IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහනුවර ඇසළ පෙරහරේ කප්සිටුවයි

(චමිල් රූපසිංහ)

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ  පුරාණ චාරිත්‍රය අද (2 වැනිදා)  අලුයම  5.10 ට යෙදුණු සුභ මොහොතින් උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කර තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.

ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය කප් සිටුවීමයි. එය සිව් මහා දේවාලයන්හි සිදු කිරීමෙන් අපේක්ෂා කරනුයේ පෙරහරේ නියැලෙන්නවුවන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ උපද්‍රව රහිතව සියලු කාර්යයන් සාර්ථකව සිදුකර ගැනීමට දේවාශීර්වාදය ලබාගැනීමය. එමෙන්ම කප් සිටුවීම තුළින් නිසි කලට වර්ෂාව ලැබී රටට සමෘද්ධිය සහ සෞභාග්‍යය ද ප්‍රාර්ථනා කරයි. 

මෙවර කප් සිටුවීම අගෝස්තු 2 වැනිදාත් පළමු කුඹල් පෙරහර අගෝස්තු 5 වැනිදාත්  යෙදී ඇති බැවින් දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වීමට නොහැකි නිසා එක් දිනයකදී පෙරවරුවේ සහ සන්ධ්‍යාවේ දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. වෙනත් වසරවලදී  සිව් මහ දේවාලයන්හි කපු මහතුන් සිට වූ ‘කප්’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පැවැත්විණි.

මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත, නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු ටී.බී.වලිසුන්දර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එම දේවාලයන් හි ප්‍රධාන කපු මහත්වරුන් විසින් මෙම සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කෙරිණි.

 



අදහස් (0)

මහනුවර ඇසළ පෙරහරේ කප්සිටුවයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 14 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 343 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 652 3

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 248 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 207 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 255 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site