( +++ ඉන්දිකා රාමනායක)
යාපනය විද්‍යා දැරියගේ ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් යතුරු පැදියක් නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර 5කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් මෙම යතුරු පැදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාල බාරයට ගෙන තිබී ඇති බවත් පොලිස් නිලධාරීන් එම යතුරු පැදියට ව්‍යාජ අංකයක් සවිකර භාවිතා කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
නිශාන්ත සිල්වා මහතා මෙම ඝාතන පරීක්ෂණ සඳහා කොළඹ සිට යාපනයට පැමිණ සිටියදී එම යතුරු පැදිය ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම උසස් නිලධාරියා පැවසීය.
සැකකරුවකු සතුව තිබී අත්අඩංගුවට ගත් යතුරු පැදියක් නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර පෞද්ගලික පරිහරණයට භාවිතා කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපන විද්‍යා දැරිය ඝාතනය - නඩු භාණ්ඩ යතුරුපැදිය හිටපු පො.ප නිශාන්ත පාවිච්චියට අරන්
ෆයිසාල් Monday, 17 February 2020 07:15 AM
මෙයාල මාර අයනේ. ජරාව කන්නයි, පගාව ගහන්නයි, මිනිමරන්නයි.......ඕවා තමයි මෙයාලට පුළුවන්. ජොබ් එකට වඩා මේවා නම් පුලුවන්. ස' බලා ගනී.
Sanka Monday, 17 February 2020 11:37 AM
බොරු ගොතලා මෝඩ සිංහලයෝ තවත් රවට්ටන්න.