IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ට නීතීපතිගේ මාර්ගෝපදේශය බලනොපැවැත්වේ

(මනෝප‍්‍රිය ගුණසේකර)

සුළු ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් බාරයේ රඳවා සිටින සැකකරුවන්ට කොන්දේසි සහිත ඇප ලබාදීමට මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන නීතීපතිවරයා මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්, මුදල් විශූද්ධිකරන්නන් ඇතුළු අපරාධකරුවන්ට මෙම මාර්ගෝපදේශ බලනොපැවැත්වෙන බවද වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් දැනට බන්ධනාගාරවල ඇති අවදානම් තත්වය සැළකිල්ලට ගනිමින් බන්ධනාගාරවල තදබදය අඩු කිරීම කෙරෙහි සැළකිලිමත් වන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ දැනුම් දීම සැළකිල්ලට ගනිමින් නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස දැනුම් දී ඇත.

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන සැකකරුවන් 13,000 කට අධික පිරිසෙන් සැකකරුවන් 8,000 ක්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන බවත් මේ තත්වය හේතුවෙන් බන්ධනාගාර වල අධික තදබදයක් නිර්මාණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකදී අනාවරණය වී ඇති අතර පසුව අදාළ තදබදය අඩු කිරීම සඳහා මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා නීතීපතිවරයාට කළ දැනුම් දීමකට අනුව නීතීපතිවරයා විසින් අදාළ මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ලදී.

නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ එම ලිපියේ පිටපත් අගවිනිසුරුවරයාට, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට සහ පොලිස් නීතී කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාටද යොමු කොට ඇත.

හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 02 ට වැඩි සැකකරුවන්ට මෙම සහනය කිසිසේත් අදාළ නොවන බවද නීතීපතිවරයා අවධාරණය කොට ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

රජයේ රස පරීක්‍ෂක වාර්කාව නිකුත් වී නොමැති අවස්ථාවකදී හෙරොයින් දළ බර ග්‍රෑම් 10-20 අතර ඇති මාස තුනකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද හෙරොයින් දළ බර ග්‍රෑම් 05-10 අතර මාසයකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද හෙරොයින් දළ බර ග්‍රෑම් 05 අඩු මාස තුනකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද හෙරොයින් ශූද්ධ බර ග්‍රෑම් 01-02 අතර ඇති මාස තුනකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද හෙරොයින් ශූද්ධ බර ග්‍රෑම් 01 අඩු මාසකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද කොන්දේසි සහිත ඇප නියම කළ හැකි බව පෙන්වා දෙන නීතීපතිවරයා ගංජා කිලෝ ග්‍රෑම් 05 කට වඩා වැඩි මාසයකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද ගංජා කිලෝ ග්‍රෑම් 05 කට වඩා අඩු සැකකරුවන්ටද කොන්දේසි සහිත ඇප නියම කළ හැකි බව පෙන්වා දී ඇත.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ට, මුදල් විශූද්ධීකරණ චෝදනා ලබා ඇති සැකකරුවන්ට පුරුද්දක් ලෙස මත්ද්‍රව්‍ය වැරදි සිදුකරන පුද්ගලයින් මෙන්ම ලියාපදිංචි අපරාධකරුවන්ට මෙම සහනය ලබාදීමට නිර්දේශ නොකරන නීතීපතිවරයා ඇප මත මුදාහරින සැකකරුවන් සම්බන්ධයෙන් සමීප අධීක්‍ෂණයක් සිදුකරන ලෙස අදාළ ප‍්‍රදේශයේ පොලිස්ථානාධිපතිවරයාට උපදෙස් දෙන ලෙසද වැඩිදුරටත් දැනුම් දී ඇත.

 

 

 



අදහස් (5)

මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ට නීතීපතිගේ මාර්ගෝපදේශය බලනොපැවැත්වේ

Wasantha Thursday, 09 April 2020 12:20 PM

පුනරුත්ථාපනය කරලා සමාජෙට දාන්න. නැත්තම් මෙයාල පුරුදු දේම කරනවා.

:       2       15

රවින් Thursday, 09 April 2020 12:30 PM

ලක්වැසියන්ගේ පුරුවේ වාසනාවකට තමා බලුකොටුවේ දොරවල් ඇරලා දැම්මේ. නැතිනම් ඔය නීති වලින් රිංගන්න බලුකොටු හිටපු කට්ටිය බලාගෙන ඉන්නේ.

:       33       1

de silva Friday, 10 April 2020 06:13 AM

ඕක ඔය කියන තරම් විශාල ප්‍රශ්නයක් නොවේ. අලුතෙන් එන කට්ටිය පරණ කට්ටියගෙන් වෙන්කරලා තිබ්බනම් ප්‍රශ්නයක් නැහැනේ. අනිත් කාරණය කුඩුකාරයන්ව නම් එළියට දමන්න එපා.

:       1       4

Saumya Friday, 10 April 2020 04:46 PM

උසාවි නිවඩු තියේද්දි ද ඇප දෙන්නේ... ?

:       0       0

Hasitha Saturday, 11 April 2020 04:39 AM

මමනම් කියන්නේ ඔක්කොම මිනිස්සු කුඩුකාරයා, ගංජාකාරයා කියලා කොන්කරන්නෙත් මේ අපෙ සිංහලයමයි. මම නම් කියන්නෙ අවවාද කරලා ඕව කරාම තියෙන බරපතල කම් තෙරුම් කරලා සහනයක් ලබා දුන්නොත් එයාලා හැදෙන්න ඉඩ තියනවා.

:       0       50

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 0 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 30 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 98 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 565 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 950 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 794 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site