IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘මේ ආණ්ඩුව උපාධිධාරීන් අසරණ කරලා ‘

(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ ආරියරත්න රණබාහු)
 
පාර්ලිමේන්තුව විසුරුවා හැර,මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක විරැකියා උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙල නිසා  සියලු උපාධිධාරී තරුණ තරුණියන් අසරණ කර ඇතැයි  ඇතැයි  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පැවසීය.

 
කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව අනාවරණය කළේය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
 
    ‘‘ජනධිපතිවරණයට පෙර ඔවුන් කියා සිටියේ ජයග්‍රහණයට පසු මසක් ඇතුළත සියලු උපාධිධාරීනට රැකියා ලබාදෙනවා කියා. නමුත්  තුන් වතාවත් මේ වන විට බොරු පොරොන්දු දී  තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින බව  දැන දැනම, ඒ වගේම ඕනෑම ළදරුවෙක් පවා දැනගෙන සිටින මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක ලබා දෙන සියලු පත්වීම් මැතිවරණ කොමසාරිස් විසින් අත්හිටුවනවා කියා. ඒ බව දැන දැනම මෙවැනි පත්වීම් ලබාදීම මගින් සියලු අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් අසරණ කර තිබෙනවා.
 
මම වගකීමෙන් කියනවා අපි ජාතික සමගි බලවේගය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු සතියක් ඇතුලත සියලු උපාධිධාරීන් ට පත්වීම් ලබා දෙන බවත් ඉන් මාස තුනක් ඇතුළත ඒ රැකියාලාභී සියලු දෙනාගේ රාජ්‍ය සේවයේ රැකියා ස්ථීර කිරීමට පොරොන්දු වෙනවා.‘‘
 
(ඡායාරූප / වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )



අදහස් (29)

‘මේ ආණ්ඩුව උපාධිධාරීන් අසරණ කරලා ‘

hudson Thursday, 05 March 2020 12:47 PM

මේ ආණ්ඩුව මෙහෙම අනාගනියි කියලා නම් මම හිතුවේ නැත. මම හිතුවේ පළමු මාස තුනේ සැබෑ වෙනසක් කෙසේවෙතත් වෙනසක් පැහැදිලි වෙයි කියලා. එක අතකින් මෙවැනි අඳබාල ඇමැති මණ්ඩලයකින් මෙයට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? උගතෙක් කියන්න එක අයෙකුවත් නැත..

:       1434       1710

BamunuarachchiThursday, 05 March 2020 01:52 PM

මමත් හිතුවේ නැහැ ඔහෙත් අනා ගනීවි කියලා... මේ ආණ්ඩුවේ ජනතාවගේ බලයෙන් පත් වුනේ ජනාධිපති විතරයි 19 වැනි ජනාධිපතිනිය තිබුණු බලතල බොහොමයක්ම නැති වුණා. තව මේ ආණ්ඩුව බජට් එකක් වත් ඉදිරිපත් කලේ නැහැ. ඔහෙලා 2015දී යහපාලනයක් ගෙනියන්න නේද පූර්ණ බලතල ඇති ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ... ඔවුන්ට අවුරුදු 4 1/2ක් යනතුරු මොන බම්බුවක්වත් කරගන්න බැරිවුණා නේද? ටිකක් ඉවසන්න ගහක් කපන්න දුන්නත් පලපුරුදු මිනිහා පළමුව පොරවා වනන්න පුළුවන් ප්‍රමාණයට වටේ සුද්ද කරගෙන වැඩේට බහින්නේ...

:       706       977

PohottuThursday, 05 March 2020 10:15 PM

අනේ මහ්තයෝ, ඇයි ආණ්ඩුව පැනලා ගත්තේ එහෙනනම්? 19 නිසා බැ, 2/3 නැතුව බැ , නීති නිසා බැ , නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කිව්වලු. 2/3 එනකන් වැඩකරන්න ඉන්නවා කියන්නේ , මේ රටට කිසිම වැඩක් ඔය කියන වීරයන්ට කරන්න බැ කියන එකයි.

:       116       510

කරුණාපාල Friday, 06 March 2020 06:53 AM

අවුරුදු 4 1/2 ට රනිල් කරපු දේවල්වලට කිට්ටු කරන්නවත් බැහැ. කොමිසන් සභා, පනත්, අඩු ජීවන වියදම, රටටම සුව සැරිය, සුඛෝපබෝගී නගරාන්තර දුම්රිය සේවය පෝෂණ මලු, රජයේ දෙගුණයක් වැඩි වැටුප් ගම්පෙරලිය, සුව සේවා එකී මෙකීනොකී... 2/3 තියාගෙනද වැඩ කලේ?

