IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යුද සැලසුම් හදන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු මිස ආරක්ෂක ලේකම් නෙමෙයි

(වීනිතා එම් ගමගේ)

විරුද්ධවාදීන් කථා කරන්නේ රටේ ආරක්ෂාව ගැන වුවත් ඔවුන්ට ආරක්ෂාව ගැන කථා කරන්න තරම් අත්දැකීම් නැති බවත් යුද උපායයන් සැලසුම් කරන්නේ හමුදාපතිවරු තිදෙනා මිස සම්ප‍්‍රදායානුකූලවත් ආරක්ෂක ලේකම් යුද සැලසුම් සකස් නොකරන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

වොක්ෂෝල් වීදියේ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එසේ පැවසීය. එහිදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

පාලකයා තීරණය කළාම යුද්ධය කරනවා ද නැද්ද කියා කොහොමද යුද්ධ කරන්නේ, කොහෙද යුද්ධය කරන්නේ කියා තීරණය කරන්නේ ත‍්‍රිවිධ හමුදාපතිවරුයි. එහෙම නැතිව ලේකම් යුද්ධ කරනවා නම් ඊට හොඳයි සතුරාට ජය ලියල දෙන එක.

ප‍්‍රභාකරන් පළමු බිල්ල ලෙස දොරේ අප්පාට වෙඩි තියද්දී 1975 මම සෙබළුන් 25 කට අණ දෙන ලූතිනන් කෙනෙක්. ඊට වසර තිස් දෙකකට පසුව යුද්ධය අවසන් වනතුරුත් යුද බිය මැද ලූතිනන් සිට ජනරාල් දක්වා මම සිටියේ යුද බිමේ. මම ඒ මුළු කාලයම ප්‍රභාකරන් එක්ක යුද්ධ කළා.

එල්ටීටීඊය වර්ධනය වුණේ අපේ ක‍්‍රියාකාරකම් දෙස බලමින්. අපේ හමුදාවන් වර්ධනය වුණෙත් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් හැසිරීම් බලමින්. ඒ අනුව අපි ඔවුනට ප්‍රතිචාර දැකවූවා. අපි ඒ කි‍්‍රයාකාරකම්වල සිටියා.

ගෝඨාභය අද ලූතිනන් කර්නල් කෙනෙක් ලබන විශ‍්‍රාම වැටුපක් ගන්නවා. එයා විශ‍්‍රාම ගියේ ලූතිනන් කර්නල් කෙනෙක් හැටියට. ඔහු ඇමෙරිකා ගියා.

මටත් තියෙනවා ග‍්‍රීන් කාඩ් එකක්. හැබැයි මම කවදාවත් එහෙ ගිහින් ජීවත් වෙන්න හිතුවේ නැහැ. දරුවන්ට ඉගෙන ගන්න විතරයි ඒක පාවිච්චි කළේ. අපි රට ගැන හමුදාව ගැන හිතුවා. බල ඇණි අණ දෙන්නන් හැටියට මමත් ගෝඨාත් එකට ගියා යාපනය අල්ලා ගැනීමේ සටනට. සටනට පසු සටනේ සිදුවූ දේවල් හැටියට එවකට ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ යුද අධිකරණයක් ඉදිරියට ගෙනයන්න. එතකොට ඔහු මහින්ද රාජපක්ෂ මන්ත‍්‍රීතුමාත් එක්ක ගිහින් රන්ජන් හමුවෙලා යුද අධිකරණය හමුවට යන එක වළක්වා ගත්තා.

ඉන් පසු අස්වෙලා ඇමෙරිකා ගියා. ඒක කියන්න ලැජ්ජා නිසා කියනවා පෞද්ගලික හේතු මත අස්වුණා කියා. ඉන්පසු තිබූ මහා පරිමාණ මෙහෙයුම්වල අපි සිටියා. මට යුද බිමේ දී දෙවතාවක් වෙඩි වැදී තිබෙනවා. තුන් වෙනි වතාව බෝම්බ ප‍්‍රහාරය. රට වෙනුවෙන් අපි එහෙම මව්බිම අපේ ලෙයින් තෙත් කළා.  ගෝඨාභය සමෘද්ධිය සොයා ඇමෙරිකාවට ගිහින් නිවාඩුවකටවත් නෑවිත් එහි අවුරුදු 15 ක් ඉඳලා අයියා ජනාධිපති වුණාම ලංකාවට ආවා.

