IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යාපනයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන්න ඉන්දියාවෙන් කෝටි 25ක්

(රංජන් කස්තුරි)

තොරතුරු තාක්ෂණය සඳහා වූ ව්‍යාපාර මධ්‍යස්ථානයක් යාපනයේ පිහිටුවීමට ඉන්දීය රජය රුපියල් කෝටි 25ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළකර තිබේ.

එම නාගරික මධස්ථානය මගින් උතුරු පළාතේ තොරතුරු  තාක්ෂණ සේවා හා අනෙකුත් වෘත්තීය සේවා සඳහා අවස්ථාවක් හිමි වන බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව පුනරුත්තාපනය හා නැවත පදිංචි කිරීම සඳහා විවිධ සංවර්ධන ව්‍යපෘතීන් යටතේ රජය උතුරු පළාතේ නිවාස 46000ක් ඉදිකර ඇති අතර 1990 හදිසි ගිලන් රථ සේවාවක්ද එම පළාතේ ක්‍රියාත්මක කර තිබේ.



අදහස් (19)

යාපනයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන්න ඉන්දියාවෙන් කෝටි 25ක්

Bamunuarachchi Monday, 25 February 2019 05:18 PM

යාපනයටයි වතුකරයටයි ඉන්දියානුවන් දක්වන මේ අනුකම්පාව ගැන සැකයක් එජාපයින්ට නැත්තේ ඇයි.

:       476       504

විජිත් Monday, 25 February 2019 07:33 PM

බමුණු, ඉන්දියානුවන්ගේ මේ අනුකම්පාව ගැන සැකයක් ඇතිකර ගැනීමට තරමටවත් එජාපය මුහුකුරා ගිහින් නැතිබව හොඳින්ම ඔප්පුවෙනවා. අපි කියමු ඔය එජාපයේ දේශපාලන ඔස්තාර්ලාට හැකිනම් ' ඉන්දු ලංකා ගිවිසුම ගැන නැවත සමාලෝචනයක් ' කිරීමට ඉන්දියාවට යෝජනා කරන්න කියලා. එක්කෙනෙක්වත් " හා ..හොඳයි.." කියන්නේ නැහැ. මේකට ගොඩාක් හේතු සාධක තියෙනවා.

:       255       496

Nandalal DE SILVA - France Monday, 25 February 2019 08:15 PM

"මීයක් කඩන්නේ අත ලෙවකන්නද?" කියලා මගේ සීයා අහනවා. මෑත කාලයේදී රාමේශ්වරම් හරහා හනුමා පාලමක් හදන්නත් ඉන්දියාව දැගලුවා. ඒක නම් දැන් හිරවෙලා වගෙයි. ඉන්දීය අගමැති මෝදිගේ රට 100% සංවර්ධනය වෙලා තිබෙන නිසාද මේ විදියට අසල්වැසි අපේ රටට ආදරේ කරන්න පටන් ගත්තේ? එරටේ දැන් දුගද හමන මුඩුක්කු නැද්ද? හැම ඉන්දියානුවෙකුටම ගස්මුල් නොසොයා ශරීර කෘත්‍යය කිරීම සඳහා නවීන පන්නයේ වැසිකිලි පද්ධති තිබේද? සතුන්ටවත් ගිලින්න බැරි තරමට කුණු වූ, බාල්දි නොපෙරලා රසවත් කෑම සොච්චම් හොයන පවුල් දැන් මෝදිගේ ඉන්දියාවේ දකින්න නැද්ද? මේ විදියේ ලැයිස්තුවක් ලියන්න ගියොත් හෙට එළිවෙයි, ඉවර වෙනකොට! කොහොම උනත් ධනවත් මෝදී අත දිග හැරලා දෙනවා නම්, අපිත් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ කිසිම වරදක් අප දකින්නේ නැත! කොහොම උනත් අපේ රට කරවන අයත් ටිකක් විමසිල්ලෙන් ඕවා බාරගන්න ඒක සුබයි! "දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා", එහෙම කියන්නේ ආච්චි!

