‘පාස්කු දා ප්‍රහාරය මටත් පෞද්ගලිකව වැදුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් තවමත් මම පීඩා විඳිනවා. මේ දේවල් හොඳටම දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන් විතරක් නොව මේ රටේ නායකත්වය පවා මේ විනාශයට වගකිව යුතු බව මා නැවත වරක් ප්‍රකාශ කරනවා.’යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසුහ.
කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවෙන් පසු කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මෙසේ කීහ.
එහිදී අගරදගුරු හිමියෝ මෙසේ ද පැවසුහ.
‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අයගේ ජිවිත වලට සිදුවූ මේ විනාශය දේව කැමැත්ත අනුව සිදුවූ දෙයක් නොවන බව පැහැදිලියි. එය මනුෂ්‍යාගේ පව්කාරකම තුළ සිදුවූ දෙයක්. මනුෂ්‍යාගේ පව්කාරකමේ ගොදුරක් බවට අපේ සහෝදර සහෝදරියෝ පත්වුණා.’
ඒ වරද කළ අයට අත හෝදගන්න බැහැ. මේ වරද කළ අයට දඬුවම් කරන්න ඕනෑ. එය කළ යුත්තේ ඔවුන්ව බලතල වලින් පහ කිරිමෙනුයි. මේ වාගේ වගකීම් දැරීමට නොහැකි අය අපේ රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. සමහරු තවම නිදැල්ලේ හැසිරෙනවා. සමහරු සාන්තුවරු වගේ ඉන්නවා. ඔවුන් හිතනවා බේරිලා ඉන්න පුළුවන් කියලා. මනුෂ්‍යාගේ විනිශ්චයාසනයෙන් දඬුවම් නොලැබුණත් දෙවියන්ගේ විනිශ්චයාසනයෙන් දඬුවම් ලැබෙනවා. මේ අපරාධය නොකළා මෙන් නිහඬව සිටින අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරිමට මැලිවන අයට දෙවියන් වහන්සේගේ දඬුවම ලැබෙනවා.
‘ආත්මාර්ථකාමී අදහස් හා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කිරිමට කටයුතු කළ සියලු දෙනාටම දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙනවා. දැන් මගේ පස්සෙනුත් එලවනවා කියලා ආරංචියි. මම බය නෑ. මගේ ජිවිතය ඔබට සහ දෙවියන්ට අයිතියි. ඕනෑම වේලාවක ජිවිතය පුජා කරන්න මම සුදානම්.’
එම දිව්‍ය පුජාව සඳහා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීහු සහ තුවාල ලැබුවෝ සහභාගී වුහ.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘මේ විනාශයට නිලධාරීන් පමණක් නොව රටේ නායකත්වයත් වගකිවයුතුයි’
ase Sunday, 12 May 2019 10:11 AM
අති උතුම් ඔබතුමා ඉදිරියට ගත් පය නැවත පස්සට තබන්න එපා, අපි ඔබතුමා සමගයි.
Nishantha Sunday, 12 May 2019 10:23 AM
කොන්ද කෙලින් තියෙන සිංහල ආගමික නායකයෙක් හැටියට ඔබ වහන්සේ අපිට ආඩම්බරයක්.
sirimal Sunday, 12 May 2019 10:24 AM
රටේ නායකත්වයට ඡන්දයක් නම් දිනලා හමාරයි. හබන් කුකුළන්ට නම් ජයමඟුල් වගේ දැනෙනවා ඇති...
JayaSunday, 12 May 2019 02:21 PM
දැන්වත් ඔය පාට කණ්ණාඩි ගලවනවා... හෘද සාක්ෂියක් තියනවා නම් මේ තරම් විනාශයක් වුණාට පස්සෙත් කොහොමද තවමත් මේ බලයට රට විනාශ කරපු දේශපාලකයින්ට කඩේ යන්නේ...
BamunuarachchiSunday, 12 May 2019 05:00 PM
මොවුන්ගේ ඇස්වලට පාට කාච තිබෙන්නේ එතනයි ප්රශ්නය. මොවුන් ඉන්නේ ලංකාවේ නොවන නිසා ප්‍රශ්නයක් නොමැත.
athuraMonday, 13 May 2019 04:20 AM
බමුණුගේ තියන කාචවල පාට පාටකයෝ හැමෝම වගේ දන්නවා මගේ හිතේ.