:       23       107

AraThursday, 05 March 2020 01:56 PM

ඔබ පහුගිය ආණ්ඩුව කාලේ හිටියේ අඟහරු වලද?

:       264       190

dilanThursday, 05 March 2020 08:00 PM

ඔබතුමා බලයේ ඉන්න කාලෙ උපාධිධාරීන් කී දෙනෙකුට රස්සා දීලා තියනවද? අපිනම් දන්නා තරමින් එකකවත් දීලා නැහැ.

:       86       25

මුණසිංහ Thursday, 05 March 2020 01:38 PM

සජිත් බුද්ධිමත් වැඩ කීයක් කරලා තිබෙනවද?

:       643       404

වීරවිජේFriday, 06 March 2020 08:19 AM

එයා දන්නේ මෙච්චරයි..

:       1       0

Bamunuarachchi Thursday, 05 March 2020 02:03 PM

‘මේ ආණ්ඩුව උපාධිධාරීන් අසරණ කරලා‘ උස අයට සිකියුරිටි දීලා, කොට අයට කම්කරු දීපු මිනිස්සු තමයි මෙහෙම කතා කරන්නේ... ඔහෙලාට පුළුවන් වුණාද වැදගත් විදිහට කෙනෙකුට රැකියාවක් දෙන්න. තමන් ඉන්න තැනට මිනිසුන් ගෙන්වලා මිනිසුන්ව හිටවලා තියලා මාධ්‍ය සංදර්ශන තියලා රැකියා දීපු හැටි.. අපි දැක්කා. බලන්නකෝ මේ ආණ්ඩුව රැකියා ලාභියාගේ ගෞරවය තියලා අයැදුම්පත් කැඳවලා මිනිසුන්ගේ මුහුණවල් බලන්නේ නැතිව සුදුසුකම් බලලා රැකියාවල් දීපු හැටි. අපි 1967 රැකියාවලට ගියේ එහෙමයි.

:       896       578

Sirisena Thursday, 05 March 2020 02:40 PM

කොහොම වුණත් රනිල් හිටියා නම් මේ වැඩ කරන්න සජිත්ට ඉඩදෙන්නේ නෑ.

:       38       80

Ruhunu Thursday, 05 March 2020 02:41 PM

එතකොට ඔබතුමාලගේ ආණ්ඩුව මුළු රටේම මිනිස්සු රැවැට්ටුවේ ෆ්‍රී වයිෆයි දෙනවා කියලා... ඒක කොහොමද?

:       107       252

RaveendraThursday, 05 March 2020 04:49 PM

මේ සත්ගුණවත් අපේ පිං කඳ හීනෙකින්වත් කිසිවෙකුට අසාධාරණයක් කර නොමැති බැවින් ඔබගේ අදහස් අප තරයේ හෙළා දකින්නෙමු. බිය නොවන්න මෙවරත් සත්ගුණවත් ජාති හිතෛෂී 225ම විසින් ශ්‍රී ලාංකීය ඡන්දදායකයින් සියල්ලවම රවටනවා ඇත.

:       174       64

Raveendra Thursday, 05 March 2020 04:07 PM

මේ ආණ්ඩුව උපාධිදාරීන්ව අමතක කරානම්, අසරණ කරානම් හෝ වෙනයම් අවැඩක් කරානම් එම හරකුන් එයට නිසි ප්‍රතිඵල ලබා ගනියි. ඒ ගැන අමුතුවෙන් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්, බලාපොරොත්තුවෙන් ගිනි පත්තු කරන එක හරිද? හොඳයි කියන්නකෝ බලන්න ශ්‍රී ලාංකිකයින්ට හරි සාධාරණවද වැඩ කරේ කියලා..? කට ඇරලා කියන්නකෝ? තමුසෙගේ තාත්තා ඉතාම කෙටි කාලයකින් මැද කොළඹ හිවල්ලුන්ගේ ඡන්ද ගොඩ බලාගෙන මන්ත්‍රී ප්‍රතිශතය වැඩිකරලා දැන් මුළු ලංකාවම ඒ ගත්ත ගොන් තීරණය නිසා මේ මොහොතේත් විඳවනවා නේද? කට ඇරලා කියන්න බලන්න මේ අපි සඳහන් කරපු ඒ විස්තර හරිද වැරදිද කියලා... මේ නිකං බයිලා කියවන්න එපා... ලැජ්ජයි විපක්ෂ පට්ටියේ ලොක්ක වෙලා හිටිය නේද?