ඔහු යළිත් රටට එනකොට මම හමුදාපති. ඔහු ඇවිත් ආරක්ෂක ලේකම් වුණා. යුද්ධය වෙනුවෙන් අපි කැපකිරීම් කළා.

මට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වුණේ 2006 අපේ‍්‍රල් 25. එතකොට පැවතුණේ සටන් විරාමයක්. ඒකෙන් ප්‍රයෝජන අරන් තමයි මේ ප‍්‍රහාරය එල්ල කළේ. සාමාන්‍යයෙන් සටන්විරාම තියෙද්දී බුද්ධි මෙහෙයුම් ප‍්‍රහාර නවත්තනවා.පොට්ටු අම්මාන් , ඒවා කරගෙන ගියා. 

ඒ තත්ත්වය මත තමයි මට ප‍්‍රහාර එල්ල කළේ. නැතිව හමුදාවේ දුර්වල කමක් නිසා නොවෙයි. සමහරු මේ දවස්වල මීටින්වල කියනවා ජෙනරල් ෆොන්සේකා කොහොම ද යුද්ධ කරන්නේ එයාගෙ ආරක්ෂාව වත් තහවුරු කර ගන්න බැරිව කියලා. සටන් විරාමයක් කියන්නේ ජෙනරල්ලගේ ආරක්ෂාව තහවුරු කරගන්න උනන්දු වෙන කාලයක් නොවෙයි.

මාවිල්ආරු වහද්දී මම සිංගප්පූරු ජාතික රෝහලේ හිටියේ. මම වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිහින් හිටියේ.

මාස තුනක් හිටියා. මගේ බඩවැල් තුවාල වෙලා තිබුණ නිසා මට ආහාර ගන්නවත් දුන්නේ නැහැ. විශාල තුවාල තිබුණා. දවසකට වතුර ග්‍රෑම් 100 ක් විතරයි මට හම්බ වුණේ. ඉතිරි ඒවා බටවලින් මයි ඇඟට දැම්මේ.

නමුත් මාවිල් ආරුව වහද්දී මට ඒක ආරංචි වෙනකොට මගේ තුවාල හොඳ වෙලා බඬේ තුවාලෙ විතරක් තිබුණා. 23 තුන මාවිල් ආරු වැහුවා කියලා ආරංචි වුණාම මම ඉස්පිරිතාලේ ලංකාවේ දොස්තර කෙනෙකුට කතා කරලා අවශ්‍ය බෙහෙත් අරන් 24 වැනිදා ලංකාවට එන්න  ඕන කිව්වාම ඒ අය අවසර දුන්නා. මම 25 ලංකාවට ආවා.

මම ලංකාවට එන්න ගුවන් යානයට ගියේ රෝද පුටුවකින්. ලංකාවේදී බැහැල හෙලිකොප්ටර් එකට ඇවිදගෙන ගියේ දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන. මාස තුනක් නොකා ඉන්න එක අමාරු දෙයක්. කිලෝ 89 ක් තිබුණු මගේ බර කිලෝ 72  කට බැහැල තිබුණා. එච්චර දුර්වල මම 25 රාත‍්‍රී ගෝඨාභයට කෝල් එකක් දුන්නම කිව්වා ප‍්‍රශ්නයක් තියෙනවා සරත් මොකක් හරි කරන්න කියලා.

ඔහු කිව්වා මාවිල් ආරු වහල තියෙන්නේ, ජෙනරල් මල්ලවආරච්චි කිව්වා කීවා ප‍්‍රහාර එල්ල කරන්න සෙබළු මදිය කියා. පස්සේ මම ත‍්‍රිකුණාමලයට කතා කරල ඇහුවම ඒ අය කිව්වා කල්ලාරු හිටි ස්වේච්ඡා භටයෝ 100 ක් විතර මාවිල් ආරුවට යැව්වා කියලා. ඔවුන් එහි බිම දිගාවෙලා ඉන්නවා කිව්වා. මාවිල් ආරු එතනින් කිලෝ මීටර් හයක් හතක් ඈතින් තියෙන්නේ.