SankaMonday, 13 May 2019 05:02 AM
අපෝ මේ බමුණුආරච්චි ගැන නම් කතා කරන්න එපා. මොකද එයා තනිකරම ඒක පාර්ශ්විකයි
BamunuarachchiMonday, 13 May 2019 11:23 AM
මට තිබෙන්නේ ඈත අස්සේ පියාඹන උකුස්සෙකු බිමසිටින කුකුළු පැටියෙකු දකිනවා වගේ අනාගතය එන උවදුරු දකින බොහොම සංකීර්ණ කාච් යක්. එනිසයි මෙවෙන කලබගෑනිය වෙනබව බොහෝ කලකට පෙරසිට පෙනවාදී පාදඩ සිංහලයින්ගෙන් "ජාතිවාදියා" නම්බුනාමය ගත්තනේ?
don perera Sunday, 12 May 2019 10:25 AM
ඔබතුමා හරියට හරි, නමුත් ලොකු පන්සල්වල මේ තිරිසන් දේශපාලකයන්ට පිරිත් නූල් බඳිනවා.
ramaSunday, 12 May 2019 11:18 AM
ඔබේ අදහස නිවැරදියි.... ලොකු උන්නාන්සේට පලතුරු වට්ටියක් දුන්නම ඕන ගොනෙකුට පිරිත් නූලක් බැඳලා එවනවා.... ඒ අතින් ඔය අස්ගිරි සහ මල්වතු ලොක්කෝ කරන දෙයක් නෑ රටට
kamaniSunday, 12 May 2019 03:51 PM
අපේ හාමුදුරුවොලා තමයි ඔය පොල් බූරුවන්ට පිරිත් නූල් බඳින්නේ... එ්කට ස්තුතියක් වශයෙන් අලුත් කාර් එකක් දෙනවා හාමුදුරුවන්ට. කියන කියන විදිහට නටන්නේ නැති ශක්තිමත් දේශපාලකයෙක් තමයි අපේ රටට අවශ්‍ය වෙන්නේ.
කන්කානම්ගේ Sunday, 12 May 2019 07:16 PM
කමනි ඔබ හරි
BamunuarachchiMonday, 13 May 2019 11:27 AM
මම ඔබට පිළිතුරක් දුන්නා. නැවත පිළිතුර දෙන්නම්.
BamunuarachchiMonday, 13 May 2019 11:42 AM
දරුණුම අපරාධකාරයා පැත්තකින්, පව් සමා කරගන්න දණ ගැසුවොත් පව් ක්ෂමා නොකර අපරාදකරු එලවා දමනවාද? එහෙමනම් බෞද්ධ භික්ෂුවක් වෙත පිරිත් නූලක් බැඳ ගැනීමට අත දිගු කරන අපරාධකාරයා ප්‍රතික්ෂේප කරන්න භික්ෂුවකට පුළුවනිද? ඔබ කොහෙන් අධ්‍යාපනය ලබපු කෙනෙක්ද? මම මේ පිළිතුර දුන්නේ ඔබගැන ඔබටම වටහා ගැනීමටයි.
ගල්කටස් Sunday, 12 May 2019 11:12 AM
උන් වහන්සේගේ අදහස් දැක්වීම තුළ සිතන්න යමක් තිබෙන බව අවසනාවන්ත සිද්ධිය සිදුවී දැනට දවස් 21කුත් පසුවෙන්න අාවා. රජයේ පරීක්ෂණ වල සහ ජාතික අාරක්ෂාව සම්බන්ධව සෑහීමට පත්විය හැකි කිසිඳු අාකාරයක වැඩ පිළිවෙලක් මේ රජය කරන්නෙ නැහැ. වුවමනාවෙන් මග හරිනවා. මෙහි සිදුවු අැත්ත සිදුවීම සහ සත්‍ය දැන් උන්වහන්සේට දැන ගැනීමට ලැබෙන්න අැති. අපි බෞද්ධයන් හැටියට කිතුණු ජනතාවත් සමග ඔබ වහන්සේව අාරක්ෂා කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම්...