:       714       513

GalaparaFriday, 06 March 2020 09:39 AM

සජිත් විපක්ෂ නායකතුමා... ඔයා නොසැලී ඔයාගේ ගමන යන්න. මොකද... මේ රවීන්ද්‍ර, බමුනුආරච්චිලා වගේ අය සජිත්ට එලව එලව පහර ගහන්නේ ඔයා ඉදිරියට යන ගමන ගැන හොදටම බයවෙලා. ඔයා මේ මෝඩ කමෙන්ට් වලට බය වෙන්න එපා ඔයාගේ පියා මේ රටේ සුවහසක් ගම් දනව් වල දුගී දුප්පත් ජනතාවට මොනතරම් විශාල සේවයක් කරාද කියලා මුළු රටම හොදින්ම දන්නවා. අනික සජිත් පහුගිය ඡන්දෙදි ලක්ෂ 55 ගත්ත කියන්නේ ඔයා එතනම දිනලා ඉවරයි. ඉතින් සජිත් මේ ඡන්දෙදි රනිල් නැතුව තනියම තරග කරන්න... ඔයාට හොද තරගයක් දෙන්න පුළුවන්... සජිත් අපි ඔබට සුබ පතනවා.

:       0       392

Gihan Thursday, 05 March 2020 04:56 PM

ටයර් මාලයක් වත් දාමුද?

:       206       137

thishan Thursday, 05 March 2020 05:13 PM

මෙයා දේශපාලනේ දන්නෙත් නෑ. නායකයෙක් කියන්නේ කවුද දන්නෙත් නෑ.. රටක් පාලනය කරන්න තියා ගෙදරක තියාගන්න වටින්නෙත් නෑ.. කිලිගේ උපදෙස් අනුව වැඩ කරලා තමනුත් පක්ෂයත් දෙකම නැති කළා. හම්බන්තොටින් නාමල් පරද්දගන්න බැරි මිනිහා, කොහොමද රටක් පාලනය කරන්නේ?

:       215       387

wijebahuFriday, 06 March 2020 02:09 AM

හම්බන්තොට කියන්නේ බයිලන්තයක්. ඕක ඩිස්නිලන්තයක් කරනවා කිව්වත් ඡන්දේ රාජපක්ෂලාට මෙහා කාටවත් ලැබෙන්නේ නැත.

:       28       98

Sarath Thursday, 05 March 2020 05:59 PM

මෙම සිද්ධිය පසුපස සිටින්නේ කවුරුද කියා දැන් හොඳටම පැහැදිලියි. සජිත් බොරදියේ මාළු බාන්නයි හදන්නේ...!

:       48       250

Appuhami Thursday, 05 March 2020 08:07 PM

අපි දැක්කා ඔබ තුමාලා 2018-2019 උපාධි ධාරීන් භාහිර, අභියන්තර කියලා බෙදලා උබතුමාලගේ පාක්ෂිකයන්ට විතරක් රැකියා 5000 ක් විතරක් දුන්නා ඔබ තුමා එතකොට හිටියේ අඟහරු ලෝකෙද.?

:       1       11

RaveendraFriday, 06 March 2020 04:44 AM

කරුණාකර ඔබතුමා, අරතුමා, මෙතුමා යන සිංහල භාෂාවේ වැදගත් වචන කිසිදු දේශපාලුවෙකුට (සියලුම පක්ෂවලට මෙය අදාලය) භාවිතා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින්නෙමු. අප එසේ සඳහන් කරන්නේ අප එලෙස එම වැදගත් වචන මේ කොහෙවත් යන 225ට සඳහන් කිරීමෙන් අප විසින් අපගේ මව් භාෂාවට ඉතාම බරපතල ලෙස අවමන් කරන බැවිනි. මෙම ගෞරවාන්විත වචන අප රටේ දේශපාලුවන් 225 භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු නැති බැවින් දැන්වත් අප අපගේ ඒ වටිනා මව්බසට නිගරු නොකරමු. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව දියවන්නා ඔයේ 225ට සම්පූර්ණයෙන් කියවීමට හැකි වේවා...!!!

