IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මහින්ද අමරවීර නිදහස් උත්සවයට යන්නේ නැතිලු

අනීෂා මානගේ


කුඩා දරුවෙක් මේ වන විට රුපියල් ලක්ෂ හතරකට වඩා ණයකාරයෙක් කර ඇතැයිද රටේ ජනතාවට නිදහසක් නොමැතිවීම නිසා මෙවර නිදහස් දින උත්සවයට සහභාගී නොවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය මහලේකම් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. 

මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසූයේ අඟුණකොළපැලැස්ස අබේසේකරගම ප්‍රදේශයේ ගොවි පවුල් එකසිය විස්සක් සඳහා පලතුරු සහ එළවළු පැළ ලබා දීමේ වැඩසටහනකට අද (3) සහභාගී වෙමිනි. 


රැස්ව සිටි පිරිස අමතමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. 


මේ රටේ හිටිය කිසිදු ආණ්ඩුවකට රටේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගන්න පුළුවන් වුණා කියල මම හිතන්නේ නැහැ. එහෙම වුණා නම් මේ අර අද තරම් අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අවුරුදු හැත්තෑ එකක් වෙනවා අපේ රට නිදහස ලබලා. මම හැමදාම වගේ නිදහස් උත්සවයට ගිය කෙනෙක්. මම මේ සැරේ යන්නේ නැහැ කියල තීරණය කළා. නිදහස සමරලා උත්සවයක් තිබුණට වැඩක් නැහැ මේ රටේ මිනිස්සු නිදහස් වෙලා නැහැ. 

අපි සුද්දාගෙන් නිදහස් වුණා තමයි. සුද්දගෙන් නිදහස් වෙලා කළු සුද්දට පාලන බලය ආවා. හැබැයි සුද්දන්ගේ පාලන කාලයට වඩා මිනිස්සු අන්ත වෙලා තිබෙනවා ඇතැම් ක්ෂේත්‍ර වලින් දැන්. රටේ ජාතික ආදායම මදි වෙලා තිබෙනවා රටේ ණය ටික ගෙවාගන්න.

මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව එයාලට යමක් කරාවි කියලා. පොඩි දරුවොත් ණයකාරයෝ කරල. රටේ දැන් ඉන්න එක් පොඩි දරුවෙක් ලක්ෂ හතරකට වැඩිය ණයකාරයෙක් කරලා. එන්න එන්න එය දැන් වැඩි වෙනවා. කවුරු මොන පොළියට ගත්තත් ඒව ගෙවන්න ඕනෑ. 
 



අදහස් (13)

මහින්ද අමරවීර නිදහස් උත්සවයට යන්නේ නැතිලු

sena Sunday, 03 February 2019 09:28 AM

අනේද කියන්නේ ඔය ණය ගන්න මෙයා අතඋස්සලා නැතුවම ඇතිනේ... අනික මේ ණයවලින් හිටපු ලොක්කෝ සහ දැන් ඉන්න ලොක්කෝ කොමිස් කනකොට මෙයා ඊට විරුද්ධව පාර්ලිමේන්තුවේ ලොකු හඬක් නගලා තියෙනවනේ...

:       7       188

RaveendraSunday, 03 February 2019 10:46 AM

sena මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මේ ගොයියා අතීතයේ, වර්තමානයේ ගොට්ට අල්ලාගෙන ඉඳලා දැන් අනාගතේටත් ගොට්ට අල්ලන්න සියල්ල සූදානම් කරන්ගේ මේ ඉන්නේ... " මේවගේ ගවයන්ට කියන්නේ හොරු සමග හොරුත් හෙළුවෙන් යන්න" නොවේද?

:       12       216

pathirana Sunday, 03 February 2019 09:39 AM

අරගොල්ල ණය ගත්තලු (කොමිස් කන්නලු ගත්තේ), ඉතින් මෙයාලා ඒ ණය ගෙවන්න තව ණය ගන්නවාලු අරගොල්ලන් කියනවා මේ ගොල්ලන් ගත්ත ණය වලින් කිසි වැඩක් කෙරිලා නැතිලු. මේ ඔක්කොම බයිලා අහන ගමන් ණයත් ගෙවන අපිව ගොනාට අන්දන්න මෙයා තවත් බයිලා කියනවා. කිඹුලා කනකොට ඉවසන්න පුළුවන්ලු... නමුත් කොහිල කටු අැනෙනකොට ඉවසන්න අමාරුයි මහත්තයෝ.