:       17       40

Gamage Monday, 25 February 2019 11:05 PM

සෑම විටම වහල් අදහස් දරන අයටයි කියන්නෙ. දෙමල ජාතිකයන් ගොඩක් දක්ශයි තොරතුරු තාක්ෂණයට. ඔවුන්ව මෙවැනි දෙයකට යොමු කිරීම ඉතාම වටිනවා. යම් දවසක එය ලංකාවේ විදේශ විනිමය උපයන්න දායක වෙනවා. සිංහල දෙමල සෑම දෙනාවම එකතු කරන් රට දියුණු කරනවා ඇරෙන්න වහල් සිතුවිලි වලින් රට දියුණු වෙන්නෙ නැත.

:       170       420

BamunuarachchiTuesday, 26 February 2019 09:52 AM

ගමගේ, කොයි කාලේද දෙමළ ජාතිකයින් විභාගවලින් ලංකාවේ ප්‍රථමස්ථානය ගත්තේ. IT ක්ෂේත්‍රයේ ඉන්නෙත් සිංහල අපේ ළමයි. දැන් මගේ ළමයි මෘදුකාංග නිෂ්පාදන ලංකාවේ පටන්ගෙන කැනඩාවට මෘදුකාංග සේවා සපයනවා.

:       0       38

Sanath KandyTuesday, 26 February 2019 10:21 AM

බමුණුට අමතකයි පහුගිය ආණ්ඩු කාලෙත් යාපනය දුම්රිය මාර්ගය වගේ උතුරේ සංවර්ධන වැඩ බොහොමයක් බැසිල් හරහා ඉන්දියාවට තමා ලබා දුන්නේ. මේක පොදුවේ අපේ රටේ හිටපු සහ ඉන්න පාලකයින්ගේ අදුරදර්ශී බව සහ ඉන්දියාවේ කපටි දේශපාලන උපක්‍රම නිසා දිගින් දිගටම සිදු වන දෙයක්. ලංකාවේ දෙමල ජනතාව තමන්ගේ එකම එකම ගැලවුම්කරු ඉන්දියාව කියලා හිතන්න පෙළඹවීමක්. අපේ රටේ පාලකයින් මේ දේවල් නොදන්නා සේ හැසිරෙන්නේ ඇත්තටම ඔවුන්ට රට ගැන කැක්කුමක් නැති නිසා. දැන්වත් අපි මේ දෙගොල්ලන්වම ප්‍රතික්ෂේප කරලා රටට ආදරේ කරන පිරිසකට රට බාර දෙමු. විකල්පයක් ගැන හිතමු.

:       0       0

BamunuarachchiTuesday, 26 February 2019 10:10 AM

ගමගේ අපිට IT සම්බන්ධව දෙමල අයගේ දක්ෂතාවය කියා දෙන්න හදන්නෙපා. දෙමල අය අධ්‍යාපනයට දක්ෂ කොටසක් නොවෙයි. නමුත් උත්සහවන්තයෝ.

:       0       0

kamal Tuesday, 26 February 2019 12:00 AM

ඔය උඩ අදහස් දාලා තියෙන අයට කරදරයක් වුණොත් අර ඉන්දියන් ගිලන් රථ වලට එහෙම කතා කරන්න එපා.

:       100       80

lanka Tuesday, 26 February 2019 12:36 AM

තිස් වසරක යුද්දයෙන් උන් හිටි තැන් අහිමිව, වඩාත්ම බැට කෑ උතුරේ සාමාන්‍ය ජනතාවට යමෙක් උදව් කරන්නට ඉදිරිපත් වීම හොඳ දෙයක්. දකුණේ මෙන්ම උතුරේ පුරවැසියන්ටත් එකසේ අධ්‍යාපන, රැකියා අවස්ථා තිබිය යුතුයි. මෙවැනි දේ මොන රජයක් ලංකාවේ තිබුනත් සිදුවිය යුතු දේවල්ය.