:       50       146

Pradeep Friday, 06 March 2020 03:27 AM

සජිත් මහතාණනි, ඔබ පසු ගිය දවසක රැකියා විරහිත තරුණ තරුණියන් ඔබ වෙත කැදවා රැකියා ලබා දෙන වීඩියෝවක් අප නැරඹුවෙමු. එහිදී උපාධි ධාරීන්ට "උපාධි කාරයා" ලෙස ඇමතු ඔබට හිටි හැටියේ මේ උපාධිධාරීන් කෙරෙහි අනුකම්පාවක් ඇතිවීම පුදුම සහගතයි. එක අතකින් එය පුදුමයට කරුණකුත් නොවේ, මන්ද යත් අප රටේ සියලුම දේශපාලකයින්ට පොදු ජනතාව කෙරෙහි අනුකම්පා ඇතිවන්නේ, ඔවුන්ගේ ගැටළු ප්‍රශ්න සිහිවන්නේ කොටින්ම පොදු මහජනතාවක් සිටිනවා යැයි සිහිවන්නේ තමන්ට බලය නැතිවූ විට පමණක්ම නිසාවෙනි. ජනතාව තවමත් දේශපාලකයින්ගේ සුරංගනා කතා වලට සවන් දෙති. ඔබලාගේ ඔය කතාවල් ග්‍රන්ථාරූඩ කළහොත් "හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන්" ගේ සුරංගනා කතා පොත් වලට වැඩියෙන් අලෙවි වනු ඇත. බොහෝ ජනතාව තවමත් ඔබලාට සවන් දෙති. ඒ ඔවුන් දරිද්‍රතාවයෙන් ගිලෙමින් සිටින බැවිනි. එවන් අවස්ථාවක පිදුරු ගසක හෝ එල්ලීම ගිලෙන්නට යන මිනිසාගේ ස්වභාවයයි. නමුත් බොහොමයක් දෙනා ඔබලාගේ සැබෑ ස්වරුපය හදුනති. ඔබලාගේ නිරුවත ජනතාවට පෙන්වා ඉවරය. ඊට නිසි පිළිතුරු ඔබ සියලු දෙනාටම ලැබෙනු ඇත. ජනතාවගේ දුක් කදුළු සමග සෙල්ලම් කරනා කිසිදු දේශපාලකයෙකුට කිසිදා ගැලවීමක් නම් නැත.

:       224       32

chandima Friday, 06 March 2020 03:30 AM

ඔක්කොම එකයි.

:       2       2

charith Friday, 06 March 2020 03:35 AM

කයිවාරු ගහන්න නම් හොඳයි, වෑඩ තමයි නෑත්තේ. පක්ෂ පාට බලන්නේ නැතිව මිනිස්සු තෝරලා ජොබ් දීලා තියෙන්නෙ. අන්න වෑඩ

:       142       111

lalithm Friday, 06 March 2020 03:37 AM

සජිත් තුමෝ කොහොමත් උපාධිධාරීන් කියන්නේ රැකියා හිඟා කක යන්න ඕනේ කට්ටියක් නොවෙයි. ඔවුන් දැනගතයුතුයි තම සුදුසුකම් වලට ගැලපෙන දෙයක් කරන්න. එහෙම නැතිනම් සමාජයේ තිබෙන රැකියා අවස්ථාවලට ගැලපෙන දෙයක් ඉගෙන ගන්න. මහජන බදු මුදලින් ඉගෙන ගෙන ඔවුන් මතම බර පටවා පින් පඩි ගන්න කෙනා උපාධිධාරියෙක් වෙන්නේ කොහොමද?

:       0       123

prakaash Friday, 06 March 2020 04:32 AM

පක්ෂයේ ලකුණ ගැන විකාර දොඩන නුඹලාට රටක් පාලනය නොවෙයි රටේ ජීවත් වීමටත් සුදුසු නැත. යහපාලන කාලයේ මුළු රටම විනාශ කළා නේද?

:       140       36

නොකවුට් Friday, 06 March 2020 05:15 AM

උපාධිධාරීන්ට දෙන්න තිබුණු රස්සා ඔක්කොම දේශපාලන හෙංචයියන්ට දීලා දැන් කටමැත දොඩවනවා.

:       133       30

jagath Friday, 06 March 2020 05:25 AM

ව්‍යාපෘති සහයක 7500 ට මොකද උනේ ? ඒවත් කියන්න.

:       105       12

sam Friday, 06 March 2020 05:50 AM

ඔබේ සගයාවන මංගලට කිව්වා නම් කුරුඳු පොලුවලින් රැකියා දෙයි...

:       202       134

indra Friday, 06 March 2020 07:40 AM

අදාල මාතෘකාව විතරක් කතා කරන්න කියන ඔබතුමා, ප්‍රශ්නවලට උත්තරයක් දීගන්න බැරිනම් රටක් පාලනය කරන්නේ කොහොමද ? රටේ සියලු ජනතාව මෙතුමාට හොද පිළිතුරක් ලබා දෙන්න ඕනේ ,ඔබ දිනන්න යන්නේ රටේ බහුතර සිංහල ජනතාවක් පාවා දීමෙන් ,මෙය රටේ සියලු සිංහලයන් වටහා ගැනීම වැදගත්.

:       216       47

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 66 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1384 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 393 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 844 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 126 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 85 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site