IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යුද්ධයේදී මියගිය දෙමළ වැසියන් සිහිකරමින් උත්සව 47ක්

(එෆ්.අස්ලම්)

අවසන් යුද්ධයේදී මියගිය දෙමළ වැසියන් සිහිකරමින් මුල්ලිවායික්කාල් සැමරුම් උත්සව 47ක් උතුරු පළාත කේන්ද්‍රගතව සංවිධානය වී තිබෙන බව උතුරේ බුද්ධි හා  ආරක්ෂක අංශ සදහන් කර සිටීයි.
 
මුල්ලිවයික්කාල් සැමරුම් සතිය නිමිත්තෙන් සැමරුම් 20ක පමණ සංඛ්‍යාවක් සිදුකර අවසන්ව ඇති අතර අවසන් සැමරුම මැයි 18 සවස මුලතිව් මුල්ලිවයිකාල් හිදී සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇතැයිද එම ආරංචිමාර්ග පවසයි.
 
යුද්ධය අවසන් වී වසර 11ක් සපිරෙන හෙට 18 වනදා සවස 06යි මිනිත්තු 18යි තප්පර 18ට සෑම නිවෙසකම පහනක් දල්වමින් මියගිය වැසියන් සිහිකරන ලෙස උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ද උපදෙස් දී ඇත.
 
මෙම සැමරුම් අතරින් වැඩිම ප්‍රමාණයක් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් සංවිධානය කර ඇති බවටද ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබෙන තිබේ.
 
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් සැමරුම් පසුගිය වසරට සාපේක්ෂව විශාල මිනිස් ඒකරාශී වලින් තොරව සිදුව ඇති අතර මියගිය වැසියන් සිහිකිරීමේ ප්‍රධාන සැමරුම 18 වනදා සවස  අවසන් යුද්ධයේදී ජීවිත දහස් සංඛ්‍යාවක් අවසන් වූ බව කියන මුලතිව් මුල්ලිවයික්කාල් භූමියේදී මහවැලි විරෝධී දෙමළ එකමුතුව නැමති සංවිධානයක් විසින්  සංවිධානයක් කර තිබෙන බවද උතුරේ ආරක්ෂක ආරංචිමාර්ග සදහන් කරයි. වී තිබේ.



අදහස් (12)

යුද්ධයේදී මියගිය දෙමළ වැසියන් සිහිකරමින් උත්සව 47ක්

karu Sunday, 17 May 2020 09:27 AM

යුද්ධයේදී මියගිය සියලුම සිංහල, දෙමළ ශ්‍රී ලාංකිකයින්ට නිවන් සුව පතමි !

:       0       100

Asanga Sunday, 17 May 2020 09:28 AM

ලොකු කොටියා මැරුවට කොටි පුල්ලි තාම ඉන්නේ. එතකොට මැරිච්ච සිංහල හා අනික් අය මේ අයට අමතකද ? මේවට උඩගෙඩි දෙන අය තමා මුලින්ම අය්හ අඩංගුවට ගන්න ඕනේ.

:       323       327

පාල ගාල්ලගේ Sunday, 17 May 2020 09:44 AM

මේවා එජාප ආණ්ඩුව කාලේ සිද්ධවෙනකොට කට්ටිය නටපු නැටිල්ල. දැන් මීක් නැහැ.

:       0       1

තිවා Sunday, 17 May 2020 09:45 AM

මේක හඩ වගේ.

:       0       9

විජිත් Sunday, 17 May 2020 10:10 AM

ශ්‍රී ලංකාවේ සිංහල සහ ද්‍රවිඩ දේශපාලකයින් විසින් 1956 සිට ඔවුන්ගේ පැවැත්ම සඳහා අවුලවන ලද යුද්ධයෙන් අවාසනාවන්ත ලෙස ජිවිත අහිමිවුන සියලුම සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ සහ බර්ගර් " ශ්‍රී ලාංකිකයින් හට නිවන් සුව පතමි. සසරේ ඉපදෙන කිසිම භවයකදී ඔබට එවන් කුරිරු යුද්ධයක වේදනාව නොදැනෙවා...ඔබ සැමටම නිවන් සුව....!!!