:       1       100

hira Tuesday, 26 February 2019 02:12 AM

ඉන්දියාවේ අය මිලියන ගානක් ගස් යට බුදියනවා, යන්න වැසිකිලි පහසුකම් නැහැ, දවසක් හැර දවසක් බඩට මොනවා හරි දා ගන්නවා, මෙහෙම රටක් මෙච්චර ලංකාවට ආදරේ මොකද?? එන පොට හොද නැත.

:       39       32

Appuhami Tuesday, 26 February 2019 02:33 AM

බමුණුගේ කතාවෙන්ම පේනවා උතුරේ ඉන්නෙත් ශ්‍රී ලාංකිකයෝ කියලා පිළිගන්න තාම සමහරක් කැමති නැහැ කියලා ලංකාවේ කොහේ උනත් සංවර්දනය වෙනවා නම් ඒක හොද නැද්ද? ඇයි උතුරේ ඉන්න මිනිස්සු දකුණේ අයට වඩා පහලින් ඉන්නම ඕනෙද?

:       74       150

sathya Tuesday, 26 February 2019 03:45 AM

රටකින් රටකට අධ්‍යායාපනය නැංවීමට උදව්වීම සම්බන්දයෙන් අපි හැම සතුටු වියයුතුයි කියා මට හිතෙනවා, එත් ඔව්න් යාපනයට විතරක් උදව් කිරීමට සැරසෙන්නේ තමන්ගේ රටේ ඉන්දියාව තුල යම්කිසි දේශපාලන වාසියක් ලබාගැනීමට නම් එම සම්බන්දයෙන් ගැටළුවක් තිබේ. මොකද ලංකාව කියන්නේ ඔව්න්ගේ දේශපාලන අතකොළුවක් නෙමෙයි. ඒවගේම ඒවත් සමග එක ප්‍රශ්න, ලැබෙන වාසියට වැඩ බොහොම දරුණුයි.. ජාති බේදයක් නැතිව අපි හැමෝම ඒකෙන් විදෙව්වා. ඉතින් අපි බුද්ධිමත් වෙමු. පුළුවන් නම් අපේ දේශපාලන නායකයින් දැනුවත් කරමු.

:       0       86

BamunuarachchiTuesday, 26 February 2019 01:45 PM

ඉන්දියාව, නොර්වේ, ස්වීඩන් වගේ හැම අතින්ම දියුණු රටක් නම් අපට කරන උදවු ස්තුති පුර්වකව බාර ගන්න පුළුවන්. නමුත් ඉන්දියාවේ රැකියාවල් නැත, නිවෙස්වලට වැසිකිලි නැත නමුත් ලංකාවට ගෙවල් හදා දෙන්නයි රැකියා අවස්ථා වැඩිකරන්න ගන්න උත්සාහය විහිළුවක් වගේම කපටි අදහසකින් කරනවා කියන එක මොලයක් තිබෙන කෙනෙකුට පෙනෙනවා. කෙනෙකුගේ දරුවෙක් බඩගින්නේ බලා සිටියදී ඔහු ඔබේ දරුවාට කන්න දුන්නොත් ඔබ ඒ කෑම බාරගන්නවාද? මම නම් කියනවා ඉස්සෙල්ල ඔබේ ළමයාට කන්න දෙන්න කියලා.

