(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහතා නිසි බලධාරියා වශයෙන් පත් කර ඇති බව විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.
මෙතෙක් යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති වශයෙන් සේවය කළ රත්නම් විග්නේශ්වරන් මහතා ඉවත් කිරීමෙන් පසුව කන්දසාමි කදිර්ගාමනාදන් මහතාව මෙලෙස පත්කර තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයට උප කුලපතිවරයකු පත් කරන තෙක් කන්දසාමි කදිර්ගාමනාදන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙසින් පත් කර ඇති බවද විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.
කන්දසාමි කදිර්ගාමනාදන් මහතා භෞතික විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයකු වන අතර, භෞතික විද්‍යාල පිළිබඳ පරීක්ෂණ රැසක් වෙනුවෙන් දායකත්වය සපයා ඇති බවටද වාර්තා වන අතර හයිඩ්‍රජන් පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් මෙහෙයවා ඇති අතරම කදිර්ගාමනාදන් මහතා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් ද කටයුතු කර තිබේ.
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත්කරයි
සේන Wednesday, 08 May 2019 05:43 AM
ප්‍රශ්නය උගත් කම නොව. ආකල්ප යි. ඒ ගැන මේ රජය සලකා නොබලනවා නියතය.
ලුම්බිණි Wednesday, 08 May 2019 09:47 AM
ඉතාම කණගාටුදායකයි.
prabha Wednesday, 08 May 2019 10:59 AM
අධ්‍යාපන අංශයේ විශ්වවිද්‍යාලවල තරම් හීන්නූල් ගේම් කාරයන් වෙන කිසිම තැනක නොමැත.