IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යුරෝපා සංගමයෙන් - එක්සත් ජාතීන්ගේ සංවිධාන‍යෙන් ජනපතිට සුබ පැතුම්

(හර්ෂණ තුෂාර සිල්වා)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය සහ යුරෝපා සංගමය නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර ඇත.

අංශ ගණනාවක් සම්බන්ධයෙන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සුළු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුවද ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පවත්වා තිබෙන බවත් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසු ශ්‍රී ලංකාවේ ජනතාව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස භාවිත කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථාවරත්වය තහවුරු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

වෙළෙඳාම, විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව යනාදී අංශ ගණනාවක් ආවරණය පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද එහි දැක්වේ.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරන බව තවදුරටත් සඳහන් කරන යුරෝපා සංගමය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම, යහපාලනය, මානව හිමිකම් සහ සංහිඳියාව වර්ධනය කිරීමට ගන්නා ඉදිරි පියවර යනාදිය සම්බන්ධයෙන් ද ඔහු සමඟ කටයුතු කරන බව ද යුරෝපා සංගමය තවදුරටත් සඳහන් කර තිබේ. රටේ සියලු දෙනා එකතු කරගනිමින් ශ්‍රී ලංකාව එකමුතුව ඉදිරියට යෑමට ඉතා වැදගත් බව ද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිගන්නා බවත්  සාමය, සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එම සංවිධානයේ කොළඹ කාර්යාලය නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

 

 



අදහස් (3)

යුරෝපා සංගමයෙන් - එක්සත් ජාතීන්ගේ සංවිධාන‍යෙන් ජනපතිට සුබ පැතුම්

chandima Monday, 18 November 2019 01:57 PM

සමාවෙන්න, සුබපතන්න ටිකක් පමා වුනේ රනිල්ගෙන් OK එක එනකම් උන්නු නිසා.

:       5       250

RaveendraMonday, 18 November 2019 08:25 PM

සුබ පැතුම් යටින් මොනවා ලියලද දන්නේ නැහැ

:       1       5

kiribaba Monday, 18 November 2019 05:09 PM

අපේ කියමනක් තියනවා කපන්න බැරි අත සිඹින් කියලා

:       1       154

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 260 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2552 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 565 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1170 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 155 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site