මම පසුදා ගෝඨාභයට කතාකරලා කිව්වා අපි ප‍්‍රහාර එල්ල කරනවා. ඒ බව ජනාධිපති දැනුවත් කරන්න කියලා. ඒ 26 දා. මම යුනිෆෝම් ඇන්දා. මාව හෙලිකොප්ටරේට අරන් ගියේ එක් කෙනෙක් අල්ලගෙන හැරමිටියකින්. මම කල්ලාරුවලට යද්දී  විමල් වීරවංශයි රතන හාමුදුරුවොයි කල්ලාරුවල ඉන්නවා. ඔවුන් කෑගහන්නේ මාවිල්ආරු ඇල්ලූවා වගේ. ඒත් අල්ලලා නැහැ.

මම යාපනයෙන් ගෙන්නුවා කොමාන්ඩෝ රෙජිමේන්තුව හා විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකක්. අපි මාවිල් ආරුවට පහර දෙන්න පටන් ගත්තා. අපි සති දෙකක් අවසානයේ මාවිල් ආරු ඇල්ලූවා. එතකොට මම අවසන් සටනට බැස්සේ මාවිල් ආරුවත් එක්ක.

එතනින් ලැබුණ ආශිර්වාදයක් වගේ ත‍්‍රස්තවාදීන් සාම්පූර් පැත්තට පහර දෙන්න පටන් ගත්තා. අපි මාවිල් ආරු අල්ලල සුමානයක් යද්දී සාම්පූර් පැත්තත් ඇල්ලූවා.

අපි දන්නවා දේශපාලකයන්ගේ හැටි. සාම්පූර් ඇල්ලූවාම මේ මේසෙ විතර කේක් ගෙඩියක් මහින්ද රාජපක්ෂ ගෙනාවා. ගෙනැල්ලා ඒකත් මට කියල කැප්පෙව්වා. තමුන්නාන්සේලාට මතක ඇති සතුටට කඳුලූ බේරි බේරි ගොත ගගහ අපි සාම්පූර් සාම්පූර් සා....සා... සා.... සාමපූර් ඇල්ලූවා කියලා.

ඊට පස්සේ මම දැනගත්තා මේක කළාට පසු මේ අයට යුද්ධය අමතක වෙනවා කියලා. මම වාකරේට පහර දෙන්න පටන් ගත්තා. එතකොට ත‍්‍රස්තවාදින් අපට පහර දෙනවා. කොක්ක දාගත්තම ආණ්ඩුවට බැහැ නවත්තන්න. වාකරේ අල්ලල අවසන් වෙද්දී මඩකලපුවේ උතුරු දෙසට පහර දෙන්න ගත්තා. ඉන් පසු තොප්පිගල පැත්ත මේ වගේ 2006 ජුලි 25 සිට 2007 ජුලි වෙද්දී නැගෙනහිර අල්ලල ඉවර කළා. ඒ අතරම 2007 මාර්තුවල මම සේනාංකයක් දැම්මා වව්නියාවට. වව්නියාවේ සිට මන්නාරම දෙසට යන්න. මේවා කරද්දී ගෝඨාභය වත් කිසිකෙනෙක් වත් දන්නේ නැහැ.

අඩු ගානෙ මගේ යටතේ හිටි සේනාංකාධිපතිවරු වත් දන්නේ නැහැ සුමානෙකින් එහා මොනවාද වෙන්නේ කියලා. සුමානයක් විතරයි ඔවුන්ට කියන්නේ. කිලිනොච්චි අල්ලල ඉවර වෙලා පුදුකුඩි ඉරිප්පු පැත්තට හැරෙද්දීවත් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මගේ ඉල්ලක්කය මුලතිව් කියලා. මම ආරක්ෂක කවුන්සලේවත් කිව්වේ නැහැ. කිව්වා නම් වෙන්නේ පත්තරේ දාල පොත් ගහලත් තියේවි. යුද්ධය කිසි දෙයක් ලිඛිතව තිබ්බේ නැහැ. තිබ්බා නම් අවුල් කරනවා.

මම අවුරුද්දයි මාස තුනක් කිසිම නියෝගයක් ලිව්වේ නැහැ. කිසිම මෙහෙයුමකට නමක් දැම්මේ නැහැ. දන්නවානේ අතීතය. කෑම්ප් එකකින් එළියට යද්දී නමක් දානවා.