menna Sunday, 12 May 2019 11:51 AM
රටේ නායකත්වය දරන්නේ පූජකයින්. ලංකාවේ දේශපාලකයින් විශ්‍රාම ගිය උදවිය හා සමානවයි මට පේන්නේ. පාර්ලිමේන්තුව පොඩි ෂොට් එකක් ගහල දෙපැත්තකට වෙලා කියව කියවා ඉන්න බාර් එකක් වගෙයි මට පේන්නේ. ලංකාවේ නීති රටක් ලෙස ක්‍රියාත්මක නොවේ. පූජකයින්ට ඕනේ ඕනේ විදියට මිනිසුන්ගේ අදහස් වෙනස් කරනවා. මිනිහෙක් වුණාම කීයක් හරි හම්බ කරගෙන කාලා බීලා සතුටින් ඉන්න හදන්නේ. කාලා බීලා සතුටින් ඉන්න එක ලේසි නැත්තේ පූජකයින් විසින් ජීවත්වීමට අවශ්‍ය නීතිවලට අමතරව ඒ ඒ ආගමට අදාල වූ නීති ගොඩකින් මිනිසුන්ව හිරකර ගෙන සිටින නිසා.. මිනිසුන්ට හුස්ම ගැනීමට අමාරු වී ඇත. හුස්ම ගැනීමට අමාරු වූ විට සිහිය පවත්වා ගැනීමට අමාරුයි. සිහිය හරියට ආරක්ෂාව වගේ. ආරක්ෂක අංශ දුර්වලයි කියන්නේ සිහිය නැහැ වගේ වැඩක්...
jagath Sunday, 12 May 2019 12:16 PM
මේ අවාසනාවන්ත සිද්ධියේ තොරතුරු ඔත්තු සේවාවන් සපයා දී තිබියදීත් ඒ පිළිබඳව ආරක්ෂක පියවරක් ගැනීමට නොහැකි වීම පිළිබඳව රජය වගකිව යුතු බව ඇත්ත... නමුත්, සිද්ධියට පසු ආරක්ෂක අංශ මගින් සිදුවිය යුතු දේ සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා.
BamunuarachchiMonday, 13 May 2019 11:55 AM
මරේ මරු පිළිතුර... අශ්ව ඉස්තාල උපමාව මෙවැන්නන්ට ලිහිල් වැඩිය. මොහුගේ කතාව හරියට ගෙදරට ආපු යාලුවා සමග බිරිඳ පැනගියාට පසු වෙනත් යාළුවන් ගෙට වැද්ද නොගන්නවාය කීම වගේයි...
චමින්ද Sunday, 12 May 2019 12:33 PM
මිනිස් සිත් කියවූ එඩ්ගා කේසිගේ කියමන් ඇසුරින් ලියා ඇති පොතක් පෙරවිසූ සුමංගල නම් හිමිනමක් විසින් සිංහලට පරිවර්ථනය කරල තියෙනවා. එහි දැක්වෙන කථාවලින් කියවෙනවා වරදක් කලොත් එය කුමන ආත්මයක හෝ විපාක දෙනවා කියා. කාදිනල් හිමියන්ගේ කථාවෙන් කියන්නේත් එයම කියලයි මට හිතෙන්නේ...
janahitha Sunday, 12 May 2019 12:46 PM
අති ගෞරවණිය කාදිනල්තුමනි, අවි ගත්තෝ අවියෙන්ම නසිති. වරද කළවුන්ට කිසිවිටක් සමාවක් නැත. එහෙත් මෙය දැනදැනත් නොදැන සේ සිටියවුන්ටත් කිසිම දිනක සමාවක් නොදියයුතු අතර නැවත ජනතා හමුවට ඔවුන් වැද්ද නොගත යුතුයි...
lankaSunday, 12 May 2019 01:57 PM
අවි ගත්තෝ අවියෙන්ම නසිනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ අවුල තියෙන්නේ ඔය අවි ගත් අය අනිකුත් අයවලුන්ව නැසීමයි.
