනය පැවැත්වෙන දිනයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ කෙටි කාලීන මැතිවරණ නිරීක්ෂකයන් 30 ක් පළාත් නවයට විසිර ගියහ.
ඒ අනුව මෙම කෙටිකාලීන මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ දිනයේත්, ඡන්දය ගණනය කිරීමේ කටයුතු නිරීක්ෂණය කරන අතර ඔවුන් අදාළ සොයාගැනීම් කොළඹ සිටින ඔවුන්ගේ නියෝජිතයන්ට ලබාදෙනු ඇත.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම කෙටිකාලීන හා දීර්ඝකාලීන මැතිවරණ නිරීක්ෂකයන් 80 දෙනකුගෙන් සමන්විතය.
සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන 300ක් ඡන්දය ගණනය කරන මධ්‍යස්ථාන 30ක් ආවරණය පරිදි නිරීක්ෂණ කටයුතුවල නිරත වීමට අපේක්ෂා කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානී මරිසා මටියාස් මහත්මිය කීවාය. ඇය ද යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකාවකි.
මැතිවරණ දිනයෙන් පසු පශ්චාත් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල ද නිරත වෙමින් මැතිවරණයට සම්බන්ධ පැමිණිලි , අභියාචනා ඉදිරිපත් වන්නේ ද යන්න නිරීක්ෂණය කරන බවත් මැතිවරණයෙන් පසුත් දින කිහිපයක් නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවත් මරිසා මටියාස් මහත්මිය පැවැසුවාය.
මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලදී යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම නෛතික රාමුව, මැතිවරණ පරිපාලනය, ඡන්ද ලියාපදිංචිය, මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය, සමාජ මාධ්‍යය ඇතුළු මාධ්‍යය භාවිතය, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය හා සැසඳීම, ප්‍රතිඵල නිකුත් කිරීම යන අංශ ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වේ.
ඡායාරූප ඒ.එෆ්.පී
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුරෝපා සංගම් නිරීක්ෂණ කමිටුව වැඩට බසී