ඒ කාලේ ඇතුළත මම සතියකට වරක් නැගෙනහිරට, සුමාන දෙකකට වරක් යාපනයට, ඒ වගේම සුමාන තුනකට වරක් යාලටත් යනවා. එහෙත් පොඩි පොඩි ප‍්‍රශ්න තිබුණා. ගෝඨාභය මාත් එක්ක එක වතාවක් විතරක්  පුළුකුණාවට ගිහින් තිබුණා. නැගෙනහිරට එච්චරයි. එක වතාවක් වව්නියාවට ගියා.

එතකොට අපි උතුරේ යුද්ධය පටන් අරන්. එකම වතාවක් යාපනයට යන්න  ගියා. යන්න කලින් කියනවා නේ හතර වටේටම චන්ඩි වැඩක් කරන්න යනවා කියා.  ඉතින් එදා යන්න කලින් එල්ටීටීඊ එක පලාලිවලට ආටි ගහන්න ගත්තා. අපි ගුවන් යානය ආපසු හැරෙව්වා.

ඒ නිසා යන්න බැරිවුණා. ඒ ඇරුණාම කිසිම අවස්ථාවක ඔහු යුද පිටියට ගිහින් නැහැ. යුද්ධය කරන හැටි ගැන ඔහු මට කිසිදිනක උපදෙස් දුන්නේ නැහැ. ඔහුට යුද්ධය තේරෙන්නේ නැහැ. අදටත් තේරෙන්නේ නැහැ. මොකද මම එහෙම කියන්නේ, ඔහු මෑත දවසක ටී වී එකේ කිව්වා, අපි සටන් ක‍්‍රම වෙනස් කළේ නැහැ. පරණ ඒව තමයි තිබුණේ නමුත් අපි හතර පැත්තකින් ගැහුවා කියලා. පරාක‍්‍රමබාහුත් හතර පැත්තකින් ගැහුව කියල කිව්වා. හමුදාව ලක්ෂ පහක් කළා. ඒකයි අපි යුද්ධය දිනුවේ කියලත් කිව්වා.

හමුදාව කවදාවත් ලක්ෂ පහක් හිටියේ නැහැ. මම භාර ගත්තේ 1,16,000 ක හමුදාවක්. අවුරුදු එකහමාරක් ඇතුළත ඒක ලක්ෂ දෙකක් කළා. ත‍්‍රිවිධ හමුදාවම එකතු කළත් ලක්ෂ පහක් නැහැ. එතකොටත් තිබුණේ තුන් ලක්ෂ පනස්දාහයි. යුද්ධයට සම්බන්ධ කට්ටිය  හිටියේ ලක්ෂ තුනයි. අදටත් ඔහු හිතාගෙන ඉන්නේ ලක්ෂ පහක් යුද්දෙට සම්බන්ධ වුණා කියලයි.

සටන් ක‍්‍රම වෙනස් වු ආකාරය තේරෙන්න හමුදාවේ හොඳ අධ්‍යාපනයක් තිබෙන්න  ඕන. හමුදාවේ සිටින කෝප‍්‍රල් කෙනෙකුට වුණත් තේරෙනවා. එයාට තේරෙන්නේ නැහැ. එයා හිතගෙන  ඉන්නේ ලක්ෂ පහක් හිටියා. හතර පැත්තෙන් ගැහුවා ඒකයි යුද්දෙ ඉවර වුණේ කියලා. ඒ වගේ කතා කියන්නේ හමුදාවේ ඉන්න වේටර්ලා වගේ සිවිලියන්ලායි.

මම භාර ගන්න කලින් 130,000  ක් බඳවා ගන්න තීරණය කරල තිබුණත් හිටියේ 116,000 යි. ඉතුරු ටික පුරවා  ගන්න හැටියක් තිබුණේ නැහැ. අවුරුද්දකට 3000ක් විශ‍්‍රාම යනවා. ඒ කාලේ බැඳෙන්නේ 3000 යි. ඒක 4000ක් කරන්න මම සෑහෙන්න වෙහෙසක් ගත්තා. මනෝවිද්‍යාත්මක අංශය හෙම හුඟාක් මහන්සි වුණා. හමුදාවන්හි හතර දෙනාගේ පුහුණුවක් වෙනම පටන්ගත්තා.

