IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්ද අගමැති වීම ඩී.එම්.කේ. පක්ෂයට ප්‍රශ්නයක් වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)


ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

 
රටේ ජනතාවගේ බහුතර කැමැත්තක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම දෙමළ ජනතාවට තර්ජනයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර දෙමළ ජනතාවගේ අයිතීන් ප්‍රතික්ෂේප කළ බවත් හෙතෙම සඳහන් කර ඇත.


ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත එම නිවේදනය උපුටා දක්වමින් ඒ බව සඳහන් කර තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාව පීඩාවට පත් කළ බව ද පවසා තිබේ.

 
එම්.කේ. ස්ටාලින් මහතා එහි මෙසේ ද සඳහන් කර ඇත.


“ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව රෝ සංවිධානයට චෝදනා කළා. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා පසුව එසේ පැවැසුවේ නැතැයි කියා සිටියා. මෙවැනි තත්ත්වයක් මත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රෝ සංවිධානයට එල්ල වූ චෝදනා හා ශ්‍රී ලංකා නායකයන් ඉන්දියාවේ කරන සංචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි. 


ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතුයි. ඔහු නාවික හමුදාව යොදා ගනිමින් දෙමළ ධීවරයන්ට ප්‍රහාර එල්ල කළා. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්වීම දෙමළ ජනතාවගේ මනසේ බියක් ඇති කර තිබෙනවා”. 


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වීම දෙමළ ජනතාවගේ තුවාල දෙසට නැවතත් පිහියක් දිගු වීමක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ පවසා ඇත.


චීනය ශ්‍රී ලංකාවේ පාලනය සියතට ගනිමින් සිටිමින් බවට ද ඔහු චෝදනා කර ඇත. 


ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙසේ ද කියා තිබේ.


“මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීම පිළිබඳව යම් සැකයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මාලදිවයිනේ සිදු වූ බල වෙනසත් සමඟ ඇති වූ කනගාටුවත් ඒ සම්බන්ධයෙන් සැකයක් ඇති වෙනවා. 


මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත්වීම නැවැත්වීමට ඉන්දීය රජය කටයුතු කළ යුතු තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වී.සී.කේ. පක්ෂයේ නිර්මාතෘ තෝල් තිරුමාවලවාන් සඳහන් කර ඇත.


 



අදහස් (4)

මහින්ද අගමැති වීම ඩී.එම්.කේ. පක්ෂයට ප්‍රශ්නයක් වෙයි

Nuwan Sunday, 28 October 2018 04:47 PM

කව්රු පත් උනත් රටට සෙතක් වෙයි කියන්න අමරුයි.

:       0       3

Bamunuarachchi Sunday, 28 October 2018 05:10 PM

මේක රටගැන හිතන වෙලාවක්.

:       0       0

අචලා Sunday, 28 October 2018 08:08 PM

මොන බොරුවක්ද. දෙමළ ජාතීකයන් ඕන තරම් ජීවත් උනේ මහින්දගේ කාලේ. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ දෙමල ජනතාවගේ පිටින් දාලා කොටින්ව රකින්න යන එකෙයි. තමිල් නාඩුව කොටින්ට ඒ කාලේ ඉදලම සහාය දුන්න ප්‍රාන්තයක්. හරිනම් ඉන්දියාව කොටින්ට සහාය දෙන ඉන්දියාවේ දේශපාලකයන්ව අත් අඩංගුවට ගන්න ඕනේ, මොකද මේ ත්‍රස්තවාදීන් ලංකාව වගේම ඉන්දියාවත් බෙදන්න හදන්නේ.

:       2       47

ධනුෂ්ක Monday, 29 October 2018 02:29 AM

මම මෙතන නිතරම කියන දෙයක් තමා ලංකාව පිළබඳව ඉන්දියානු මැදිහත් වීම. අපිට මේකට තියන එකම විසඳුම තමා තව අවුරුදු සීයයක් ගියත් කර ගන්න බැරි න්‍යෂ්ඨික අවි අත්පත් කර ගැනීම. එය නොකරන තුරු ඉන්දියාට අපේ සියල්ල පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. ඉන්දියානු ප්‍රතිපත්තය තමා ලංකා අාර්ථිකයේ කොටසක් ඔවුනට විවෘත කිරීම. එ්කයි අපි චීනය පැත්තට බර වෙනවට විරුද්ධ. ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක අැරුනම වෙන පක්ෂයක් බලයට එනවට කැමති නැත. එමෙන්ම ලංකාවේ ජනතාව ගේ කැමැත්තෙන් උතුරේ වෙනම රටක් වෙන් කලත් ඉන්දියාව අවි බලය යොදා හෝ එය වලකනවා. එ්කයි ඔවුන්ගේ ලංකාව පිළිබඳ විදේශ ප්‍රතිපත්තිය. වෙන මොකුත් නිසා නොව අප ඔවුන්ගේ පාරිභෝගිකයකු වශයෙන් තබා ගැනීමට. ඊටම අපේ සිංහල දමිල ජාතිවාදි පාලකයින් එම මැදිහත් වීමට මග සකසනවා.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 61 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 331 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 139 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 338 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 217 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site