Raveendra Sunday, 12 May 2019 12:59 PM
අතිගරු අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමනි, ඔබවහන්සේගේ අදහස් අපද අගය කරන්නෙමු. නමුත් අප නම් තරයේ විස්වාස කරන්නේ නිලධාරින්ට අමතරව මේ 225 ම මේ සාපරාධි අවාසනාවන්ත සිදුවීමට වග කිවයුතු බවට. කිසිදු කෙනෙකුට මෙම මහා පාපකර්මයෙන් බේරීමට නොහැකි බවත් ගෞරව පුරවකව දැන්වීමට කැමැත්තෙමු. ඔබවහන්සේට තිසරණ සරණයි.
Saththaya Sunday, 12 May 2019 02:10 PM
මෙය පසුපස බලය උදෙසා පන්නන පිරිසක් සිටිනා බවයි පෙනෙන්නේ... සෑම සුමානයකම එදිනෙදා ජනජීවිතය කඩාකප්පල් කරන්නේ සැලැස්මක් ඇතිව... ආරක්ෂක අංශ කඩාකප්පල්කාරීන් පලවා හරිනවා වෙනුවට සියලු දෙනාම අත්අඩංගුවට ගෙන තොරතුරු දැනගැනීමෙන් කව්ද මේවා මෙහෙයවන්නේ කියලා තොරතුරු දැනගත හැකියි... දැන් පවතින්නේ හදිසි නීතිය... දැන්වත් නැගිටිමු. දේශපාලන ත්රස්තවාදීන් පලවා හරිමු...
chandima Sunday, 12 May 2019 05:50 PM
රදගුරුතුමනි ඒගොල්ලෝ ඉන්නේ නිලධාරීන් කළ දේවල් තමන් කල දේවල් සේ පෙන්නා තමන්ගේ නම් කෙටු ගල් පුවරු විවෘත කිරීමට පමණයි.
Nishan Monday, 13 May 2019 02:19 AM
නිලධාරීන් සහ පාලකයන් පමණක් නොව විපක්ෂයේ අයත් වගකිව යුතුයි. ඔවුනුත් දැනගෙන හිටියා මේ ප්‍රහාර ගැන. ඔවුනුත් ඔවුන්ගේ වගකීම පැහැර හැරියා. ඔවුන්ට තිබුණා මේ ප්රවෘත්ති ගැන ප්‍රශ්න කරන්න.
Denesh Monday, 13 May 2019 04:03 AM
ඔබේ වහන්සේට තෙරුවන් සරණයි , සියලු දෙවි රැකවරණය ලබෙල්න්න ඕනේ... මේ දේශ පාලුවෝ 225 ගෙන් මේ රට බේරගන්න, සියලු ශ්‍රී ලාංකිකයන්ට තියෙන්නේ ඔබ වහන්සේගේ රැකවරණය විතරයි.....
hira Monday, 13 May 2019 05:14 AM
මේ වගේ ලොකු විනාසයක් වෙයි කියලා අවුරුදු ගානකට කලින් ඉදලම නොයෙකුත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පාරවල් ගානේ උද්වේගතරව අදහස් ප්‍රකාශ කරන කොට භික්ෂුන්ට බහුතරයක් අය අපහස නින්දා කලා හැරෙන්න එහි සත්‍යය දැක්කේ නැහැ.
P..L.මනොජ් ප්‍රසංග ප්‍රනාන්දු Monday, 13 May 2019 08:52 AM
ඒක ඇත්ත...
vipula Monday, 13 May 2019 08:56 AM
අපිට නායකයෙන් නැහැ කියන එක දැන් තේරෙනවාද ?
Bamunuarachchi Monday, 13 May 2019 11:49 AM
කාදිනල්තුමනි, කොටහේන ප්‍රදේශයේ 95%ක් පදිංචිකරුවන් දමිළයින්ය. ඔවුන් මේ පාදඩ දේශපාලකයන් පන්නා දමන්නේ නැත. මෙන්න කැට. ඔවුන් එජාපයෙක් පරාද කළොත් මම පල්ලිය වටා දණ ගාමින් යමි...
Bamunuarachchi Monday, 13 May 2019 11:58 AM
විපුල අපිට කශේරුකාවක් ඇති රාජ්‍ය නායකයින් දැනට නැත...