රෙජිමේන්තු හැම කෙනාටම මේ පුහුණුව දුන්නා. සෙබලෙකුට ඉංජිනේරු වැඩ ප‍්‍රථමාධාර ගුවන්යානා සබඳතා, මූලික මාස එක හමාරේ විශේෂ කාර්ය  බළකා පුහුණුව ආදිය දුන්නා. සේනාංකයක් යුදබිමට යද්දී මීටර් දෙසීයක් තියාගෙන ගියේ. නමුත් මේක කිලෝමීටර් 15 ක දුරක් සටන් පෙරමුණ තියාගෙන සටන් කළා. සෙබලූන්ට අපි ආත්ම විශ්වාසය දුන්නා.

අතීතයේ සටන් කලේ භූමිය අල්ලන්න. නැත්නම් පාරක් අල්ලන්න නැත්නම් කඳවුරක් බේරගන්න. එහෙම වුණාම තැනකින් තව තැනකට සෙබළුන් ගෙනාවා. අපි එහෙම කළේ නැහැ. අපි අල්ලපු තැන රැකගන්නා අතරෙයි ඒවා කළේ.  අපි සටන් කළේ සතුරන් ඝාතනය කරන්න. ඔහුට මේවා අදටත් තේරෙන්නේ නැහැ.



අදහස් (28)

යුද සැලසුම් හදන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු මිස ආරක්ෂක ලේකම් නෙමෙයි

Prabha Sunday, 20 October 2019 10:24 AM

ඕවා කියන්න මෙච්චර කාලයක් හිටියේ ඇයි? අඩුම ගානේ 2015 වත් කියන්න තිබුණනේ. ඔබ මේ කියන කතාවලින් නැවත වතාවක් රට යුද අපරාධ නඩුවල පැටලෙනවා.

:       1162       1743

Chamith Sunday, 20 October 2019 10:35 AM

යකෝ...!!! දැන් මෙයානේ යුද අපරාධ කරලා තියෙන්නේ...

:       332       575

LionSunday, 20 October 2019 02:13 PM

මේ ඉන්නේ වැඩ කාරයෝ... වැඩ කාරයට බොරු බැහැ. බොරු කාරයට වැඩ බැහැ. මේ මිනිස්සු යුද්දෙන් ගසා කෑවේ නැහැ. අම්මගේ තාත්තගේ සොහොන් රටේ මිනිසුන්ගේ සල්ලිවලින් හැදුවේ නැහැ. තමන් නිර්දෝෂී නම් නඩුවට පෙනී සිටින්න ඕනේ. එ්කට හැමදාම නඩුව කල්දනවා. මෙහෙම මිනිස්සුද රට කරන්න යන්නේ... ඇත්ත තිත්තයි.. නමුත් සත්‍ය ජයගන්නවා...

:       879       160

asankaMonday, 21 October 2019 05:52 AM

මෙතන කිසිම යුද අපරාධයක් ගැන කියැවෙන්නේ නෑ. සතුරන් මරනවා කියන එක යුද අපරාධ වෙන්නෑ. තහනම් අවි භාවිතා කිරීම, සිවිල් වැසියන් ඝාතනය කිරීම, යටත් වූ සතුරන් මරා දැමීම, වගේ දේවල් තමයි යුද අපරාධ කියන්නේ.

:       0       0

අනිල් Sunday, 20 October 2019 10:36 AM

ඇමති කටුවකට නොයෙකුත් දෙකයි පනහේ ප්‍රකාශ කරන අය උඩ දාන එක ගැන මගේ බලවත් විරෝධය...

:       354       749

Thiw Sunday, 20 October 2019 10:36 AM

මොහු මානසික ලෙඩෙක්...

:       970       1326

Soldier Sunday, 20 October 2019 11:49 AM

එ්ක හින්දා වෙන්න ඇති ගෝඨා වගේ ඇමරිකාවට පනින්නේ නැතිව මාරාන්තික තුවාල සිද්ද වෙලත් මෙරට ඉඳගෙන යුද්දේ ඉවර කලේ... අපේ මිනිස්සු කෙලෙහි ගුණ සලකන විදිය හරි අගෙයි..

:       1325       1084

PrasadSunday, 20 October 2019 01:38 PM

එතුමා LTTE එක්කෙනෙක් කුක් හැටියට තියාගත්ත හින්දා නිකන් අපරාදේ තුවාල කරගත්තා. ගෝඨා ලංකාවේ ආරක්ෂක ලේකම් හැටියට හිටියේ යුද්දේ ඉවර වෙනකම්... ඔයා බොරු සොල්දාදුවෙක් වෙන්න ඕනේ ඒක දන්නේ නැත්තම්...

