(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැය දෙකක කාලයක් අවසර ලබාගෙන පැමිණ මීට සුළු මොහොතකට පෙර සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකෙරිණි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය හිටපු යුද හමුදාපතිවරයා විසින් පළමුව මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම සිදුකෙරිණි.
උණ රෝගය වැළඳී තිබුණත් එය ගණනකට නොගෙන මැතිවරණ කටයුතුවල නිරත වීම නිසා පසුගිය දිනෙක බලංගොඩ රෝහලට ඇතුළත් වීමට තමාට සිදුවූ බව මෙහිදී පැවසූ හිටපු යුද හමුදාපතිවරයා ඉන්පසු මේ වන තුරුත් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් කළේය.
එසේ වුවත් රට වෙනුවෙන් ගත් තීරණය ඉදිරියට ගෙන යා යුතු නිසා පැය දෙකකට අවසර ලබාගෙන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට පැමිණි බවද හෙතෙම කීවේය.
එක රටක්, එක නීතියක්, එක දැයක් යන්න තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ප්‍රධානම කරුණ බව කී ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රට තුළ විනයක් ඇති දේශපාලනයක් හා ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම ඇතුළු සියලූ අරමුණු ඉටුකරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල එහි ඇතුළත් බව ද පැවසීය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහේෂ් සේනානායක රෝහලේ සිට පැමිණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
chandima Thursday, 24 October 2019 03:15 PM
උණ කිව්වේ ඩෙංගුද? එසේ නොවේවා...!
Dil Perera Thursday, 24 October 2019 03:36 PM
එජපේ සහ ජේවිපි එකේ කොන්ත්‍රාත්තුවකට ගොඨාගේ ඡන්ද කඩන්නේ නැතුව, ආ අතක් බලාගෙන සනීප වෙලා ගෙදෙරට වෙලා ඉන්න අනේ අපිට පව් නොදී.
thilak Thursday, 24 October 2019 05:05 PM
ජය ජය !
ජහපාල Friday, 25 October 2019 06:16 AM
ජය නියතයි !
anura Thursday, 24 October 2019 05:10 PM
අජිත් රෝහණ කොළොන්නේ මහත්තයා පේන්නවත් නැත්තේ මොකද?.....
salinda Thursday, 24 October 2019 06:37 PM
නාරාහේන්පිට හමුදා රෝහල ඉතා කුඩා රෝහලක් ලෙස තිබුනේ. ඒක නිසා 2006 දී විතර ආශා රෝහල හමුදාව කුලියට ගත්තා. පසුව ගෝඨාභය තමයි යුද හමුදා රෝහලට දස මහල් ගොඩනැගිලි එකතු කරලා ඉතා විශාල රෝහලක් කලේ. මහේෂ් සේනානායකට ඒකවත් මතක තිබුනානම් හොඳයි
suddaFriday, 25 October 2019 03:26 AM
මහින්දලා ගෝඨා ඇතුළු පිරිස හදපු පාරවල්වල යන ගමන් සහ ලස්සන කළ කොළඹ ජොලියේ ජීවත්වෙන ගමන් ඔවුන්ට ගරහපු සහ ඒ ලස්සන කළ කොළඹ ආපහු පාරක් කාල දාපු වගේම, ඒ කාලේ විඳපු බෝම්බ මර බිය ගැනත් මතක නැති ජාතියකින් එන මහේෂ්ට එයා අද ප්‍රතිකාරගන්න රෝහල කොහොමද ඒ තත්ත්වයට ආවේ කියන එක දැනගන්න වුවමනාවක් තිබේවිද?
Sanath Friday, 25 October 2019 04:59 AM
දැන් මහින්දි ගොඨාභයයි මේවා කළා කියල රට පුරවැසියන්ට ප්‍රතිලාබ ගන්න බැරිද එතකොට ඒ අයට ඡන්දය ඉල්ලන්න බැරිද
chinthaka Thursday, 24 October 2019 07:00 PM
සරත් ෆොන්සේකා කොච්චර කිවුවත් මෙයා යුද්ධේ කරේ නැහැ මමත් මුලදී හිතුවේ මෙය නිර්භය පොරක් කියලා. එ
SenanayakeFriday, 25 October 2019 02:40 AM
ඔයා දන්නේ කොහොමද. ඔයා යුද්දේ කරපු කෙනෙක් ද,
WijeratneFriday, 25 October 2019 04:46 AM
ඔහු තමයි යුද හමුදාවේ සංග්‍රාමික නොවන අංශයකින් පත්වූ එකම හමුදාපති
thushara Thursday, 24 October 2019 08:21 PM
අනේ අපේ සජිත් මහත්තයාගේ ඡන්ද ටික කඩන්න යනවට දෙවියන් දෙන දඬුවම් ඔව්ව. වැඩක් බලාගෙන ඉන්න මහත්තයෝ!
sharm warnFriday, 25 October 2019 03:48 AM
අනේ ඔයා ශ්‍රී මුඛයෙන් කියන එව්වා පිළිපදින්න බලාගෙන ද ඉන්නේ ?? අවුරුදු 5ක් එයා මොනවද මේ රටට කලේ ? උස අයයි කොට අයයි තෝරන එක ඇරුනම? අඩු ගානේ නිවාස ඇමති හැටියට හදන ගෙවල්වලට සුර්ය බල ශක්තිය ගන්න යෝජනාවක් වත් කළාද ?
kamal Friday, 25 October 2019 07:47 AM
මෙයත් පරණ අච්චුවේම තවත් කොපියක් විතරයි.