(සිතුම් චතුරංග)
හිටපු එල්.ටි.ටි.ඊ නායකයකු වූ මියගිය තිලීපන් සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් උත්සවයක් සංවිධානය කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුව යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද (25) විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමත් සමඟ සිසුන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් හට ගැණිනි.
විශ්ව විද්‍යාලයේ බහුතරයක් සිසුන් කළු පැහැති ඇඳුමකින් සැරසී විශ්ව විද්‍යාලයට පැමිණ සිටි අතර හිටපු එල්.ටි.ටි.ඊ නායකයකු වූ ත්‍යාගදීපන් තිලීපන්ගේ 33 වැනි ගුණ සැමරුම් උත්සවය දින දෙකක් පැවැත්වීමට සූදානම් කර ඇතැයි ලද තොරතුර අනුව පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කර තිබේ.
ආරක්ෂාව යොදවා සිටි පොලිස් නිලධාරීන් සිසුන් වෙත පවසා සිටියේ තිලීපන් සැමරුම් සිදුකිරීම අත්හිටුවමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබාදී ඇති බැවින් අධිකරණ නියෝගයන්ට අවනතව අධ්‍යයනය කටයුතු සිදුකරන ලෙසයි.
පොලිසියේ ප්‍රකාශයට සිසුන් විරෝධය පලකළ අතර එහිදී ඔවුන් පවසා සිටියේ විශ්ව විද්‍යාලයට තමන් කැමති ආකාරයේ ඇඳුමකින් සැරසී පැමිණිමට සිසුන්ට අයිතිය ඇති බවත් විශ්ව විද්‍යාලය තුළ සිසුන්ගේ ක්‍රියාවන් සඳහා වලට බලපෑම් නොකරන ලෙසත් පවසා තිබේ. එම ප්‍රකාශයත් සමඟ සිසුන් පොලිසිය වෙත විරෝධතාවය පළ කිරීමටත් සමඟ උණුසුම් තත්වයක් ඇති වූ බව පොලිසිය පවසයි.
අධිකරණ නියෝග පිළිබඳ සිසුන් දැනුවත් කිරීමෙන් පසුව විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිටි පොලිසිය ඉවත් කිරීමට කටයුතු කළ බවද යාපනය පොලිසිය වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපනය සරසවි සිසුන් හා පොලිසිය අතර ගැටුමක්
Hafeel Friday, 25 September 2020 03:20 PM
බෙදුම්වාදී විෂබීජය මේ ගොල්ලන්ගෙන් නැතිකරන්න බැහැ වගේ...
jayasekaraSaturday, 26 September 2020 03:45 AM
මේ අයව එවන්න ඕනෑ දකුණේ විශ්ව විද්‍යාලවලට..
විජේ Saturday, 26 September 2020 04:59 AM
පාතාලය, හිරගෙවල් සුද්ද කරනා සේම උතුරේ සහ දකුණේ සියලුම විශ්වවිද්යාලයන්ද සුද්ද කළයුතුව ඇත. වර්තමානයේ විශ්වවිද්‍යාලවලින් පිටවන සමහරක්, සමහර හරක්ටත් අන්තයි...
RaveendraSaturday, 26 September 2020 09:05 AM
සහතික ඇත්ත. එවන්නන්ට සාමකාමී සමාජයක් තුළ ජීවත්වීමේ අයිතිය කිසිඳු අයුරකින් ලබා නොදිය යුතුමයි.
සෙනෙවිරත්න Sunday, 27 September 2020 02:34 AM
මහත්මයා ඉන් අදහස් කලේ ඝාතනය කිරීමද? හිර ගෙදර කලේ ඒක නිසා, මහත්මයාගේ ළමයෙක්, නෑයෙක් මෙතන හිටියොත් එම අය නිවැරදිද? වැරදිද නොසොයා ඝාතනය වුණොත් ඒක පිළිගන්නවාද? එහෙම කරලා රටක් හැටියට ඉන්න පුළුවන් වේවිද? මහත්මයා 69 ලක්ෂයෙන් කෙනෙක් නම් ආවේගයට කියැවුණා වෙන්න ඇති. මේකෙන් පිටයන්නේ හරක් නම් උ.පෙළ හරක්ටත් ලියලා පාස්වෙන්න පුළුවන්...