:       108       242

Raveendra Sunday, 20 October 2019 10:52 AM

දේශපාලුවන් බලන්නේ තමන්ව මෙලොවට බිහිකළ තමන්ගේ ආදරණිය මෑණියන්දා පාවාදී හෝ බලයේ සිටීම සත්‍ය බව ඔප්පු කරන තවත් එක් උදාහරණයක් මෙය නොවන්නේද? දේශපාලුවන් යනු මහා කාලකන්නි හැත්තක් බව මෙයින් මනාව පැහැදිලි නොවන්නේද?

:       157       717

indunil Sunday, 20 October 2019 11:10 AM

යුද්ධ කරන්නේ හමුදාව තමයි.. කවුද, කොහෙද එහෙම නෙවෙයි කියලා තියෙන්නේ..? ගෝඨාගේ දක්ෂතාවය නම් කල්මණාකාරිත්වයයි. යුද්ධය, කොළඹ, ලංකා හොස්පිටල්ස්... හැමතැනම පෙන්වා ඇත්තේ එයයි. ආනා පුංචිහේවා මහතා ක්‍රිකට් තරුවක් නොවේ. නමුත් ඔහු 1996 ක්‍රිකට් කලමණාකරණය කළහැටි මතකද? නායකයා නිවැරදි මිනිසුන්, නිවැරදි තැනට යොදවා වැඩ කරවන්නෙක් මිස දන්න නොදන්න හැම බම්බුවටම හොට දමා ඇනගන්න කෙනෙක් නොවේ. ෆොන්සේකා හමුදාපති වූයේත් එම තියරියටම අනුවය. එම හැකියාව ගෝඨා ඕනෑවටත් වඩා ඔප්පු කර ඇත. සජිත් ඇතුළු කණ්ඩායම කලමණාකාරිත්වය සහ නිර්මාණශීලිත්වය අතින් සිටින්නේ ගෝඨාට වඩා හැත්තෑ හත් ගව්වක් පිටුපසිනි. ඊටත් වඩා සජිත්ගේ කතාවලින් ඔහුට මෙලෝ දැක්මක්, බුද්ධියක් හෝ හැකියාවක් නැති බව ඔප්පු කරමින් සිටී. ඇයි මම එහෙම කියන්නේ? තමන් පිළිබඳ මහා අධිතක්සේරුවකින් කතා කරන, සද්දෙන් හා අංග චලනයෙන් තමන්ගේ බලවත් බව පෙන්නන්නට තැත් කරන්නෝ සැබවින්ම දුර්වලයෝය. මේක සමහරවිට ඔබ සාමාන්‍ය ජීවිතයේත් අත්දැක ඇති...!

:       1396       3085

dinesha Sunday, 20 October 2019 11:21 AM

දැන් මේ කියන ඒවා යුද ජයග්‍රහණයට අයත් නැත්ද? පහුගිය දවස්වල කිව්වනේ යුද ජයග්‍රහණය ගැන කතා කරන්න තහනම් කියලා...

:       180       393

පී දයානන්ද Sunday, 20 October 2019 11:38 AM

ඇත්තම තමයි..., ලංකා දේශපාලනයේ හැටි. ඇත්ත ඇති සැටියෙන් නොබලා අහක බලාගෙන කරන කියන මේ ප්‍රකාශත් පසු ගෙවුණු මාස කීපයේත් මේ මහතා කළ ප්‍රකාශත් ගැන සිතාබලන කොට මිනිසුන් වාසි සඳහා මොනතරම් කුහක ප්‍රකාශ කරන්නේද යන්න පෙනේ....

:       121       508

ආන්ජලෝ නුගාරා Sunday, 20 October 2019 12:02 PM

2001දී රනිල්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් කෙනෙක් ප්‍රභාකරන්ගේ උපන්දිනයට පිස්තෝලයක් තෑගි දුන්නා මතකද? එදා මිලෙනියම් සිටි බුද්ධි අංශ පාවා දීම මතකද? 2005 ගොඨාභයගේ පත්වීම යුද්ධය ඉවර කිරීමට කොතරම් සාධනීය බව ඔප්පුවෙනවා.. දෙමළ සංධානය ඔබ කෙරෙහි නම්‍යශීලිවත්.., රාජපක්ෂලා කෙරෙහි තරහිනුත් කටයුතු කිරීමෙන්. මොකද? දේශපාලන තීන්දුයි යුද්ධය ඉවරම කිරීමට ප්‍රධාන සාධකය. මීට පෙර ජානාධිපතිලා ජාත්‍යන්තර බලපෑම්වලට බයවුණා. මහින්දගේ ශක්තිය වූයේ ගෝඨාභයයි.