:       0       34

Chandi Sunday, 17 May 2020 11:00 AM

අනේ මන්ද? තවම කොටි සිහිකරනවා එහෙනම්.

:       0       1

Ashan Sunday, 17 May 2020 11:16 AM

අර ඒ කාලෙ මැරෙන්ඩ හදපු දේශප්‍රේමින් කොහෙද දන්නෑ.

:       0       47

අතපත්තු Sunday, 17 May 2020 02:44 PM

පහුගිය ආණ්ඩුව කාලෙ මේක වුණා නම් විමල් වීරවංශ කොටි සමරනවෝ කියල බෙරිහන් දෙන්න පටන් ගන්නව. ආණ්ඩුව එයාලගෙ නිසා රතු, කහ පාට කොඩි වැල් තිබුණත් මේක කොටි සැමරුමක් නෙවෙයි.

:       0       138

karuMonday, 18 May 2020 10:13 AM

විමලයා වගේ අය නිසා තමයි මේ යුද්ධය ඔතරම් දුර ආදී ගියේ. විමලයා කියන්නේ මේ රටේම අවාසනාවට යක්ෂයා විසින් එවපු කෙනෙක්. 88-89 කාලයේ ගල්කටස් එකක් අරගෙන හොන්ඩා 50 යේ පිටිපස්සේ ගිහින් අහිංසකයින් සියගණනක් මරපු ' හිට් මෑන්' කෙනෙක් වන විමලසිරි ගම්ලත් කියන්නේ ඔය නම වෙනස් කරගත් විමලයාමයි..

:       0       0

හරේන් Sunday, 17 May 2020 02:48 PM

දෙමළ මිනිස්සු විතරක් සමරන්නෙ ඇයි? මේක හරිම ජාතිවාදීනෙ? අයිතිවාසිකම් ඉල්ලනකොට විතරක් අපි ඔක්කොම එකයි කියාගෙන එන්නෙ. අපේ රටේ සුලු ජාතීන් කොච්චර අවස්ථාවාදී ද කියල මේකෙන් පේනවා...

:       16       0

samareMonday, 18 May 2020 10:09 AM

බලන්නකෝ අද මුළු ලංකාවේම ගෙවල් වල ජාතික කොඩිය ඔසවන්න කියලා රජයෙන් නිවේදනය කළා. එයින් අදහස්වන්නේ සින්හල ජාතියටත් මේ හැඟීමම තියෙනවා කියලා. මේ සුළු ජාතීන්ව තවමත් අසරන කරලයි තියෙන්නේ. ඒක කරන්නේ සිංහල ජාතිවාදී දේශපාලකයින් සිංහල චන්ද බලාගෙන... නමුත් උන් රෑට රෑට බාල් දමන්නේ දෙමල ජාතිවාදීන් කියන දේශපාලුවන් එක්කයි .අපියි මෝඩ.... දේශපාලුවන් සිංහල, දෙමල අපිව අවුස්සලා හොද්ද බොර කරගන්නවා. යුද්දෙදි ජිවිත පරිත්‍යාග කළ සිංහල, දෙමල, මුස්ලිම් (හමුදාවේ,කොටින්ගේ) සියලු දෙනාටම නිවන් සැප ලැබේවා කියලා පතනවා....

:       0       0

Anton Monday, 18 May 2020 04:31 AM

මෙහිදී පොදු ජන පෙරමුණේ ඇතැම් පුද්ගලයන්ගේ නිරුවත මනාව පැහැදිලිවෙනවා . පහුගිය ආණ්ඩුව කාලේ මේ සැමරුම කරද්දී කොටි නැගිටිනවා කියලා කියපු උදවිය අද කිසිම දෙයක් වුනේ නැති ගානට ඉන්නවා. කවුරු කළත් වැරැද්ද වැරැද්දම තමයි. අපේ දේශප්‍රේමින් කියලා කියා ගන්න කොටස සහ සංඝයා වහන්සේලා කියන ඇතැම් කොටස් මේ වගේ දේවල් වලට කිසිම ප්‍රකාශයක් නොකරන්නේ ඔවුන් කුහක නිසා බව නොවේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 25 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 67 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 147 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 592 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 982 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 811 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site