:       0       0

නය උගුලේ Tuesday, 26 February 2019 04:51 AM

අද ලංකාව පිට රටට කියක් ණයද? අධික පොලියට ණය අරන් තිබෙන්නේ කොහෙන්ද? මේ ගැන නොදැන ලිදේ ඉන්න ගෙම්බන් සේ ජාති වාදී නොවන්න. 1980 කාලයේදී ආසියාවේ ලොකුම පුස්තකාලය කුමක්ද? යාපනය . එයට මොකද වුනේ? සිරිල් මැතිව් (එජාප) 1983 කළු ජූලියට පෙර 1978-82 දී උඩින් ගොස් ගිනි තිබ්බ. එහි ප්‍රතිඵලය ? 1983 කළු ජුලිය , 30 අවුරුදු යුද්දය .දෙපැත්තේම සිංහල , දෙමල කොල්ලෝ මරුන . රට ? කොරියාවට, එතියෝපියාවට , බංගලිදේශයට වඩා පහළට. "මෑත කාලයේදී රාමේශ්වරම් හරහා හනුමා පාලමක් හදන්නත් ඉන්දියාව දැගලුවා." -ප්‍රංශයේ සිට සිල්වා සහ බමුණු, විජිත් යන ඉහළ රටට ආදරේ කරන අය කියන්න ලංකාව චීනයට කියක් ණයද? පොලිය? අප ණය උගුලේ වැටි ඇති බව පිටරට නායකයන් කීප දෙනෙක්ම පවසා ඇත.ඉන්දියාව ලවා හනුමා පාලමක් ණයක් ලෙස නොව, අදාරයක් ලෙස හදා ගත හැකිනම් ? ඉන්දියාව ණය දී ඇත්තේ ආදාර ලෙස හෝ අඩු පොලියටය.

:       0       10

BamunuarachchiTuesday, 26 February 2019 01:15 PM

දැන් ඔබ මතුකරන පොයින්ට් එක මොකක්ද?

:       0       0

BamunuarachchiTuesday, 26 February 2019 01:24 PM

ඇමරිකාවත් ට්‍රිලියන ගණනක් චීනයට ණයයි. ලංකාව ගැන කියනුම කවරේද? ඔබගේ තාත්තා රට වටේට ණයයි කියලා නොහොබිනා කෙනෙකුට දුව බාර දෙනවාද ඔහු සෝබනේට ඔයාලාට පෙනෙන්න සල්ලි වියදම් කලාට. එහෙම අයත් මේ රටේ ඉන්නබව ටෙලිනාටක බැලුවාම පෙනෙනවා.

:       0       0

aris Tuesday, 26 February 2019 08:43 AM

ඉන්දියාව වතුකරයේ සහ යාපනයේ ජනතාවට අනුකම්පාව ආදරය උදෙසා ආධාර කරනවා නොවෙයි. එහෙමනම් වතුකරයේ ජනතාවට දෙරටේම පුරවැසිකම නොතිබූ කාලයේ භාර නොගත්තේ ඇයි? උතුරු මුහුදු සිමාවේ මාළු ටික බාගෙන යන්නේ ඇයි? මේවා දකුණු ඉන්දියාවේ ඡන්ද බලාපොරොත්තුවෙන් කරන දේවල් වෙන්න පුළුවන්.

:       0       0

Bamunuarachchi Tuesday, 26 February 2019 09:59 AM

ගමගේ මෙතැන සිංහල නම් වලින් සුළු ජන වාර්ගිකයින් ලියන බව පෙනෙනවා. ඒකයි දමිලයින් ගැන විශාල කැක්කුමකින් කතා කොරන්නේ.

:       0       0

Bamunuarachchi Tuesday, 26 February 2019 01:13 PM

පෙනෙන විදිහටනම් අපට හොරෙන් උතුර ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගෙන වෙන්න ඇති. ගමගේ කියන විදිහට උතුරේ IT දක්ෂයෝ සිටින නිසා තම රටේ සිටින දෙමල්ලු ගැන සිතනවාට ලංකාවේ උතුරේ ඉන්න දෙමල්ලු ගැන කැක්කුමක් ඇතිවෙලා වගෙයි. කිඹුලා කට අරින විට ඇස් වැහෙනවාලු . සිංහලයාටත් පිනට කන්න ලැබෙන විට කවුද දෙන්නේ මොනවද දෙන්නේ මොකටද දෙන්නේ කියන්න බලන ඇස් වැහෙනවාලු. අන්තිමට හක්ක පටස් කාලා තමයි නවතින්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 526 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1914 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1445 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 815 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1992 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 97 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site