:       462       791

Prabha Sunday, 20 October 2019 12:35 PM

ෆොන්සේකා මහත්තයාගේ තිර පිටපතින් ඒ කොටස් හැලිලා ගිහින්...

:       2       118

Lion Sunday, 20 October 2019 01:41 PM

දැන් මේවා බොරුනම් ගෝඨාබය මහත්තයට උත්තර දෙන්න පුළුවන් නේ . මේ මනුස්සය මුළු රටටම කිව්වා තවත් හමුදාපති කෙනෙකුට මේ යුද්දේ බාරදෙන්නේ නැහැ කියල ඔහු එය කලා.හැබැයි ගෝටා වගේ යුද්දේ කලේ මමයි කියල පොත් ගැහුවේ නැහැ .

:       24       3

gemunu de silva Sunday, 20 October 2019 02:39 PM

ඔහු අති විශිෂ්ට නායකයෙක්. බනින මිනිස්සු මොනවද රටට කරපු උදව්ව..? ලංකාවට මෙහෙම වුණේ මේ වගේ මිනිස්සු නිසා නොවේද?

:       17       7

Sarath R-USA Sunday, 20 October 2019 03:26 PM

සජිත් අවොත් (එන්නේ නෑ) ෆොන්සේකාට ඔය කියන ඇමතිකම කොහොමත් දෙන්නේ නෑ. පසුගිය කාලේ ඔහු සජිත් ගැන කී දේවල් සම්බන්ධව යමෙකු උසාවි ගියොත් දෙන්නම අමාරුවේ වැටෙනවා.

:       48       348

randika Sunday, 20 October 2019 05:01 PM

සරත් ෆොන්සේකා මහතා යුද සැලසුම්කරණයෙන් සහ ක්‍රියාත්මක කිරීමෙන් ලංකාවේ විශිෂ්ඨතමයා බව අමුතුවෙන් කියන්න ඕනේ නැත. එහෙත් ඔහුගේ හැකියාවන් හඳුනාගෙන එතැනට ගෙනාවේ ගෝඨාභයයි. හමුදාව ලක්ෂ 3.5ක කළමණාකරණය කිරීමට පහසුකම් සලසා දෙන ගමන් අයියේ යුද්ධය ඉවර කරන්න පුළුවන් නවත්තන්න එපා කිව්වේ ගෝඨායි. එහෙම නොකිව්වා නම් නෝර්වේ ඇතුලු යුරෝපා අවි කොන්ත්‍රාත්කරුවන්ගේ මඩිය තර කරමින් ලාංකික හරක් තාමත් දෙපිල බෙදී මරා ගන්නවා නේද? අපට යුද්ධය දිනා දුන් ඔබ සියල්ල යුද වීරයන්ය. ඇත්තෙන්ම මෙතන වුනේ යුද්ධයට හූ කිය කියා හිටි රනිල් ඇතුලු නඩේට යුද්ධය ඉවර වූ පසු රෙදි නැතිවීම නිසා එල්ලෙන්න වැලක් ලෙස සරත් ෆොන්සේකා අසුවීමය. පෙනි පෙනී පරාජයක් තිබූ ජනාධිපති ටොපිය දී යුධ වීරයෙක් බිලි බාගෙන යන්තන් නිරුවත වසාගෙන සරත් බිල්ලට දුන්නේ යුධ වීරයන් සදාතනික සතුරන් කරවමිනි. මෙතුමාට වැරදුනේ එතනය.

:       1       484

ධම්ම Sunday, 20 October 2019 05:12 PM

සජිත් කැරට් අලේ නියමයට එල්ලලා තියෙනවා.

:       0       121

Perera Sunday, 20 October 2019 06:07 PM

කවුරු ආවත් ලංකාවේ ජනතාවට නම් සෙතක් වෙන්නේ නැහැ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි හෙටත් එහෙමයි.

