යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා සංචාරක තහනමක් පනවනු ලැබීමෙන් එක්සත් ජනපදය උත්සාහ කරන්නේ සිය දේශපාලන වුවමනා අනුව ලංකා රජය හසුරවා ගැනීමට යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක නීතිඥ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා අද (18) පැවසීය.
ශවේන්ද්‍ර සිල්වා යනු එක් පුද්ගලයකු පමණක් යැයි ද පුද්ගලයකු ඉලක්ක කරගෙන දේශපාලන තීන්දු ගැනීමෙන් උතුරේ දෙමළ ජනතාවට ලැබෙන සහනයක් නැතැයි ද පොන්නම්බලම් මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ හවුල්කාර ආණ්ඩුව පැවැති සමයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය දෙමළ ප්‍රශ්න සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ යැයි චෝදනා කළ හෙතෙම මෙම තීන්දුවෙන් නැවතත් පණිවුඩයක් දී තිබෙන්නේ තමන්ගේ වුවමනා ඉටුකරන්නේ නම් ආණ්ඩුවලට බාධාවක් නොවන බව යැයි ද අවධාරණය කර කීය.
එම නිසා ඇමෙරිකාවේ මෙම තීන්දුව ලොකු දෙයක් හැටියට නොසළකන්නැයි දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඒ මහතා කීය.
සිංහල දේශපාලන නායකත්වය දෙමළ ජනතා ප්‍රශ්නවලට නිසි විසඳුමක් දෙන්නේ නම් බාහිර කිසිදු පාර්ශ්වයක් ලංකාවේ ප්‍රශ්නවලට ඇඟිලි නොගසනු ඇතැයි ද ගජේන්ද්‍රකුමාර් මහතා කීය.
කෙසේ වෙතත් පාලක කණ්ඩායමෙන් එවැනි වුවමනාවක් පෙනෙන්නට නැතැයි ද ගජේන්ද්‍රකුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුදහමුදාපතිගේ සංචාරක තහනම ඇමෙරිකානු දේශපාලන වුවමනාවක්
sharm warn Tuesday, 18 February 2020 09:07 AM
අර සුමන්දිරන්ලාට මනෝ ගනේෂන්ලා ට කනට ගැහුවා වගේ ඇති මේ කතාව. පොන්නම්බලම් මහත්මයා ඔබ සම්පුර්ණයෙන් ම නිවැරදියි. අද ලෝකයේ බොහෝ බලපෑම් සිද්ධ වෙන්නේ දේශපාලනික උවමනා එපාකම් වලට. මනුෂ්‍ය යහපත ට නෙමෙයි. හොරෙකුට ත්‍රස්තවාදියෙකුට තියෙන මානව හිමිකම් එවුන්ගෙන් බැට කන දුක් විදින සාමාන්‍ය ජනතාවට නැහැ. ඒ වගේම කිසිම දේශපාලන පක්ෂයක් හෝ ආණ්ඩුවක් සාමන්‍ය ජනයාගේ ප්‍රශ්න විසදන්න ලොකුවට මහන්සි වෙන්නෙත් නැහැ. ඒක දෙමල දේශපාලනඥයන්ටත් වලංගුයි .
[email protected] Tuesday, 18 February 2020 09:21 AM
මේගොල්ලෝ ඉල්ලන දේවල් දෙන්නන පුළුවන්ද ? පොලිස් බලතල, ඉඩම් බලතල උතුර -නෙගෙනහිර යා කිරිල්ල. එතකොට කොළඹ ඉන්න අයට වෙනම නගර සභා දෙන්න වෙයි.
Kumar Tuesday, 18 February 2020 02:21 PM
ඇමෙරිකාවට යන්නේ නැතිව ඉන්න බරිද්ර? චීනයට රුසියාව උතුරු කොරියාව වගේ රටවල්වලට ගියාට හරිනැද්ද? සෑම රටකටම එම රටට පැමිණෙන ඕනෑම කෙනෙක් ගැන ස්වාධින තීරණයක් ගන්න අයිතියක් තිබෙනවා. ලංකාවේ ඉන්න ලොකු ලොක්කෝ එන්ජීඕ ලට බනිනවා. එන්ජීඕ ල රටෙන් පලවා හරින්න තරම් එඩිතර කෙනක් නැද්ද? ලංකාවේ ලොකු ලොක්කන්ගේ කටවල් වේලලා තියාගන්න වටිනවා.