:       5       80

prabha Sunday, 03 February 2019 11:25 AM

මෙන්න මෙයාට හදිසියේම නුවණ පහලවෙලා ඔලුව ගලකවත් හැපුනද?

:       0       0

Buddika Sunday, 03 February 2019 12:19 PM

මේ මිනිස්සු මැරිලා ඉපදිලා නැතිනම් මොලේ කචල් වෙලාද? චන්ද්‍රිකාගේ ආණ්ඩුව, මහින්දගේ ආණ්ඩුව විතරක් නෙවෙයි මේ ආණ්ඩුවෙත් ඊයේ, පෙරේදා තීන්දුවෙන් බලය පිහිටුවන තැන දක්වාම මේ මනුස්සයා ආණ්ඩුවේ හිටියේ.. හැම දේටම අත උස්සලා දැන් සුද්දවන්තයෙක් වෙනවද? රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රකෝටි ගණන් දූෂණවලදී නිහඬව අත උස්සපු ඔහෙත් වගකිව යුත්තෙක්...

:       0       157

sandy123Sunday, 03 February 2019 01:16 PM

මේ අය කම්මැලිකමට බොන්නේ අසුචි. හිතනවා අපිත් එහෙම කියලා. මහා ලොකු වීරයන් වෙන්න හදනවා. මේ ගොට්ටන්ගෙන් ගතයුතු දෙයක් නැහැ. ඕකේ සෑර්, යස් සෑර්, හරි සෑර් කියා කියා කටු ලෙවකන්න විතරමයි දන්නේ. මොලය හිස්. මොකද නරක දෙයින් මුළු මොලයම පිරිලා නරක් වෙලා.

:       0       102

don nandana Sunday, 03 February 2019 01:15 PM

අවුරුදු ගාණක් රට කාලා, දැන් තමයි මතක්වෙලා තියෙන්නේ රටේ ණය බර...

:       0       57

SamsonMonday, 04 February 2019 02:30 AM

මේ වගේ මහදැන මුත්තලාට කතිර ගහන අයත් ඉන්නවනේ නේද..?

:       0       1

Matalan Sunday, 03 February 2019 01:26 PM

මෙයා ඇතුළු පාර්ලිමේන්තුවේ 224 දෙනාම සේනා දැළඹුවා වගේ රටේ සාරය උරාබීලා තියෙන්නේ. වැදි බණ තමයි...

:       0       15

saga Sunday, 03 February 2019 01:31 PM

අපි නායකයෝ කරලා තමුන්ලා කාල කාලා දැන් අාමාශය පිරිලා නේද තියෙන්නේ? බොරුද මම කියන්නේ. බොරුනම් මට පොල් ගහන්න.

:       0       71

Nandalal DE SILVA - France Sunday, 03 February 2019 04:14 PM

මාර පරිප්පුවක්නේ කන්න වෙන්නේ නිදහස් උත්සවයට...! මෙයා නැතුව එයා කොට උඩ යාවි නේද? කීයක් හරි දීලා මෙයා ගෙන්නගෙන ජනාධිපති ළඟ හිටවගෙන උත්සවය ඉවර කරන්න බලන්න.

:       0       7

බද්රානි Sunday, 03 February 2019 08:21 PM

සුද්දා නිදහස දුන්නු රටින් නිදහස් වෙලා පිටරටකට පැන ගන්න උත්සහ කරමින් සිටින ජනතාවට නිදහසේ මේ රටින් පිටමන් වෙන්න ඉඩ සැලසුවා නම්, ඒ සුද්දගේ රටට ගිහින් අඩුතරමේ කාල ඇඳලා වත් ඉන්න තිබුනා. නිදහස ලද රටේ ජනතාව සුද්දා, පැත්ත පළාතේ වද්දා නොගන්නා නිසා, මැදපෙරදිග රටකට වත් ගොස්, බැලමෙහෙවර කර මුදල් ඒවා, හෝ මෙරටේම සිට, අපගේ තක්කඩි පාලකයින්ට නිදහසේ හොරකම් කර, හිරේටත් නොගොස් , එලියට වෙලා නිදහසේම, ඔවුන්ගේ නිදහස සමරන්න, අපි ඔවුන් වෙනුවෙන් අපගේ ජීවිත කාලය පුරාම කඹුරමු.

:       0       23

Sunil Monday, 04 February 2019 01:32 AM

එයා නොගියාම අපේ නිදහස නැතිවෙයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 37 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 434 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 160 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 697 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 769 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 556 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 276 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1510 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site