:       0       2

chandima Sunday, 20 October 2019 06:40 PM

ඒකනේ පඩි ගෙවලා ඒ තනතුරුවලට පත්කරලා තියෙන්නේ. වැඩ බැරිනම් එලවලානේ? අනික ඔය කියන විදියට තනියම ගහපු ගේමක් නොවෙයි ගුවන් සහ නාවික හමුදාපතිවරුත් එකතුවෙලා තියෙනවනේ. ඉතින් තනියම ක්‍රෙඩිට් එක ගන්න හදන එක හරි මදි නේද?

:       0       78

lionMonday, 21 October 2019 12:45 AM

මෙතන කොතැනකවත් කියලා නැහැ තමන් තනියම යුද්ධය ඉවර කළා කියලා. ඔහු කියන්නේ වෙච්ච සිද්ධිය මේවා බොරු නම් ගෝඨාභය මහත්තයාට කියන්න පුළුවන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා. තව එකක් අපේ ඡන්දෙ ඉල්ලන මිනිහා රටේ මිනිසුන්ගේ සල්ලිවලින් සොහොන් හැදුවේ නැහැ කියලා උසාවි ගිහිල්ලා තමන් නිර්දෝෂයි කියලා පෙන්නුවා නම් නේද හොඳ? හැමදාම නඩුව කල්දාගන්න එක හරි නැහැ නේද?

:       35       1

Bandara Monday, 21 October 2019 03:07 AM

ඇයි දන්නේ නැහැ කලින් මෙයා ඕවා කරලා රට බේරා නොගත්තේ?

:       1       77

rama Monday, 21 October 2019 03:32 AM

මේකෙන් ඔප්පු වෙනවා මීට කලින් හිටපු හමුදාපතිවරු කිසිදෙයක් නොකළ බව. අනේ පව් ඩෙන්සිල් කොබ්බෑකඩුව...

:       1       2

Ranjan Monday, 21 October 2019 04:04 AM

එක එක වෙලාවට එක එක දේවල් කියනවා...

:       1       2

Ranjan Monday, 21 October 2019 04:06 AM

මාවිල් ආරු වෙලාවේ මොහුට අණ දුන්නේ කවුද? ගෝඨාභය හරිද?

:       1       4

Bamunuarachchi Tuesday, 22 October 2019 01:48 AM

සැලසුම් හදන එක හමුදාපතිවරුන්ගේ වැඩක්, නමුත් යුද්ද පටන් ගන්න, නවත්වන්න කියන නියෝග දීම ආරක්ෂක ලේකම්ගේ කටයුත්තක් නේද? 1983 සිට 2005 දක්වා යුද්දය දිනාගන්න බැරිවුනේ කාගේ වරදින්ද? හමුදාපතිවරු නම් තීරණ ගන්නේ "මම බලයට පැමිණ යුද්දය නිමාකරනවා" කියා බලය ඉල්ලාගෙන පැමිණ මහින්ද මහතා යුද්දය ඉවර කලේ කෙසේද? ඇමරිකාවේ අතිජාත මිතුරා වන රනිල්ට ඉවරකරන්න බැරිඋනේ? අපිට තිබෙන ප්‍රශ්න ඕවා.

:       1       0

Bamunuarachchi Tuesday, 22 October 2019 01:57 AM

යුධ සැලසුම් හදන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු මිස ආරක්ෂක ලේකම් නෙමෙයි හරියට හරි.එහෙමනම් නම් ඔබට යුද්දය බාර දීලා ආරක්ෂක ලේකම් ලෝකෙ වටේ ගියාට ප්‍රශ්නයක් නැහැ නේද? ගේ හදන්න මේසන් බාස්ට බාරදුන්නාම මම මුදල් ප්‍රශ්න පළාත්සභා ප්‍රශ්න වගේ බාහිරින් එන ප්‍රශ්න විසඳනවා හැරෙන්නට කොන්ක්‍රිට් එකට වැලි සිමෙන්ති ගල් මෙපමණ දමන්න කියා කියන්නේ නැත. රාජපක්ෂලා ලෝකෙන් යුද්දෙට කරන බලපෑම් වලට මුහුණ දුන්නා. හමුදාපතිවරුන්ට එය කරන්න බැහැ. ලෝක නායකයෝ හමුදාපතිවරු සමග කතා කරන්නේ නැහැ. හැබැයි මතක තියා ගන්න නොවෙයි යුද්දය ඉන්න රටම එකතු වුනා යුද්දය දිනන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 93 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 223 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 962 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 282 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site